🌦️ 9,10 සහ 11 වැස්ස තද වෙයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය.

    නමුත් ඊශානදිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බව ද ඒ මහතා පැවසීය.

    උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාතට මෙම ඊශාන දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකි අතර, ඕනෑම අවස්ථාවක එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා කියා සිටියේය.

    එමෙන්ම මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මි.මී 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බවද ඒ මහතා පැවසීය.

    දිවයිනේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව ද අතුල කරුණානායක මහතා කියා සිටියේය.

    මේ අතර, ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙම තත්ත්වය තිබිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    දිවයින අවට පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය ඉස්මතු වීමත් ඊශානදිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇතැයි පැවසු අතුල කරුණානායක මහතා, බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය දිවයිනට ඇතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින බවත් මේ හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි බවත් ධීවරයින් හා නාවිකයින් මේ පිළිබඳ ඉදිරි නිවේදන පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියේය.



     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ කාලගුණේ එවුන් කරන, 1950 - 60 කාලෙට ගැලපෙන අනාවැකි Format එක අයින් කරන්න ඔ්න.. අර ඔප්පු ලියනවා වගේ අනිවාර්යෙන් මුන් එක Template එකක තියන Details වෙනස් කර කර මේ කියන්නෙ..

    පිටරට TV වල කරනවා වගේ Weather report එක Animated කරලා කියන්න ඔ්න.. මුන් පොද වැස්සක් ආවත්, සුලි කුණාටුවක් ආවත්, දෙකම කියන්නෙ එකම ටෝන් එකෙන්..
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් ටිකකට කලින් දුන්න දීමනාවක් , කෙලින්ම Burst Rain , හෙන දෙක තුනක් ගැහුවා , කන ලග වැදුනේ. 3යි ගානකට එහෙම්මම Blackout වෙලා දැන් තමයි Power ආවේ
     
    • Like
    • Wow
    Reactions: NRTG and asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    දැන් ටිකකට කලින් දුන්න දීමනාවක් , කෙලින්ම Burst Rain , හෙන දෙක තුනක් ගැහුවා , කන ලග වැදුනේ. 3යි ගානකට එහෙම්මම Blackout වෙලා දැන් තමයි Power ආවේ

    lightening advisory ekak thiyenawa ada 11pm wenakan
     
    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,509
    17,628
    113
    වැස්ස හොදම එකෙන් අකුණු ගගහා.. ගාල්ල
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    අදත් පටන් ගත්තා ..මෙහේ නම් ගිගුරුම් සහිත තමයි යන්නේ
    ඔන්න ඕකයි අපේ කාලගුනේ ප්‍රස්නේ.