Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
🔴 ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ වැව් සහ විදුලි බලාගාර ආශ්රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් වගාවන්ට සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාදීමට දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

නියඟ තත්වය තවදුරටත් පැවතුණුහොත් ප්‍රමාණවත් පරිදි විදුලිය බලය නිපදවීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදුවකට යෑමට අනිවාර්යෙන්ම සිදුවන බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.

මහවැලි ජලාශවල තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ දැඩි නියඟ තත්වය හේතුවෙන් මහවැලි බොහෝ ජලාශවල ජල මට්ටම් සියයට 50 සීමාවට ළඟාවී ඇති බවයි.

මේ අතර අධික නියඟ තත්ත්වය හේතුවෙන් යාල විල්පත්තුව, කුමන සහ උඩවලව යන වනෝද්‍යානවල සතුන්ගේ ජීවිතවලටද දැඩි ලෙස බලපෑම් මතුවී ඇතැයි වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

මෙම වනෝද්‍යානවල ජලාශ රැසක් සිඳී ගොස් ඇති අතර තවත් ජලාශ සිඳී යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ජල හිඟය සමග අධික රශ්නයසහ ආහාර අඩුකම යන ප්‍රශ්නවලටද වන සතුන් මුහුණ දී සිටින බව පැවසූ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා මෙම වනෝද්‍යානයන්හි සංචාරක කලාප සංචාරකයන් වෙනුවෙන් මනාව පවත්වාගෙන යෑමේ අරමුණින් ඒ ප්‍රදේශවලට ජලය සැපයීම අරඹා ඇතැයිද සඳහන් කළේය.

මේ අතර උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 65,000ක් අධික නියගය හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වසරේ සහල් නිෂ්පාදනයටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පැවසූ අමාත්‍යවරයා නියගය හේතුවෙන් බෝග වගාවන්ට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 87.9ක් දක්වා පහත බැස ඇති බවත් තවත් දින දහයක් ජලය නොලැබුණහොත් එම මට්ටම ඝන මීටර් මිලියන 60 ක් දක්වා පහත බසිනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

මේ හේතුවෙන් දකුණු පළාතට පැයේ සිට පැය තුන දක්වා විදුලි කප්පාදුවක් ඉදිරියේදී කිරීමට සිදුවනු ඇතැයිද එම නිලධාරීන් අනතුරු අඟවා ඇත.

මේ අතර නියගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන මධ්‍ය පරිමාණයේ වැව් රැසක් සිඳී ගොස් ඇති බවත් මධ්‍යම රජය යටතේ නඩත්තු කෙරෙන මහා පරිමාණයේ වැව් රැසක ජල මට්ටමද ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බවත් වාරි ඉංජිනේරුවෝ පවසති.

උතුරු මැද පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන වැව් සංඛ්‍යාව 3000කට අධිකය. අධික නියගය හේතුවෙන් මෙම වැව් විශාල වශයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණදී සිටිති. එසේම එම ප්‍රදේශවල වන සතුන්ද ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු ජයන්ත හේරත් මහතා පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලින් සියයට අසූවක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇති බවයි

ඉදිරියේදී වැස්ස නොලැබුණහොත් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී තත්වය මීට වඩා දරුණු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව නියඟය හේතුවෙන් වැඩි බලපෑම එල්ලවී ඇත්තේ අම්පාර හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටය.

නියඟය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වගාවන් රැසකට හානි සිදුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහත ගියහොත් විදුලිය නිපදවීමට ගැටලු මතු වීමෙන් විදුලිය කප්පාදුවකට පවා යොමුවීමට සිදුවනු ඇති බවයි.

(ලංකාදීප)

[MEDIA=youtube]sbuKmuTFhow[/MEDIA]

[ATTACH=full]211177[/ATTACH]

[ATTACH=full]211178[/ATTACH]

[QUOTE="asbestos, post: 29073558, member: 580546"] රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ වැව් සහ විදුලි බලාගාර ආශ්රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් වගාවන්ට සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාදීමට දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා ලංකාදීපයට පැවැසීය. නියඟ තත්වය තවදුරටත් පැවතුණුහොත් ප්‍රමාණවත් පරිදි විදුලිය බලය නිපදවීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදුවකට යෑමට අනිවාර්යෙන්ම සිදුවන බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි. මහවැලි ජලාශවල තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ දැඩි නියඟ තත්වය හේතුවෙන් මහවැලි බොහෝ ජලාශවල ජල මට්ටම් සියයට 50 සීමාවට ළඟාවී ඇති බවයි. මේ අතර අධික නියඟ තත්ත්වය හේතුවෙන් යාල විල්පත්තුව, කුමන සහ උඩවලව යන වනෝද්‍යානවල සතුන්ගේ ජීවිතවලටද දැඩි ලෙස බලපෑම් මතුවී ඇතැයි වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය. මෙම වනෝද්‍යානවල ජලාශ රැසක් සිඳී ගොස් ඇති අතර තවත් ජලාශ සිඳී යමින් පවතින බවද ඔහු සඳහන් කළේය. ජල හිඟය සමග අධික රශ්නයසහ ආහාර අඩුකම යන ප්‍රශ්නවලටද වන සතුන් මුහුණ දී සිටින බව පැවසූ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා මෙම වනෝද්‍යානයන්හි සංචාරක කලාප සංචාරකයන් වෙනුවෙන් මනාව පවත්වාගෙන යෑමේ අරමුණින් ඒ ප්‍රදේශවලට ජලය සැපයීම අරඹා ඇතැයිද සඳහන් කළේය. මේ අතර උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 65,000ක් අධික නියගය හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ වසරේ සහල් නිෂ්පාදනයටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පැවසූ අමාත්‍යවරයා නියගය හේතුවෙන් බෝග වගාවන්ට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය. මේ අතර සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 87.9ක් දක්වා පහත බැස ඇති බවත් තවත් දින දහයක් ජලය නොලැබුණහොත් එම මට්ටම ඝන මීටර් මිලියන 60 ක් දක්වා පහත බසිනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්හ. මේ හේතුවෙන් දකුණු පළාතට පැයේ සිට පැය තුන දක්වා විදුලි කප්පාදුවක් ඉදිරියේදී කිරීමට සිදුවනු ඇතැයිද එම නිලධාරීන් අනතුරු අඟවා ඇත. මේ අතර නියගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන මධ්‍ය පරිමාණයේ වැව් රැසක් සිඳී ගොස් ඇති බවත් මධ්‍යම රජය යටතේ නඩත්තු කෙරෙන මහා පරිමාණයේ වැව් රැසක ජල මට්ටමද ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බවත් වාරි ඉංජිනේරුවෝ පවසති. උතුරු මැද පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන වැව් සංඛ්‍යාව 3000කට අධිකය. අධික නියගය හේතුවෙන් මෙම වැව් විශාල වශයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණදී සිටිති. එසේම එම ප්‍රදේශවල වන සතුන්ද ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු ජයන්ත හේරත් මහතා පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලින් සියයට අසූවක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇති බවයි ඉදිරියේදී වැස්ස නොලැබුණහොත් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී තත්වය මීට වඩා දරුණු විය හැකි බවද ඔහු සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව නියඟය හේතුවෙන් වැඩි බලපෑම එල්ලවී ඇත්තේ අම්පාර හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටය. නියඟය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වගාවන් රැසකට හානි සිදුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහත ගියහොත් විදුලිය නිපදවීමට ගැටලු මතු වීමෙන් විදුලිය කප්පාදුවකට පවා යොමුවීමට සිදුවනු ඇති බවයි. (ලංකාදීප) ***** [MEDIA=youtube]sbuKmuTFhow[/MEDIA] [ATTACH type="full" alt="IMG_20230801_130855.jpg"]211177[/ATTACH] [ATTACH type="full" alt="IMG_20230801_131213.jpg"]211178[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom