Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🙁 ලෝක උරුමයේ කරුමය 🙁
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක උරුම සීගිරිය ප්‍රදේශය වර්තමානය වනවිට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශවාසීහු පවසති.

සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

ලෝක උරුම බිම්කඩක් බවට නම්කළ ස්මාරකය ද මේ වනවිට විනාශවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දේ. මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැලක් දැකගත හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළෙඳසැල් සියල්ල ගරාවැටී දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩී අපිරිසිදුභාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එය පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දිවලට ජලය ගෙනත් දීම සිදු කරන බව ඔහු කියයි.

සීගිරිය නවනගරය අයිතිකරුවකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම සීගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවය. දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බවය. ප්‍රාදේශීය සභාවෙන් තමන්ට අයිති නැති බව කියන්නේයැයි ඔවුහු කියති.

කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණෙති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය සංචාරකයන් දහස ඉක්මවා පැමිණෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

දේශීය එක් සංචාරකයකුගෙන් සීගිරිය නැරැඹීමට අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 30කි.

සීගිරියේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක් වූ සීගිරිය රජමහා විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ:

“බලධාරීන්ට අපි යෝජනා කර සිටින්නේ දේශීය විදේශීය සංචාරකයන්ට මේ ලෝක උරුමය බලන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. විදේශීය සංචාරකයෝ විතරක් නෙවෙයි දේශීය සංචාරකයෝත් සීගිරියට ඇවිල්ල බැණ බැණ තමයි යන්නේ. අවුරුදු තිහකට ආසන්න කාලයක් සීගිරිය නව නගරය මේ විදිහටමයි පවතින්නේ. කවුරු පාලනයට ආවත් මේකෙ තියෙන සල්ලි ටික අරන් යන්න විතරයි බලන්නේ. ලෝක උරුම බිම්කඩක් කියලා නම් කරලා හදපු ස්මාරකය ළඟට ගිහිල්ලා බලන්න. මහලොකුවට උජාරුවට ලෝක උරුමයක් කියලා කියනවා. හැබැයි ඒ බිම් කඩෙහි නම් කරපු තැන්වලට ගිහින් බැලුවම ඇඟ හිරි වැටෙනවා.

සීගිරිය නව නගරයේ කඩවල් ටික තනිකර හරක් මඩුවක්. වැසිකිළිවලට යන්න තියා හිතන්නවත් බෑ. වැසිකිළියට ගිහිල්ලා ඉවර වෙනකොට බාල්දියේ තියෙන වතුර ටික ඉවරයි. අර මනුස්සයෙක් ඉඳගෙන නළ ළිඳකින් වතුර ගහලා කැඩිච්ච බාල්දියකට ගිහින් දෙනවා. මේවා දකින විදේශීය සංචාරකයෝ සීගිරිය ලෝක උරුමයක් නෙවෙයි මහා කරුමයක් කියලා ඔළුවේ අත තියාගෙන දුවනවා.

හැබැයි දේශීය සංචාරකයන් වැඩි වශයෙන් එන සීගිරිය නව නගරයට තමයි මේ විදිහට කණකොකා හඬලා තියෙන්නේ. විදේශීය සංචාරකයන් වැඩියෙන් ගැවසෙන පැත්ත හොඳට හදාගෙන තියෙනවා. මොකද ඒවාට ඩොලර් හම්බවෙන නිසා. හැබැයි අපේ අහිංසක මිනිස්සු දෙන්නේ රුපියල් නිසා තමයි මෙහෙම සලකන්නේ.

මම අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ සීගිරියේ ලොකු හාමුදුරුවෝ හැටියට මේ අපරාදේ සිද්ද වෙන්න තවත් ඉඩ දෙන්න එපා. මේක සොයා බලා වහාම පියවර ගන්න. සීගිරිය කිසිම කෙනෙක් නිකම් බලන්නේ නෑ. සල්ලි දීලා බලන්නේ. පාසල් ළමුන් ආපුවාම කෑම ටිකක් කන්න තැනක් නෑ. වැසිකිළියට යන්න බෑ. මොන තරම් අපරාධයක්ද. අද කාශ්‍යප රජතුමා හිටියා නම් ඔය පාලකයන් ඔක්කොටම දඬුවම් දෙනවා. නිකන්ම දඬුවම් නෙවෙයි හිස ගසා දාලා තමයි පස්ස බලන්නේ.”

සීගිරිය නවනගර වෙළෙඳ සංගමයේ ලේකම් කේ.ජී. බැද්දේගෙදර මහතා:

“අපිට සිද්ද වුණේ අපේ ඉඩම් නව නගරයට දීලා එදා ඉඳලා අද දක්වාම හූල්ලා වැටෙන්න. අද සීගිරිය නව නගරය තනිකරම බල්ලන්ට ගිහිල්ලා. බල්ලො පනහක් හැටක් විතර ඇවිල්ලා සංචාරකයන් හපන්න හදනවා. තැන තැන කැඩිලා ගිහිල්ලා තියෙන කඩ කාමරවල තමයි බල්ලො ජීවත් වෙන්නේ. සංචාරකයෝ මේ ප්‍රදේශයට ඇවිල්ල මේක ද සීගිරිය කියලා ඔළුවේ අත තියාගෙන තමයි යන්නේ. මොකද ඒ අය එනකොට දාගෙන එන චිත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලට මේවා අයිතියි කියලා තමයි දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් කියන්නේ. සංස්කෘතික අරමුදලෙන් කියන්නේ මේ නව නගරය ප්‍රාදේශීය සභාවට අයිතියි කියලා. අන්තිමට ඒ දෙගොල්ලෝ කඹ අදිනවා. හැබැයි දෙගොල්ලම සල්ලි ගන්නවා. වාහන නවත්තන එකෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කරනවා. සීගිරිය බලන්න එන එකෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි ගන්නවා. මේ දෙගොල්ලගෙන්ම නව නගරයට කුඩම්මගෙ සැලකිලි. ඒ නිසා අපිට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැහැ. දැන් දශක තුනකට කිට්ටු වෙන්න බලාගෙන ඉන්නවා හරියට උතුරේ තිබ්බ යුද්දෙ වගේ.” ඔහු පැවැසුවේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතාගෙන් ජනතාව නගන චෝදනා පිළිබඳව අපි විමසීමක් කළෙමු.

“සීගිරිය නව නගරයට වසර ගණනාවකට ඉස්සර තමයි අත්පත් කරගෙන ඔය කඩ හදලා තියෙන්නේ. මේ අත්පත් කර ගැනීමේදී ඒ කාලේ භූමිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. නිසියාකාරව භූමිය පැවරීමක් සිද්ධ වෙලා නෑ කියලා තමයි තියෙන්නේ. එනිසා අපි එහි භාරකාරත්වය ප්‍රාදේශීය සභාවට පවරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඉදිරියේදී ඒක සිද්ධවේවි.

අපි දේශීය එක සංචාරකයකුගෙන් රුපියල් 100 ක මුදලක් අයකරනවා. ළමයකුගෙන් රුපියල් 50 ක් අය කරනවා. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කරනවා සීගිරිය බලන්න.

විදේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වැසිකිළි කැසිකිළි පහසුකම් සියල්ල ඉතා හොඳට නඩත්තු කරගෙන යනවා. මේ දවස්වල විදේශීය සංචාරකයෝ දවසකට පන්සියයකට වැඩිය සීගිරිය නරඹනවා. දේශීය සංචාරකයෝ දාහ පැනල සීගිරිය නරඹන්න එනවා. සමහර විට ඉදිරියේදී වැඩිවීමක් තියේවි.”

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක මහතාගෙන් ද අප මෙම ගැටලුව පිළිබඳ විමසීමේ දී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“සීගිරිය නවනගරය අපට මේ වෙනකම් බාර දීලා නැහැ. අපට ලිඛිතව නීත්‍යනුකූලව දෙනවා නම් අපි ඒවා නඩත්තු කරන්න සූදානම්. හැබැයි අදටත් අපි පාරවල් ටික සුද්ද කරලා කුණු ටික ඇදලා පුළුවන් විදිහෙන් උදව් උපකාර කරනවා. අපි වාහන නවත්වනවාට මුදලක් අය කරනවා. පාරවල්වල සීගිරියට ඇවිල්ලා තැන තැන නවත්තලා තියෙන වාහනවලින් මුදලක් අය කරනවා. එහෙම නැතුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහනවලින් අපි මුදල් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ.

සීගිරිය කියන්නේ මුළු දඹුල්ලම දියුණු කරන්න පුළුවන් තරම් මුදල් එන ස්ථානයක්. හැබැයි සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පිහිටා තිබුණට අපේ පාරවල් මාර්ග සහ අනෙකුත් ස්වභාව සෞන්දර්ය පාවිච්චි කළාට අඩුම තරමේ ප්‍රාදේශීය සභාවට රුපියලක්වත් දෙන්නෙ නෑ.”

සටහන/ ඡායාරූප: දඹුල්ල

කාංචන කුමාර ආරියදාස

- lankadeepa.lk -

[QUOTE="Stimulus mind, post: 27261639, member: 577135"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_f4974b1efa.jpg[/IMG] [B]ලෝක උරුම සීගිරිය ප්‍රදේශය වර්තමානය වනවිට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශවාසීහු පවසති. [/B] සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති. ලෝක උරුම බිම්කඩක් බවට නම්කළ ස්මාරකය ද මේ වනවිට විනාශවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දේ. මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැලක් දැකගත හැකිය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළෙඳසැල් සියල්ල ගරාවැටී දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩී අපිරිසිදුභාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එය පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දිවලට ජලය ගෙනත් දීම සිදු කරන බව ඔහු කියයි. සීගිරිය නවනගරය අයිතිකරුවකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_a364d1976c.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_76ff6e47eb.jpg[/IMG] ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම සීගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවය. දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බවය. ප්‍රාදේශීය සභාවෙන් තමන්ට අයිති නැති බව කියන්නේයැයි ඔවුහු කියති. කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණෙති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය සංචාරකයන් දහස ඉක්මවා පැමිණෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. දේශීය එක් සංචාරකයකුගෙන් සීගිරිය නැරැඹීමට අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 30කි. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_a6955c5f29.jpg[/IMG] සීගිරියේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක් වූ සීගිරිය රජමහා විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ: “බලධාරීන්ට අපි යෝජනා කර සිටින්නේ දේශීය විදේශීය සංචාරකයන්ට මේ ලෝක උරුමය බලන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. විදේශීය සංචාරකයෝ විතරක් නෙවෙයි දේශීය සංචාරකයෝත් සීගිරියට ඇවිල්ල බැණ බැණ තමයි යන්නේ. අවුරුදු තිහකට ආසන්න කාලයක් සීගිරිය නව නගරය මේ විදිහටමයි පවතින්නේ. කවුරු පාලනයට ආවත් මේකෙ තියෙන සල්ලි ටික අරන් යන්න විතරයි බලන්නේ. ලෝක උරුම බිම්කඩක් කියලා නම් කරලා හදපු ස්මාරකය ළඟට ගිහිල්ලා බලන්න. මහලොකුවට උජාරුවට ලෝක උරුමයක් කියලා කියනවා. හැබැයි ඒ බිම් කඩෙහි නම් කරපු තැන්වලට ගිහින් බැලුවම ඇඟ හිරි වැටෙනවා. සීගිරිය නව නගරයේ කඩවල් ටික තනිකර හරක් මඩුවක්. වැසිකිළිවලට යන්න තියා හිතන්නවත් බෑ. වැසිකිළියට ගිහිල්ලා ඉවර වෙනකොට බාල්දියේ තියෙන වතුර ටික ඉවරයි. අර මනුස්සයෙක් ඉඳගෙන නළ ළිඳකින් වතුර ගහලා කැඩිච්ච බාල්දියකට ගිහින් දෙනවා. මේවා දකින විදේශීය සංචාරකයෝ සීගිරිය ලෝක උරුමයක් නෙවෙයි මහා කරුමයක් කියලා ඔළුවේ අත තියාගෙන දුවනවා. හැබැයි දේශීය සංචාරකයන් වැඩි වශයෙන් එන සීගිරිය නව නගරයට තමයි මේ විදිහට කණකොකා හඬලා තියෙන්නේ. විදේශීය සංචාරකයන් වැඩියෙන් ගැවසෙන පැත්ත හොඳට හදාගෙන තියෙනවා. මොකද ඒවාට ඩොලර් හම්බවෙන නිසා. හැබැයි අපේ අහිංසක මිනිස්සු දෙන්නේ රුපියල් නිසා තමයි මෙහෙම සලකන්නේ. මම අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ සීගිරියේ ලොකු හාමුදුරුවෝ හැටියට මේ අපරාදේ සිද්ද වෙන්න තවත් ඉඩ දෙන්න එපා. මේක සොයා බලා වහාම පියවර ගන්න. සීගිරිය කිසිම කෙනෙක් නිකම් බලන්නේ නෑ. සල්ලි දීලා බලන්නේ. පාසල් ළමුන් ආපුවාම කෑම ටිකක් කන්න තැනක් නෑ. වැසිකිළියට යන්න බෑ. මොන තරම් අපරාධයක්ද. අද කාශ්‍යප රජතුමා හිටියා නම් ඔය පාලකයන් ඔක්කොටම දඬුවම් දෙනවා. නිකන්ම දඬුවම් නෙවෙයි හිස ගසා දාලා තමයි පස්ස බලන්නේ.” සීගිරිය නවනගර වෙළෙඳ සංගමයේ ලේකම් කේ.ජී. බැද්දේගෙදර මහතා: “අපිට සිද්ද වුණේ අපේ ඉඩම් නව නගරයට දීලා එදා ඉඳලා අද දක්වාම හූල්ලා වැටෙන්න. අද සීගිරිය නව නගරය තනිකරම බල්ලන්ට ගිහිල්ලා. බල්ලො පනහක් හැටක් විතර ඇවිල්ලා සංචාරකයන් හපන්න හදනවා. තැන තැන කැඩිලා ගිහිල්ලා තියෙන කඩ කාමරවල තමයි බල්ලො ජීවත් වෙන්නේ. සංචාරකයෝ මේ ප්‍රදේශයට ඇවිල්ල මේක ද සීගිරිය කියලා ඔළුවේ අත තියාගෙන තමයි යන්නේ. මොකද ඒ අය එනකොට දාගෙන එන චිත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලට මේවා අයිතියි කියලා තමයි දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් කියන්නේ. සංස්කෘතික අරමුදලෙන් කියන්නේ මේ නව නගරය ප්‍රාදේශීය සභාවට අයිතියි කියලා. අන්තිමට ඒ දෙගොල්ලෝ කඹ අදිනවා. හැබැයි දෙගොල්ලම සල්ලි ගන්නවා. වාහන නවත්තන එකෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කරනවා. සීගිරිය බලන්න එන එකෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි ගන්නවා. මේ දෙගොල්ලගෙන්ම නව නගරයට කුඩම්මගෙ සැලකිලි. ඒ නිසා අපිට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැහැ. දැන් දශක තුනකට කිට්ටු වෙන්න බලාගෙන ඉන්නවා හරියට උතුරේ තිබ්බ යුද්දෙ වගේ.” ඔහු පැවැසුවේය. මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතාගෙන් ජනතාව නගන චෝදනා පිළිබඳව අපි විමසීමක් කළෙමු. “සීගිරිය නව නගරයට වසර ගණනාවකට ඉස්සර තමයි අත්පත් කරගෙන ඔය කඩ හදලා තියෙන්නේ. මේ අත්පත් කර ගැනීමේදී ඒ කාලේ භූමිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. නිසියාකාරව භූමිය පැවරීමක් සිද්ධ වෙලා නෑ කියලා තමයි තියෙන්නේ. එනිසා අපි එහි භාරකාරත්වය ප්‍රාදේශීය සභාවට පවරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඉදිරියේදී ඒක සිද්ධවේවි. අපි දේශීය එක සංචාරකයකුගෙන් රුපියල් 100 ක මුදලක් අයකරනවා. ළමයකුගෙන් රුපියල් 50 ක් අය කරනවා. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කරනවා සීගිරිය බලන්න. විදේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වැසිකිළි කැසිකිළි පහසුකම් සියල්ල ඉතා හොඳට නඩත්තු කරගෙන යනවා. මේ දවස්වල විදේශීය සංචාරකයෝ දවසකට පන්සියයකට වැඩිය සීගිරිය නරඹනවා. දේශීය සංචාරකයෝ දාහ පැනල සීගිරිය නරඹන්න එනවා. සමහර විට ඉදිරියේදී වැඩිවීමක් තියේවි.” දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක මහතාගෙන් ද අප මෙම ගැටලුව පිළිබඳ විමසීමේ දී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. “සීගිරිය නවනගරය අපට මේ වෙනකම් බාර දීලා නැහැ. අපට ලිඛිතව නීත්‍යනුකූලව දෙනවා නම් අපි ඒවා නඩත්තු කරන්න සූදානම්. හැබැයි අදටත් අපි පාරවල් ටික සුද්ද කරලා කුණු ටික ඇදලා පුළුවන් විදිහෙන් උදව් උපකාර කරනවා. අපි වාහන නවත්වනවාට මුදලක් අය කරනවා. පාරවල්වල සීගිරියට ඇවිල්ලා තැන තැන නවත්තලා තියෙන වාහනවලින් මුදලක් අය කරනවා. එහෙම නැතුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහනවලින් අපි මුදල් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. සීගිරිය කියන්නේ මුළු දඹුල්ලම දියුණු කරන්න පුළුවන් තරම් මුදල් එන ස්ථානයක්. හැබැයි සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පිහිටා තිබුණට අපේ පාරවල් මාර්ග සහ අනෙකුත් ස්වභාව සෞන්දර්ය පාවිච්චි කළාට අඩුම තරමේ ප්‍රාදේශීය සභාවට රුපියලක්වත් දෙන්නෙ නෑ.” [B]සටහන/ ඡායාරූප: දඹුල්ල කාංචන කුමාර ආරියදාස - lankadeepa.lk -[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom