🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 15 - 'Virgo' මන්දාකිණි පොකුරේ හදවත (In the Heart of the Virgo Cluster) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    nvexcIu.jpg


    අපගේ ක්ෂීරපථය මන්දාකිණියට ආසන්නයෙන්ම පවතින මන්දාකිණි පොකුර වන්නේ "The Virgo Cluster' නම් වූ මන්දාකිණි පොකුරයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන මෙම 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට මන්දාකිණි 2000 කට ආසන්න සංඛ්‍යාවක් අයත් වන අතර ක්ෂීර පථය මන්දාකිණිය අයත් වන, එය වටා පිහිටා ඇති 'Local Group of Galaxies' නමින් හදුන්වන අරය ආලෝක වර්ෂ මිලියන 5 ක කලාපයකට අයත් වන මන්දාකිණි සමූහයන් මත මෙම ' Virgo Cluster' මගින් ඇතිකරන ගුරුත්වාකර්ශන තල්ලුව (gravitational pull) මෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක. මෙම 'Virgo Cluster' මන්දාකිණි පොකුරෙහි තාරකාවන්ගෙන් ගහණ වූ මන්දාකිණි පමණක් නොව X - කිරණයන් (X-rays) නිකුත් කරන ඉතා උණුසුම් වූ වායු වළාවන්ගෙන් ද (Hot Gas Clouds) ගහණ වී පවතී. Virgo Cluster' මන්දාකිණි පොකුර තුළ හා ඒ වටා එයට අයත් වූ මන්දාකිණියන්හි සිදුවන චලනයන් නිරීක්ශනය කළ තාරකා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ මෙහි දෘ‍ෂ්‍ය පදාර්ථයන්ට (visible matter) වඩා අඳුරු පදාර්ථයන් ( dark matter) අඩංගු වී තිබිය හැකි බවයි.

    ඩිජිටල් මාධ්‍යයෙන් සංයුක්ත කොට (Digitally composite) නිර්මාණය කළ මෙම ඡායාරූපය මගින් නිරූපණය වන 'Virgo Cluster' මන්දාකිණි පොකුරට අයත් මන්දාකිණි කීපයක් දක්නට ලැබෙන අතර ඒවා නම්,


    Markarian's Eyes
    Eyes Galaxies, NGC 4435-NGC 4438, හා Arp 120 යන නාමයන්ගෙන්ද හදුන්වන යුගල මන්දාකිණියක් (pair of galaxies) වන මෙම මන්දාකිණි යුගලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 52 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.


    Messier 86
    M86 හා NGC 4406 යන නම්වලින් ද හදුන්වන ඉලිප්සාකාර නැතහොත් කාන්තික මන්දාකිණියක් (elliptical or lenticular galaxy) ලෙස හදුන්වන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 51.86 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.


    Messier 84
    M84 හා NGC 4374 යන නම්වලින් ද හදුන්වන ඉලිප්සාකාර නැතහොත් කාන්තික මන්දාකිණියක් (elliptical or lenticular galaxy) ලෙස හදුන්වන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 60.01 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.


    NGC 4388
    ක්‍රියාකාරී සර්පිල මන්දාකිණියක් ( active spiral galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.1 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. ජර්මනියේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයකු වූ 'Wilhelm Herschel' මහතා විසින් 1784 වර්ෂයේ අප්‍රේල් 17 වන දින ප්‍රථම වරට සොයාගෙන තිබේ.


    NGC 4402
    සාපේක්ෂව ආසන්න වූ කෙළවර සර්පිලාකාර මන්දාකිණියක් ( relatively near, edge-on spiral galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 55 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.


    NGC 4425
    කවාකාර මන්දාකිණියක් ලෙස සලකන (Lenticular Galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 54.7 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.



    Image Credit & Copyright: Saulius Adomaitis

    VirgoCentral_Adomaitis_2820.jpg



    නම් කරන ලද ඡායාරූපය

    VirgoCentral_Adomaitis_960_annotated.jpg




    Eyes Galaxies

    Messier 86

    Messier 84

    NGC 4388

    NGC 4402

    NGC 4425





     
    Last edited:

    Similar threads