🎗️ ලෝක ඒඩ්ස් දිනය අදයි (දෙසැම්බර් 01) 🎗️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    world-aids-day-1024x494.jpg


    ඉකුත් 2020 වසරේදී මෙරටින් නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    එමෙන්ම මෙරටින් වාර්තා වන වාර්තාවන ඒඩ්ස් ආසාදිතයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි අය වන අතර අනුපාතයක් ලෙස සැලකීමේ දී පිරිමි 5කට කාන්තාවන් 1 අයෙකු ලෙස දැක්වේ.

    ශ්‍රී ලංකාවවෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවත් පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාවෙන් නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

    2019 වසර තුළ ඒඩ්ස් රෝගීන් ගණන 439ක් වාර්තා වී ඇති අතර, එම වසරට සාපේක්ෂව 2020 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත්තේ කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැනවු සංචරණ සීමා හේතුවෙන් ඒඩ්ස් පරීක්ෂණ අඬාලවීම නිසා බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ලෝක ඒඩ්ස් දිනය අද (01) ට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

    “අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු, වසංගතය පරදවමු.” යන්න මෙවර ඒඩ්ස් දින තේමාව වේ.

    ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සම්ප්‍රේෂණය වන ප්‍රධාන ආකාරය ලෙස අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හඳුනාගෙන ඇති අතර පිරිමි සම ලිංගික සබඳතා පවත්වන්නන් අතර ‘එච්.අයි.වී ඒඩ්ස්’ වාර්තාවීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

    පවතින ප්‍රතිකාර හේතුවෙන් ඒඩ්ස් යනු පාලනය කළ හැකි දිර්ඝ කාලීන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇති අතර, එම ආසාදිතයන්ට ද රෝගය පාලනය කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව පවතී.

    ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී පරීක්ෂණ සහ සත්කාර සේවා රට පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මඟින් සපයනු අතර ස්වයං එච්.අයි.වී පරීක්‍ෂණයන්ද හඳුන්වා දී තිබේ.

    තමන් ආසාදිතයකු ද යන්න පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට www.know4sure.lk ‍වෙබ් පිටුව මඟින් හමුවීමක් වෙන්කර ගත හැකි අතර 070 3633533 / 011 2667163 යන දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර ලබා ගත හැකිය.
    ස්වයං පරීක්ෂණ අවශ්‍ය නම් 071 6379192 යන දුරකථනය අංකය මඟින් තොරතුරු ලබාගත



    Source: lankadeepa.lk