🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 30 - අද්භූත පරිසරයක රාත්‍රියක් 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    nvexcIu.jpg


    2013 වසරේ කුණාටු සහිත රාත්‍රියක ලබාගත් පහත දැක්වෙන අපූර්ව ඡායාරූපයෙන් නිරූපණය වන්නේ අයිස්ලන්තයේ පිහිටා ඇති "Hverir' නමින් හදුන්වනු ලබන සක්‍රීය ගිනිකඳු ක්‍රියාකාරීත්වයන්ගෙන් යුක්ත වූ භූ තාප ප්‍රදේශයකි (geothermal area). ඡායාරූපයෙහි දිස්වන තරුපිරි රාත්‍රී ආකාසයෙහි දිස්වන්නේ සූර්යයාගේ ක්‍රියාකාරීත්වයෙහි බලපෑම හේතුවෙන් පෘථිවි වායුගෝලයෙහි ඉහළ කලාපයෙහි ඇතිවන භූ චුම්භක කුණාටු (geomagnetic storms) හේතුවෙන් හටගත් කොළ පැහැයෙන් දිදුළන මනරම් අවුරෝරා (Aurora) ආලෝක රටාවන්‍ ය. එම අවුරෝරා ආලෝක රටාවන්ට එරෙහිව අද්භූත ස්වරූපයකින් පැනනැගුණු ශ්වේත වර්ණ කුලුණු ආකාරයෙන් දිස්වන්නේ එම භූමි භාගයේ පිහිටි කුඩා "ගිනිකඳු විවරයන්' (fumaroles) තුළින් වාෂ්ප ආකාරයෙන් නිකුත් වායු ප්‍රවාහයන් ය. සූර්යයාගේ ක්‍රියාකාරීත්වය තීවෘ වන සූර්ය චක්‍රය (solar activity cycle) වසර 11 ක කාලසීමාවකින් යුක්ත වන අතර මේ හේතුවෙන් එම කාලසීමාව තුළ මෙවැනි අවුරෝරා ආලෝක රටාවන් හටගැනීම ද සුලබව දැකගත හැකිය.


    Image Credit & Copyright: Stéphane Vetter (Nuits sacrées)

    Hverir_Vetter_1300.jpg





    Hverir (Iceland) – Surreal Namafjall geothermal area





     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    Been here recently... Very close to MyVatn there's a Geothermal power station. About 4 kms off the main road. Visitors are allowed in their visitor information centre. You can watch an explanatory video and talk to the staff in there.

    Also in MyVatn there's a place similar bathing place to the Blue Lagoon in Reykjavik. The Reykjavik one is way overpriced. The one in MyVatn is way cheaper and easy to get in even without bookings. Currently they are expanding their one to beat the Blue Lagoon.

    The other beautiful GeoThermal activity is in YellowStone. If you visit the US don't miss it.
     

    Similar threads