13 හැවිරිදි සිසුවෙක් සංචාරයකට පැමිණි අවුරුදු 30ක සුද්දියකට අතවර කරයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදෙස් ජාතික කාන්තාවකට අතවර කළැයි කියන දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අද (3වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙරට සංචාරයට පැමිණි තිස් හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක කුඩාවැල්ල ගම්මානයට පැමිණ සිටියදී මෙම අතවර සිද්ධියට මුහුණ පා තිබිණි.

    ඇය ඊයේ(2වැනිදා ) පස්වරුවේ කුඩාවැල්ල, මෝදර වැල්ලේ තනිව ඇවිද යමින් සිටියදී සැකකාර පාසල් ශිෂ්‍යයා තම සුරතල් බල්ලා සමග පැමිණ මෙම කාන්තාව සමග කතාබහ කර කුළුපග වී ඇත. ලස්සන තැනක් පෙන්වීමට ඇති බව කියමින් ඔහු කාන්තාව කැටුව වෙරළාසන්නයේ වැටකෙයියා පඳුරක් අසලට කැඳවාගෙන ගොස් ඇයට අතවර කර ඇතැයි පැවසේ. විදෙස් කාන්තාව මේ සම්බන්ධයෙන් දික්වැල්ල, හිරිකැටිය පොලිස් මුරපොළට පැමිණිලි කර තිබූ අතර හිරිකැටිය පොලිසියෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ල යොමු කර තිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිලධාරිහු සැකකාර පාසල් ශිෂ්‍යයා අද(3වැනිදා) අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු කුඩාවැල්ලේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට අනාවරණය වී ඇත.

    ප්‍රංශ ජාතික කාන්තාව පොලිසියේදී සැකකාර පාසල් ශිෂ්‍යයා හඳුනාගෙන තිබිණි. සැකකාර පාසල් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ස්තූතිවන්ත වී ඇත්තේ ආයුබෝවන් කියා දෑත් එක්කර ආචාර කරමිනි. ලංකාව සුන්දර රටක් බැවින් මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩනොතබන ලෙසත් ඇය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. එසේ පැවසූ ඇය සැකකාර පාසල් ශිෂ්‍යයා තවමත් කුඩා දරුවකු බැවින් ඔහුට අවවාද කර මුදා හරින ලෙසත් ඉල්ලා තිබිණ.

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    16,997
    113
    සැකකාර පාසල් ශිෂ්‍යයා 👇🏽

    e1e5f3528dc82a91af31e84a81ffe72e4de615ae_full.jpg
    41ea5f8d4bde3c92aa2fa753313751465ecfa425_full.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,298
    113
    කලිං කිරියෙක් කීව වාක්කියක් මතක් උනා

    ඉපදුනු අප හට ලක් පොලවේ :P :P
     
    • Haha
    Reactions: Bart_Allen