දිනය: 2023 පෙබරවාරි 09
දිදුළන ස්වභාවයක් ගත්, විචිත්‍රවත් තරංග ලෙස ව්‍යාප්ථ වූ වර්ණයන්ගෙන් යුක්ත මෙම මනරම් අහස් කුස ෆින්ලන්තයේ, 'Kilpisjärvi' නගරයේදී කැමරා කාචයට හසුකර ගෙන තිබේ. මෙලෙස වර්ණවත් ආකාරයෙන් දිස්වන්නේ කලාතුරකින් ආකාසයේ දක්නට ලැබෙන "nacreous clouds" නැතහොත් "mother-of-pearl clouds" ලෙස හදුන්වනු ලබන වලාකුළු විශේෂයයි. මෙම අපූර්ව දසුන පසුගිය ජනවාරි 24 දින, හිරු බැස යන මොහොතේදී, දකුණු දිශාවේ සිට බලන කල, උතුරු අක්ෂාංශ අංශක 69 හිදී දිස්වන අයුරින් ඡායාරූප ගත කිරීම සිදු කොට ඇත.
"ධ්‍රැවීය ආන්තික වලාකුළු" (polar stratospheric clouds) ගනයට අයත් මෙම "nacreous clouds" නම් වලාකුළු විශේෂය, පෘථිවියට අයත් වායුගෝලීය ස්ථරයක් වන වලාකුළුවලින් තොර වූ ආවර්ත ගෝලයෙහි (stratosphere) පවතින අයිස් ස්ඵටික මගින් නිර්මාණය කෙරෙන අතර මේ සදහා පහළ ආවර්ත ගෝලයෙහි (lower stratosphere) අසාමාන්‍ය මට්ටමේ ශීතාධික උෂ්ණත්වයක් පැවතිය යුතුය. සූර්යාලෝකයෙන් තවමත් ආලෝකවත්ව පවතින කිලෝමීටර් 15 ත් 25 ත් අතර උන්නතාංශයන්ට අයත් ප්‍රදේශයේදී හටගන්නා මෙම වලාකුළුවලට, හිරු බැස යෑමෙන් පසුව සහ හිරු උදාවට මොහොතකට පෙර පවා හිරු එළිය විවර්තනය කිරීමට (diffract sunlight) හැකියාව පවතී.
Image Credit & Copyright: Dennis Lehtonen
Nacreous clouds
polar stratospheric cloud
Tropopause and lower stratosphere
Last edited:
