

ආරක්ෂිතව සර්පයන් ඉවත් කිරීම සිදු කළ හැකි ක්‍රම කිහිපයක්

කිසිම මොහොතක විෂ තත්වය කුමක් වුවත් නිදහස් අතින් සර්පයින් හසුරුවන්න, ඉවත්කරන්න පෙළඹෙන්න එපා... (ක්ෂේත්‍ර ප්‍රවීණ නොවන ඔබ)

සැහැල්ලු සවිමත් ලීයක් සර්පයාගේ බෙල්ලට තරම් පහලින් බඳේ මැදට තියා තදකරලා ( වීරිය දමා තද කරන්න එපා සර්පයාට හානි වෙනවා)ප්ලාස්ටික් බෝතලයක් උගේ ඔලුව දිහාට ලං කරාම සර්පයා බෝතලේට රිංගනවා. එතකොට ලීය යන්තමින් බුරුල් කරලා ඌට බෝතලයට යන්න ඉඩ දෙන්න.
( පිරිසිදු බෝලයකට). බෝතලයේ සිදුරු කිහිපයක් විද තබන්න.

වීදුරු බෝලයක් ගත්තොත් සර්පයාව ඉක්මනට නිදහස් කරන්න. නැත්නම් ඌ දල/ දත් තුවාල කරගන්නවා වීදුරුවට දෂ්ඨ කරන්න ගිහින්. වීදුරු බෝතලයක් නම් මූඩියේ සිදුරු කිහිපයක් විද තබන්න.

ඔබ නවකයෙකු නම් ලීයක් පාවිච්චි කිරීමෙන් සර්පයාට හානි වෙන්න පුලුවන්. ඒ නිසා ලීයක් පාවිච්චි නොකර Y හැඩයේ කරුවක් තියෙන සැහැල්ලු සවිමත් කෝටුවක් උනත් පාවිච්චි කරන්න පුලුවන් සර්පයාව එහා මෙහා නොයා රඳවා ගන්න.

යකඩ හෝ වෙනත් ලෝහමය අඬු භාවිතා කිරිමේදි සර්පයාට වන හානිය අවම කරන්න sponge කැබලි සර්පයාගේ ශරීරයේ ගැටෙන කොටස්වලට අලවා ගන්න

බෝතලයක් වෙනුවට එන්ඩ් කැප් එක ගහපු කට ලොකු තරමක් දිග පයිප්ප බටයක් පාචිච්චි කරන්න පුලුවන්. ඒ බටයේ කෙළවරටම මල්ලක් ගැටගසා සර්පයා ඒ තුලට දමන්නත් පුලුවන්

වඩා ලොකු සර්පයන් බටේකින් හදපු මද්දක් ආධාරයෙන් අල්ලා මල්ලකට (හාල් මලු) දාන්න පුලුවන්.

එහෙමත් නැතිනම් බටේක කෙලවරට සවි කල පලල් කොක්කක් සර්පයාගේ බඳ යටින් තබා ඉහලට එසවීමෙන් සර්පයාව කොක්කේ රඳවා මල්ලට දාන්නත් පුලුවන්. කොක්කෙන් අල්ලපු
සර්පයන්ව ලිස්සන සුලු ඇතුලත මතුපිටක් සහිත බිත්ති තියෙන ගැඹුර වැඩි බාල්දියකට උනත් දාන්න පුලුවන්.

පොලඟුන්ට වඩා හොඳ එන්ඩ් කැප් එක ගහපු ලොකු බටේ.. මොකද එයාලාගේ දල ප්‍රමාණයෙන් විශාල නිසා මලු හිල් වෙන්න පුලුවන්.
කැන්වස් වගේ ගනකම් රෙද්දෙන් මහපු මලුත් සුදුසුයි පොලඟුන්ට නම්

එන්ඩ් කැප් ගහපු බටේම සර්පයා රඳවා තබා ගන්නවා නම් බටයේ සිදුරු කිහිපයක් විද තබන්න. එක් කෙලවරකට එන්ඩ් කැප් එකක් පයිප්ප ගම් දාලා අලවලාම තියන්න. කෙලවරවල් පැටලෙන එක වලක්වන්න ඒක රතු පාට වගේ ආලේප කරලා තියන්න. සර්පයා බටේට රිංගුවට පස්සේ බටය ඇල කරලා වැසූ කෙලවරට සර්පයා ලිස්සා යන පරිදි බටය ඇල කරලා අනෙක් කෙලවර එන්ඩ් කැප් එකකින් වසන්න.

මලුවල කට ගැටගැසීමේදී ආරක්ෂිතව එය සිදු කරන්න.

සර්පයින් මුදා හැරීමේදී සුදුසු පරිසරයකට සර්පයාට හානියක් නොවන ලෙස ආරක්ෂිතව සිදු කරන්න.

සුදුසු පරිසරයක් කියන්නේ කැලෑ වැවුනු ඉඩමක් නම් නෙමෙයි. ඒ අවට ගෙවල් තියෙන්න පුලුවන්
❤එවැනි උපකරණයක් හදාගන්න විදි බලන්න
https://m.facebook.com/groups/653799404751862?view=permalink&id=2040967232701732
❤සර්පයන් ආරක්ෂිතව ඉවත් කරන ක්‍රමයක්
https://m.facebook.com/groups/653799404751862?view=permalink&id=2053280788137043
❤තෙලිස්සන්/ කුඩා සර්පයින් ආරක්ෂිතව ඉවත් කරන ක්‍රමයක්