💸 මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද?

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අඟහරුවාදා (සැප්: 24) අත්සන් තැබීය.

    රජයේ මුද්‍රණාලය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කරන බව සඳහන් වෙයි.

    එමෙන් ම නොවැම්බර් මස 14 වන දා මහ මැතිවරණය පැවැත්වෙන අතර නව පාර්ලිමේන්තුව රැස් වන්නේ නොවැම්බර් මස 21 වන දා ය.

    අවසන් වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වූයේ, 2020 වසරේ අගෝස්තු මස 05 වන දා යි .

    මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සුදානම් බව මැතිවරණ කොමසාරිස් පැවසීය

    | මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් පැවසීය.

    'අපි ලෑස්තියි'​

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව එහි සඳහන් වන දිනයන්ට අනුකූලව මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය.

    "ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනයට අනුව එහි සඳහන් වන දිනයන්වලදී මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම්."

    "මහ මැතිවරණය වෙනුවෙන් ද ඉකුත් ජනාධිපතිවරණය සඳහා යොදා ගත් 2024 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරන්න කටයුතු කරනවා." සභාපතිවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොපමණ මුදලක් වියදම් වන්නේ දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු ඊට ලබා දුන්නේ, මෙවන් පිළිතුරකි.

    "ජනාධිපතිවරණය පවත්වන්න අපි මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලබා ගත්තා.''

    ''නමුත් ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තාවන් තවම සකස් කරලා අවසන් නැහැ. මොක ද ජනාධිපතිවරණය පවත්වා අවසන් වුණේ මීට දවස් 03කට උඩදී.''

    ''පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 11ක වගේ මුදලක් වැය වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා.''

    ''ඒ මුදල් අපිට ජනාධිපතිතුමා ලබා දෙන්න කටයුතු කරයි නියමිත ක්‍රියාපටිපාටියට අනුව." මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

    මේ අතර, පසුගිය පෙබරවාරි 07 වන දා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා තිබුණේ, මහ මැතිවරණය සඳහා ද රුපියල් බිලියන 10ක මුදලක් ඉල්ලා ඇති බව ය.

    මහ මැතිවරණයට මුදල් වෙන් කරන්න පුළුවන් ද?​

    ජනාධිපතිවරණය අවසන් වූ විගස මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍යංශයට හැකියාවක් පවතී ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළේ ය.

    එහිදී එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, මහ මැතිවරණයට අදාළ මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බව ය.

    " බිලියන 11 මුදලක් මහ මැතිවරණය වෙනුවෙන් වෙන් කිරීම අමාරු වැඩක් නෙමෙයි. ඒක අපිට මැනේජ් කර ගන්න පුළුවන් වෙයි," මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ ය.

    - BBC සිංහල
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔක්කොම ඉලෙක්ශන් එක පාර තිබ්බ නන්, බිලියන 11ක් ඉතුරුයි
    ~ 36.5 million usd


    මෙච්චර කල් හිටපු වෙසිගෙ පුතාලට නිකන් වත් හිතුනෙ නැද්ද දන්නෙ නැ එහෙම එකක්
     
    • Like
    Reactions: sylvaticus

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඔක්කොම ඉලෙක්ශන් එක පාර තිබ්බ නන්, බිලියන 11ක් ඉතුරුයි
    ~ 36.5 million usd


    මෙච්චර කල් හිටපු වෙසිගෙ පුතාලට නිකන් වත් හිතුනෙ නැද්ද දන්නෙ නැ එහෙම එකක්

    මුල ඉදන් සිස්ටම් එකක් හදන්න අමාරු ඇති. අනික අවු. 5කට් සැරයක් ආන්ඩු මාරු වෙනකොට කලින් ආණ්ඩුව ගේන්න හදපු පොලිසි කුණු කූඩෙට දාන එක ෆැෂන් එකක්. රට බංකොළොත් වෙනකම් ඕවට කීයක් යනවද කියල ලොකු තැකීමක් තිබ්බෙ ත් නෑනෙ. චන්ද කියන්නෙ කානිවල් වගේ. දික් කර ගන්න තරමට ආතල්. :confused:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔක්කොම ඉලෙක්ශන් එක පාර තිබ්බ නන්, බිලියන 11ක් ඉතුරුයි
    ~ 36.5 million usd


    මෙච්චර කල් හිටපු වෙසිගෙ පුතාලට නිකන් වත් හිතුනෙ නැද්ද දන්නෙ නැ එහෙම එකක්
    ow ban salli kanawa. kale kanawa.

    මුල ඉදන් සිස්ටම් එකක් හදන්න අමාරු ඇති. අනික අවු. 5කට් සැරයක් ආන්ඩු මාරු වෙනකොට කලින් ආණ්ඩුව ගේන්න හදපු පොලිසි කුණු කූඩෙට දාන එක ෆැෂන් එකක්. රට බංකොළොත් වෙනකම් ඕවට කීයක් යනවද කියල ලොකු තැකීමක් තිබ්බෙ ත් නෑනෙ. චන්ද කියන්නෙ කානිවල් වගේ. දික් කර ගන්න තරමට ආතල්. :confused:
    mathakada maina inna kale masa 3n 3ta chanda .
    ------ Post added on Sep 25, 2024 at 3:09 PM
     

    Similar threads