🛩️👩‍✈️🌏 ලොව වටා ගිය සාරා 🌎👩‍✈️🛩️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    TRAVEL-WORLD-ZARA-RUTHERFORD1200.jpg


    සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරිය සාරා රදර්ෆර්ඩ් සමත් වූවාය.

    සාරා සිය ගමනාන්තය වූ බෙල්ජියමේ කෝට්රේ නුවරට ළඟා වූයේ ඊයේ (20) ය. ඇය තනිවම ලොව වටා යෑමේ මෙම වික්‍රමය ආරම්භ කළේ පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා කෝට්රේ නුවරිනි. ඇගේ ගමනාන්තය වූයේ ද කෝට්රේ ය.

    තනි ඇන්ජිමක සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා පියාසර කරමින් සාරා වාර්තා තුනක් පිහිටවූවාය.

    ලෝකය වටා තනිවම පියසැරි වික්‍රමයක යෙදෙන ළාබාලතම කාන්තාව, මයික්‍රෝ ලයිට් වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක නැගී ලෝකය වටා යන කාන්තාව සහ තනි ඇන්ජිමක ගුවන් යානයක නැගී ලෝකය වටා යන පළමු බෙල්ජියම් ජාතිකයා වීම එම වාර්තාය.

    කෝට්රේ ගුවන්තොටුපොළට පැමිණි සාරා පිළිගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන්, යහළු යෙහෙළියන්, මාධ්‍ය කණ්ඩායමක් ද රැස්ව සිටි බව වාර්තා වේ.

    ‘මා හිතුවාට වඩා ඒක අමාරු වික්‍රමයක්’ යැයි සාරා මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය. ‘දැන් ඉතිං ටික දවසක් මා පොළොවේ පය ගහලා ඉන්න තීරණය කළා’ යැයි සාරා මාධ්‍ය හමුවේ පැවැසුවේ සිනාසෙමිනි.

    ගුවන් යානා පියාසර කිරීම, සාරා රදර්ෆර්ඩ් ට සහජයෙන් ලැබුණු හැකියාවකි. ඇය බෙල්ජියම් බ්‍රිතාන්‍ය ජාතික යුවතියකි. එමෙක්ම ඇය පැවැත එන්නේ ගුවන් නියමුවන්ගේ පවුලකිනි. ඇය ගුවන් යානා පැදවීම පුහුණු වූයේ වයස අවුරුදු 14 දීය. ඇය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇගේ වයස අවුරුදු 17 ක් බව පැවැසෙයි.

    ලොව වටා සංචාරය අතරතුරේ පසුගිය වසරේ දෙසැරම්බර් 28 වැනිදා සාරා ශ්‍රී ලංකාවට ද පැමිණියාය. ඇගේ සැහැල් ගුවන් යානය ගොඩබෑවේ රත්මලාන ගුවන් තොටුපොළටය. ඇයට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

    දෙසැම්බර් 30 වැනිදා උදෑසන 9.00 ට, සාරා රත්මලාන ගුවන් තොටුපලෙන් පිටවී ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි පියසැරිය ආරම්භ කළාය. ලංකාවට පැමිණි සාරා තමන් ශ්‍රී ලංකාවේ ගත කළ දෙදින ලබාගත් අත්දැකීම කිසිදින අමතක නොවන බවත්, ලංකාවේ තේ බොහෝ රසවත් බවත් පැවසුවාය.

    ලොව වටා වික්‍රමයට සාරා රදර්ෆර්ඩ් ට අනුග්‍රහය ලබා දුන් සමාගම් බොහොමයකි. ඇය පියාසර කළ යානය ස්ලොවේකියාවේ ‘ෂාර්ක් ඒරෝ’ සමාගම විසින් ඇයට ලබා දුන් එකකි. ආසන දෙකකින් සමන්විත මෙම ගුවන් යානයට පැයට සැතපුම් 186.4 ක වේගයකින් පියාසර කළ හැකි විය.

    මීට පෙර, ලෝකය වටා තනිවම සැහැල්ලු ගුවන් යානයකින් ගොස් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවූ තැනැත්තිය තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ශෙෂ්ටා වයිස් ය. ඒ, 2017 දීය. ශෙෂ්ටා වයිස්ගේ වාර්තාව සාරා බිඳ දැමුවාය.

    සාරා මෙම වික්‍රමය කළේ තනිවම වුවත්, ඇගේ සහායට වෙනම කණ්ඩායමක් සිටින අතර ඔවුහු ඇය පසුපසම ගමන් කළහ.

    ලොව වටා පියාසර කළ ළාබාළතම ගැටවරයා ද මෙම පසුගිය 2021 වසරේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීය. එම වික්‍රමය කළේ බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි ට්‍රැවිස් ලුඩ්ලෝව්ය.

    පසුගිය 2021 මැයි 29 වැනි ආරම්භ කළ එම වික්‍රමය අවසන් කිරීමට දින 44 ක් ගත විය.

    ට්‍රැවිස් ඔහුගේ වික්‍රමය ආරම්භ කිරීමට සැලැසුම් කර තිබුණේ 2020 ජූනි මාසයේ වුවත්, කොරෝනා වසංගතය ඊට හරස් වූ බැවින් එම වික්‍රමය මෙම 2021 මැයි මාසයේ ආරම්භ විය.


    Source: lankadeepa.lk










    20xp-aviator1-superJumbo-v3.jpg


    AP21230340027252-1.jpg


    2870dd7bedd1599cebd65fa98b3eef82


    d4f606132be577fa5ba67ed61326af3e


    cfe0aa0e4de0319dd1c37419cf80e26e