Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✨🛰️🌟 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "නව තාරකාවක උපත" (The protostar L1527) 🌟🛰️✨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයේ (James Webb Space Telescope) වූ "Near-Infrared Camera" (NIRCam) නමින් හදුන්වන අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම නවතම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ "L1527" නමින් හදුන්වනු ලබන අඳුරු අණුක වළාව තුළ බිහිවෙමින් පවතින "ප්‍රොටෝ තාරකාවකි" (protostar). "ප්‍රොටෝ තාරකාවන්" (protostar) යනු තාරකාවන්ගේ පරිණාමීය ක්රියාවලියෙහි මුල්ම අවධියේ එනම් නව තාරකාවක් නිර්මාණය වීමේ ආරම්භක අවධියෙහි පසුවන තාරකාවන් වන අතර මෙම ඡායාරූපයෙන් මෙවැනි නව තාරකාවක උපත සිදුවන අයුරු පෙන්නුම් කරනු ලබයි. මෙහි නිරූපිත දැල්වෙමින් පවතින ගිනි ජාලාවක ස්වරූපයක් ගත් වළාවන් "Taurus" අණුක වළාව (Taurus molecular cloud) ආශ්රිත කලාපයට අයත් වන අතර මෙම කලාපය හසුකර ගත හැක්කේ අධෝරක්ත කිරණ ආලෝකයන්හීදී (infrared light) පමණක් වන බැවින් "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයට එම කලාපය පහත ඡායාරූපයෙන් දැක්වෙන පරිදි වඩාත් පැහැදිලිව හසුකර ගැනීමට හැකියාව ලැබී ඇත. මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, "Taurus' නම් තාරකා රාශියෙහි පිහිටා තිබේ.

Credits: NASA, ESA, CSA, and STScI. Image processing: J. DePasquale, A. Pagan, and A. Koekemoer (STScI)

මෙහි දිස්වන "හෝරා ඝටිකාවක" (hourglass - වේලාව ගණනය කිරීමට යොදාගන්නා උපකරණයකි ) හැඩයක් ගත් වළාවෙහි ගෙල ප්‍රදේශය තුළ මෙම "ප්‍රොටෝ තාරකාව" (protostar) සැගවී පවතින අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර මෙහි වූ "මූල ග්‍රහලෝක තැටියෙහි" (protoplanetary disk) එනම් අලුත බිහිවූ තාරකාවන් වටා නිර්මාණය වන පරිස්ථිති තැටිය මෙහිදී දිස්වනුයේ වළාවෙහි ගෙල ප්‍රදේශය මධ්‍යයයෙන් ගමන් කළ අඳුරු රේඛාවක ආකාරයෙනි. මෙම පරිස්ථිති තැටියේ සිට ඉහළ දෙසට හා පහළ දෙසට ආලෝකය කාන්දු වී විහිදී ගොස් ඇති ආකාරයත් එම ආලෝකය හේතුවෙන් අවටවූ දූවිලි හා වායූන්ගෙන් සැදුම්ලත් කුහරයන් දීප්තියෙන් දිදුළන අයුරුත් මෙහිදී දැකගත හැකිය.

SCIENCE: NASA, ESA, CSA, STScI

IMAGE PROCESSING: Joseph DePasquale (STScI), Alyssa Pagan (STScI), Anton M. Koekemoer (STScI)

මෙම ප්‍රදේශයෙහි ව්‍යාප්ථ වී පවතින සුවිශේෂී ලක්ෂණය ලෙස මෙම අධෝරක්ත කිරණ ඡායාරූපයෙන් දැකගත හැකි නිල් හා තැඹිලි පැහැ වළාකුළු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර "ප්‍රොටෝ තාරකාව" මගින් නිකුත් කරන ද්‍රව්‍යයන් ඒ අවට වූ පදාර්ථයන් සමග ගැටීම හේතුවෙන් මෙහි දිස්වන බාහිර කුහරයන් නිර්මාණය වී තිබේ. තවද මෙම වර්ණයන්ගෙන් මෙම ප්‍රදේශයන් දිස්වීමට "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය හා මෙහි වූ වළාකුළු අතර පවතින දූවිලි ස්ථරයන් ද හේතුවී ඇත. මෙහි නිල් පැහැයෙන් දිස්වන ප්‍රදේශයන් ඉතා තුනී දූවිලි ස්ථරයන්ගෙන් සමන්විත වන අතර ඝන දූවිලි ස්ථරයන් පවතින ප්‍රදේශයන් තැඹිලි පැහැයෙන් මෙහිදී දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය.

මේ අතර "ප්‍රොටෝ තාරකාව" මගින් නිකුත් කළ ද්‍රව්‍යයන් හේතුවෙන් මෙහි වූ අණුක හයිඩ්රජන් සූතිකාවන් කම්පනයට ලක් වී ඇති බවට "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙහිදී හෙළි කොට ගෙන ඇති අතර මෙම කම්පනයන් හා කැළඹීම් හේතුවෙන් අණුක වළාව හරහා සිදුවන නව තාරකාවන් බිහිවීම වළක්වා තිබේ. මේ හේතුවෙන් මෙම "ප්‍රොටෝ තාරකාව" මගින් එය අවට වූ ප්‍රදේශය හා එහි පවතින පදාර්ථයන් සියල්ලම පාහේ තමා වෙත නතු කොටගෙන ඇත. මෙම "ප්‍රොටෝ තාරකාව", "class 0' කාණ්ඩයට අයත් ප්රොටෝතාරකාවක් වන අතර එහි වයස අවුරුදු 100 000 ක් පමණ වෙතැයි සොයාගෙන තිබේ.

මෙවැනි තමාගේ පරිණාමයේ මුල් අදියරෙහි තාරකාවන්ට හයිඩ්රජන් න්‍යෂ්ටික විලයනයට (nuclear fusion) ලක්කොට තමාට අවශ්‍ය ශක්තිය තමා විසින්ම උපදවා ගැනීමේ හැකියාවක් නොමැති අතර බොහෝවිට ගෝලාකාර හැඩයක් ගන්නා, අපගේ සූර්යයාගේ ස්කන්ධයෙන් 20% - 40% අගයක් ගන්නා, පිම්බුණු පොකුරක් ආකාරයෙන් උණුසුම් වායූන්ගෙන් සමන්විතව මෙම "ප්‍රොටෝ තාරකාවන්" පවතී. අඛණ්ඩව තාමගේ ස්කන්ධය වැඩිකර ගැනීම සිදුකරන මෙම "ප්‍රොටෝ තාරකාවන්" එමගින් ස්ථායි න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියක් සිදුකිරීමට හැකියාව ලැබෙන තෙක් එහි හරය සම්පීඩනයට ලක් කිරීම සිදු කරයි. "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් මෙම ඡායාරූපයෙන් නිරූපණය කරනු ලබන්නේ එම ක්‍රියාවලියයි.

[MEDIA=youtube]g90I0RqkdVY[/MEDIA]

මෙම "ප්‍රොටෝ තාරකාව" වටා පවතින අණුක වළාව සමන්විතව පවතින ඝන දූවිලි හා වායූන් තමා වෙත ඇද ගැනීම මෙහිදී "ප්‍රොටෝ තාරකාව" විසින් සිදුකරනු ලබයි. එලෙස "ප්‍රොටෝ තාරකාවේ" මධ්‍යයයට ඇදගන්නා පදාර්ථයන් ඒ වටා සර්පිලාකාරව ගමන් කිරීම සිදුකරන අතර එහිදී ඝන වූ පදාර්ථයන්ගෙන් සැදුම් ලත් "accretion disk" නම් වූ ගුරුත්ව බලය පදනම් කරගත් තැටියක් නිර්මාණය කරයි. එමගින් ""ප්‍රොටෝ තාරකාවේ" වර්ධනයට අවශ්‍ය වන පදාර්ථයන් ග්‍රහණය කරගනිමින් "ප්‍රොටෝ තාරකාව" පෝෂණය කිරීම සිදු කරනු ලබයි. තාරකාවේ ස්කන්ධය හා එහි වන සම්පීඩනය ඉහළ යාමත් සමගම හරයේ උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගොස් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය ආරම්භ කිරීම සිදු කරයි.

මෙම "accretion disk" නම් වූ තැටිය මෙම ඡායාරූපය මගින් නිරූපිත දීප්තිමත් මධ්‍ය ප්‍රදේශය ඉදිරියෙන් පවතින අඳුරු තීරුවක් ලෙස මෙහිදී දැකගත හැකි අතර එහි විශාලත්වය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයට සමාන වේ. මෙහි පවතින ඝනත්වය සලකා බැලූ විට ඉදිරි කාලයේදී මෙහි වූ පදාර්ථයන් පොකුරු වශයෙන් එක් වී නව ග්රහලෝකයන් නිර්මාණය කිරීම ද සිදු කරනු ඇත. අවසාන වශයෙන් කිව හැක්කේ "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් හසුකරගත් මෙම "L1527" ප්‍රොටෝ තාරකාවෙහි අපූර්ව දසුන අපගේ සූර්යයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය එහි, ළදරු අවධිය ගෙවූ අයුරු පිළිබදව දැකීම සදහා සිදුකළ එබී බැලීමක් ලෙසට ද හැදින්විය හැකි බවයි.

ලිපිය සැකසුම:[USER=577135] Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 28359347, member: 577135"] [IMG]https://i.imgur.com/U5b7XZk.jpg[/IMG] "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයේ (James Webb Space Telescope) වූ "Near-Infrared Camera" (NIRCam) නමින් හදුන්වන අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම නවතම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ "L1527" නමින් හදුන්වනු ලබන අඳුරු අණුක වළාව තුළ බිහිවෙමින් පවතින "ප්‍රොටෝ තාරකාවකි" (protostar). "ප්‍රොටෝ තාරකාවන්" (protostar) යනු තාරකාවන්ගේ පරිණාමීය ක්රියාවලියෙහි මුල්ම අවධියේ එනම් නව තාරකාවක් නිර්මාණය වීමේ ආරම්භක අවධියෙහි පසුවන තාරකාවන් වන අතර මෙම ඡායාරූපයෙන් මෙවැනි නව තාරකාවක උපත සිදුවන අයුරු පෙන්නුම් කරනු ලබයි. මෙහි නිරූපිත දැල්වෙමින් පවතින ගිනි ජාලාවක ස්වරූපයක් ගත් වළාවන් "Taurus" අණුක වළාව (Taurus molecular cloud) ආශ්රිත කලාපයට අයත් වන අතර මෙම කලාපය හසුකර ගත හැක්කේ අධෝරක්ත කිරණ ආලෝකයන්හීදී (infrared light) පමණක් වන බැවින් "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයට එම කලාපය පහත ඡායාරූපයෙන් දැක්වෙන පරිදි වඩාත් පැහැදිලිව හසුකර ගැනීමට හැකියාව ලැබී ඇත. මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, "Taurus' නම් තාරකා රාශියෙහි පිහිටා තිබේ. [B]Credits:[/B] NASA, ESA, CSA, and STScI. Image processing: J. DePasquale, A. Pagan, and A. Koekemoer (STScI) [IMG]https://www.nasa.gov/sites/default/files/thumbnails/image/stsci-01ggwd2f59v4tbrremm03rztyb.png[/IMG] මෙහි දිස්වන "හෝරා ඝටිකාවක" (hourglass - වේලාව ගණනය කිරීමට යොදාගන්නා උපකරණයකි ) හැඩයක් ගත් වළාවෙහි ගෙල ප්‍රදේශය තුළ මෙම "ප්‍රොටෝ තාරකාව" (protostar) සැගවී පවතින අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර මෙහි වූ "මූල ග්‍රහලෝක තැටියෙහි" (protoplanetary disk) එනම් අලුත බිහිවූ තාරකාවන් වටා නිර්මාණය වන පරිස්ථිති තැටිය මෙහිදී දිස්වනුයේ වළාවෙහි ගෙල ප්‍රදේශය මධ්‍යයයෙන් ගමන් කළ අඳුරු රේඛාවක ආකාරයෙනි. මෙම පරිස්ථිති තැටියේ සිට ඉහළ දෙසට හා පහළ දෙසට ආලෝකය කාන්දු වී විහිදී ගොස් ඇති ආකාරයත් එම ආලෝකය හේතුවෙන් අවටවූ දූවිලි හා වායූන්ගෙන් සැදුම්ලත් කුහරයන් දීප්තියෙන් දිදුළන අයුරුත් මෙහිදී දැකගත හැකිය. [B]SCIENCE:[/B] NASA, ESA, CSA, STScI [B]IMAGE PROCESSING: [/B]Joseph DePasquale (STScI), Alyssa Pagan (STScI), Anton M. Koekemoer (STScI) [IMG]https://stsci-opo.org/STScI-01GGWE0PJR5NSV94CHX56HGNPJ.png[/IMG] මෙම ප්‍රදේශයෙහි ව්‍යාප්ථ වී පවතින සුවිශේෂී ලක්ෂණය ලෙස මෙම අධෝරක්ත කිරණ ඡායාරූපයෙන් දැකගත හැකි නිල් හා තැඹිලි පැහැ වළාකුළු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර "ප්‍රොටෝ තාරකාව" මගින් නිකුත් කරන ද්‍රව්‍යයන් ඒ අවට වූ පදාර්ථයන් සමග ගැටීම හේතුවෙන් මෙහි දිස්වන බාහිර කුහරයන් නිර්මාණය වී තිබේ. තවද මෙම වර්ණයන්ගෙන් මෙම ප්‍රදේශයන් දිස්වීමට "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය හා මෙහි වූ වළාකුළු අතර පවතින දූවිලි ස්ථරයන් ද හේතුවී ඇත. මෙහි නිල් පැහැයෙන් දිස්වන ප්‍රදේශයන් ඉතා තුනී දූවිලි ස්ථරයන්ගෙන් සමන්විත වන අතර ඝන දූවිලි ස්ථරයන් පවතින ප්‍රදේශයන් තැඹිලි පැහැයෙන් මෙහිදී දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය. මේ අතර "ප්‍රොටෝ තාරකාව" මගින් නිකුත් කළ ද්‍රව්‍යයන් හේතුවෙන් මෙහි වූ අණුක හයිඩ්රජන් සූතිකාවන් කම්පනයට ලක් වී ඇති බවට "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙහිදී හෙළි කොට ගෙන ඇති අතර මෙම කම්පනයන් හා කැළඹීම් හේතුවෙන් අණුක වළාව හරහා සිදුවන නව තාරකාවන් බිහිවීම වළක්වා තිබේ. මේ හේතුවෙන් මෙම "ප්‍රොටෝ තාරකාව" මගින් එය අවට වූ ප්‍රදේශය හා එහි පවතින පදාර්ථයන් සියල්ලම පාහේ තමා වෙත නතු කොටගෙන ඇත. මෙම "ප්‍රොටෝ තාරකාව", "class 0' කාණ්ඩයට අයත් ප්රොටෝතාරකාවක් වන අතර එහි වයස අවුරුදු 100 000 ක් පමණ වෙතැයි සොයාගෙන තිබේ. මෙවැනි තමාගේ පරිණාමයේ මුල් අදියරෙහි තාරකාවන්ට හයිඩ්රජන් න්‍යෂ්ටික විලයනයට (nuclear fusion) ලක්කොට තමාට අවශ්‍ය ශක්තිය තමා විසින්ම උපදවා ගැනීමේ හැකියාවක් නොමැති අතර බොහෝවිට ගෝලාකාර හැඩයක් ගන්නා, අපගේ සූර්යයාගේ ස්කන්ධයෙන් 20% - 40% අගයක් ගන්නා, පිම්බුණු පොකුරක් ආකාරයෙන් උණුසුම් වායූන්ගෙන් සමන්විතව මෙම "ප්‍රොටෝ තාරකාවන්" පවතී. අඛණ්ඩව තාමගේ ස්කන්ධය වැඩිකර ගැනීම සිදුකරන මෙම "ප්‍රොටෝ තාරකාවන්" එමගින් ස්ථායි න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියක් සිදුකිරීමට හැකියාව ලැබෙන තෙක් එහි හරය සම්පීඩනයට ලක් කිරීම සිදු කරයි. "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් මෙම ඡායාරූපයෙන් නිරූපණය කරනු ලබන්නේ එම ක්‍රියාවලියයි. [MEDIA=youtube]g90I0RqkdVY[/MEDIA] මෙම "ප්‍රොටෝ තාරකාව" වටා පවතින අණුක වළාව සමන්විතව පවතින ඝන දූවිලි හා වායූන් තමා වෙත ඇද ගැනීම මෙහිදී "ප්‍රොටෝ තාරකාව" විසින් සිදුකරනු ලබයි. එලෙස "ප්‍රොටෝ තාරකාවේ" මධ්‍යයයට ඇදගන්නා පදාර්ථයන් ඒ වටා සර්පිලාකාරව ගමන් කිරීම සිදුකරන අතර එහිදී ඝන වූ පදාර්ථයන්ගෙන් සැදුම් ලත් "accretion disk" නම් වූ ගුරුත්ව බලය පදනම් කරගත් තැටියක් නිර්මාණය කරයි. එමගින් ""ප්‍රොටෝ තාරකාවේ" වර්ධනයට අවශ්‍ය වන පදාර්ථයන් ග්‍රහණය කරගනිමින් "ප්‍රොටෝ තාරකාව" පෝෂණය කිරීම සිදු කරනු ලබයි. තාරකාවේ ස්කන්ධය හා එහි වන සම්පීඩනය ඉහළ යාමත් සමගම හරයේ උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගොස් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය ආරම්භ කිරීම සිදු කරයි. මෙම "accretion disk" නම් වූ තැටිය මෙම ඡායාරූපය මගින් නිරූපිත දීප්තිමත් මධ්‍ය ප්‍රදේශය ඉදිරියෙන් පවතින අඳුරු තීරුවක් ලෙස මෙහිදී දැකගත හැකි අතර එහි විශාලත්වය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයට සමාන වේ. මෙහි පවතින ඝනත්වය සලකා බැලූ විට ඉදිරි කාලයේදී මෙහි වූ පදාර්ථයන් පොකුරු වශයෙන් එක් වී නව ග්රහලෝකයන් නිර්මාණය කිරීම ද සිදු කරනු ඇත. අවසාන වශයෙන් කිව හැක්කේ "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් හසුකරගත් මෙම "L1527" ප්‍රොටෝ තාරකාවෙහි අපූර්ව දසුන අපගේ සූර්යයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය එහි, ළදරු අවධිය ගෙවූ අයුරු පිළිබදව දැකීම සදහා සිදුකළ එබී බැලීමක් ලෙසට ද හැදින්විය හැකි බවයි. [HEADING=2]✍️ ලිපිය සැකසුම:[USER=577135] Stimulus mind[/USER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom