😎 ඇඟවල් රබර් වගේ නවපු "රොස් සහෝදරියොන්ගෙ" අපූරු හැකියාවන් - The Ross Sisters 🤸‍♀️💃🏻

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    "The Ross Sisters" කියන්නෙ 1940 දශකයේදි ඇමරිකාව තුළ හුගක් ජනප්‍රියතාවයක් ලබා ගන්න සමත් වෙච්ච එකම පවුලේ සහෝදරියො තුන්දෙනෙක්ගෙන් සැදුම් ලත්ව නිර්මාණය වුණු නර්ථන සහ ගායන කණ්ඩායමකුයි. Betsy Ann Ross , Veda Victoria "Vicki" Ross , සහ Dixie Jewell Ross කියන මේ සහෝදරියො තුන්දෙනාටම තමන්ගෙ ශරීරයන් රබර් වගේ අසාමාන්‍ය ආකාරයෙන් නම්‍යශීලීව හසුරවන්න පුළුවන් හැකියාවක්, එහෙමත් නැත්නම් acrobatics, contortionism සම්බන්ධව සුවිශේෂ හැකියාවක් තිබුණා. මේ රොස් සහෝදරියො තුන්දෙනා, 1944 වසරේ තිරගත කරපු "Broadway Rhythm" කියන චිත්‍රපටයෙ ඇතුළත් වුණු "Solid Potato Salad" ගීතය ගායනා කරන ගමන් ඉදිරිපත් කරපු සුවිශේෂ වගේම හුගක් අපූරු "Acrobatic dance" එක තමයි මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඉදිරිපත් කරන්නෙ.





    44223439_8c520283-4608-471e-9964-1055cc2f4ed5.png

    Ross-Sisters.jpg

    w800

    wnd.webp

    මව සහ පියා සමග ලබාගත් පවුලේ සමූහ ඡායාරූපයක්

    203841691_6131e55d-3561-4895-a744-2f793432700a.jpeg