1979 වසරේදී නාසා ආයතනයේ වොයේජර් 1 (Voyager 1) අභ්‍යවකාශ යානය මගින් බ්‍රහස්පති ග්‍රහයාගේ වූ ප්‍රධාන වළලු පද්ධතිය ප්‍රථම වරට සොයාගන්නා ලද නමුත් මෙම වළලුවල සම්භවය සිදුවූ ආකාරය එකල සිටි තාරකා විද්‍යාඥයන්ට සොයාගැනීමට නොහැකි වූ අභිරහසක්ව පැවතුණි. නමුත් 1995 වසරේ සිට 2003 වර්ෂය දක්වා බ්‍රහස්ප්ති ග්‍රහයා වටා කක්ෂ ගතව පැවති නාසා ආයතනයේ ගැලීලියෝ යානය ( Galileo spacecraft) මගින් සොයාගත් දත්තයන්ට අනුව නිර්මිත උපකල්පනයෙන් දැක්වෙන පරිදි, බ්‍රහස්පති ග්‍රහයාගේ අසල්වැසි කුඩා උපග්‍රහයන් (චන්ද්‍රයන්) මත සිදුවූ උල්කාපාත ගැටීම්වලදී නිකුත් වූ සුන්බුන් මගින් බ්‍රහස්පති ග්‍රහයා වටා ඇති මෙම වළලු නිර්මාණය වී ඇති බවට මේ වනවිට තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. නිදසුනක් ලෙස මෙහි දිස්වන බ්‍රහස්පති ග්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයෙකු වන 'Metis' සමග මේ අයුරින් උල්කාපාත ගැටීමක් සිදු වූවා යැයි උපකල්පනය කළ හොත්, එම ගැටීම හේතුවෙන් එම චන්ද්‍රයා මත විශාල ආවාටයක් නිර්මාණය වීම සිදු වීමේදී ඉන් නිකුත් වන සුන්බුන් හා දූවිලි බ්‍රහස්පතිගේ කක්ෂය වටා එක් වීමෙන් මේ ආකාරයේ වළලු නිර්මාණය වීම සිදුවිය හැකිය.
අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ මෙම අපූරු අධෝරක්ත කිරණ (infrared light) ඡායාරූපය මගින් බ්‍රහස්පති ග්‍රහයා වටා ඇති වළලු මෙන්ම බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලයෙහි වූ වළාකුළු ද දැකගත හැකිය. එපමණක් නොව බ්‍රහස්පති ග්‍රහයාගේ වූ "Great Red Spot" (GRS) නමින් හදුන්වන විශාල රතු ලපය ඡායාරූපයේ දකුණු දෙසට වන්නට දීප්තිමත් වර්ණයකින් දැකගත හැකි අතර විවර්තනය වූ උල් ආකාරයෙන් දිස්වන (diffraction spikes) ආලෝක කදම්භයෙන් බ්‍රහස්පතිට අයත් විශාලතම උපග්‍රහයෙකු වන 'යුරෝපා' (Europa) නම් චන්ද්‍රයා වම්පසට වන්නටත්, එම චන්ද්‍රයාගේ සෙවනැල්ල, "Great Red Spot" (GRS) නම් විශාල රතු ලපයට යාබදව දිස්වන ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම ඡායාරූපයෙහි ඇති ඇතැම් අංගයන් මොනවා දැයි තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් හෙළිකර ගෙන නොමැති අතර බ්‍රහස්පතිගේ දකුණු දෙසට වන්නට ඇති වෙන්වී ඇති අයුරින් දිස්වන වක්‍ර වූ වළාකුළු ස්ථරය ද මේ අතර වේ.
Image Credit: NASA, ESA, CSA, STScI; Processing & License: Judy Schmidt
නම් කරන ලද ඡායාරූපය
Jupiter (James Webb Space Telescope)
ඒ ගැනත් මං ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ. 
