Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🌺පුංචි පිනක් වුණත් අත්හරින්න එපා…! 🌺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි පිනක් වුණත් අත්හරින්න එපා…!

පින්වතුනේ, පින්වත් දරුවනේ, දිනක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවකදී මෙහෙම වදාළා.

“පින්වත් උපාසකවරුනි, ලෝකයෙහි සමහර උදවිය ඉන්නවා. එයාලා විතරයි දන් දෙන්නේ. පිටස්තර උදවිය සහභාගී කරවා ගන්නේ නැහැ. ඒ හේතුව නිසා ඒ උදවිය උපනූපන් ආත්මවල භෝග සම්පත් ලබනවා. නමුත් පිරිවර සම්පත් ලබන්නේ නැහැ.

තව සමහරු ඉන්නවා. එයාල දන් දෙන්නෙ නැහැ. නමුත් අනිත් අයව දන්දීම සඳහා පොළඹවනවා. ඒ අය උපනූපන් ආත්මවලදී පිරිවර සම්පත් ලබනවා. භෝග සම්පත් ලබන්නේ නැහැ.

තව සමහරු ඉන්නවා. තමන් දන්දෙන්නෙත් නැහැ. අනිත් අයට දෙන්න දෙන්නෙත් නැහැ. එතකොට උපනූපන් ආත්මවලදී භෝග සම්පතුත් නැහැ. පරිවාර සම්පතුත් නැහැ.

තවත් උදවිය ඉන්නවා. තමාත් දන්දෙනවා. අන් උදවියත් සහභාගී කරගන්නවා. ඒ අය උපනූපන් ආත්මවලදී භෝග සම්පත් ලබනවා. පරිවාර සම්පතුත් ලබනවා.”

ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව නුවණැති පුද්ගලයෙකුට අහන්නට ලැබුණා. ඔහු මෙහෙම හිතුවා. ‘අප්පේ….! හරී අසිරිමත් නෙව. මේ කාරණය මං කලින් දැනසිටියේ නැහැ. එතකොට භෝග සම්පත් පිණිසත්, පරිවාර සම්පත් පිණිසත් දන් දිය යුත්තේ ඔය විදිහටයි. මාත් එවැනි දානයක් පූජා කරගන්නට ඕන.’

මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් දානයට ඇරයුම් කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ දානය පිළි ගන්නා සේක්වා!”

“පින්වත, කී නමකට දානය සූදානම් කරන්න පුළුවන්ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන සියලු භික්ෂූන් වහන්සේලාට මං දානය දෙන්න කැමතියි.”

භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගත්තා. එතකොට මේ තරුණයා හනික ගමට දිව්වා. ගෙයක් ගානෙ ගියා.

“අම්මේ… තාත්තේ…. අයියේ…. අක්කේ… මං හෙට බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂුසංඝයාට දානයට ඇරයුම් කළා. පුළුපුළුවන් විදිහට මට උදව් කරන්න. හාල් පොල් එළවළු ආදිය මට සකසා දෙන්න. අපි එක තැනක දානය හදලා පිළිගන්වමු.” මෙහෙම කිය කිය ඇවිදගෙන ගියා.

ඉතින් මේ තරුණයා එක්තරා සිටුවරයෙකුගේ වෙළඳසැළකට ඇතුළු වුණා. මේ කාරණය කිව්වා. සිටුවරයා කල්පනා කළා, ‘හනේ… යසයි! මේකා තමුන්නේ තරමට එපායැ භික්ෂූන් වහන්සේලා වඩම්මාගන්න. මුළු ගමම හවුල්කරගන්න නෙව වටේ දුවන්නේ…’ කියලා.

මෙහෙම හිතලා මේ සිටුවරයා ඇඟිලි තුන එකතු කොට ස්වල්පය බැගින් මුං ඇට දුන්නා. මෑ ටිකකුත් දුන්නා. ඉතින් මේ තරුණයා ඉතාම ගෞරවයෙන් එය අරගෙන ගියා. සිටුවරයා ‘හක හක’ ගාලා හිනහවෙන්න පටන්ගත්තා. වෙළඳසැළට ආපු මිනිස්සුන්ට තමන්ගේ ඇඟිලි තුන පෙන්නුවා.

“හික්… හික්… මේ බලාපන්…. මේ ඇඟිලි තුන එක්කාසු කළ විට බළලාගේ කකුල වගේ. මෙන්න මේ වගේ මම අරකාට චූට්ට චූට්ට දුන්නේ…. ගිතෙල් මී පැණි වුණත් මං ඕකාට දුන්නේ මේ හැන්දේ යාන්තං තැවරෙන චුට්ට විතරයි. හික්.. හික්… හික්…”

එදා සිට මේ සිටුවරයාට නම වැටුණා ‘බිළාලපාදක සෙට්ඨි’ කියලා. බළල් කකුලේ සිටුතුමා යනු ඒ නමේ තේරුමයි. මේ සිටුවරයා හරී ආඩම්බරකාරයි. ඒ නිසා සේවකයෙකු ඇමතුවා.

“ඒයි! මෙහෙ වරෙන්… ගිහින් බලාපන් අරකා මං දීපු දේවල්වලට මොකක් කරනවාද කියා….”

ඉතින් ඒ පුද්ගලයා ඔහුගේ පස්සෙන් ගියා. අර තරුණයා කිසි කලබලයක් නැතුව ඒවා අරන් ගිහින් වෙන වෙනම තිබ්බා. දානය පිළියෙල කරද්දි ‘සිටුවරයා දුන් මේ මුං ඇට, මෑ ඇට, තෙල් ආදියෙන් මහත්ඵල ලැබේවා’ කියා දානයට එක්කළා. එතකොට මේ කාරණය සිටුවරයාට අහන්න ලැබුණා.

“හෝ…. එහෙමද? හැබැයි මේකා සෙනඟ මැද්දේ කියාවිද දන්නෙ නැහැ මං මේ විදිහටයි දුන්නේ කියලා….? එහෙම වුණොත් මං මේකාව මරණවා….!” කියලා පසුවදා පිහියකුත් ඉණේ ගසාගෙන දාන ශාලාවට ගියා. අර නුවණැති තරුණයා බොහෝ පිරිස සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. හඬ නගා මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං මේ දානය පූජා කළේ මහාජනයා සහභාගී කරවාගෙනයි. තම තමන්ගේ ශක්තිපමණින් ස්වල්ප වූත්, බොහෝ වූත් දේ ඒ සියළු දෙනා මහත් ශ්‍රද්ධාවෙන් මට ලබා දුන්නා. ඒ හැමෝටම මේ රැස් කළ පින මහාඵල ලැබදේවා!”

එතකොට සිටුවරයාට මෙහෙම හිතුණා.

“අයියෝ…! මං දුන්නේ මේ ඇඟිලි තුඩු වලින් නෙව. නමුත් හාල් පොල් ගෝනි ගණන් දීපු අයටත්, මටත් සමසේ පින් දුන්නා… මෙවැනි පුද්ගලයෙකුව මරන්නද මං මේ ආවේ. මං සමාව නොගත්තොත් මට දෙවියෝ අච්චු කරාවි.”

ඉතින් මේ සිටුවරයා එවෙලේම පිරිස මැද්දෙන් අර තරුණයා ළඟට ගියා. ගිහින් ඔහු පාමුල වැඳවැටුණා.

“අනේ පුතේ… මට සමාවෙයන්…”

“සි… සිටුතුමනි, ඇ… ඇයි මගෙන් සමාව ඉල්ලන්නේ…? ඔබතුමා වරදක් කළේ නෑනේ… ඔබතුමා මේ දානයේ කොටස්කාරයෙක්නේ….”

එතකොට සිටුවරයා සියලු දේ නොසඟවා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීමට හොඳින් සවන් දුන්නා. බුදුන් ප්රමුඛ සංඝයාට දානය දීමේදී ඉතා ස්වල්පයක් දුන්නත් ඒක හෑල්ලුවට ගන්න එපා කිව්වා. එය ටිකක් වුණත් විපාක දෙන්නෙ නෑ කියල හිතන්න එපා කිව්වා. ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව දේශනා කළා.

*මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මන්තං ආගමිස්සති*

*උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති*

*පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං*

*එපා අවමන් කරන්නට නම් – ඉතා සුළු පිනකි යි කියා*

*ඉතා සුළු දෙය තමා වෙත යළි – එන එකක් නම් නැහැ කියා*

*තැබූ විට හිස් කළය එළියේ – පිරෙන ලෙස වැහි බිඳු බැගින්*

*ටිකෙන් ටික රැස් කරන පිනෙනුත් – පිරෙයි නුවණැත්තා පිනෙන්*

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැක්කා නේද? බිළාලපාදක සිටුවරයාට ලැබුණු උපදේශය. මුල ඉඳලාම ඔහුට පින ගැන වගක් තිබුණෙ නැහැ. බේරෙන්න බැරි තැනයි ඇඟිලි තුනෙන් දුන්නේ. නමුත් ඒවා ලැබුණේ කාටද? ඒවා වැළඳුවේ කවුද? බුදුරජාණන් වහන්සේ උදෙසාත්, භික්ෂු සංඝයා උදෙසාත් නේද? සාරවත් කුඹුරකට වී ඇටයක් නිකං වීසි කළත් පැළවෙනවා. කරල් මතුවෙනවා. එයට හේතුව කුඹුරේ ඇති සාරවත් බවයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්, භික්ෂු සංඝයාගේ නාමයෙන් අද වුණත් යමක් පූජා කරගත්තොත් පිනේ අඩුවක් වෙන්නේ නැහැ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ

[QUOTE="asliyanage, post: 30722392, member: 8764"] 🌺පුංචි පිනක් වුණත් අත්හරින්න එපා…! 🌺 පින්වතුනේ, පින්වත් දරුවනේ, දිනක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවකදී මෙහෙම වදාළා. “පින්වත් උපාසකවරුනි, ලෝකයෙහි සමහර උදවිය ඉන්නවා. එයාලා විතරයි දන් දෙන්නේ. පිටස්තර උදවිය සහභාගී කරවා ගන්නේ නැහැ. ඒ හේතුව නිසා ඒ උදවිය උපනූපන් ආත්මවල භෝග සම්පත් ලබනවා. නමුත් පිරිවර සම්පත් ලබන්නේ නැහැ. තව සමහරු ඉන්නවා. එයාල දන් දෙන්නෙ නැහැ. නමුත් අනිත් අයව දන්දීම සඳහා පොළඹවනවා. ඒ අය උපනූපන් ආත්මවලදී පිරිවර සම්පත් ලබනවා. භෝග සම්පත් ලබන්නේ නැහැ. තව සමහරු ඉන්නවා. තමන් දන්දෙන්නෙත් නැහැ. අනිත් අයට දෙන්න දෙන්නෙත් නැහැ. එතකොට උපනූපන් ආත්මවලදී භෝග සම්පතුත් නැහැ. පරිවාර සම්පතුත් නැහැ. තවත් උදවිය ඉන්නවා. තමාත් දන්දෙනවා. අන් උදවියත් සහභාගී කරගන්නවා. ඒ අය උපනූපන් ආත්මවලදී භෝග සම්පත් ලබනවා. පරිවාර සම්පතුත් ලබනවා.” ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව නුවණැති පුද්ගලයෙකුට අහන්නට ලැබුණා. ඔහු මෙහෙම හිතුවා. ‘අප්පේ….! හරී අසිරිමත් නෙව. මේ කාරණය මං කලින් දැනසිටියේ නැහැ. එතකොට භෝග සම්පත් පිණිසත්, පරිවාර සම්පත් පිණිසත් දන් දිය යුත්තේ ඔය විදිහටයි. මාත් එවැනි දානයක් පූජා කරගන්නට ඕන.’ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් දානයට ඇරයුම් කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ දානය පිළි ගන්නා සේක්වා!” “පින්වත, කී නමකට දානය සූදානම් කරන්න පුළුවන්ද?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන සියලු භික්ෂූන් වහන්සේලාට මං දානය දෙන්න කැමතියි.” භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගත්තා. එතකොට මේ තරුණයා හනික ගමට දිව්වා. ගෙයක් ගානෙ ගියා. “අම්මේ… තාත්තේ…. අයියේ…. අක්කේ… මං හෙට බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂුසංඝයාට දානයට ඇරයුම් කළා. පුළුපුළුවන් විදිහට මට උදව් කරන්න. හාල් පොල් එළවළු ආදිය මට සකසා දෙන්න. අපි එක තැනක දානය හදලා පිළිගන්වමු.” මෙහෙම කිය කිය ඇවිදගෙන ගියා. ඉතින් මේ තරුණයා එක්තරා සිටුවරයෙකුගේ වෙළඳසැළකට ඇතුළු වුණා. මේ කාරණය කිව්වා. සිටුවරයා කල්පනා කළා, ‘හනේ… යසයි! මේකා තමුන්නේ තරමට එපායැ භික්ෂූන් වහන්සේලා වඩම්මාගන්න. මුළු ගමම හවුල්කරගන්න නෙව වටේ දුවන්නේ…’ කියලා. මෙහෙම හිතලා මේ සිටුවරයා ඇඟිලි තුන එකතු කොට ස්වල්පය බැගින් මුං ඇට දුන්නා. මෑ ටිකකුත් දුන්නා. ඉතින් මේ තරුණයා ඉතාම ගෞරවයෙන් එය අරගෙන ගියා. සිටුවරයා ‘හක හක’ ගාලා හිනහවෙන්න පටන්ගත්තා. වෙළඳසැළට ආපු මිනිස්සුන්ට තමන්ගේ ඇඟිලි තුන පෙන්නුවා. “හික්… හික්… මේ බලාපන්…. මේ ඇඟිලි තුන එක්කාසු කළ විට බළලාගේ කකුල වගේ. මෙන්න මේ වගේ මම අරකාට චූට්ට චූට්ට දුන්නේ…. ගිතෙල් මී පැණි වුණත් මං ඕකාට දුන්නේ මේ හැන්දේ යාන්තං තැවරෙන චුට්ට විතරයි. හික්.. හික්… හික්…” එදා සිට මේ සිටුවරයාට නම වැටුණා ‘බිළාලපාදක සෙට්ඨි’ කියලා. බළල් කකුලේ සිටුතුමා යනු ඒ නමේ තේරුමයි. මේ සිටුවරයා හරී ආඩම්බරකාරයි. ඒ නිසා සේවකයෙකු ඇමතුවා. “ඒයි! මෙහෙ වරෙන්… ගිහින් බලාපන් අරකා මං දීපු දේවල්වලට මොකක් කරනවාද කියා….” ඉතින් ඒ පුද්ගලයා ඔහුගේ පස්සෙන් ගියා. අර තරුණයා කිසි කලබලයක් නැතුව ඒවා අරන් ගිහින් වෙන වෙනම තිබ්බා. දානය පිළියෙල කරද්දි ‘සිටුවරයා දුන් මේ මුං ඇට, මෑ ඇට, තෙල් ආදියෙන් මහත්ඵල ලැබේවා’ කියා දානයට එක්කළා. එතකොට මේ කාරණය සිටුවරයාට අහන්න ලැබුණා. “හෝ…. එහෙමද? හැබැයි මේකා සෙනඟ මැද්දේ කියාවිද දන්නෙ නැහැ මං මේ විදිහටයි දුන්නේ කියලා….? එහෙම වුණොත් මං මේකාව මරණවා….!” කියලා පසුවදා පිහියකුත් ඉණේ ගසාගෙන දාන ශාලාවට ගියා. අර නුවණැති තරුණයා බොහෝ පිරිස සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. හඬ නගා මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං මේ දානය පූජා කළේ මහාජනයා සහභාගී කරවාගෙනයි. තම තමන්ගේ ශක්තිපමණින් ස්වල්ප වූත්, බොහෝ වූත් දේ ඒ සියළු දෙනා මහත් ශ්‍රද්ධාවෙන් මට ලබා දුන්නා. ඒ හැමෝටම මේ රැස් කළ පින මහාඵල ලැබදේවා!” එතකොට සිටුවරයාට මෙහෙම හිතුණා. “අයියෝ…! මං දුන්නේ මේ ඇඟිලි තුඩු වලින් නෙව. නමුත් හාල් පොල් ගෝනි ගණන් දීපු අයටත්, මටත් සමසේ පින් දුන්නා… මෙවැනි පුද්ගලයෙකුව මරන්නද මං මේ ආවේ. මං සමාව නොගත්තොත් මට දෙවියෝ අච්චු කරාවි.” ඉතින් මේ සිටුවරයා එවෙලේම පිරිස මැද්දෙන් අර තරුණයා ළඟට ගියා. ගිහින් ඔහු පාමුල වැඳවැටුණා. “අනේ පුතේ… මට සමාවෙයන්…” “සි… සිටුතුමනි, ඇ… ඇයි මගෙන් සමාව ඉල්ලන්නේ…? ඔබතුමා වරදක් කළේ නෑනේ… ඔබතුමා මේ දානයේ කොටස්කාරයෙක්නේ….” එතකොට සිටුවරයා සියලු දේ නොසඟවා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීමට හොඳින් සවන් දුන්නා. බුදුන් ප්රමුඛ සංඝයාට දානය දීමේදී ඉතා ස්වල්පයක් දුන්නත් ඒක හෑල්ලුවට ගන්න එපා කිව්වා. එය ටිකක් වුණත් විපාක දෙන්නෙ නෑ කියල හිතන්න එපා කිව්වා. ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව දේශනා කළා. *මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මන්තං ආගමිස්සති* *උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති* *පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං* *එපා අවමන් කරන්නට නම් – ඉතා සුළු පිනකි යි කියා* *ඉතා සුළු දෙය තමා වෙත යළි – එන එකක් නම් නැහැ කියා* *තැබූ විට හිස් කළය එළියේ – පිරෙන ලෙස වැහි බිඳු බැගින්* *ටිකෙන් ටික රැස් කරන පිනෙනුත් – පිරෙයි නුවණැත්තා පිනෙන්* පින්වතුනේ, පින්වත් දරුවනේ, දැක්කා නේද? බිළාලපාදක සිටුවරයාට ලැබුණු උපදේශය. මුල ඉඳලාම ඔහුට පින ගැන වගක් තිබුණෙ නැහැ. බේරෙන්න බැරි තැනයි ඇඟිලි තුනෙන් දුන්නේ. නමුත් ඒවා ලැබුණේ කාටද? ඒවා වැළඳුවේ කවුද? බුදුරජාණන් වහන්සේ උදෙසාත්, භික්ෂු සංඝයා උදෙසාත් නේද? සාරවත් කුඹුරකට වී ඇටයක් නිකං වීසි කළත් පැළවෙනවා. කරල් මතුවෙනවා. එයට හේතුව කුඹුරේ ඇති සාරවත් බවයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්, භික්ෂු සංඝයාගේ නාමයෙන් අද වුණත් යමක් පූජා කරගත්තොත් පිනේ අඩුවක් වෙන්නේ නැහැ. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ🙏🏻 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom