Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ පූජාවේ අනුසස්

බුදුරජාණන් වහන්සේ ප්‍රථම පූජා උපහාරය කරන්නේ බෝධීන් වහන්සේට යි. ලොවුතුරා බුදු වීම සඳහා පිහිට උපනිශ්‍රය වුණ මේ බෝධීන් වහන්සේට ගෞරවය පුද කළ යුතු යි යනුවෙන් උන්වහන්සේ ප්‍රථමයෙන් මහා පූජාවක් දින හතළිස් නවයක් පුරාවටම සිද්ධ කළා. ඉන් අනතුරුව දෙවියෝ ද , බ්‍රහ්මයෝ ද, නාගසුකරණයෝ ද මේ බුද්ධ පූජාව වන්දනාවෙන්, ගෞරවයෙන් සිදු කරන්නට යෙදුණා. එ දවස පටන් මේ බුද්ධ ශාසනය අද දක්වා ම මනුෂ්‍යයෝ , දෙවියෝ, බ්‍රහ්මයෝ අප්‍රමාණ පූජා සත්කාර පවත්වනවා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා. මල්, පහන්, ගිලන්පස , දාන මාන පමණක් නොව වෙහෙර විහාර අති විශාල ධනස්කන්දයක් වැය කරමින් පූජා කරමින් පූජා කරනවා. මැණික්, රත්තරං වැනි වටිනා වස්තු පවා පූජා කරනවා, ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ලාභය අති මහත්. එවැනි මහා උතුමන් වහන්සේ නමකට ඕනෑම කෙනෙක් වන්දනා කරනවා නම්, පූජා සත්කාර කරනවා නම්, එය මෙලොව ජීවිතය සැපවත් කරගෙන, පරලොව සුගතියක වාසය කර නිවන් සම්පත් ලබන්න පුළුවන් පින්කමක්.

මේ ගැන කවුරුත් සිතා කල්පනාවෙන් බහුලව ම බුද්ධ පූජාව කළ යුතු යි. ඇතැමුන් දෙතිස් ව්‍යංජන බුද්ධ පූජාව , ව්‍යංජන දාහක බුද්ධ පූජාව සිදු කරනවා. කැවිලි පෙවිලි, අතුරුපස සීමාවක් නැහැ. මෙවැනි පූජාවන් කරන්නේ කර්ම ඵල විශ්වාස කරගෙන යි. අනේ! අපේ සංසාර ගමන සුවපත් වේවා! සා පිපාසා දී දුකකට කිසිම කලෙක පත් නොවේවා! ඉක්මන් භවයකදී ම දාන පාරමිතාවේ අනුහසින් නිවන් සැප ලැබේවා යන පැතුමෙන් බෞද්ධ ජනතාව මෙවැනි විශාල පින්කම් කරන්නේ. මේවා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් කරන විට, පින වැඩියි. මේ ගැන කල්පනාවෙන් හැම දෙනාම තුනුරුවන් වන්දනා, පූජාව වැඩි දියුණු කර ගන්න. මේවා සැදැහැ සිතින් කරගත් විට, එය සසරට විපාක ලැබෙයි. බුද්ධ පූජා, වන්දනා මාන පින්කම් කර ගැනීම, ඉතා දුර්ලභ කාරණයක්. ලෝකයේ බුදුවරු අඩුයි. සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයට ම බුදුවරු විසි අට නම යි. තව බුද්ධාන්තරයකින් පසුව මෛත්‍රී බුද්ධ ශාසනය යි. ඉන්පසුව ලෝකයේ බුදුවරු පහළ වන කාලයක සටහනක් නැහැ. ඒ නිසා කවුරුත් මරණය දක්වා ම තුනුරුවන්ට සමීපව වැඳුම් පිදුම් සත්කාර කර ගන්න තුªනුරුවන්ගේ ගුණ ම සිහිපත් කර ගන්න. එය හොඳටම ප්‍රමාණවත්. එවිට තමන්ගේ ශීල ආදිය ගුණ ටික වැඩෙනවා. කරුණා, මෛත්‍රී ගුණ වැඩෙනවා, පූජා සත්කාරයන් ද වැඩෙනවා. එවිට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් , කරදරයක් නැතිව තම ජීවිත පෙළ හොඳින් ගෙන යන්නට පුළුවන්. ඉතාම දුර්ලභ අවස්ථාවක් ලොවුතුරා බුද්ධ ශාසනය. ඒ ගැන කල්පනාවෙන් බුදු සසුනෙන් ලබා ගත යුතු දේ තමන් ලබා ගත යුතු යි.

ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්තරා ආත්ම භාවයක සක්විති රජ කෙනෙක් ව සිටියා. මේ රජතුමා අහසින් ගමන් ගනිද්දී එක්තරා ස්ථානයක ඉහළින් යන්නට නොහැකි වුණා. එහිදී පුරෝහිත බ්රාහ්මණතුමා මෙලෙස පැවසුවා. දේවයන් වහන්ස, මේ ස්ථානයට ඉහළින් කාටවත් යන්නට බැහැ. එය ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාගේ නිජ භූමිය යි. එවිට සක්විති රජතුමා, පුරෝහිත බමුණා සමඟින් අහසින් බැස බුද්ධගයා පරිශ්‍රයට පැමිණ වටපිටාව පවිත්‍ර කර, ගෞරවය පුද කර, ළඟ පාත සිටින ඇත්තෝ සවස් කාලයේ හැකිතාක් මල් ගෙන එන්නැ’යි අඬ බෙර යවා ප්‍රකාශයක් සිදු කළා. මෙහි දී කවුරුත් මලින් පිරී ගිය කරත්ත හැටදාහක් පමණ ගෙනවිත් බුද්ධ ගයා භූමියේ අලංකාරවත් අසිරිමත් පූජාවක් සිදු කළා. ඒ පින හේතු කරගෙන සක්විති රජතුමා ගෞතම බුද්ධ ශාසනයේ ‘ආනන්ද’ නමින් මහා රහතන් වහන්සේ නමක් වූවා. උන් වහන්සේ ඉහත ආත්ම භවයන් හි සුගතියක වාසයෙන් සකල සම්පත් ලැබුවා. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නොවී සුගතිගාමී වන්නට වාසනා සම්පත්තියක් තිබුණා. අතීත ආත්ම භාවයන්හි මහා පුණ්‍යවන්ත රජවරු වුණා. මේ සෑම සම්පතක් ම ලැබුණේ බුද්ධ පූජාවේ අනුසස් නිස යි.

ඇතැම් දිනවල බුදුන් වහන්සේ වඳින්න පුදන්න එන මිනිස්සු බුදුන් වහන්සේ බැහැ දැකීමට නොහැකිව කනගාටුවෙන් සිටිනවා. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සැවැත්නුවර ජේතවනාරාමය තුළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඒ දෙස බුදුරජාණන් වහන්සේ මදක් සමවත් සුවයෙන් වැඩ හිඳ පූජනීය ස්ථානයක් වශයෙන් ‘ආනන්ද බෝධිය’ නම් වූවා. බුදුරජාණන් වහන්සේ උදෙසා මිනිසුන් ගෙනෙන මල්, පහන්, ගිලන් පස ආදී පූජාවන් බුදුන් වහන්සේ නොමැති වේලාවට මෙහි ගෙනවිත් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන යි. ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවක් හා සමානයි මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන පූජාව. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ යි මෙහි ප්‍රධාන වන්නේ. එදා බුද්ධ ගයාවේ දී කළ අනුහස බෝධීන් වහන්සේලාට දක්වන ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට පුදුම ගෞරවයක් දැක්වූවේ. ඒ ගැන කල්පනාවෙන් කවුරුත් වැඩියෙන් පින් දහම් කළ යුතු යි. දාන, ශීල, භාවනා පිළිවෙත් කවුරුත් වැඩි කර ගත යුතු යි. එවිට බුද්ධ පූජාවේ අනුහස් සහ සීලා දී ප්‍රතිපත්ති ඇති වූ විට ලැබෙන්නේ විශාල පිනක්.

සංසාරෙවත් කරගන්නට බැරි පූජාවක් වන්නේ බුද්ධ පූජාව යි. ඒ නිසා ඔබ අප සැවොම කෙතරම් කාර්ය බහුල වුණත් , පූජා පින්කම් සිදු කර , මෙලොව යහපත, සසර සුගතිය සඳහා , නිවන් සම්පත් සඳහා කවුරුත් හොඳින් බුද්ධ පූජාව කර ගත යුතු යි. යන එන විට පවා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින්, සූවිසි ගුණ භාවනාව සම්පූර්ණ කළ යුතු යි. අනිවාර්යෙන් පංච සීලය රැකගෙන පින්කම් සිදු කළොත් , එයින් ලැබෙන පින සීමාවක් නැහැ. මේ ගැන නිතර සිතා කල්පනාවෙන් තුනුරුවන්ට කරන ගෞරවය වැඩිකර ගත යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් , කරදරයක් වන්නේ නැහැ, සංසාර ගමන දුගී දුප්පත් වන්නේ නැහැ. බුද්ධ පූජාව ලෞකික සම්පත් ලබාදෙන මහා පූජාවක්. ලෝකෝත්තර වශයෙන් නිවන් පසක් කර ගැනීමට හේතුවන මහා පූජාවක්. මේවා ස ංසාරෙවත් කරගන්න පුළුවන්කමක් නැහැ. සමහරවිට අපට අතීතයේ බුදු සසුනක් ලැබුණාදැයි සිතන්න පුළුවන්කමක් නැහැ.

බුද්ධ ශාසනය ලබා ගත්ත ගිහි ,පැවිදි සැවොම හැකිතාක් පින් දහම් කර ගන්න. සිතම හදා ගන්න. එවිට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් විය හැකි යි. සිත සදාගන්න බැරි වුණොත් කෙතරම් පින් කළත් වැඩක් නැහැ. එසේනම්, සිත හොඳින් කරන පූජාවේ ආනිසංස බිංදු මාත්‍රයක්වත් අඩු වන්නේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවේ පිනෙන් ම හේතු වෙනවා . බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා, බුද්ධ පූජාව පින්කම. බුද්ධ පූජා පින්කම වර්ණනා කළේ, තමන්ගේ ජීවිතවලට අත්‍යඅවශ්‍ය වන නිස යි. එවැනි පින්කම් කරගෙන ටිකෙන් ටික ඉහළට යා යුතු යි. දානයෙන් ශීලය. ශීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාවට යා යුතු යි. මෙවැනි ගුණ ධර්මයන් නිසා ජීවිත හොඳින් බැබළෙනවා. කිසිවකත් අඩුපාඩුවක් නැහැ. හොඳ ජීවිත පෙළක් ලබාගෙන සංසාර සාගරයෙන් එතෙර විය යුතු යි. මේ ගැන කවුරුත් දැන කියාගෙන කියවා තේරුම් ගෙන අන් අයටත් පහදා දී පින්දහම් කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් අවබෝධ වේවා යනුවෙන් කවුරුත් ප්‍රාර්ථනා තබා ගන්න.

කම්මට්ඨානාචාර්යත්රිපිටකාචාර්ය,

ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි.

[QUOTE="asliyanage, post: 31080917, member: 8764"] 🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️ බුදුරජාණන් වහන්සේ ප්‍රථම පූජා උපහාරය කරන්නේ බෝධීන් වහන්සේට යි. ලොවුතුරා බුදු වීම සඳහා පිහිට උපනිශ්‍රය වුණ මේ බෝධීන් වහන්සේට ගෞරවය පුද කළ යුතු යි යනුවෙන් උන්වහන්සේ ප්‍රථමයෙන් මහා පූජාවක් දින හතළිස් නවයක් පුරාවටම සිද්ධ කළා. ඉන් අනතුරුව දෙවියෝ ද , බ්‍රහ්මයෝ ද, නාගසුකරණයෝ ද මේ බුද්ධ පූජාව වන්දනාවෙන්, ගෞරවයෙන් සිදු කරන්නට යෙදුණා. එ දවස පටන් මේ බුද්ධ ශාසනය අද දක්වා ම මනුෂ්‍යයෝ , දෙවියෝ, බ්‍රහ්මයෝ අප්‍රමාණ පූජා සත්කාර පවත්වනවා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා. මල්, පහන්, ගිලන්පස , දාන මාන පමණක් නොව වෙහෙර විහාර අති විශාල ධනස්කන්දයක් වැය කරමින් පූජා කරමින් පූජා කරනවා. මැණික්, රත්තරං වැනි වටිනා වස්තු පවා පූජා කරනවා, ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ලාභය අති මහත්. එවැනි මහා උතුමන් වහන්සේ නමකට ඕනෑම කෙනෙක් වන්දනා කරනවා නම්, පූජා සත්කාර කරනවා නම්, එය මෙලොව ජීවිතය සැපවත් කරගෙන, පරලොව සුගතියක වාසය කර නිවන් සම්පත් ලබන්න පුළුවන් පින්කමක්. මේ ගැන කවුරුත් සිතා කල්පනාවෙන් බහුලව ම බුද්ධ පූජාව කළ යුතු යි. ඇතැමුන් දෙතිස් ව්‍යංජන බුද්ධ පූජාව , ව්‍යංජන දාහක බුද්ධ පූජාව සිදු කරනවා. කැවිලි පෙවිලි, අතුරුපස සීමාවක් නැහැ. මෙවැනි පූජාවන් කරන්නේ කර්ම ඵල විශ්වාස කරගෙන යි. අනේ! අපේ සංසාර ගමන සුවපත් වේවා! සා පිපාසා දී දුකකට කිසිම කලෙක පත් නොවේවා! ඉක්මන් භවයකදී ම දාන පාරමිතාවේ අනුහසින් නිවන් සැප ලැබේවා යන පැතුමෙන් බෞද්ධ ජනතාව මෙවැනි විශාල පින්කම් කරන්නේ. මේවා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් කරන විට, පින වැඩියි. මේ ගැන කල්පනාවෙන් හැම දෙනාම තුනුරුවන් වන්දනා, පූජාව වැඩි දියුණු කර ගන්න. මේවා සැදැහැ සිතින් කරගත් විට, එය සසරට විපාක ලැබෙයි. බුද්ධ පූජා, වන්දනා මාන පින්කම් කර ගැනීම, ඉතා දුර්ලභ කාරණයක්. ලෝකයේ බුදුවරු අඩුයි. සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයට ම බුදුවරු විසි අට නම යි. තව බුද්ධාන්තරයකින් පසුව මෛත්‍රී බුද්ධ ශාසනය යි. ඉන්පසුව ලෝකයේ බුදුවරු පහළ වන කාලයක සටහනක් නැහැ. ඒ නිසා කවුරුත් මරණය දක්වා ම තුනුරුවන්ට සමීපව වැඳුම් පිදුම් සත්කාර කර ගන්න තුªනුරුවන්ගේ ගුණ ම සිහිපත් කර ගන්න. එය හොඳටම ප්‍රමාණවත්. එවිට තමන්ගේ ශීල ආදිය ගුණ ටික වැඩෙනවා. කරුණා, මෛත්‍රී ගුණ වැඩෙනවා, පූජා සත්කාරයන් ද වැඩෙනවා. එවිට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් , කරදරයක් නැතිව තම ජීවිත පෙළ හොඳින් ගෙන යන්නට පුළුවන්. ඉතාම දුර්ලභ අවස්ථාවක් ලොවුතුරා බුද්ධ ශාසනය. ඒ ගැන කල්පනාවෙන් බුදු සසුනෙන් ලබා ගත යුතු දේ තමන් ලබා ගත යුතු යි. ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්තරා ආත්ම භාවයක සක්විති රජ කෙනෙක් ව සිටියා. මේ රජතුමා අහසින් ගමන් ගනිද්දී එක්තරා ස්ථානයක ඉහළින් යන්නට නොහැකි වුණා. එහිදී පුරෝහිත බ්රාහ්මණතුමා මෙලෙස පැවසුවා. දේවයන් වහන්ස, මේ ස්ථානයට ඉහළින් කාටවත් යන්නට බැහැ. එය ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාගේ නිජ භූමිය යි. එවිට සක්විති රජතුමා, පුරෝහිත බමුණා සමඟින් අහසින් බැස බුද්ධගයා පරිශ්‍රයට පැමිණ වටපිටාව පවිත්‍ර කර, ගෞරවය පුද කර, ළඟ පාත සිටින ඇත්තෝ සවස් කාලයේ හැකිතාක් මල් ගෙන එන්නැ’යි අඬ බෙර යවා ප්‍රකාශයක් සිදු කළා. මෙහි දී කවුරුත් මලින් පිරී ගිය කරත්ත හැටදාහක් පමණ ගෙනවිත් බුද්ධ ගයා භූමියේ අලංකාරවත් අසිරිමත් පූජාවක් සිදු කළා. ඒ පින හේතු කරගෙන සක්විති රජතුමා ගෞතම බුද්ධ ශාසනයේ ‘ආනන්ද’ නමින් මහා රහතන් වහන්සේ නමක් වූවා. උන් වහන්සේ ඉහත ආත්ම භවයන් හි සුගතියක වාසයෙන් සකල සම්පත් ලැබුවා. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නොවී සුගතිගාමී වන්නට වාසනා සම්පත්තියක් තිබුණා. අතීත ආත්ම භාවයන්හි මහා පුණ්‍යවන්ත රජවරු වුණා. මේ සෑම සම්පතක් ම ලැබුණේ බුද්ධ පූජාවේ අනුසස් නිස යි. ඇතැම් දිනවල බුදුන් වහන්සේ වඳින්න පුදන්න එන මිනිස්සු බුදුන් වහන්සේ බැහැ දැකීමට නොහැකිව කනගාටුවෙන් සිටිනවා. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සැවැත්නුවර ජේතවනාරාමය තුළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඒ දෙස බුදුරජාණන් වහන්සේ මදක් සමවත් සුවයෙන් වැඩ හිඳ පූජනීය ස්ථානයක් වශයෙන් ‘ආනන්ද බෝධිය’ නම් වූවා. බුදුරජාණන් වහන්සේ උදෙසා මිනිසුන් ගෙනෙන මල්, පහන්, ගිලන් පස ආදී පූජාවන් බුදුන් වහන්සේ නොමැති වේලාවට මෙහි ගෙනවිත් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන යි. ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවක් හා සමානයි මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන පූජාව. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ යි මෙහි ප්‍රධාන වන්නේ. එදා බුද්ධ ගයාවේ දී කළ අනුහස බෝධීන් වහන්සේලාට දක්වන ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට පුදුම ගෞරවයක් දැක්වූවේ. ඒ ගැන කල්පනාවෙන් කවුරුත් වැඩියෙන් පින් දහම් කළ යුතු යි. දාන, ශීල, භාවනා පිළිවෙත් කවුරුත් වැඩි කර ගත යුතු යි. එවිට බුද්ධ පූජාවේ අනුහස් සහ සීලා දී ප්‍රතිපත්ති ඇති වූ විට ලැබෙන්නේ විශාල පිනක්. සංසාරෙවත් කරගන්නට බැරි පූජාවක් වන්නේ බුද්ධ පූජාව යි. ඒ නිසා ඔබ අප සැවොම කෙතරම් කාර්ය බහුල වුණත් , පූජා පින්කම් සිදු කර , මෙලොව යහපත, සසර සුගතිය සඳහා , නිවන් සම්පත් සඳහා කවුරුත් හොඳින් බුද්ධ පූජාව කර ගත යුතු යි. යන එන විට පවා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින්, සූවිසි ගුණ භාවනාව සම්පූර්ණ කළ යුතු යි. අනිවාර්යෙන් පංච සීලය රැකගෙන පින්කම් සිදු කළොත් , එයින් ලැබෙන පින සීමාවක් නැහැ. මේ ගැන නිතර සිතා කල්පනාවෙන් තුනුරුවන්ට කරන ගෞරවය වැඩිකර ගත යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් , කරදරයක් වන්නේ නැහැ, සංසාර ගමන දුගී දුප්පත් වන්නේ නැහැ. බුද්ධ පූජාව ලෞකික සම්පත් ලබාදෙන මහා පූජාවක්. ලෝකෝත්තර වශයෙන් නිවන් පසක් කර ගැනීමට හේතුවන මහා පූජාවක්. මේවා ස ංසාරෙවත් කරගන්න පුළුවන්කමක් නැහැ. සමහරවිට අපට අතීතයේ බුදු සසුනක් ලැබුණාදැයි සිතන්න පුළුවන්කමක් නැහැ. බුද්ධ ශාසනය ලබා ගත්ත ගිහි ,පැවිදි සැවොම හැකිතාක් පින් දහම් කර ගන්න. සිතම හදා ගන්න. එවිට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් විය හැකි යි. සිත සදාගන්න බැරි වුණොත් කෙතරම් පින් කළත් වැඩක් නැහැ. එසේනම්, සිත හොඳින් කරන පූජාවේ ආනිසංස බිංදු මාත්‍රයක්වත් අඩු වන්නේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවේ පිනෙන් ම හේතු වෙනවා . බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා, බුද්ධ පූජාව පින්කම. බුද්ධ පූජා පින්කම වර්ණනා කළේ, තමන්ගේ ජීවිතවලට අත්‍යඅවශ්‍ය වන නිස යි. එවැනි පින්කම් කරගෙන ටිකෙන් ටික ඉහළට යා යුතු යි. දානයෙන් ශීලය. ශීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාවට යා යුතු යි. මෙවැනි ගුණ ධර්මයන් නිසා ජීවිත හොඳින් බැබළෙනවා. කිසිවකත් අඩුපාඩුවක් නැහැ. හොඳ ජීවිත පෙළක් ලබාගෙන සංසාර සාගරයෙන් එතෙර විය යුතු යි. මේ ගැන කවුරුත් දැන කියාගෙන කියවා තේරුම් ගෙන අන් අයටත් පහදා දී පින්දහම් කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් අවබෝධ වේවා යනුවෙන් කවුරුත් ප්‍රාර්ථනා තබා ගන්න. කම්මට්ඨානාචාර්යත්රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom