Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🌿🌹🌿 භවාංග චිත්තය හෙවත් ප්‍රභාස්වර සිත...🌿🌹🌿
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භවාංග චිත්තය හෙවත් ප්‍රභාස්වර සිත...

සත්ත්වයකු භවයේ ප්‍රථම කොට උපදනා කල්හි ඔහුගේ අතීත භවයේ මරණාසන්න චිත්තයන්ට අරමුණු ඒ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුන අතුරෙන් එක් දෙයක් අරමුණු කොට භවයේ පළමු වන සිත අතීත කර්මයක විපාක වශයෙන් උපදී. ඒ පළමු වන සිත ඉපදීමෙන් සත්ත්වයා උපන්නේය යි ද අභිනව භවයට පැමිණියේ යයි ද කියනු ලැබේ. අභිනව භවයෙහි පළමු කොට උපදනා ඒ සිත අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කරන්නක් වැනි බැවින් එයට ප්රතිසන්ධි චිත්තය යන නම කියනු ලැබේ.

චිත්තයාගේ ආයුෂය ඉතා කෙටි බැවින් එය සැණෙකින් බිඳෙන්නේ ය. එක පිට එක පිහිටි වස්තු සමූහයක යටි දෙය ඇද ගතහොත් එය මත තිබෙන දෙය එතැනට වහා පැමිණෙන්නාක් මෙන් ප්රතිසන්ධි සිත නිරුද්ධ වනු සමග ම චිත්ත පරම්පරාවේ අතරක් නො දැනෙන ලෙස ඒ ප්රතිසන්ධි චිත්තයෙන් ගත් අරමුණ ම ගෙන ප්රතිසන්ධි චිත්තය හා සර්වාකාරයෙන් සමාන වූ සිතක් ඉපදීම් වශයෙන් එතැනට පැමිණේ. එය නිරුද්ධ වනු සමග ම ඒ ජාතියේ ම තවත් සිතක් එතැනට පැමිණේ. මෙසේ ඒ සිත් පරම්පරාව අන් සිතක් උපදනා සෑම අවස්ථාවකදී ම පවත්නේ ය. භවය යනු ද සත්ත්වයා යනු ද පුද්ගලයා යනු ද එසේ එකින් එකට පෙර පසුවී උපදනා නාමරූප ධර්ම පරම්පරාවන්ට කියන නාමයෝ ය. ඒ නාමරූප ධර්ම පරම්පරාවන් ගේ නො සිඳී පැවැත්වීමට ප්රතිසන්ධි චිත්තයෙන් පටන් ගත් ඒ චිත්ත පරම්පරාව අතිශයින් උපකාර වන බැවින් එයට භවාංග යන නම ව්‍යවහාර කරනු ලැබේ. අංග යනු අර්ථ කීපයක වැටෙන නාමයකි. භවාංග යන තන්හි අංග යන වචනය වැටෙන්නේ “හේතුව” යන අර්ථයෙහි ය. “භවාංග” චිත්ත යන වචනයේ තේරුම භවයාගේ පැවැත්මට ඉවහල් වන සිත ය යනුයි. රූපාදි නානාරම්මණයන් ගන්නා වූ ද, නා නා ක්‍රියාවන් සිදු කරන්නා වූ ද, ආගන්තුක චිත්ත පරම්පරාවෝ භවාංග චිත්ත පරම්පරාවෙන් ම නැඟ එන්නෝ ය. අන් කරුණක් පිළිබඳ වූ සිත් නූපදනා සෑම අවස්ථාවේ ම භවාංග චිත්ත පරම්පරාව නො සිඳී පවතී. ඒ භවාංග චිත්තයට මූල චිත්තය යි ද ප්‍රකෘති චිත්තය යි ද කියනු ලැබේ. නොයෙක් කරුණු පිළිබඳ ව උපදනා වීථි චිත්තයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් එයට මනෝද්වාරය යි ද කියනු ලැබේ.

බුදුන් වහන්සේ විසින් “පභස්සරමිදං භික්ඛවෙ චිත්තං” යි සිත පැහැපත් දෙයකැයි වදාළේ ද මේ භවාංග චිත්තය ගැන ය. එහි පැහැපත් බව නම් පරිශුද්ධත්වය යි. ඒ පරිශුද්ධත්වය ඔපයක් වැනි ය. සමීපයේ ඇති දේවල ඡායා තමන් තුළට ගන්නා බව ඔපයේ ස්වභාවය ය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේ ය. රූප ශබ්දාදි සකලාරම්මණයන්ගේ ම ඡායා භවාංග චිත්තයෙහි ස්පර්ශ වන්නේ ය. ඒ අරමුණු චක්ෂුරාදියෙහි සැපුණේ වී නමුත් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තයෙහි නො සැපුනේ නම් දැකීම් ඇසීම් ආදි වශයෙන් පහළ වන සිත් පහළ නොවේ. සිත් පහළ වනුයේ භවාංග චිත්තයෙහි අරමුණු ගැටීමෙන් ය. භවාංග චිත්තයෙහි අරමුණු ගැටීම පඤ්චද්වාරානුසාරයෙන් ද වේ. පඤ්චද්වාර සම්බන්ධයක් නැතිව ද වේ. යම් කිසි අරමුනක් භවාංග චිත්තය නමැති ඔපයෙහි නො සැපුණ හොත් එතෙක් ඒ පුද්ගලයාගේ සන්තානයෙහි භවාංග සිත් ම මිස අනෙකක් පිළිබඳ සිතක් නූපදී. නිදන අවස්ථාව සත්ත්වයන් තුළ භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවෙකි. එහෙත් සිහින දැකීම වනුයේ භවාංගයෙහි අරමුණු ගැටී වීථි සිත් පහළ වීමෙනි.

සාමාන්‍යයෙන් සෑම භවාංග සිතක ම ආරම්මණ ඡායාවන් වැටීමට සුදුසු වන පැහැපත් බවක් ආලෝකවත් බවක් ඇත ද, ඒවායේ වෙනස්කම් නැත්තේ නො වේ. සෑම මැණිකක ම පැහැපත් බවක් ඇත ද ඒවායේ හොඳ නරකකම්වල සැටියට පැහැපත් බැව්හි අඩු වැඩි කම් ඇතුවාක් මෙන් භවාංග සිත්වල සැටි සැටියට ඒවායේ පැහැපත් බැව්හි අඩු වැඩි කම් ඇත්තේ ය. යමක පැහැපත් බව ඔපය යම් පමණකට වැඩි නම් එපමණට සියුම් සියුම් දේවල ඡායා ද එහි පහළ වී පෙනීම ද අඩු වේ. එමෙන් භවාංග චිත්තයාගේ පැහැපත් බව ආලෝකවත් බව යම් පමණකට වැඩි නම් ඒ ඒ පමණට සියුම් වූ ද ගැඹුරු වූ ද අරමුණු භවාංග චිත්තයේ සැපේ. යම් යම් පමණට ඒ පැහැපත් බව අඩු වී නම් ඒ ඒ තරමට සියුම් සියුම් වූ අරමුණුවල එහි ගැටීම අඩු වේ. සත්ත්වයන්ගේ දැනීම පිළිබඳ අඩු වැඩි කම් වනුයේ භවාංග චිත්තයාගේ ශුද්ධාසුද්ධත්වයේ ප්‍රමාණයට ය. ශුද්ධ වූ ඇසට ඉතා කුඩා වස්තූන් ගේ ද, දුර තිබෙන වස්තූන්ගේ ද ඡායා වැටේ. එබැවින් ශුද්ධ ඇස් ඇතියහුට ඉතා කුඩා වස්තු හා දුර තිබෙන වස්තු ද පෙනේ. එමෙන් සුපරිශුද්ධ වූ භවාංග චිත්තයෙහි සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු ගැටෙන නිසා සුපරිශුද්ධ භවාංගයට සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු හසු වන නිසා සුපරිශුද්ධ භවාංග චිත්තය ඇති පුද්ගලයාට සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු අරමුණු කරන්නා වූ සිත් පහළ වේ. එබැවින් ඔහුට සෙස්සන්ට දැන ගත නො හෙන සියුම් වූ ගැඹුරු වූ කරුණු දත හැකි වේ. ලෝකයෙහි නුවණැති අයය, ඉගෙනීමේ සමත් අයය, සිතීමේ විමසීමේ කල්පනා කිරීමේ සමත් අයයයි කියනුයේ සුපරිශුද්ධ භවාංග චිත්තය ඇතියවුන්ට ය.

වාතයෙන් හෝ පිතෙන් හෝ සෙමෙන් හෝ ලෙයින් හෝ බොර වූ ඇසෙහි සියුම් වූ ද දුර තිබෙන්නා වූ ද වස්තූන් ගේ ඡායා නො වැටෙන බැවින් එබඳු ඇස් ඇති තැනැත්තාට සියුම් වූ වස්තු හා දුර තිබෙන වස්තු නො පෙනේ. එමෙන් පිරිසිදු බව මඳ වූ දුබල වූ අඳුරු වූ භවාංග චිත්තයෙහි සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු නො සැපෙන බැවින් එබඳු භවාංග චිත්තයට සියුම් වූ ගැඹුරු වූ කරුණු නො හසු වන බැවින් අපරිශුද්ධ භවාංග චිත්තය ඇතියන්ගේ සන්තානයන්හි සියුම් වූ ගැඹුරු වූ කරුණු අරමුණු කරන්නා වූ සිත් නූපදී. එබැවින් එබඳු පුද්ගලයන්ට දුරවබෝධ වූ ගැඹුරු වූ කරුණු නො දැනේ. අනුන් කියනු ඇසුයේ ද අවබෝධ නො වේ. පොතපත කියවූයේ ද ඒවායේ දැක්වෙන ගැඹුරු කරුණු අවබෝධ නො වේ. ලෝකයෙහි මෝඩයෝ ය, උගෙනීමට කල්පනා කිරීමට අසමත්තු යයි කියනුයේ පැහැපත් බව, පිරිසිදු බව මඳ වූ භවාංග චිත්තය ඇතියවුන්ට ය.

භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක් සත්ත්වයකු හට එක් ජාතියකදී ඇති වන්නේ එක ම වර්ගයේ භවාංග සිත් ය. උත්පත්තියෙන් අඳුරු වූ දුබල වූ භවාංග චිත්තයක් ලැබූ, ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයකු පසු කාලයේ දී යම්කිසි උපක්‍රමයකින් ආලෝකවත් භවාංග සන්තානයක් ඇතියකු නො කළ හැකි ය. උත්පත්තියෙන් ම හිමි වූ මෝඩ කම මහලු වුවත් එසේ ම පවතින්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් :

“යාවජීවම්පි චෙ බාලො - පණ්ඩිතං පයිරුපාසති

න සො ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා”

යනු වදාලේ ද එහෙයිනි. “කොතෙක් කල් හැඳි ගෑවත් ගෙවී යනු මිස සැන්ද ව්‍යඤ්ජන රසය දැන ගැනීමට නො සමත් වන්නාක් මෙන් බාලයා දිවි ඇති තාක් පණ්ඩිතයක් ඇසුරු කළේ ද ධර්මය නොම දැන ගන්නේය.” යනු එහි තේරුමයි.

කර්මය ද සිත පිළිබඳ පවත්නක් බැවින් සිත සේ ම විචිත්‍රය. භවාංග චිත්තයා ගේ නානත්වය සිදු කරන්නේ කර්මය ය. මුහුණ නිසා කැඩපතේ පහළ වන ඡායාව මුහුණට අනුව ස්වභාවය නො ඉක්මවා පහළ වන්නාක් මෙන් කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්ම ස්වභාවය නො ඉක්මවා කර්මයට අනුව උපදී. එබැවින් කර්මනානත්වයෙන් භවාංග චිත්තයාගේ නානත්වය වේ.

කර්මය කුශලාකුශල වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් අකුශල කර්මය ලෝභ ද්වේෂ මෝහාදි කෘෂ්ණ ධර්මයන්ගෙන් ක්ලිෂ්ට ය. අඳුරු ය. අකුශල කර්මය කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළ වන්නා වූ භවාංග ද සියුම් අරමුණු, ගැඹුරු අරමුණු ගැනීමට අපොහොසත් අඳුරු භවාංගයක් වෙයි. තිරිසනුන්ට ඇත්තේ අකුශල කර්මයෙන් ජනිත භවාංග සන්තානයෙකි. එබැවින් ඔවුහු මිනිසුන් දැන ගන්නා වූ, මිනිසුන්ට දත හැකි වූ කරුණු දැන ගැනීමට නො සමත් වෙති. තිරිසනුන් පමණක් නොව සතර අපායට ම අයත් සත්ත්වයෝ අකුශල විපාක භවාංග ඇත්තෝ ය. කුශලය ද ඥානසම්ප්‍රයුක්ත කුශලය ඥාන විප්‍රයුත්ත කුශලයයි දෙවැදෑරුම් වේ. හීන වූ ඥානවිප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ ඥානවිප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. එය චිත්තාංග වශයෙන් අකුශල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. මිනිස් ලොව උත්පත්තියෙන් ම අන්ධ වූ ද, බිහිරි වූ ද, ගොළු වූ ද, නපුංසක වූ ද, තවත් එබඳු දුබල කම් ඇත්තා වූ ද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥානවිප්‍රයුක්ත කුශලයෙන් උපදවන අහේතුක භවාංගය ය. එය තිරිසනුන්ගේ භවාංගයට වඩා මඳක් උසස් ය. උත්කෘෂ්ට ඥානවිප්‍රයුක්ත කුශලයෙන් හා හීන ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥානවිප්‍රයුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සන්තානයන්හි ඇත්තේ ඒ ඥානවිප්‍රයුක්ත භවාංගය ය. උත්කෘෂ්ට ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥානසම්ප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානයෙහි ස්කන්ධ ධාත්වායතන ඉන්ද්රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාදාදි ධර්ම දැන ගන්නා වූ ද ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දැනගන්නා වූ ද සිත් වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහු ම ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නො සමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේ දී ම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකු ම විය යුතුය යි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි.

අපගේ සන්තානවල නිතර භවාංග චිත්තය ඇති වන නමුත් ඒ බව අපට නො දැනෙන්නේ එය ම මනෝද්වාරය වූ බැවිනි. එය ඇසට අනෙකක් පෙනෙනවා මිස ඒ ඇස ම නො පෙනීම මෙන් තේරුම් ගත යුතුය. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මේ භවාංග චිත්තය අති ගම්භීර ධර්මයකි.

අතිපූජනීය

රේරුකානේ චන්දවිමල

මහා ස්ථවිරයන් වහන්සේ.

- අභිධර්මයේ මූලික කරුණු -

[QUOTE="asliyanage, post: 29299205, member: 8764"] 🌿🌹🌿 භවාංග චිත්තය හෙවත් ප්‍රභාස්වර සිත...🌿🌹🌿 සත්ත්වයකු භවයේ ප්‍රථම කොට උපදනා කල්හි ඔහුගේ අතීත භවයේ මරණාසන්න චිත්තයන්ට අරමුණු ඒ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුන අතුරෙන් එක් දෙයක් අරමුණු කොට භවයේ පළමු වන සිත අතීත කර්මයක විපාක වශයෙන් උපදී. ඒ පළමු වන සිත ඉපදීමෙන් සත්ත්වයා උපන්නේය යි ද අභිනව භවයට පැමිණියේ යයි ද කියනු ලැබේ. අභිනව භවයෙහි පළමු කොට උපදනා ඒ සිත අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කරන්නක් වැනි බැවින් එයට ප්රතිසන්ධි චිත්තය යන නම කියනු ලැබේ. චිත්තයාගේ ආයුෂය ඉතා කෙටි බැවින් එය සැණෙකින් බිඳෙන්නේ ය. එක පිට එක පිහිටි වස්තු සමූහයක යටි දෙය ඇද ගතහොත් එය මත තිබෙන දෙය එතැනට වහා පැමිණෙන්නාක් මෙන් ප්රතිසන්ධි සිත නිරුද්ධ වනු සමග ම චිත්ත පරම්පරාවේ අතරක් නො දැනෙන ලෙස ඒ ප්රතිසන්ධි චිත්තයෙන් ගත් අරමුණ ම ගෙන ප්රතිසන්ධි චිත්තය හා සර්වාකාරයෙන් සමාන වූ සිතක් ඉපදීම් වශයෙන් එතැනට පැමිණේ. එය නිරුද්ධ වනු සමග ම ඒ ජාතියේ ම තවත් සිතක් එතැනට පැමිණේ. මෙසේ ඒ සිත් පරම්පරාව අන් සිතක් උපදනා සෑම අවස්ථාවකදී ම පවත්නේ ය. භවය යනු ද සත්ත්වයා යනු ද පුද්ගලයා යනු ද එසේ එකින් එකට පෙර පසුවී උපදනා නාමරූප ධර්ම පරම්පරාවන්ට කියන නාමයෝ ය. ඒ නාමරූප ධර්ම පරම්පරාවන් ගේ නො සිඳී පැවැත්වීමට ප්රතිසන්ධි චිත්තයෙන් පටන් ගත් ඒ චිත්ත පරම්පරාව අතිශයින් උපකාර වන බැවින් එයට භවාංග යන නම ව්‍යවහාර කරනු ලැබේ. අංග යනු අර්ථ කීපයක වැටෙන නාමයකි. භවාංග යන තන්හි අංග යන වචනය වැටෙන්නේ “හේතුව” යන අර්ථයෙහි ය. “භවාංග” චිත්ත යන වචනයේ තේරුම භවයාගේ පැවැත්මට ඉවහල් වන සිත ය යනුයි. රූපාදි නානාරම්මණයන් ගන්නා වූ ද, නා නා ක්‍රියාවන් සිදු කරන්නා වූ ද, ආගන්තුක චිත්ත පරම්පරාවෝ භවාංග චිත්ත පරම්පරාවෙන් ම නැඟ එන්නෝ ය. අන් කරුණක් පිළිබඳ වූ සිත් නූපදනා සෑම අවස්ථාවේ ම භවාංග චිත්ත පරම්පරාව නො සිඳී පවතී. ඒ භවාංග චිත්තයට මූල චිත්තය යි ද ප්‍රකෘති චිත්තය යි ද කියනු ලැබේ. නොයෙක් කරුණු පිළිබඳ ව උපදනා වීථි චිත්තයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් එයට මනෝද්වාරය යි ද කියනු ලැබේ. බුදුන් වහන්සේ විසින් “පභස්සරමිදං භික්ඛවෙ චිත්තං” යි සිත පැහැපත් දෙයකැයි වදාළේ ද මේ භවාංග චිත්තය ගැන ය. එහි පැහැපත් බව නම් පරිශුද්ධත්වය යි. ඒ පරිශුද්ධත්වය ඔපයක් වැනි ය. සමීපයේ ඇති දේවල ඡායා තමන් තුළට ගන්නා බව ඔපයේ ස්වභාවය ය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේ ය. රූප ශබ්දාදි සකලාරම්මණයන්ගේ ම ඡායා භවාංග චිත්තයෙහි ස්පර්ශ වන්නේ ය. ඒ අරමුණු චක්ෂුරාදියෙහි සැපුණේ වී නමුත් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තයෙහි නො සැපුනේ නම් දැකීම් ඇසීම් ආදි වශයෙන් පහළ වන සිත් පහළ නොවේ. සිත් පහළ වනුයේ භවාංග චිත්තයෙහි අරමුණු ගැටීමෙන් ය. භවාංග චිත්තයෙහි අරමුණු ගැටීම පඤ්චද්වාරානුසාරයෙන් ද වේ. පඤ්චද්වාර සම්බන්ධයක් නැතිව ද වේ. යම් කිසි අරමුනක් භවාංග චිත්තය නමැති ඔපයෙහි නො සැපුණ හොත් එතෙක් ඒ පුද්ගලයාගේ සන්තානයෙහි භවාංග සිත් ම මිස අනෙකක් පිළිබඳ සිතක් නූපදී. නිදන අවස්ථාව සත්ත්වයන් තුළ භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවෙකි. එහෙත් සිහින දැකීම වනුයේ භවාංගයෙහි අරමුණු ගැටී වීථි සිත් පහළ වීමෙනි. සාමාන්‍යයෙන් සෑම භවාංග සිතක ම ආරම්මණ ඡායාවන් වැටීමට සුදුසු වන පැහැපත් බවක් ආලෝකවත් බවක් ඇත ද, ඒවායේ වෙනස්කම් නැත්තේ නො වේ. සෑම මැණිකක ම පැහැපත් බවක් ඇත ද ඒවායේ හොඳ නරකකම්වල සැටියට පැහැපත් බැව්හි අඩු වැඩි කම් ඇතුවාක් මෙන් භවාංග සිත්වල සැටි සැටියට ඒවායේ පැහැපත් බැව්හි අඩු වැඩි කම් ඇත්තේ ය. යමක පැහැපත් බව ඔපය යම් පමණකට වැඩි නම් එපමණට සියුම් සියුම් දේවල ඡායා ද එහි පහළ වී පෙනීම ද අඩු වේ. එමෙන් භවාංග චිත්තයාගේ පැහැපත් බව ආලෝකවත් බව යම් පමණකට වැඩි නම් ඒ ඒ පමණට සියුම් වූ ද ගැඹුරු වූ ද අරමුණු භවාංග චිත්තයේ සැපේ. යම් යම් පමණට ඒ පැහැපත් බව අඩු වී නම් ඒ ඒ තරමට සියුම් සියුම් වූ අරමුණුවල එහි ගැටීම අඩු වේ. සත්ත්වයන්ගේ දැනීම පිළිබඳ අඩු වැඩි කම් වනුයේ භවාංග චිත්තයාගේ ශුද්ධාසුද්ධත්වයේ ප්‍රමාණයට ය. ශුද්ධ වූ ඇසට ඉතා කුඩා වස්තූන් ගේ ද, දුර තිබෙන වස්තූන්ගේ ද ඡායා වැටේ. එබැවින් ශුද්ධ ඇස් ඇතියහුට ඉතා කුඩා වස්තු හා දුර තිබෙන වස්තු ද පෙනේ. එමෙන් සුපරිශුද්ධ වූ භවාංග චිත්තයෙහි සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු ගැටෙන නිසා සුපරිශුද්ධ භවාංගයට සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු හසු වන නිසා සුපරිශුද්ධ භවාංග චිත්තය ඇති පුද්ගලයාට සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු අරමුණු කරන්නා වූ සිත් පහළ වේ. එබැවින් ඔහුට සෙස්සන්ට දැන ගත නො හෙන සියුම් වූ ගැඹුරු වූ කරුණු දත හැකි වේ. ලෝකයෙහි නුවණැති අයය, ඉගෙනීමේ සමත් අයය, සිතීමේ විමසීමේ කල්පනා කිරීමේ සමත් අයයයි කියනුයේ සුපරිශුද්ධ භවාංග චිත්තය ඇතියවුන්ට ය. වාතයෙන් හෝ පිතෙන් හෝ සෙමෙන් හෝ ලෙයින් හෝ බොර වූ ඇසෙහි සියුම් වූ ද දුර තිබෙන්නා වූ ද වස්තූන් ගේ ඡායා නො වැටෙන බැවින් එබඳු ඇස් ඇති තැනැත්තාට සියුම් වූ වස්තු හා දුර තිබෙන වස්තු නො පෙනේ. එමෙන් පිරිසිදු බව මඳ වූ දුබල වූ අඳුරු වූ භවාංග චිත්තයෙහි සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු නො සැපෙන බැවින් එබඳු භවාංග චිත්තයට සියුම් වූ ගැඹුරු වූ කරුණු නො හසු වන බැවින් අපරිශුද්ධ භවාංග චිත්තය ඇතියන්ගේ සන්තානයන්හි සියුම් වූ ගැඹුරු වූ කරුණු අරමුණු කරන්නා වූ සිත් නූපදී. එබැවින් එබඳු පුද්ගලයන්ට දුරවබෝධ වූ ගැඹුරු වූ කරුණු නො දැනේ. අනුන් කියනු ඇසුයේ ද අවබෝධ නො වේ. පොතපත කියවූයේ ද ඒවායේ දැක්වෙන ගැඹුරු කරුණු අවබෝධ නො වේ. ලෝකයෙහි මෝඩයෝ ය, උගෙනීමට කල්පනා කිරීමට අසමත්තු යයි කියනුයේ පැහැපත් බව, පිරිසිදු බව මඳ වූ භවාංග චිත්තය ඇතියවුන්ට ය. භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක් සත්ත්වයකු හට එක් ජාතියකදී ඇති වන්නේ එක ම වර්ගයේ භවාංග සිත් ය. උත්පත්තියෙන් අඳුරු වූ දුබල වූ භවාංග චිත්තයක් ලැබූ, ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයකු පසු කාලයේ දී යම්කිසි උපක්‍රමයකින් ආලෝකවත් භවාංග සන්තානයක් ඇතියකු නො කළ හැකි ය. උත්පත්තියෙන් ම හිමි වූ මෝඩ කම මහලු වුවත් එසේ ම පවතින්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් : “යාවජීවම්පි චෙ බාලො - පණ්ඩිතං පයිරුපාසති න සො ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා” යනු වදාලේ ද එහෙයිනි. “කොතෙක් කල් හැඳි ගෑවත් ගෙවී යනු මිස සැන්ද ව්‍යඤ්ජන රසය දැන ගැනීමට නො සමත් වන්නාක් මෙන් බාලයා දිවි ඇති තාක් පණ්ඩිතයක් ඇසුරු කළේ ද ධර්මය නොම දැන ගන්නේය.” යනු එහි තේරුමයි. කර්මය ද සිත පිළිබඳ පවත්නක් බැවින් සිත සේ ම විචිත්‍රය. භවාංග චිත්තයා ගේ නානත්වය සිදු කරන්නේ කර්මය ය. මුහුණ නිසා කැඩපතේ පහළ වන ඡායාව මුහුණට අනුව ස්වභාවය නො ඉක්මවා පහළ වන්නාක් මෙන් කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්ම ස්වභාවය නො ඉක්මවා කර්මයට අනුව උපදී. එබැවින් කර්මනානත්වයෙන් භවාංග චිත්තයාගේ නානත්වය වේ. කර්මය කුශලාකුශල වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් අකුශල කර්මය ලෝභ ද්වේෂ මෝහාදි කෘෂ්ණ ධර්මයන්ගෙන් ක්ලිෂ්ට ය. අඳුරු ය. අකුශල කර්මය කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළ වන්නා වූ භවාංග ද සියුම් අරමුණු, ගැඹුරු අරමුණු ගැනීමට අපොහොසත් අඳුරු භවාංගයක් වෙයි. තිරිසනුන්ට ඇත්තේ අකුශල කර්මයෙන් ජනිත භවාංග සන්තානයෙකි. එබැවින් ඔවුහු මිනිසුන් දැන ගන්නා වූ, මිනිසුන්ට දත හැකි වූ කරුණු දැන ගැනීමට නො සමත් වෙති. තිරිසනුන් පමණක් නොව සතර අපායට ම අයත් සත්ත්වයෝ අකුශල විපාක භවාංග ඇත්තෝ ය. කුශලය ද ඥානසම්ප්‍රයුක්ත කුශලය ඥාන විප්‍රයුත්ත කුශලයයි දෙවැදෑරුම් වේ. හීන වූ ඥානවිප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ ඥානවිප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. එය චිත්තාංග වශයෙන් අකුශල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. මිනිස් ලොව උත්පත්තියෙන් ම අන්ධ වූ ද, බිහිරි වූ ද, ගොළු වූ ද, නපුංසක වූ ද, තවත් එබඳු දුබල කම් ඇත්තා වූ ද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥානවිප්‍රයුක්ත කුශලයෙන් උපදවන අහේතුක භවාංගය ය. එය තිරිසනුන්ගේ භවාංගයට වඩා මඳක් උසස් ය. උත්කෘෂ්ට ඥානවිප්‍රයුක්ත කුශලයෙන් හා හීන ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥානවිප්‍රයුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සන්තානයන්හි ඇත්තේ ඒ ඥානවිප්‍රයුක්ත භවාංගය ය. උත්කෘෂ්ට ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥානසම්ප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානයෙහි ස්කන්ධ ධාත්වායතන ඉන්ද්රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාදාදි ධර්ම දැන ගන්නා වූ ද ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දැනගන්නා වූ ද සිත් වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහු ම ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නො සමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේ දී ම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකු ම විය යුතුය යි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි. අපගේ සන්තානවල නිතර භවාංග චිත්තය ඇති වන නමුත් ඒ බව අපට නො දැනෙන්නේ එය ම මනෝද්වාරය වූ බැවිනි. එය ඇසට අනෙකක් පෙනෙනවා මිස ඒ ඇස ම නො පෙනීම මෙන් තේරුම් ගත යුතුය. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මේ භවාංග චිත්තය අති ගම්භීර ධර්මයකි. අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ. - අභිධර්මයේ මූලික කරුණු - [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom