🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 25 - "Carina" නිහාරිකාව (The Great Nebula in Carina) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    nvexcIu.jpg


    ක්ෂීරපථයේ (Milky Way Galaxy) ඇති දීප්තිමත්ම කලාපයක් ලෙස සැලකෙන, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7500 ක් ඈතින්, "Carina" නම් තාරකා රාශියෙහි පිහිටා තිබෙන දැවැන්ත තාරකාවන්ගෙන් යුක්ත වූ විවෘත්ත තාරකා පොකුරු (open star clusters) හා අදුරු නිහාරිකාවන් (dark nebulae) සදහා වාසස්ථාන සපයන දැවැන්ත නිහාරිකාවක් ( Nebula) ලෙස සැලකෙන "Carina Nebula" නමින් හදුන්වන නිහාරිකාවෙහි (Eta Carinae Nebula, The Great Nebula in Carina,Great Carina Nebula හා NGC 3372 යන නම්වලින් ද හදුන්වනු ලබයි) අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් පහළින් වන්නට "Carina Nebula" තුළ පිහිටා ඇති "The Keyhole Nebula" (NGC 3324) නමින් හදුන්වන කුඩා ප්‍රමාණයේ නිහාරිකාව දැකගත හැකි අතර එන නිහාරිකාවේ ඇති දීප්තිමත් ව්‍යුහය ද මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැකිය. ආලෝක වර්ෂ 300 ක පමණ අරයකින් යුතුවන "Carina" නිහාරිකාව තුළ පිහිටා තිබෙන දීප්තිමත්ම තාරකාව ලෙස තාරකා ද්විත්වයකින් සැදුම්ලත්ව නිර්මාණය වූ අපගේ සූර්යයා මෙන් මිලියන පස්ගුණයක දීප්තියකින් යුක්ත වන "Eta Carinae" නම් තාරකාව නැතහොත් තාරකා පද්ධතිය හැදින්විය හැක. 1830 දශකයේදී රාත්‍රී ආකාසයේ දිස්වූ දීප්තිමත්ම තාරකාව ලෙස පෘථිව්වාසීන්ට දිස්වූ මෙම "Eta Carinae" තාරකාවේ දීප්තිය එතැන් පටන් ක්‍රමයෙන් අවම වීම සිදුවූ අතර මෙම දීප්තිය වැඩිවීම සිදුවී තිබෙන්නේ එහි හටගත් සුපර්නෝවා පිපුරුමක් (supernova explosion) හේතුවෙනි. මෙම Carina Nebula'හි X-කිරණ මාධ්‍යයය භවිතා කර ලබාගත් ඡායාරූප (X-ray images) මගින් හෙළිකරගත් තොරතුරු අනුව මෙම කලාපය සුපර්නෝවා පිපුරුම් නිරන්තරයෙන් සිදුවන "supernova factory" එකක් බවට තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.


    Image Credit & Copyright: Ignacio Javier Diaz Bobillo

    CarinaMosaic_Bobillo_1600.jpg





    Carina Nebula




     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    👍👍

    දැං වැඩක් නෑ...
    නැවක් වගේ භාණ්ඩෙ අතහැරල, ගිණිපෙට්ටියක් අරන් ඉවරයිනෙ...

    ඔව් බන්
    Carina 1.8 / Premio 1.6
    චැහ්, කරින එකෙ ටෙස්ට් රන් එක තාම මතක් වෙනවා, පාගන ගානට පිකප් වෙනව. සද්දෙත් මරු.



    2ම අතෑරලනෙ ගිනි පෙට්ටිය ගත්තෙ 😢
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    ඔව් බන්
    Carina 1.8 / Premio 1.6
    චැහ්, කරින එකෙ ටෙස්ට් රන් එක තාම මතක් වෙනවා, පාගන ගානට පිකප් වෙනව. සද්දෙත් මරු.



    2ම අතෑරලනෙ ගිනි පෙට්ටිය ගත්තෙ 😢
    කාර් එකක් නෙවේ මහත්තයො රොකට් එකක් බලමුද?
     

    Similar threads