🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 04 - අභ්‍යවකාශයට දිස්වූ "Tau Herculids" උල්කාපාත වර්ෂාව 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    nvexcIu.jpg


    පසුගිය මැයි 31 වනදා "Tau Herculids" උල්කාපාත වර්ෂාව එහි උච්චතම අවස්ථාවට සම්ප්‍රාප්ථ වීම සිදුවිය. අභ්‍යවකාශයේ සිට පෘථිවියෙහි ක්ෂිතිජ ඉමට වන්නට දිස්වන "Tau Herculids" උල්කාපාත වර්ෂාවත් සමග ඇදහැළෙන කුඩා උල්කාපාතයන් නිරූපණය වන මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවි වේලාවෙන් උදෑසන 03:43 (03:43 UT) ට චීනයට අයත් වන අභ්‍යවකාශයේ රදවා තිබෙන දුරේක්ශයක් වන 'Yangwang-1' දුරේක්ශය (Yangwang-1 space telescope) මගින් ලබාගෙන තිබෙන මෙම ඡායාරූපය තුළින් අංශක 8 ක පුළුල් පරාසයක වපසරියක් තුළ ඇද හැළෙන කුඩා උලකාපාතයන් රාශියක් පෙන්නුම් කරයි.

    තාරකා විද්‍යාඥයන් සිදුකළ පුරෝකථනයන් අයුරෙන් ම පෘථිවිය "73P/Schwassmann-Wachmann 3" නම් වල්ගාතරුවෙන් ඉවත් වූ සුන්බුන් වලින් සමන්විත වූ ඝන ප්‍රවාහයක් අතරින් ගමන් කිරීම මෙම වසරේ සිදුවූ අතර "Tau Herculids" උල්කාපාත වර්ෂාව හටගැනීම සදහාද මෙම වල්ගාතරුවෙහි සුන්බුන් හේතු වී ඇත. මෙම උල්කාපාත වර්ෂාව අතරතුර පතිත වූ උල්කාපාතයන් ඉතා කුඩා මෙන්ම දීප්තිය අතින් ද අවම වූ බැවින් පෘථිවි නිරීක්ශකයන්ට පැහැදිලිව දැකබලා ගැනීමට තිබූ ඉඩප්‍රස්ථාව ඉතා අඩු අගයක් ගත් අතර ඡායාරූපයෙහි දැක්වෙන අයුරින් මෙම බොද වූ අයුරින් දිස්වන කුඩා උල්කාපාතයන් වඩා පැහැදිලිව ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතින්නේ 'Yangwang-1' වැනි අභ්‍යවකාශයේ රදවා තිබෙන දුරේක්ශයන්ට පමණි.


    Image Credit & Copyright: Zhuoxiao Wang, Yangwang-1 Space Telescope, Origin.Space

    20220531_0343HerTau_submit.png






    Yangwang 1 - Chinese commercial satellite has been spotting meteors and aurora



    Tau Herculids (meteor shower)

    Tau Herculid meteors: Best images and video






    73P/Schwassmann–Wachmann (Comet)

     

    Similar threads