🤔 What's an Entrepreneur? ව්‍යවසායකයෙක් කියන්නෙ කවුරුද?

daily

Member
May 27, 2025
5
2
3
What's an Entrepreneur? ව්‍යවසායකයෙකු කියන්නෙ කවුරුද? 🤔

This video will define what an entrepreneur is in simple terms

ව්‍යවසායකයකු කියන්නේ කිසියම් ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගනිමින් එයට ගැලපෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන්නෙක්. එහි අවදානමක් ද තිබෙනවා. ලාභ මෙන්ම පාඩු ද ලබන්නට පුළුවන්. පෙරහැරක් තියෙන දවසට එන සෙනගට රටකජු විකුණන්නට පුළුවන්. හැබැයි, එදා වැහැලා පෙරහැර අවලංගු කළොත් හරි, සෙනග ආවෙ නැතිනම් හරි බැදගත්ත රටකජුවලින් පාඩු වෙන්න පුළුවන්.

චුල්ලසෙට්ඨි ජාතකයෙන් කොටසක්:

ඉස්සර, බරණැස් නුවර හිටියා චූලසෙට්ඨි කියලා සිටුතුමෙක්. දවසක් එතුමා පාරේ යනකොට මී කුණක් දැකලා මෙහෙම කිව්වා. "නුවණ තියෙන කෙනෙක්ට මේ මී කුණෙනුත් දියුණු වෙන්න පුළුවන්."

මේ කතාව අහගෙන හිටපු දුප්පත් තරුණයෙක් ඒ මී කුණ අරගෙන ගියා. ගිහින් ඒක බළල් හිමියෙක්ට විකුණලා පොඩි සල්ලි ප්‍රමාණයක් හම්බ කරගත්තා. ඒ සල්ලිවලින් උක් පැණි ටිකක් අරගෙන මල් කඩන අයට දුන්නා. ඒ අය සතුටට තමන් කඩාගත්තු මල් ටිකක් මේ තරුණයාට දුන්නා. මේ මල් ටික විකුණලා තවත් සල්ලි හම්බ වුණා.

ඊළඟට, දවසක් රජතුමාගේ උයනේ කඩා වැටිලා තිබුණු දර ටික එකතු කරලා දෙන්නම් කියලා උයන්පල්ලාගෙන් අවසර ගත්තා. ළමයින්ට උක් පැණි දීලා ඒ දර ටික එකතු කරගෙන, ඒ දර ටික කුඹල්කරුවෙකුට විකුණලා තවත් සල්ලි හම්බ කරගත්තා.

පස්සේ, තණකොළ අදින වෙළෙන්දන් පන්සීයක් දෙනාට පැන් පිරිනමලා ඒ අයව යාළුවෝ කරගත්තා. අශ්ව වෙළෙන්දෙක් එන බව දැනගත්තු මේ තරුණයා, ඒ වෙළෙන්දන්ගෙන් තණකොළ මිටිය බැගින් අරගෙන අශ්ව වෙළෙන්දාට විකුණලා ගොඩක් සල්ලි හම්බ කළා.

අවසානයේදී වරායට නැවක් ආපු බව දැනගෙන එතන හිටපු අනෙකුත් වෙළෙන්දන්ට කලින්ම තමන් නැවේ බඩු වලට සල්ලි දුන් බව කියා ඔවුන්ගෙන් සල්ලි අරගෙන ඒ අයට බඩු අරගෙන දීලා ලොකු ලාභයක් ගත්තා.

මේ විදිහට මී කුණකින් පටන් ගත්තු මේ තරුණයා, තමන්ගේ උත්සාහයයි නුවණයි නිසා විශාල ධනවතෙක් බවට පත් වුණා.

ව්‍යවසායකයෙකු විදියට හිතන්න. ව්‍යවසායකයෙකු වෙන්න විශාල ප්‍රාග්ධනයක් ඕනැ නැහැ. පොඩි තැනකින් පටන් ගන්න. ව්‍යවසායකත්වයේ මට්ටම් කිහිපයක් තියෙනවා. පුංචිම ඒවා ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය. කුඩා ව්‍යවසායකත්වය, මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ඔස්සේ එය විශාලනය වෙනවා.

මැලිබන් සමාගම පටන් ගත්ත හින්නි අප්පුහාමි, පෙරේරා ඇන් සන්ස් පටන් ගත් පෙරේරා, ගල්කිස්සේ හෝටලේ ලිපට අඟුරු දාන්නට ඇවිත් ලෝක ප්‍රකට සූපවේදිකයකු වුණ පබිලිස් වගේ උදාහරණ ලංකාවේත් බොහෝ තිබෙනවා.

ව්‍යවසාය මොන වෙනස්කමට භාජනය වුණත්, ව්‍යවසායකයා තිරසර වෙන්නට ඕනැ. ඒ කියන්නෙ බිස්නස් එක මී කුණෙන් මල්වලට මාරු වෙලා නැව් දක්වා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි, ව්‍යවසායක මනස වෙනස් කරගන්න එපා.
වීඩියෝව නැරඹීමට
 
  • Like
Reactions: nidarsha91

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,243
    8,378
    113

    මචන් උඹේ කෝස් එකේ ගාණ කීයද ?

    මේ දවස් වල buy කරන්න හොඳ stocks මොනවාද ?