🔴 ගූග්ල් මැප් තහනම් කරයි?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

    ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙක් බව සඳහන්.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණෙමින් සිටියදී අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇති නමුත් සැකකරුවන් දෙදෙනා විසින් තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අල්ලාගෙන කොල්ලුපිටිය පොලිසියේ ජංගම සංචාරක නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

    https://www.news19.lk/looked-at-the-google-map-and-ran-to-the-temple-tree-house/
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    දෙන්නෙක් තනියම අරගලයක් කරන්න ඇවිත්ද?