🌌 "James Webb' සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයන්ගේ සං‍යෝජනයෙන් දුටු "VV 191' අන්තර්ක්‍රියාකාරී මන්දාකිණි යුගලය 🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    jhGPh6y.jpg


    "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය (NASA/ESA/CSA James Webb Space Telescope) මගින් ලබා ගත් අධෝරක්ත කිරණ දත්තයන් සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයන්ගෙන් ලබාගත් (NASA/ESA Hubble Space Telescope) පාරජම්බුල කිරණ හා දෘ‍ෂ්‍ය ආලෝක දත්තයන් ද උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද මෙම සං‍යුක්‍ත ඡායාරූපයෙන් "VV 191' නමින් හදුන්වන ලබන අනතර්ක්‍රියාකාරී මන්දාකිණි (Interacting Galaxies/Overlapping galaxies) යුගලය නිරූපණය කරයි. මෙහි වම්පසින් ඇති ශ්වේත වර්ණ ඉලිප්සාකාර මන්දාකිණියෙන් (elliptical galaxy) නිකුත් වන ආලෝකයන් මෙහි දකුණු පසින් දිස්වන සර්පිලාකාර මන්දාකිණිය හරහා ගමන් කොට ඇති බවට සර්පිලාකාර මන්දාකිණියෙහි පවතින අන්තර්තාරකා දූවිලිවලට සිදුව ඇති බලපෑම් මගින් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් මෙහිදී සමත්ව තිබේ.

    මෙම ඡායාරූපයෙහි අඩංගු වන "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ආසන්න-අධෝරක්ත කිරණ දත්තයන් මගින් සර්පිල මන්දාකිණියෙහි වූ දූවිලිවලින් ගහණ දිගු සර්පිල බාහු මෙන්ම ඉලිප්සාකාර මණ්දාකිනියෙහි වූ මධ්‍ය නෙරීම (central bulge) මගින් සර්පිල මන්දාකිණිය අතිඡ්චාදනය (overlapping) කර ඇති අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. නමුත් මෙම මන්දාකිණි යුගලය මෙලෙස එකිනෙකට ආසන්නව පැවතිය ද තාරකා විද්‍යාත්මකව පිරික්සීමේදී සක්‍රීය ලෙස අන්තර් ක්‍රියාවන් සිදු නොකරන මන්දාකිණි යුගලයක් බව සොයාගෙන තිබේ. මෙහි වූ "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ආසන්න-අධෝරක්ත කිරණ දත්තයන් කොළ, කහ හා රතු වර්ණයන්ගෙන් නිරූපණය වන අතර හබල් අභ්‍යවකාශ දුරේක්ෂයන්ගෙන් ලබාගත් පාරජම්බුල කිරණ හා දෘ‍ෂ්‍ය ආලෝක දත්තයන් නිල් පැහැයෙන් ද නිරූපණය කොට ඇත.


    ලිපිය සදහා පාදක වූ මූලාශ්‍රය: Webb, Hubble Team Up to Trace Interstellar Dust Within a Galactic Pair


    SCIENCE: NASA, ESA, CSA, Rogier Windhorst (ASU), William Keel (University of Alabama), Stuart Wyithe (University of Melbourne), JWST PEARLS Team
    IMAGE PROCESSING: Alyssa Pagan (STScI)

    STScI-01GE08RNPH8RBMMGMC52JD3R93.png



    STScI-01GE096EMAX57MJZS75SSKB3H0.png
     

    Similar threads