"මන්තරකාරියගේ හිස" එනම් "Witch Head Nebula" යන නමින් හදුන්වන නිහාරිකාවේ මනරම් ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. "IC 2118" යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වන ඔරායන් තාරකා රාශියේ පිහිටා ඇති මෙම නිහාරිකාව පිහිටා ඇති ප්‍රදේශයට වම් පසින් අතිශය දීප්තියකින් දිස්වන වස්තුව වනුයේ ඔරායන් තාරකා රාශියේ පිහිටා ඇති දීප්තිමත්ම තාරකාව වන "Rigel" නම් "blue supergiant" තාරකාවයි. Witch Head නිහාරිකාව ආලෝක වර්ෂ 50 ක පමණ දුරක පිහිටි පදේශයක් පුරා විහිදී පවතින අතර නිහාරිකාවේ පවති දැවැන්ත වායු හා ධූවිලි වළාවන් මගින් "Rigel" තාරකාවෙන් විහිදෙන දීප්තිය පරාවර්තනය කිරීමක් ද සිදු කරයි. සාමාන්‍යයෙන් දූවිලි අංශු වලට, රතු ආලෝකයට වඩා නිල් ආලෝකය පරාවර්තනය කිරීමට තිබෙන හැකියාව නිසා මේ "Witch Head Nebula" ට දීප්තිමත් නිල්පැහැයකින් දිස්වීමට හේතු වී තිබෙන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1000 පමණ දුරකින් මෙම "Witch Head" නිහාරිකාව පිහිටා තිබේ.
Rigel (Star)