සෑම දිනකදීම සුර්යයා දිස්වන්නේ ආකාසයේ එකම ස්ථානයදී ද? මෙයට දිය හැකි සරල පිළිතුර නැත යන්නයි. එනම් සෑම දිනකදීම සුර්යයා ආකාසයේ දිස්වන ස්ථානයන් වෙනස් වන අතර මෙම සංසිද්ධිය 'Analemma' යනුවෙන් හදුන්වනු ලබයි. වසරක් පුරා එකම ස්ථානය සිට ලබාගත් ඡායාරූප රාශියක් සංයුක්ත කිරීම මගින් නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය මගින් 2021 වසරේ සෑම දිනකදීම පස්වරු 4:30 ට තායිවානයෙහි අගනුවර ලෙස සැලකෙන "Taipei City" නගරයට (පසුබිමින් ලොව උසින් වැඩිම ගොඩනැගිලි අතරින් 11 වැනි ස්ථානය හිමි කරගන්නා මීටර 508 ක් උස "Taipei 101" ගොඩනැගිල්ලද දැකගත හැක) ඉහළ වූ ආකාසයේ සූර්යයා දර්ශනය වූ ස්ථානයන් (analemma) නිරූපණය වේ. ඡායාරූපයේ වම්පස කෙළවරට වන්නට දිස්වන සූර්යයා, එම වසරේ කෙටිම දිනය යෙදී තිබූ දෙසැම්බර් 21 වන දිනයෙහි සූර්යයා දිස්වූ ස්ථානය නිරූපණය කරන අතර සෑම වසරකම දෙසැම්බර් මාසයෙහි යෙදෙන මෙම දිනය හදුන්වන්නේ "December solstice" ලෙසය.
ඡායාරූපයේ දකුණු පස කෙළවරට වන්නට දිස්වන සූර්යයා, එම වසරේ දීර්ඝතම දිනය යෙදී තිබූ ජූනි 21 වන දිනයේ සූර්යයා දිස්වූ ස්ථානය නිරූපණය කරන අතර සෑම වසරකම ජුනි මාසයෙහි යෙදෙන මෙම දිනය හදුන්වන්නේ "June solstice" ලෙසය. 'solstices' දිනයන්හීදී සූර්යයා දිස්වූ ස්ථානයන්ට අමතරව 'equinoxes' ලෙස හදුන්වන, සූර්යයා පෘථිවියේ සමකය හරහා වැටී ඇති මනඃකල්පිත රේඛාව පසු කර එහි දකුණේ සිට උතුරට ගමන් කිරීම සිදුවන කාල සමයට (මෙය සෑම වසරකම පාහේ සිදුවන සංසිද්ධියකි) අයත් වන දිනයන්හීදී සූර්යයා ආකාසයේ දිස්වූ ස්ථානයන්ද මෙම ඡායාරූපය තුළින් නිරූපණය කොට තිබේ. 2022 වසරේ "June solstice" සිදුවන දිනය වන්නේ ජූනි 21 වන දින, එනම් අද දිනයේ වන අතර උත්තර්ධ්‍රැවයෙහි පිහිටි රටවල්හි ආකාසයේ වැඩිම වේලාවක් සූර්යයා දිස්වන දිනය වන්නේ අද දිනයයි. එමෙන්ම අනෙකුත් රටවල් බොහෝමයක නව සෘතුවක ආරම්භය සිදුවීම ද ( දකුණු අර්ධගෝලයෙහි රටවලට උදාවන ශීත සෘතුව මෙයට නිදසුනක් ලෙස ගෙනහැර දැක්විය හැක) අද දිනයේ සිට සිදුවේ.
Image Credit & Copyright: Meiying Lee
Analemma
Solstice
Equinox