Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
📛දර ලිප නිසා ලාංකීය මව්වරුන් සෞඛ්‍ය අවධානමක!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දර ලිපක් නිසා දිනකට ආඝ්‍රාණය කරනු ලබන දුම් ප්‍රමාණය සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි"

මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි.

එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක.

එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි.

ළමා වියේ එවැනි සුන්දර මතකයන් තබා ගිය දර ලිප, අද රකුසෙකු බවට පත්ව ඇති බව පර්යේෂණ මගින් සොයා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි.

ඔහු පෙන්වාදෙන පරිදි, ඉහත කී අවදානමට වැඩිවශයෙන්ම මුහුණ දෙනු ලබන්නේ මව්වරුන් ඇතුළු ගෘහණියන්ය.

දර ලිප නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සෙසු දකුණු ආසියානු රටවල, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු රටවල ද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

"ඉස්සර අපේ ග්‍රාමීය පරිසරය තුළ කුස්සිය තිබුණේ ගෙදරට පිටින්. මෑත කාලයේ දියුණුවත් සමග ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා මුළුතැන්ගෙය තිබෙන්නේ නිවස තුළමයි," ඔහු පැවසීය.

"දර ලිප පාවිච්චි කිරීමේදී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අංශු පිට වෙනවා."

"දිනපතා සිගරට් පැකට් දෙකක්"

"ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි"

එසේ එක් දර ලිපක් දැල්වීමෙන් හටගන්නා දුම, දුම්වැටි 75 - 150 ත් අතර ප්‍රමාණයකින් නිකුත් වන දුමට සමාන බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"පොඩ්ඩක් හිතලා බලන්න, කුස්සියක දර ලිපක් තිබෙනවා. ඒක පත්තු කරනවා. එතන මවක් හෝ ගෘහිණියක් බොහෝවිට ඉන්නවා. එතන ළමයි හෝ ගෙදර සාමාජිකයන් වාඩි වී සිටිනවා. මේ අය ඒ දුම දිනපතාම ආඝ්‍රාණය කරනවා," වෛද්‍ය මැදගෙදර විස්තර කළේය.

"එසේ ආඝ්‍රාණය කරන දුම් ප්‍රමාණය දිනපතා සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි."

දුම් පිටවීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම සහ පසුදින ලිප දල්වා ගැනීම පහසු කර ගැනීම සඳහා "අළුයට ගිනි" තබා ගැනීම හේතුවෙන්, එකී විෂ සහිත වායු රාත්‍රිය පුරා නිවස ඇතුළත සංසරණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

දර ලිප නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරුවන බව කී ඔහු, "ඔවුන්ට දුම්වැටි පානයෙන් ඇතිවන COPD රෝගය හැදෙනවා, පෙනහළු පිළිකා ඇති වෙනවා, ඇදුම රෝග තත්ත්වය වැඩි වෙනවා සහ පටක හානි සිදුවෙනවා," යනුවෙන් සඳහන් කළේය.

ඒ හේතුවෙන් දුම්බීම හෝ ඊටත් වැඩි හානියක් සිදුවිය බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටී.

"මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා"

ඉහත කී අවදානම පිළිබඳ අවධානය යොමු කර, දර ලිප නිවසෙන් පිටත ස්ථානයක තබා ගන්නා ලෙස නිර්දේශ කරන විශේෂඥ වෛද්‍යවරයා, නිවස තුළ ලිපක් ඇත්නම්, වාතාශ්‍රය හොඳින් පිටවන සේ මුළුතැන්ගෙයට විශාල ජනෙල් යොදා, ඉහත කී තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැකි බව සඳහන් කළේය.

දර ලිපෙන් සිදුවන හානියට අමතරව ගෘහස්ථ වායු දූෂණය සඳහා බලපාන තවත් හේතු තිබේද?

ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම ද සිරුරට අහිතකර බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පෙන්වා දෙයි.

"මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා. මගේ රෝගීන් ගොඩක් ඉන්නවා එහෙම වුණු. සාස්තර කියන ලෙඩෙක් ඉන්නවා මගෙන් ප්‍රතිකාර ලබා ගන්න. එයාගේ පණ බේරගත්තේ ගොඩක් අමාරුවෙන්."

මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපාන බව පවසන වෛද්‍යවරයා එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනෙල් විවෘතව තබන ලෙස නිර්දේශ කරයි.

"මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා"

"සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි"

එසේම, කාමරයටම අළලා ඉදිකර ඇති නාන කාමර (Attached Bathroom) නිතර වසා තැබීම හේතුවෙන් ඒවායේ බිත්ති මත වර්ධනය වන දිලීර, පෙනහළුවලට හානිකර බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි නාන කාමර තුළ තබා ඇති ෂැම්පු, සුවඳ විලවුන් වැනි දෑ වෙතින් වාෂ්ප වන රසායනික අංශු දීර්ඝ කාලයක් ආඝ්‍රහණය කිරීම හේතුවෙන් ද සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බව කී වෛද්‍යවරයා "දොර ජනෙල් විවෘත කර තැබීම ඉතා වැදගත්," යනුවෙන් සඳහන් කළේය.

එසේම නිවස තුළ ව්‍යාපාරයක් වශයෙන් රෙදි මැසීම ඉතාමත් අනතුරුදායක බව ද ඔහු පෙන්වා දෙයි.

"රෙදිවල තිබෙන දූවිලි අංශු පෙනහළුවලට ගිහින් දරුණු රෝග තත්ත්වයක් ඇති වෙනවා. මුල් අවස්ථාවේ සොයා ගැනීමට නොහැකි වුණොත් ජීවිතක්ෂයට පවා පත්වෙනවා."

එසේම, වී වැනි ධාන්‍ය වර්ගවල 'කාටුව', සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යයට හානි කර බව පවසන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර අඩක් නිම කළ නිවාසවල පවතින අධික දූවිල්ල හේතුවෙන් ද පෙනහළු ආශ්රිත රෝග ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ, බීබීසී සිංහල 2018 වසරේ "ශ්‍රී ලංකාවේ දර ලිප් සහ ගෘහස්ථ වායු දූෂණය: නොකළ යුතු දේ මොනවාද?" මැයෙන් කළ විමර්ශනයකි.

[MEDIA=facebook]id=1107614673475487;type=v;user=A5News.lk[/MEDIA]

[QUOTE="Truth Hurts, post: 27811904, member: 477372"] [IMG]https://i.imgur.com/HBmSDbW.jpeg[/IMG] "දර ලිපක් නිසා දිනකට ආඝ්‍රාණය කරනු ලබන දුම් ප්‍රමාණය සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි" මීට දශක කීපයකට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරුණේ දර ලිප්ය.මුළුතැන්ගෙයි විවෘත කොටසක දර, වලං, වියලි ඖෂධ ආදිය අසුරා තැබුණු ලිපට ඉහළින් පිහිටි මැස්ස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ 'දුම' යනුවෙනි. එකල, දර ලිප අසල ආහාර පිසින මව හෝ ආච්චිඅම්මා අසල දැවටීමට කුඩා දරුවෝ ද කැමැත්තක් දැක්වූහ. දුම් දමමින් පිසෙන ව්‍යංජනයක හෝ රසකැවිල්ලක රස බැලීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවක් විය හැක. එවැනි දර ලිප් සහිත මුළුතැන් ගෙවල් එකල වැඩි වශයෙන් පිහිටා තිබුණේ නිවසින් පිටත වාතය හොඳින් සංසරණය වන ආකාරයෙනි. ළමා වියේ එවැනි සුන්දර මතකයන් තබා ගිය දර ලිප, අද රකුසෙකු බවට පත්ව ඇති බව පර්යේෂණ මගින් සොයා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි. ඔහු පෙන්වාදෙන පරිදි, ඉහත කී අවදානමට වැඩිවශයෙන්ම මුහුණ දෙනු ලබන්නේ මව්වරුන් ඇතුළු ගෘහණියන්ය. දර ලිප නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සෙසු දකුණු ආසියානු රටවල, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු රටවල ද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි. "ඉස්සර අපේ ග්‍රාමීය පරිසරය තුළ කුස්සිය තිබුණේ ගෙදරට පිටින්. මෑත කාලයේ දියුණුවත් සමග ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා මුළුතැන්ගෙය තිබෙන්නේ නිවස තුළමයි," ඔහු පැවසීය. "දර ලිප පාවිච්චි කිරීමේදී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අංශු පිට වෙනවා." [B]"දිනපතා සිගරට් පැකට් දෙකක්"[/B] [IMG alt="ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/16625/production/_102858619_cb043956-a52b-43de-8be4-555db3e21456.jpg[/IMG] "ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම සිරුරට අහිතකරයි" එසේ එක් දර ලිපක් දැල්වීමෙන් හටගන්නා දුම, දුම්වැටි 75 - 150 ත් අතර ප්‍රමාණයකින් නිකුත් වන දුමට සමාන බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. "පොඩ්ඩක් හිතලා බලන්න, කුස්සියක දර ලිපක් තිබෙනවා. ඒක පත්තු කරනවා. එතන මවක් හෝ ගෘහිණියක් බොහෝවිට ඉන්නවා. එතන ළමයි හෝ ගෙදර සාමාජිකයන් වාඩි වී සිටිනවා. මේ අය ඒ දුම දිනපතාම ආඝ්‍රාණය කරනවා," වෛද්‍ය මැදගෙදර විස්තර කළේය. "එසේ ආඝ්‍රාණය කරන දුම් ප්‍රමාණය දිනපතා සිගරට් පැකට් දෙකක් බිව්වට වඩා වැඩියි." දුම් පිටවීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම සහ පසුදින ලිප දල්වා ගැනීම පහසු කර ගැනීම සඳහා "අළුයට ගිනි" තබා ගැනීම හේතුවෙන්, එකී විෂ සහිත වායු රාත්‍රිය පුරා නිවස ඇතුළත සංසරණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි. දර ලිප නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරුවන බව කී ඔහු, "ඔවුන්ට දුම්වැටි පානයෙන් ඇතිවන [I]COPD[/I] රෝගය හැදෙනවා, පෙනහළු පිළිකා ඇති වෙනවා, ඇදුම රෝග තත්ත්වය වැඩි වෙනවා සහ පටක හානි සිදුවෙනවා," යනුවෙන් සඳහන් කළේය. ඒ හේතුවෙන් දුම්බීම හෝ ඊටත් වැඩි හානියක් සිදුවිය බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කියා සිටී. [IMG alt="මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා,"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/7FAD/production/_102858623_143a8872.jpg[/IMG] "මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපානවා" ඉහත කී අවදානම පිළිබඳ අවධානය යොමු කර, දර ලිප නිවසෙන් පිටත ස්ථානයක තබා ගන්නා ලෙස නිර්දේශ කරන විශේෂඥ වෛද්‍යවරයා, නිවස තුළ ලිපක් ඇත්නම්, වාතාශ්‍රය හොඳින් පිටවන සේ මුළුතැන්ගෙයට විශාල ජනෙල් යොදා, ඉහත කී තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැකි බව සඳහන් කළේය. [HEADING=1]දර ලිපෙන් සිදුවන හානියට අමතරව ගෘහස්ථ වායු දූෂණය සඳහා බලපාන තවත් හේතු තිබේද?[/HEADING] ආගමික වතාවත් සිදුකිරීම සඳහා සාම්බ්‍රානි සහ හඳුන්කූරු යොදා ගැනීම ද සිරුරට අහිතකර බව විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පෙන්වා දෙයි. "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා. මගේ රෝගීන් ගොඩක් ඉන්නවා එහෙම වුණු. සාස්තර කියන ලෙඩෙක් ඉන්නවා මගෙන් ප්‍රතිකාර ලබා ගන්න. එයාගේ පණ බේරගත්තේ ගොඩක් අමාරුවෙන්." මදුරු දඟර දැල්වීම ද ගෘහස්ථ වායු දුෂණයට බලපාන බව පවසන වෛද්‍යවරයා එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනෙල් විවෘතව තබන ලෙස නිර්දේශ කරයි. [IMG alt="මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/1004/production/_102900140_143a8935.jpg[/IMG] "මේක විශේෂයෙන් සිදුවෙනවා දේවාල සහ පන්සල්වල. ඒ අය ඔක්කොම වගේ ලෙඩ වෙනවා" [IMG alt="සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි,"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/CDCD/production/_102858625_143a8857.jpg[/IMG] "සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යට හානි කරයි" එසේම, කාමරයටම අළලා ඉදිකර ඇති නාන කාමර [I](Attached Bathroom)[/I] නිතර වසා තැබීම හේතුවෙන් ඒවායේ බිත්ති මත වර්ධනය වන දිලීර, පෙනහළුවලට හානිකර බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. එවැනි නාන කාමර තුළ තබා ඇති ෂැම්පු, සුවඳ විලවුන් වැනි දෑ වෙතින් වාෂ්ප වන රසායනික අංශු දීර්ඝ කාලයක් ආඝ්‍රහණය කිරීම හේතුවෙන් ද සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බව කී වෛද්‍යවරයා "දොර ජනෙල් විවෘත කර තැබීම ඉතා වැදගත්," යනුවෙන් සඳහන් කළේය. එසේම නිවස තුළ ව්‍යාපාරයක් වශයෙන් රෙදි මැසීම ඉතාමත් අනතුරුදායක බව ද ඔහු පෙන්වා දෙයි. "රෙදිවල තිබෙන දූවිලි අංශු පෙනහළුවලට ගිහින් දරුණු රෝග තත්ත්වයක් ඇති වෙනවා. මුල් අවස්ථාවේ සොයා ගැනීමට නොහැකි වුණොත් ජීවිතක්ෂයට පවා පත්වෙනවා." එසේම, වී වැනි ධාන්‍ය වර්ගවල 'කාටුව', සුරතල් සතුන්ගේ ලොම් සහ ඔවුන්ගේ ශරීරයේ සිටින පරපෝෂිතයන් ද සෞඛ්‍යයට හානි කර බව පවසන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර අඩක් නිම කළ නිවාසවල පවතින අධික දූවිල්ල හේතුවෙන් ද පෙනහළු ආශ්රිත රෝග ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි. [SIZE=5][B]දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ, බීබීසී සිංහල 2018 වසරේ "ශ්‍රී ලංකාවේ දර ලිප් සහ ගෘහස්ථ වායු දූෂණය: නොකළ යුතු දේ මොනවාද?" මැයෙන් කළ විමර්ශනයකි. [MEDIA=facebook]id=1107614673475487;type=v;user=A5News.lk[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom