Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
✦❖━━━━සිල් රැකීමෙන් පමණක් නිවන් නොලද හැකි බව━━━❖✦
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

✦❖━━━━සිල් රැකීමෙන් පමණක් නිවන් නොලද හැකි බව━━━❖✦

ඇතැමෙක් දානය වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස ශීලය ම මහත් කොට දක්වති. ශීලයෙන් ම නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ශීල පාරිශුද්ධියෙන් ම නිවන් දැකිය හැකි නම් තථාගතයන් වහන්සේ මෙය නො වදාරන සේක.

✤ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ! භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විහරෙය්යන්ති සීලෙස්වෙව පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථ මනුයුත්තො අනිරාකතජ්ඣොනො විපස්සනාය සමන්නාගතො බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං

✤මහණෙනි, කාමාදි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ ම දැන ප්රත්යක්ෂ කොට වාසය කෙරෙමි ය යන මෙයට ඉදින් කැමති වන්නේ නම් ශීලය ම සම්පූර්ණ කරන්නා වූ තමාගේ සිත සමාධි කිරීමෙහි යෙදුණා වූ නො නසන ලද ධ්‍යාන ඇත්තා වූ විදර්ශනාවෙන් යුක්ත වූ ශුන්‍යාගාරයනට වී භාවනා කරන්නා වූ තැනැත්තෙක් වන්නේ ය .යනු එහි තේරුමයි. ඉදින් ශීලයෙන් ම රහත් විය හැකි නම් චිත්ත සමාධියක් විදර්ශනාවක් ශූන්යගාරයනට වී භාවනා කිරීමක් වදාරන්නට කරුණක් නැත. බුදුන් වහන්සේ විසින් දාන ශීලයන් ගේ අනුසස් දෙසු සුත්‍ර ධර්මවල කායස්ස හෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති යනාදීන් දානයෙන් හා ශීලයෙන් භව සම්පත්තිය ලැබෙන බව දේශිත තැන් මිස නිවන ලැබෙන බව දේශිත තැන් දක්නට නැත.

බුදුන් වහන්සේ විසින් නිවන් ලැබෙන බව දේශනා කර තිබෙනු දක්නට ලැබෙන්නේ

අනිච්ච සඤ්ඤා භික්ඛවෙ! භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා යනාදි භාවනානිසංස දක්වන දේශනාවල ම ය. භවයෙහි නිවන් නැත. නිවනෙහි ද භවය නැත. භව නිරෝධය ම නිවනය. එබැවින් කුශලයෙන් ලබා දෙන භවය නිවනට විරුද්ධ දෙයකි. නිවනට ප්රතිපක්ෂ දෙයක් ලබා දෙමින් සංසාරය තවත් දික් කරන්නා වූ භවගාමී කුශලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම, වැස්සෙන් වියළවා ගන්නට බලාපොරොත්තු වීමක් වැනිය. දානයෙන් ශීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට උගන්වන්නවුන් එසේ කරනුයේ -

ඉදං මෙ දානං ආසවක්ඛයාවහං හොතූති එවං පන විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන ඨපිතං අරහත්තම්පි පච්චෙක- බොධිඤාණම්පි සබ්බඤ්ඤුතඤාණම්පි දාතුං සක්කොති යෙව.

දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං

පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං

යනාදි ධර්මපාඨ වරදවා තේරුම් ගැනීමෙනැ යි සිතිය හැකිය. කොතෙක් දන් දී කොතෙක් සිල් රැක කොතෙක් ප්‍රාර්ථනා කළත් විදර්ශනා වඩා සතර මාර්ගඥානය උපදවා මතු නූපදිනා පරිදි කෙලෙසුන් ප්රහාණය කිරීමෙන් ම මිස දානයෙන් ශීලයෙන් ප්රාථනාවෙන් කිසි කලෙක නිවන නො ලැබෙන බව දත යුතුයි. සසර දුකින් මිදී නිවන් සුවය අත්පත් කරගනු කැමති සත් පුරුෂයෝ දානයෙන් ශීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට සිට නො රැවටී තමන් ලත් මේ අගනා බුද්ධෝත්පාද කාලය නිකම් ම ඉක්ම යන්නට නො හැර හැකි පමණින්වත් විදර්ශනා භාවනාවෙහි යෙදෙත්වා.

දානාදි පින්වලින් නිවන් නො ලැබේ යැයි කී පමණින් පින් වලින් පලක් නැතැයි වරදවා නො ගත යුතුයි. පෘථග්ජන සත්ත්වයාට නිවන ඉතා දුරය. ඔහුට නිවන ලැබෙන කාලය නිශ්චය නො කළ හැකිය. සමහර විට මෙම ජාතියේදී ම ද ඔහුට නිවන ලැබිය හැකිය. සමහර විට කල්ප කෝටි ගණනකිනුදු නොලැබිය හැකිය. නිවනට යා නොහී සසර සැරිසරන සත්ත්වයාහට ලෞකික සැපවත් ලබා ගැනීමට පින් තිබිය යුතුය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් -

අලමෙව දානාති දාතුං, අලං පුඤ්ඤානි කාතුං, දෙවභූතස්ස පි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්ස පි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්ස පි උපකාරානි පුඤ්ඤානි

යනු වදාරන ලදී. දන් දෙන්නට සුදුසු ම ය. පින් කරන්නට සුදුසු ම ය. දෙවි වූවහුට ද පින් උපකාරය. මිනිස් වූවහුට ද පින් උපකාරය. පැවිදි වූවහුට ද පින් උපකාරය යනු එහි අදහසයි. එම ජාතියේදී ම විදසුන් වඩා මඟපල ලබා නිවන් දක්නට සෑම සත්ත්වයෝ ම සමර්ථ නො වෙති. එයට සමර්ථ වන්නෝ සුගතියෙහි ත්‍රිහේතුක ප්රතිසන්ධියෙන් උපන් උපනිඃශ්‍රය සම්පත් ද ඇත්තා වූ පුද්ගලයෝ ය. ත්‍රිහේතුක ප්රතිසන්ධියෙන් උපදින්නට හැකි වනුයේ කුශල බලයෙනි. බලවත් කුසල් නැති තැනැත්තා උපදිනුයේ අහේතුක හෝ ද්විහේතුක හෝ ප්රතිසන්ධි චිතයෙති. නිවන් දකිනු කැමති තැනැත්තා හට ද ත්‍රිහේතුක උත්පත්තියක් නො ලද හොත් නිවන් නො ලැබිය හැකි බැවින් මඟ-පල ලැබීමට සුදුසු උත්පත්තියක් ඇති කැර ගනු පිණිස ඔහු විසින් ද දානාදි පින්කම් කළ යුතුයි.

දානාදි කුශලයෝ යහපත් භවයක් ඇති කිරීම් වශයෙන් නිර්වාණ ප්‍රතිලාභයට ද උපකාර වෙති. එය වර්ෂාව ධාන්‍යය ඇති වීමට උපකාර වීම මෙන් දත යුතුයි. වර්ෂාව ධාන්‍යය ඇති වීමට උපකාර වන බව නම් සත්‍යයකි. එහෙත් එය දුරින් වන උපකාරයෙකි. වර්ෂාව ලොවට ධාන්‍යය ඇති කරන දෙයකැයි කියහැකි මුත් කෙනෙක් වැසි වට ද ගොවියකු ගොවිතැන් නො කළහොත් ධාන්‍ය නො ලැබේ. ධාන්‍ය ලැබීමේදී ගොවියාගේ ගොවිකම ම ප්‍රධාන හේතුවය. එමෙන් නිවන් ලැබීමට ද විදර්ශනා භාවනාව ප්‍රධාන හේතුවය. දාන සීලාදී පින් අප්‍රධාන හේතූහු ය.

රේරුකාණේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය කෘතිය ඇසුරිනි

[QUOTE="asliyanage, post: 29162968, member: 8764"] ✦❖━━━━සිල් රැකීමෙන් පමණක් නිවන් නොලද හැකි බව━━━❖✦ ඇතැමෙක් දානය වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස ශීලය ම මහත් කොට දක්වති. ශීලයෙන් ම නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ශීල පාරිශුද්ධියෙන් ම නිවන් දැකිය හැකි නම් තථාගතයන් වහන්සේ මෙය නො වදාරන සේක. ✤ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ! භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විහරෙය්යන්ති සීලෙස්වෙව පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථ මනුයුත්තො අනිරාකතජ්ඣොනො විපස්සනාය සමන්නාගතො බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං ✤මහණෙනි, කාමාදි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ ම දැන ප්රත්යක්ෂ කොට වාසය කෙරෙමි ය යන මෙයට ඉදින් කැමති වන්නේ නම් ශීලය ම සම්පූර්ණ කරන්නා වූ තමාගේ සිත සමාධි කිරීමෙහි යෙදුණා වූ නො නසන ලද ධ්‍යාන ඇත්තා වූ විදර්ශනාවෙන් යුක්ත වූ ශුන්‍යාගාරයනට වී භාවනා කරන්නා වූ තැනැත්තෙක් වන්නේ ය .යනු එහි තේරුමයි. ඉදින් ශීලයෙන් ම රහත් විය හැකි නම් චිත්ත සමාධියක් විදර්ශනාවක් ශූන්යගාරයනට වී භාවනා කිරීමක් වදාරන්නට කරුණක් නැත. බුදුන් වහන්සේ විසින් දාන ශීලයන් ගේ අනුසස් දෙසු සුත්‍ර ධර්මවල කායස්ස හෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති යනාදීන් දානයෙන් හා ශීලයෙන් භව සම්පත්තිය ලැබෙන බව දේශිත තැන් මිස නිවන ලැබෙන බව දේශිත තැන් දක්නට නැත. බුදුන් වහන්සේ විසින් නිවන් ලැබෙන බව දේශනා කර තිබෙනු දක්නට ලැබෙන්නේ 🔹අනිච්ච සඤ්ඤා භික්ඛවෙ! භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා යනාදි භාවනානිසංස දක්වන දේශනාවල ම ය. භවයෙහි නිවන් නැත. නිවනෙහි ද භවය නැත. භව නිරෝධය ම නිවනය. එබැවින් කුශලයෙන් ලබා දෙන භවය නිවනට විරුද්ධ දෙයකි. නිවනට ප්රතිපක්ෂ දෙයක් ලබා දෙමින් සංසාරය තවත් දික් කරන්නා වූ භවගාමී කුශලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම, වැස්සෙන් වියළවා ගන්නට බලාපොරොත්තු වීමක් වැනිය. දානයෙන් ශීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට උගන්වන්නවුන් එසේ කරනුයේ - 🔹ඉදං මෙ දානං ආසවක්ඛයාවහං හොතූති එවං පන විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන ඨපිතං අරහත්තම්පි පච්චෙක- බොධිඤාණම්පි සබ්බඤ්ඤුතඤාණම්පි දාතුං සක්කොති යෙව. 🔹දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං යනාදි ධර්මපාඨ වරදවා තේරුම් ගැනීමෙනැ යි සිතිය හැකිය. කොතෙක් දන් දී කොතෙක් සිල් රැක කොතෙක් ප්‍රාර්ථනා කළත් විදර්ශනා වඩා සතර මාර්ගඥානය උපදවා මතු නූපදිනා පරිදි කෙලෙසුන් ප්රහාණය කිරීමෙන් ම මිස දානයෙන් ශීලයෙන් ප්රාථනාවෙන් කිසි කලෙක නිවන නො ලැබෙන බව දත යුතුයි. සසර දුකින් මිදී නිවන් සුවය අත්පත් කරගනු කැමති සත් පුරුෂයෝ දානයෙන් ශීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට සිට නො රැවටී තමන් ලත් මේ අගනා බුද්ධෝත්පාද කාලය නිකම් ම ඉක්ම යන්නට නො හැර හැකි පමණින්වත් විදර්ශනා භාවනාවෙහි යෙදෙත්වා. 🔹දානාදි පින්වලින් නිවන් නො ලැබේ යැයි කී පමණින් පින් වලින් පලක් නැතැයි වරදවා නො ගත යුතුයි. පෘථග්ජන සත්ත්වයාට නිවන ඉතා දුරය. ඔහුට නිවන ලැබෙන කාලය නිශ්චය නො කළ හැකිය. සමහර විට මෙම ජාතියේදී ම ද ඔහුට නිවන ලැබිය හැකිය. සමහර විට කල්ප කෝටි ගණනකිනුදු නොලැබිය හැකිය. නිවනට යා නොහී සසර සැරිසරන සත්ත්වයාහට ලෞකික සැපවත් ලබා ගැනීමට පින් තිබිය යුතුය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් - 🔹අලමෙව දානාති දාතුං, අලං පුඤ්ඤානි කාතුං, දෙවභූතස්ස පි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්ස පි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්ස පි උපකාරානි පුඤ්ඤානි යනු වදාරන ලදී. දන් දෙන්නට සුදුසු ම ය. පින් කරන්නට සුදුසු ම ය. දෙවි වූවහුට ද පින් උපකාරය. මිනිස් වූවහුට ද පින් උපකාරය. පැවිදි වූවහුට ද පින් උපකාරය යනු එහි අදහසයි. එම ජාතියේදී ම විදසුන් වඩා මඟපල ලබා නිවන් දක්නට සෑම සත්ත්වයෝ ම සමර්ථ නො වෙති. එයට සමර්ථ වන්නෝ සුගතියෙහි ත්‍රිහේතුක ප්රතිසන්ධියෙන් උපන් උපනිඃශ්‍රය සම්පත් ද ඇත්තා වූ පුද්ගලයෝ ය. ත්‍රිහේතුක ප්රතිසන්ධියෙන් උපදින්නට හැකි වනුයේ කුශල බලයෙනි. බලවත් කුසල් නැති තැනැත්තා උපදිනුයේ අහේතුක හෝ ද්විහේතුක හෝ ප්රතිසන්ධි චිතයෙති. නිවන් දකිනු කැමති තැනැත්තා හට ද ත්‍රිහේතුක උත්පත්තියක් නො ලද හොත් නිවන් නො ලැබිය හැකි බැවින් මඟ-පල ලැබීමට සුදුසු උත්පත්තියක් ඇති කැර ගනු පිණිස ඔහු විසින් ද දානාදි පින්කම් කළ යුතුයි. 🔹දානාදි කුශලයෝ යහපත් භවයක් ඇති කිරීම් වශයෙන් නිර්වාණ ප්‍රතිලාභයට ද උපකාර වෙති. එය වර්ෂාව ධාන්‍යය ඇති වීමට උපකාර වීම මෙන් දත යුතුයි. වර්ෂාව ධාන්‍යය ඇති වීමට උපකාර වන බව නම් සත්‍යයකි. එහෙත් එය දුරින් වන උපකාරයෙකි. වර්ෂාව ලොවට ධාන්‍යය ඇති කරන දෙයකැයි කියහැකි මුත් කෙනෙක් වැසි වට ද ගොවියකු ගොවිතැන් නො කළහොත් ධාන්‍ය නො ලැබේ. ධාන්‍ය ලැබීමේදී ගොවියාගේ ගොවිකම ම ප්‍රධාන හේතුවය. එමෙන් නිවන් ලැබීමට ද විදර්ශනා භාවනාව ප්‍රධාන හේතුවය. දාන සීලාදී පින් අප්‍රධාන හේතූහු ය. ▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱ ✧✧✧✧✧ රේරුකාණේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය කෘතිය ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom