රාත්‍රී ආකාසය ඡායාරූප ගත කරන මොහොතකදී කැමරා කාචයට අහඹු ලෙස හසුවූ ආකාශ වස්තූන් කීපයක් දැක්වෙන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙහි පසුබිමින් වම්පස කෙළවරට වන්නට ක්ෂීරපථය මන්දාකිණියේ (Milky Way galaxy) පවතින මධ්‍ය තීරුව දර්ශනය වන අතර (central band) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 427 ඈතින් "Ophiuchus" තාරකා රාශියෙහි පිහිටා ඇති "Rho Ophiuchi" යන නමින් හදුන්වන අන්තර් තාරකා වලාකුළු සංකීර්ණය (interstellar cloud complex) ඡායාරූපයේ මධ්‍යට වන්නට පිහිටා ඇති ආකාරය නිරීක්ශනය කළ හැක. නමුත් මෙම ඡායාරූපයට හසුවූ අහඹු ආගන්තුකයා වන්නේ අන් කවරෙකු නොව, බොද වූ ආකාරයෙන් දිස්වන තද රත් පැහැ ගත් චන්ද්‍රයායි.
පසුගිය මැයි 15 වනදා සිදුවූ "Super Flower Blood Moon" නමින් හැදින්වූ පූර්ණ චන්ද්‍රග්‍රහණය දිස්වූ වූ මෙහොතක් මෙයින් නිරූපණය වන අතර පෘථිවියේ රත් පැහැ ගත් සෙවනැල්ලෙන් චන්ද්‍රයා වැසී ඇති අයුරු මෙයින් දැකගත හැක. ඡායාරූපය මධ්‍යයයේ දැකගත හැකි තවත් අමුත්තෙකු වන්නේ දීප්තිමත් උල්කාපාතයයි. එය ඡායාරූපයේ මධ්‍යයය හරහා දීප්තිමත් රේඛාවක් නිර්මාණය කරමින් ඇද හැලෙන අයුරු මෙහිදී දැක ගත හැක. ස්පාඤ්ඤයේ කැනරි දූපත් (Spanish Canary Islands) අතරට අයත් වන එක් දූපතක් වන "La Palma" හීදී අඛණ්ඩව ග්‍රහණය කරගත් ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපයන් (deep-field image) 10 ක් අතරින් එක් ඡායාරූපයක් වන මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය හසුකරගත්අපූරු ඡායාරූපය අනෙක් ඡායාරූප 9 මෙන් එකම ස්ථානයකදී, එකම කැමරාව යොදාගෙන ඡායාරූප ගත කර තිබේ. මේ අතර මීලගට සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙම වසරේ නොවැම්බර් මස මුල් භාගයේදී සිදුවීමට වීමට නියමිතව ඇත.
Image Credit & Copyright: Andrei Ionut Dascalu
නම් කරන ලද ඡායාරූපය
Rho Ophiuchi cloud complex
