🚀🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 19 - "Artemis 1" මෙහෙයුම සහ පෘථිවි චන්ද්‍රයා 🚀🌕

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Re2fjSp.jpg


    ඇමරිකාවේ නාසා ආයතනයේ "Artemis 1" මෙහෙයුම යටතේ "SLS' රොකට්ටුව මගින් දියත් කළ "Orion" අභ්‍යවකාශ යානය (Orion spacecraft) එළඹෙන නොවැම්බර් 21 වනදා චන්ද්‍ර පෘෂ්ඨයට කිලෝමීටර 130 ක් ආසන්නයෙන් ගමන් කරන මොහොතේදී පෘථිවිවාසීන් හට චන්ද්‍රයා දිස්වනු ඇත්තේඅඩ සඳ අවධියට/ කලාවට (waning crescent phase) පත්වය. මෙලෙස චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කිරීමෙන් පසුව "Orion" අභ්‍යවකාශ යානය ඉන් ඔබ්බට තවත් කිලෝමීටර 70 000 ක් ගමන් කිරීමට ද මෙහිදී සැලසුම් කොට තිබේ. "Orion" අභ්‍යවකාශ යානය රැගත් "SLS' රොකට්ටුව අභ්‍යවකාශ ගත කළ පසුගිය නොවැම්බර් 16 වනදා මැදියම් රැය පසුවී එළඹුණු මුල් හෝරාවන්හීදී ක්ෂිතියට ආසන්නයෙන් චන්ද්‍රයා දිස්වූයේ එහි අවසන් කලාවට/අවධියට (last quarter)පත්වය.

    ඇමරිකාවේ ෆ්ලොරීඩා'හි පිහිටා ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Kennedy Space Center) සිට කැමරා කාචයට හසුකරගත් පහත දැක්වෙන අපූරු ඡායාරූපයෙන් රොකට් එන්ජින් හා ද්‍රව ඉන්ධන ප්‍රවාලන රොකට් බූස්ටරයන් මගින් ඔසවාලමින් ඇති "Orion' අභ්‍යවකාශ යානය රැගත් "SLS' රොකට්ටුව අභ්‍යවකාශය වෙත ගමන් කරමින් පවතින මොහොත නිරූපණය වේ. මෙහි පසුබිමින් දිස්වන සූර්ය කිරණවලින් ආලෝකවත් වී ඇති චන්ද්‍ර පෘෂ්ඨයෙහි කෙළවරෙහි පවතින දාරයෙහි රැළි ආකාරයේ ස්වරූපයක් ගන්නා අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර මෙසේ දිස්වීමට එම මොහොතේ රොකට්ටුව ගමන් ගත් මාර්ගය අවටවූ වායුගෝලයෙහි හටගත් පීඩන තරංගයන් හේතුවෙන් සිදුවූ ආලෝකයෙහි වර්තනය හා කැමරා ශිල්පියා විසින් ඡායාරූපය ලබාගැනීමට යොදාගත් ස්ථානය (camera's line of sight) හේතු වී ඇත.


    Image Credit & Copyright: John Kraus

    DSC_3971-11-16-2022-Low-Res.jpg





    නාසා'හි 'Artemis' වැඩසටහන පිළිබදව මා විසින් මීට පෙර පළකළ ලිපි


    🛰️🚀🌎 අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දිනයේදී දියත් කරනු ලබන නාසා'හි 'Artemis' වැඩසටහන 🌎🚀🛰️

    🌎🚀🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 17 - "Orion' අභ්‍යවකාශ යානය මගින් හසුකර ගත් පෘථීවියෙහි අසිරිය 🌎🚀🌕


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    මේකෙන් මොකද වෙන්නෙ :eek:
    හදට ගොඩ බහිනවද
    මේ මිෂන් එකේදි නම් Orion යානෙ ගොඩබහින්නෙ නෑ, හඳ ළගින් ගිහිල්ලා තව කිලෝමීටර 70 000 ක් එහාටත් යනවා. මේ මිෂන් එකේදි කරන්නෙ Orion යානෙ, ඉස්සරහදි ගගනගාමියො යොදාගෙන කරන්න ඉන්න චන්ද්‍ර මෙහෙයුම්, අඟහරු මෙහෙයුම්වලදි යොදාගන්න පුළුවන් විදිහයි, ඒකෙ තියෙන ශක්‍යතාවෙයි පරීක්ෂා කරන එක තමයි මේ පළවෙනි මෙහෙයුමේදි කරන්නෙ. :yes:
     

    Similar threads