🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 03 - "Triangulum' සර්පිල මන්දාකිණියෙහි අසිරිය (The Triangulum Galaxy / Messier 33) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113
    nvexcIu.jpg


    සර්පිල ව්‍යුහය පැහැදිලිව පෙන්නුම් කරන "face-on spiral galaxy" ගනයට අයත් වන අපූර්ව සර්පිල මන්දාකිණියක් ලෙස "The Triangulum Galaxy" නම් වූ සර්පිල මන්දාකිණිය හැදින්විය හැක. "Messier 33" (M33) සහ "NGC 598" යන නාමයන්ගෙන් ද හදුන්වන ලබන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 3 ක් පමණ ඈතින්. කුඩා තාරකා රාශියක් වන "Triangulum' නම් උතුරු තාරකා රාශියට (northern constellation)අයත්ව පිහිටා තිබේ. ආලෝක වර්ෂ 50 000 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වූ "Triangulum' මන්දාකිණිය (Triangulum Galaxy), මන්දාකිණි 30 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන "Local Group of Galaxies" නමින් හදුන්වන ආලෝක වර්ෂ මිලියන 5 ක අරයකින් යුතු කලාපයට අයත් වූ ඇන්ඩ්‍රොමීඩා (M31) හා ක්ෂීරපථය යන මන්දාකිණියන්ට පසුව විශාලත්වය අතින් තෙවැනි ස්ථානය ගනු ලබයි.

    තාරකා විද්‍යාඥයන් මේතාක් කලකට සිතා සිටියේ "Triangulum' මන්දාකිණිය යනු ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට (Andromeda Galaxy) අයත් වූ කුඩා ප්‍රමාණයේ පරිවාර මන්දාකිණියක් (Satellite Galaxy)ලෙස වන අතර මෙම මන්දාකිණිය ද්විත්වයෙහි සිට එකෙනෙකා දෙස නිරීක්ශනය කරන විට ඒවායේ පවතින මනරම් සර්පිල ව්‍යුහයන් පැහැදිලිව දැකගත හැකිය. ක්ෂීරපථය මන්දාකිණිය තුළ පිහිටා ඇති අපගේ පෘථිවියෙහි සිට මෙම "Triangulum' මන්දාකිණිය දුරේක්ෂයන් යොදාගනිමින් නිරීක්ශනය විට එහි පවතින නිල් පැහැති තාරකා පොකුරු, රෝස පැහැති නව තාරකාවන්ගේ උපැද්දවීම් සිදුකරන ප්‍රදේශයන් මෙන්ම තැනින් තැන කඩතොළු වී ඇති සර්පිල බාහු ද පැහැදිලිව දැකගත හැකිය.


    මේ අතර "NGC 604' නම් වූ මෙම මන්දාකිණිය තුළ පිහිටා තිබෙන දීප්තිමත් ම නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශය මන්දාකිණියෙහි මධ්‍ය කලාපයට ආසන්නයෙන් පිහිටා තිබෙන අයුරු ද පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරීක්ශනය කළ හැකිය. පැහැදිලිව මනිනු ලැබූ , මෙම මන්දාකිණියෙහි පිහිටා ඇති තමාගේ දීප්තිය කාලයත් සමග ක්‍රමිකව වෙනස් කිරීම සිදු කරනු ලබන "variable stars" ගනයට අයත් තාරකාවන්ට පවතින දුර ප්‍රමාණයන්, විශ්වයෙහි විශාලත්වය සෙවීම පිළිබදව සිදුකරන ගණනය කිරීම් සදහා ද තාරකා විද්‍යාඥයන් විසින් උපයෝගී කොටගෙන ඇත.


    Image Credit & Copyright: Processing - Robert Gendler
    Data - Hubble Legacy Archive, KPNO, NOIRLab, NSF, Aura, Amateur Sources

    M33-NOIR-HST-LL.jpg





    Triangulum Galaxy

    Triangulum galaxy, the 2nd-closest spiral galaxy







     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මේ අතර "NGC 604' නම් වූ මෙම මන්දාකිණිය තුළ පිහිටා තිබෙන දීප්තිමත් ම නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශය මන්දාකිණියෙහි මධ්‍ය කලාපයට ආසන්නයෙන් පිහිටා තිබෙන අයුරු ද පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරීක්ශනය කළ හැකිය
    ඕකේ ආලෝක වර්ෂ 1520k ද කොහෙද ලු diameter එක.

    මෙවා බැලුවාම පේන්නේ අපේ Milky Way එක පට්ට boring නේ.. 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113
    E Triangulum එක නේ? 🙄
    මන් කිව්වේ ngc 604 🤔 ඒක ඕක ඇතුලේ නේ?? 🙄
    ඔයා කිව්වෙ තාරකා පොකුර ගැන ද? :sorry: එහෙනම් ඒක හරි. :yes: මං හිතුවෙ මුළු මන්දාකිණියෙම විෂ්කම්භෙ කියලා හිතන් කිව්වා කියලා. :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    👍👍👍
    ඕකේ ආලෝක වර්ෂ 1520k ද කොහෙද ලු diameter එක.

    මෙවා බැලුවාම පේන්නේ අපේ Milky Way එක පට්ට boring නේ.. 😂

    ඔය ගාණ නෙවේ. විෂ්කම්භෙ ආලෝක වර්ෂ 50 000 යි.

    https://science.nasa.gov/stars-triangulum-galaxy#:~:text=Over 50,000 light-years in,to use a zoom tool.
    මාත් සෙට් වෙන්නද විශ්කම්භ වාදෙට....
    ඩිවයිඩර් එකෙන් ඩයමෙන්ශන් ගන්න පුලුවන්ද....