"Tonga' දූපත්වලට ආසන්නයෙන්, දකුණු පැසිෆික් සාගර පතුලෙහි පිහිටා තිබෙන "Hunga Tonga-Hunga Ha'apai volcano" ගිනි කන්දෙහි පසුගිය ජනවාරි 15 වනදා සිදුවූ පිපුරුමෙන් හටගත් අළු හා සුන්බුන් මිශ්‍ර වළාව පෘථිවි මට්ටමේ සිට වැඩිම උසක් දක්වා පැතිර ගිය අළු හා සුන්බුන් මිශ්‍ර වළාව ලෙස වාර්තා අතරට එක්වී තිබේ. මෙම ගිනිකඳු පිපුරුමෙන් හටගත් අළු වළාව පෘථිවියේ සිට කිලෝමීටර 57.5 ක් දක්වා ඉහළට පැතිර ගොස් ඇති අතර මිනිත්තු 30 ක කාලසීමාවක් තුළ විහිදී ගිය මෙම අළු වළාව, පෘථිවි වායුගොලයෙහි ඉහළින්ම පිහිටි ස්ථරයක් වන "මෙසෝස්පියර්' (Mesosphere) දක්වාම ගමන් කර තිබේ. හුදෙකලා, ජන ශුන්‍ය කලාපයක මෙම ගිනිකඳු පිපිරුම සිදු වූ හෙයින් ඇතිවන්නට තිබූ විශාල ව්‍යයසනයක් වැළකී ගිය නමුත් ගිනිකඳු පිපිරුමෙන් පසුව හටගත් සුනාමි රළ පහරට හසුවීමෙන් පුද්ගලයන් සය දෙනෙකුගේ ජීවිත අහිමී ගොස් තිබේ.
"Hunga Tonga-Hunga Ha'apai" ගිනිකඳු පිපිරුම අභ්‍යවකාශයට දිස්වූ අයුරු
කාලගුණ චන්ද්‍රිකා 3 කින් ලබාගත් දත්ත ඇසුරෙන් නිර්මාණය කළ "Hunga Tonga-Hunga Ha'apai" ගිනිකඳු පිපිරුමෙහි වළාව ගමන් කළ උස නිරූපණය වන වර්ණ - කේතික සිතියම (color-coded map)
"NOAA GOES-West satellite" නම් චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ සිට හසුකරගත් "Hunga Tonga-Hunga Ha'apai" ගිනිකඳු අළු වළාව
ජපානයට අයත් "Himawari-8 satellite" නම් චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ සිට හසුකරගත් "Hunga Tonga-Hunga Ha'apai" ගිනිකඳු අළු වළාව
2022 Hunga Tonga–Hunga Ha'apai eruption and tsunami
