Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
💔👨⚕️💖 හෘද රෝගීන් කොරෝනාවෙන් ආරක්ෂා වෙන අයුරු 💖👨⚕️💔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ් වසංගතයත් සමඟ පොදුවේ සියලුම රෝගීන් මුහුණ දෙන්නේ දැඩි අර්බුදයකටයි. ඒ අතුරින් හෘද රෝගීන් ගෙන බැලුවොත් ඔවුන් බහුතරයකගේම දිවි පැවැත්ම උදෙසා මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතු වේ. මෙවැනි රෝගීන් වසංගත තත්ත්වයත් සමග දැඩි දුෂ්කරතාවලට මුහුණ දේ. එවැනි අසීරු කාල සීමාවකදී හෘද රෝගීන්ට ඇතිවන පොදු ගැටලු කිහිපයක් හා ඒවා නිරාකරණය කර ගැනීමට ඇවැසි උපදෙස් අළලා සැකසුණු ලිපියකි මේ.

නොකඩවා ඖෂධ ලබා ගැනීම වැදගත්

හෘදයාබාධල හෘද අකරණියල රුධිර පීඩනය හෝ වෙනත් හෘදය ආශ්රිත රෝගයකට ඔබ දැනටමත් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයකු නම් එම ප්‍රතිකාර නොකඩවාම ලබා ගත යුතු වේ. කිසිම හේතුවක් නිසාවත් ඔබේ ප්‍රතිකාර වෛද්‍ය උපදෙසකින් තොරව නොගෙන නොසිටීමට වග බලා ගන්න. මෙම කාලයේදී ඖෂධ ලබා ගැනීමේ ල සැපයීමේ හා බෙදා හැරීමේ ගැටලු ඇති විය හැකියි. ඒ අනුව තැපැල් මාර්ගිකව හෝ රෝගියා නොමැතිව වෙනත් කෙනකු රෝහලට පැමිණීමෙන් ආදී කුමන ක්‍රමයකින් හෝ නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගත යුතුයි. ඔබ කොවිඩ් රෝගයෙන් කෙකතරම් දුරට ආරක්ෂා වීමට යත්න දරනවා සේම වසංගත තත්ත්වයකදී ඔබට හිමි ඖෂධ ගැනීමත් ඔබ සතු යුතුකමකි.

හෘද රෝගියකුට කොවිඩ් ආසාදනය වුණොත්.......

පොදුවේ කිව යුතු දෙය නම් හෘද රෝගියකුට කොවිඩ් ආසාදනය වුවහොත් හෘද රෝගී තත්ත්වය සඳහා ඔබ මෙතෙක් ලබා ගත් ඖෂධ එයාකාරයෙන්ම ලබා ගන්නා ලෙසයි. බොහෝ හෘද රෝගීන්ට බලපාන පොදු ගැටලු තිබේ. ඒ අනුව ඇස්ප්‍රින්, ප්ලොපිඩග්රල්, වෝෆ්රින් යන ඖෂධ මෙම කාලයේදී භාවිත කිරීම සුදුසුද නැද්ද යන්න බොහොමයකට ප්රශ්නයකි. වෛද්‍ය උපදෙස් පරිදි දිගටම මෙකී ඖෂධ භාවිත කළ යුතුයි.

ඇතැම් හෘද රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ ඔවුන්ගේ දිවි පැවැත්ම උදෙසා බෙහෙවින් ඉවහල් වේ. එවන් ඖෂධ එක වේලක් හෝ දෙකක් නොගෙන සිටීමෙන් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතී. ස්ටෙන්ට් ප්‍රතිකාරය කළ හා ළඟදි හෘදයාබාධයක් වැළඳුණු රෝගීන්ට ඇස්ප්‍රින්, ප්ලොපිඩග්රල් කියන ඖෂධ ඉතා වැදගත් වේ. මෙවැනි ඖෂධ සති දෙක තුනකටවත් ප්‍රමාණවත් වන පරිදි අසුරා ළඟ තබා ගැනීම ඉතා වැදගත් වේ.

එන්නත්කරණය මඟ හරින හෘද රෝගීන්......

වසංගත තත්ත්වය උග්‍රව පැතිර ඇති මෙවන් අවස්ථාවකදී කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට හෘද රෝගීන් සුළු දෙනකු මැලිකමක් දක්වනු ලැබේ. යම් හෙයකින් හෘද රෝගියකු කොවිඩ් ආසාදිතයකු වුවහොත් ඉන් ඇතිවිය හැකි සංකූලතා අනෙක් රෝගීන් හා සංසන්දනය කළහොත් ඉතාමත් වැඩියි.

අවදානමක් පවතින සමයක කොවිඩ් මර්දන එන්නත මගින් ඔබට ලැබෙන ආරක්ෂාව උපරිමයි. එන්නත් ලබා දීමේදී හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන් සඳහා රජය ප්රමුඛත්වයක් ලබා දෙනු ඇත. එම ප්රමුඛත්වයට සාධාරණය ඉටු කරමින් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීම ඔබේ යුතුකමයි. සයිනොෆාම්දල ෆයිසර්ද යන්න එන්නත් වර්ගීකරණයක් නොකොට ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න.

එන්නත ගන්නා කාල සීමාවේදී ඖෂධ නැවැත්වීම

එන්නත ලබා ගන්නා කාලයේදී කුමන ඖෂධ නැවැත්විය යුතුද යන කාරණය සමහරකුට ප්‍රශ්නයක් විය හැකියි. ඒත් විශේෂයෙන් වෝෆරින්, ඇස්ප්‍රින් සහ ප්ලොපිඩග්රල් යන ඖෂධ කිසිඳු හේතුවක් නිසාවත් නැවැත්වීමේ වුවමනාවක් නොමැත. වෝෆරීන් ඖෂධය භාවිත වන්නේ රුධිරය කැටි ගැසීම අඩු කිරීමටයි. ඒ අනුව එක් එක් ඖෂධවලට නියමිත එක් එක් කාර්යය ඇත.

එන්නත්කරණය ලබා ගැනීමට සූදානම් වෙන හෘද රෝගීන් මෑතකදී කළ INR පරීක්ෂණ වාර්තාවක් ලබා ගෙන වෛද්‍යවරයා හමු විය යුතුය. වාර්තාව නිරීක්ෂණය කරමින් ඔබට එන්නත ලබා ගත හැකි බවත් ඒ මොහොතේදී අපහසුවක් පවතී නම් එන්නත ලබා ගත යුතු ආකාරය ගැනත් ඔබට එවිට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි. ඖෂධ ලබා ගන්නවා කියන කාරණය එන්නත මඟහැරීමටවත්, ප්‍රමාද කිරීමටවත් කිසිඳු විට හේතුවක් කර නොගන්න. එන්නත නොගැනීම ඔබේ ජීවිතයට හානිදායී බලපෑම් ඇති කළ හැකියි.

වෙනත් රෝගීන් හා සංසන්දනය කිරීමේදී හෘද රෝගීන්ට හෘදය ආශ්රිත ගැටලු මෙන්ම කොවිඩ් නියුමෝනියාව නිසා මරණය ඇති වීමේ දැඩි අවදානමක් පවතී.

සරලම මාර්ගය ඔබ කොවිඩ් රෝගයෙන් හැකි තරම් ඈත්ව හිඳීමයි. ඔබට කොවිඩ් රෝගය වැළඳීමට හැකි මං අසුරා තබන්න.

සමාජ ආරක්ෂණ ක්‍රම සහ විධි

සමාජ දුරස්ථභාවය මින් ප්‍රධානතම සාධකයකි. පුද්ගල දුරස්ථභාවය මීටරයකට සීමා නොකොට මීටර් දෙකක්වත් එය පවත්වාගෙන යන්න. අනවශ්‍ය ගමන් බිමන් සීමා කොට සමාජයේ අනවශ්‍ය ගැටීම් අවම කළ හැකියි. ඊට අමතරව මුව වැස්ම නිවැරැදිව පැළඳීමට පුලුවන. දෑත් නිතර පිරිසුදුව තබා ගැනීමට හුරු වන්න.

රෝහල් ගත වීම අඟවන රතු එළි

ඔබට දෛනික වැඩ කටයුතු කර ගෙන යාමේදී වෙනත් රෝග ලක්ෂණයක් නොදැනේ නම් කිසිඳු අපහසුතාවක් නොමැති නම් සුපුරුදු පරිදි ඔබ ගන්නා ඖෂධ නොකඩවාම භාවිත කරන්න. මාස 06ක් 07ක් යනතුරු ඔබ වෛද්‍යවරයකු හමු වී නොතිබිය හැකියි. ඒත් ඔබට දැනෙන විශේෂිත වූ රෝග ලක්ෂණයක් හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම්, නිදා ගෙන සිටින විට හුස්ම ගැනීමේ අපහසුවක් දැනී ඇහැරෙනවා නම්, ඇවිදින විට පපුවේ කැක්කුම එනවා නම් , ඇවිදින විට දහදිය දමා අපහසුව දැනී ඇවිදීම නතර කිරීමට සිදු වේ නම් වැනි ලක්ෂණ තිබේ නම් නොපමාව වෛද්‍යවරයකු හමු විය යුතුය.

එසේම හෘදයාබාධයකදි දැනෙන රෝග ලක්ෂණ, පපුවේ හෝ ඒ ආශ්රිත පෙදෙසේ දැනෙන කැක්කුම, තදවීමක්, හිරවීමක් හෝ අසාමාන්‍ය ආකාරයෙන් දහදිය දැමීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් කොවිඩ් රෝගය වැළඳේ යැයි බියට රෝහලකට යාම ප්‍රතික්ෂේප නොකරන්න. මෙවන් අවස්ථාවකදී ගිලන් රථ සේවාවක් හරහා හෝ සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති නම් ළඟම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු විය හැක.

සමහර විට ඔබ නිවසේ නිරෝධායන කාලසීමාවක හිඳීමට පුලුවන. කොවිඩ් ආසාදිතද නැද්ද යන කාරණය අදාල කර නොගෙන හෘදයාබාධයක් වැළඳීමේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. හෘද රෝගීන් සඳහා කෙරෙන කැතීටකරණ පරීක්ෂණ සුපුරුදු පරිදි කිරීමට කළ නොහැකි නිසා රුධිර කැටි දිය කිරීමේ ප්‍රතිකාර ක්‍රමය දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසා ඇත. ඒ අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා කුඩා රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

අතරමැදි සහ ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානවලටත් අනුයුක්ත වී සිටින හෘද රෝගීන් ගැන බිය විය යුතු නොවේ. මන්ද වෛද්‍ය අධීක්ෂණ, ප්‍රතිකාර ක්‍රම සිදු කෙරෙන ස්ථානයක ඔවුන් රැඳී සිටීම ආරක්ෂිත හෙයිනි.

කොවිඩ් -19 වසංගතයක් ලෙස රට පුරා කෙතරම් දුරට පැතිරී තිබුණත් හෘද රෝගීන් සඳහා කළ හැකි උපරිම ප්‍රතිකාර ක්‍රම ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් වයිරසය වැළඳීමට ඇති ඉඩකඩ අවම කරමින් සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වී සිටී. එබැවින් මෙවන් අසීරු වකවානුවකදී අපි ඉල්ලන්නේ ආයාසයෙන් ඔබ රෝගියකු නොවී සිටීමට කටයුතු කරන ලෙසයි.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම්

-සටහන- මාධවී ධර්මරත්න

lankadeepa.lk

[MEDIA=youtube]qAO60IU8dxQ[/MEDIA]

[MEDIA=youtube]8nqgZn9Izv8[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27005080, member: 577135"] [IMG width="972px"]https://apollohealthlib.blob.core.windows.net/health-library/2019/06/Heart-Attack-blog.jpg[/IMG] කොවිඩ් වසංගතයත් සමඟ පොදුවේ සියලුම රෝගීන් මුහුණ දෙන්නේ දැඩි අර්බුදයකටයි. ඒ අතුරින් හෘද රෝගීන් ගෙන බැලුවොත් ඔවුන් බහුතරයකගේම දිවි පැවැත්ම උදෙසා මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතු වේ. මෙවැනි රෝගීන් වසංගත තත්ත්වයත් සමග දැඩි දුෂ්කරතාවලට මුහුණ දේ. එවැනි අසීරු කාල සීමාවකදී හෘද රෝගීන්ට ඇතිවන පොදු ගැටලු කිහිපයක් හා ඒවා නිරාකරණය කර ගැනීමට ඇවැසි උපදෙස් අළලා සැකසුණු ලිපියකි මේ. [B]නොකඩවා ඖෂධ ලබා ගැනීම වැදගත්[/B] හෘදයාබාධල හෘද අකරණියල රුධිර පීඩනය හෝ වෙනත් හෘදය ආශ්රිත රෝගයකට ඔබ දැනටමත් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයකු නම් එම ප්‍රතිකාර නොකඩවාම ලබා ගත යුතු වේ. කිසිම හේතුවක් නිසාවත් ඔබේ ප්‍රතිකාර වෛද්‍ය උපදෙසකින් තොරව නොගෙන නොසිටීමට වග බලා ගන්න. මෙම කාලයේදී ඖෂධ ලබා ගැනීමේ ල සැපයීමේ හා බෙදා හැරීමේ ගැටලු ඇති විය හැකියි. ඒ අනුව තැපැල් මාර්ගිකව හෝ රෝගියා නොමැතිව වෙනත් කෙනකු රෝහලට පැමිණීමෙන් ආදී කුමන ක්‍රමයකින් හෝ නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගත යුතුයි. ඔබ කොවිඩ් රෝගයෙන් කෙකතරම් දුරට ආරක්ෂා වීමට යත්න දරනවා සේම වසංගත තත්ත්වයකදී ඔබට හිමි ඖෂධ ගැනීමත් ඔබ සතු යුතුකමකි. [B]හෘද රෝගියකුට කොවිඩ් ආසාදනය වුණොත්.......[/B] පොදුවේ කිව යුතු දෙය නම් හෘද රෝගියකුට කොවිඩ් ආසාදනය වුවහොත් හෘද රෝගී තත්ත්වය සඳහා ඔබ මෙතෙක් ලබා ගත් ඖෂධ එයාකාරයෙන්ම ලබා ගන්නා ලෙසයි. බොහෝ හෘද රෝගීන්ට බලපාන පොදු ගැටලු තිබේ. ඒ අනුව ඇස්ප්‍රින්, ප්ලොපිඩග්රල්, වෝෆ්රින් යන ඖෂධ මෙම කාලයේදී භාවිත කිරීම සුදුසුද නැද්ද යන්න බොහොමයකට ප්රශ්නයකි. වෛද්‍ය උපදෙස් පරිදි දිගටම මෙකී ඖෂධ භාවිත කළ යුතුයි. ඇතැම් හෘද රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ ඔවුන්ගේ දිවි පැවැත්ම උදෙසා බෙහෙවින් ඉවහල් වේ. එවන් ඖෂධ එක වේලක් හෝ දෙකක් නොගෙන සිටීමෙන් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතී. ස්ටෙන්ට් ප්‍රතිකාරය කළ හා ළඟදි හෘදයාබාධයක් වැළඳුණු රෝගීන්ට ඇස්ප්‍රින්, ප්ලොපිඩග්රල් කියන ඖෂධ ඉතා වැදගත් වේ. මෙවැනි ඖෂධ සති දෙක තුනකටවත් ප්‍රමාණවත් වන පරිදි අසුරා ළඟ තබා ගැනීම ඉතා වැදගත් වේ. [B]එන්නත්කරණය මඟ හරින හෘද රෝගීන්......[/B] වසංගත තත්ත්වය උග්‍රව පැතිර ඇති මෙවන් අවස්ථාවකදී කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට හෘද රෝගීන් සුළු දෙනකු මැලිකමක් දක්වනු ලැබේ. යම් හෙයකින් හෘද රෝගියකු කොවිඩ් ආසාදිතයකු වුවහොත් ඉන් ඇතිවිය හැකි සංකූලතා අනෙක් රෝගීන් හා සංසන්දනය කළහොත් ඉතාමත් වැඩියි. අවදානමක් පවතින සමයක කොවිඩ් මර්දන එන්නත මගින් ඔබට ලැබෙන ආරක්ෂාව උපරිමයි. එන්නත් ලබා දීමේදී හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන් සඳහා රජය ප්රමුඛත්වයක් ලබා දෙනු ඇත. එම ප්රමුඛත්වයට සාධාරණය ඉටු කරමින් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීම ඔබේ යුතුකමයි. සයිනොෆාම්දල ෆයිසර්ද යන්න එන්නත් වර්ගීකරණයක් නොකොට ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. [B]එන්නත ගන්නා කාල සීමාවේදී ඖෂධ නැවැත්වීම[/B] එන්නත ලබා ගන්නා කාලයේදී කුමන ඖෂධ නැවැත්විය යුතුද යන කාරණය සමහරකුට ප්‍රශ්නයක් විය හැකියි. ඒත් විශේෂයෙන් වෝෆරින්, ඇස්ප්‍රින් සහ ප්ලොපිඩග්රල් යන ඖෂධ කිසිඳු හේතුවක් නිසාවත් නැවැත්වීමේ වුවමනාවක් නොමැත. වෝෆරීන් ඖෂධය භාවිත වන්නේ රුධිරය කැටි ගැසීම අඩු කිරීමටයි. ඒ අනුව එක් එක් ඖෂධවලට නියමිත එක් එක් කාර්යය ඇත. එන්නත්කරණය ලබා ගැනීමට සූදානම් වෙන හෘද රෝගීන් මෑතකදී කළ INR පරීක්ෂණ වාර්තාවක් ලබා ගෙන වෛද්‍යවරයා හමු විය යුතුය. වාර්තාව නිරීක්ෂණය කරමින් ඔබට එන්නත ලබා ගත හැකි බවත් ඒ මොහොතේදී අපහසුවක් පවතී නම් එන්නත ලබා ගත යුතු ආකාරය ගැනත් ඔබට එවිට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි. ඖෂධ ලබා ගන්නවා කියන කාරණය එන්නත මඟහැරීමටවත්, ප්‍රමාද කිරීමටවත් කිසිඳු විට හේතුවක් කර නොගන්න. එන්නත නොගැනීම ඔබේ ජීවිතයට හානිදායී බලපෑම් ඇති කළ හැකියි. වෙනත් රෝගීන් හා සංසන්දනය කිරීමේදී හෘද රෝගීන්ට හෘදය ආශ්රිත ගැටලු මෙන්ම කොවිඩ් නියුමෝනියාව නිසා මරණය ඇති වීමේ දැඩි අවදානමක් පවතී. සරලම මාර්ගය ඔබ කොවිඩ් රෝගයෙන් හැකි තරම් ඈත්ව හිඳීමයි. ඔබට කොවිඩ් රෝගය වැළඳීමට හැකි මං අසුරා තබන්න. [B]සමාජ ආරක්ෂණ ක්‍රම සහ විධි[/B] සමාජ දුරස්ථභාවය මින් ප්‍රධානතම සාධකයකි. පුද්ගල දුරස්ථභාවය මීටරයකට සීමා නොකොට මීටර් දෙකක්වත් එය පවත්වාගෙන යන්න. අනවශ්‍ය ගමන් බිමන් සීමා කොට සමාජයේ අනවශ්‍ය ගැටීම් අවම කළ හැකියි. ඊට අමතරව මුව වැස්ම නිවැරැදිව පැළඳීමට පුලුවන. දෑත් නිතර පිරිසුදුව තබා ගැනීමට හුරු වන්න. [B]රෝහල් ගත වීම අඟවන රතු එළි[/B] ඔබට දෛනික වැඩ කටයුතු කර ගෙන යාමේදී වෙනත් රෝග ලක්ෂණයක් නොදැනේ නම් කිසිඳු අපහසුතාවක් නොමැති නම් සුපුරුදු පරිදි ඔබ ගන්නා ඖෂධ නොකඩවාම භාවිත කරන්න. මාස 06ක් 07ක් යනතුරු ඔබ වෛද්‍යවරයකු හමු වී නොතිබිය හැකියි. ඒත් ඔබට දැනෙන විශේෂිත වූ රෝග ලක්ෂණයක් හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම්, නිදා ගෙන සිටින විට හුස්ම ගැනීමේ අපහසුවක් දැනී ඇහැරෙනවා නම්, ඇවිදින විට පපුවේ කැක්කුම එනවා නම් , ඇවිදින විට දහදිය දමා අපහසුව දැනී ඇවිදීම නතර කිරීමට සිදු වේ නම් වැනි ලක්ෂණ තිබේ නම් නොපමාව වෛද්‍යවරයකු හමු විය යුතුය. එසේම හෘදයාබාධයකදි දැනෙන රෝග ලක්ෂණ, පපුවේ හෝ ඒ ආශ්රිත පෙදෙසේ දැනෙන කැක්කුම, තදවීමක්, හිරවීමක් හෝ අසාමාන්‍ය ආකාරයෙන් දහදිය දැමීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් කොවිඩ් රෝගය වැළඳේ යැයි බියට රෝහලකට යාම ප්‍රතික්ෂේප නොකරන්න. මෙවන් අවස්ථාවකදී ගිලන් රථ සේවාවක් හරහා හෝ සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති නම් ළඟම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු විය හැක. සමහර විට ඔබ නිවසේ නිරෝධායන කාලසීමාවක හිඳීමට පුලුවන. කොවිඩ් ආසාදිතද නැද්ද යන කාරණය අදාල කර නොගෙන හෘදයාබාධයක් වැළඳීමේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. හෘද රෝගීන් සඳහා කෙරෙන කැතීටකරණ පරීක්ෂණ සුපුරුදු පරිදි කිරීමට කළ නොහැකි නිසා රුධිර කැටි දිය කිරීමේ ප්‍රතිකාර ක්‍රමය දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසා ඇත. ඒ අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා කුඩා රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් සලසා තිබේ. අතරමැදි සහ ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානවලටත් අනුයුක්ත වී සිටින හෘද රෝගීන් ගැන බිය විය යුතු නොවේ. මන්ද වෛද්‍ය අධීක්ෂණ, ප්‍රතිකාර ක්‍රම සිදු කෙරෙන ස්ථානයක ඔවුන් රැඳී සිටීම ආරක්ෂිත හෙයිනි. කොවිඩ් -19 වසංගතයක් ලෙස රට පුරා කෙතරම් දුරට පැතිරී තිබුණත් හෘද රෝගීන් සඳහා කළ හැකි උපරිම ප්‍රතිකාර ක්‍රම ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් වයිරසය වැළඳීමට ඇති ඉඩකඩ අවම කරමින් සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වී සිටී. එබැවින් මෙවන් අසීරු වකවානුවකදී අපි ඉල්ලන්නේ ආයාසයෙන් ඔබ රෝගියකු නොවී සිටීමට කටයුතු කරන ලෙසයි. [B]කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් -සටහන- මාධවී ධර්මරත්න lankadeepa.lk [MEDIA=youtube]qAO60IU8dxQ[/MEDIA] [MEDIA=youtube]8nqgZn9Izv8[/MEDIA][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom