🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව: 2022 ඔක්තෝම්බර් 05 - "DART' යානයත්, "Dimorphos' ග්‍රාහකයත් අතර සිදුවූ ඝට්ටනයෙන් පසුව හටගත් සුන්බුන් වළාව 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    dzBDEoI.jpg


    ප්‍රංශයට අයත්, දකුණු අප්‍රිකාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් පිහිටා තිබෙන "Reunion' නම් දිවයිනේ (Reunion Island) පිහිටුවා ඇති "Les Makes Observatory" නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරය මගින් හසු කරගනු ලැබූ, DART යානයත්, 'Dimorphos' (Didymos B) ග්‍රාහකයත් අතර සිදුවූ ගැටීමෙන් පසුව හටගත් සුන්බුන් වළාව පහත දැක්වෙන වීඩියෝව මගින් නිරූපණය කර ඇත. මිනිත්තු විස්සක කාලයක් ආවරණය කරමින් මෙම "time-lapse' වීඩියෝව ධාවනය වන අතර 'Dimorphos' ග්‍රාහකයේ බෙහෙවින් මෑතකදී ගත් ඡායාරූපයන් මගින් ඝට්ටනයෙන් පසු ධූමකේතුන්ගේ ආකාරයේ වල්ගයන් ද මෙම 'Dimorphos' ග්‍රාහකය හා එහි මව් ග්‍රාහකය වන Didymos ගෙන සැදුම් ලත් Didymos - Dimorphos ග්‍රාහක පද්ධතිය (Didymos - Dimorphos system) තුළ නිර්මාණය වී ඇති බවද සොයාගෙන තිබේ.


    'DART' අභ්‍යවකාශ මෙහෙයුම පිළිබදව මා විසින් පළකළ සවිස්තරාත්මක ලිපිය




    Video Credit: Les Makes Observatory, J. Berthier, F. Vachier, A. Klotz, P. Thierry, T. Santana-Ros, ESA NEOCC, D. Föhring, E. Petrescu, M. Micheli

     

    Similar threads