Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
19 අහෝසි කරන්න කැබිනට් අනුමැතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

19 මොකද උනේ?.......

#1. සංශෝධන කෙටුම්පතේ 02 වගන්තිය තමයි ව්‍යවස්ථාවට එකතු කරන පළමු සංශෝධනය. මේකෙන් වෙන්නේ දැනට තිබෙන මූලික අයිතිවාසිකම් පරිච්ජේදයේ භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය වගේ පුරවැසි අයිතිවාසිකම් දක්වලා තිබෙන 14 වන වගන්තියට වහාම මුලින් 14A වගන්තිය අැතුලත් කිරීම. මේකට 14A (1), 14A (2), 14A (3) වශයෙන් උප වගන්ති 03 යි. මේකෙන් කරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික පුරවැසි අයිතියක් වශයෙන් පිළිගැනීම.

#2. දැනට ක්‍රියාත්මක අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) සහ 30 (2) වගන්තිවලින් තමයි විධායක ජනාධිපතිවරයාට හැඳන්වීම සහ ඔහු ධුරය වරකට 06 වසරක් දැරිය යුතුයි කියන ප්රතිපාදනය ඉදරිපත් කරන්නේ. සංශෝධන කෙටුම්පතේ 03 වන වගන්තිය දැනට තිබෙන 30 වන වගන්තිය මුලුමනින්ම ඉවත්කරලා නව වගන්තියක් අැතුලත් කරනවා. ඒ වගන්තිය දැනට තිබෙන වගන්තියෙන් වෙනස් වෙන්නේ ජනරයේ ජනාධිපතිවරයා වරකට 06 වසරක් ධූරය දැරිය යුතුයි වශයෙන් වන ප්රතිපාදනය 05 දක්වා අඩු කිරීම නිසා. ඒ හැර දැනට තිබෙන ජනාධිපතිවරයා රාජ්‍යයේ, විධායකයේ, අාණ්ඩුවේ ප්රධානියාය ඔහු ලංකා සන්නද්ධ සේවාවන්වල උත්තරීතරම අණ දෙන්නාය කියන වගන්ති කිසිසේත්ම සංශාේධනය වෙන්නේ නැහැ.

#3. 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්ම වතාවට භාවිතයට ගත් අවස්ථාවේ එහි 31 වගන්තියේ සඳහන්වුනා ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉක්මවා යාමට මාසයක් තුල සිට සහ ඉක්මවා යාමෙන් පසුව මාස 02 ක් ගතවීමට පෙර නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව.

නමුත් ජනාධිපති ජේ. අාර්. ජයවර්ධන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 03 වැනි සංශෝධනය ගෙනල්ලා ඒ හරහා වගන්ති අංක 31(3)A ව්‍යවස්ථාවට එක් කරනවා. මෙයින් ධූරය දරණ ජනාධිපතිවරයෙකුට අවශ්‍ය නම් තමන් පළමු ධූර කාලයට පත්වීමෙන් වසර 04 ක් අවසන් වුනාට පස්සේ තවත් බලන් ඉන්නේ නැතිව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ලබා දෙනවා.

ඊලඟ වාරය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ. ඔහු 18 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවේ තිබුන 31(2) වගන්තිය - ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ දෙවරකට නොවැඩි වාර ගණනකට විතරයි කියන වගන්තිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් අයින් කරනවා. ඊටත් පස්සේ පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියන 31(3)A වගන්තිය ඕනෑම ධූර කාලයක වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියලා වෙනස් කරනවා.

19 වැනි සංශෝධනය නැවත යෝජනා කරනවා 18 වැනි සංශාේධනයෙන් ඉවත් කළ 31(2) වගන්තිය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්න. ඒ වගේම "පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැක" කියන අාරම්භයේදිම තිබුන තත්ත්වයට ව්‍යවස්ථාව නැවත ගෙනියනවා. ඕක තමයි සංශෝධනයේ 04 වන වගන්තියෙන් මූලික වශයෙන් කරන්නේ.

#4. 19 වැනි සංශාේධනයේ 05 වන වගන්තියෙන් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට ඉවත් කෙරෙන වගන්තියට බොහෝ දුරට සමාන නව වගන්තියක් අැතුලත් කෙරෙනවා.

ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය වෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් පිළිබඳ අර්ථ දැක්වීම. 19 වන සංශෝධනයෙන් මේ වගන්තියට උප වගන්ති 03 ක් අැතුලත් කරනවා. එයින් 33(01) උප වගන්තියෙන් කියන්නේ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංඛේතය වශයෙන් සලකන බව.

33(2) උප වගන්තිය ව්‍යවස්ථාව අාරක්ෂාකර පවත්වාගෙන යාම, අාගමික සහ වාර්ගික සහජීවනය අාරක්ෂාකර පවත්වාගෙන යාම, ජාතික ප්‍රතිසංධානය සහ ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීම, සංශාේධනයේ ඉදිරි වගන්තිවලින් යෝජනා කරන ව්‍යවස්ථාදායක සභාව නිසි පරිද ක්‍රියාත්මකවන බව සහතික කිරීම, මැතිවරණ කොමිෂමේ උපදෙස්වලට අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ගොඩනැගීම කියන කාර්යයන් ජනාධිපතිවරයා විෂයෙහි අැති කරනවා.

දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන් ජනාධිපතිවරයාට බලතල සහ කාර්යයන් 07 ක් පැවරී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සැසිවාර විවෘත කරමින් අාණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ උත්සවාකාර අවස්ථාවන්හි ප්‍රධානත්වය දැරීම, තානාපති සේවා නිලධාරීන් පත්කිරීම සහ විදේශ ධූතයන් පිලිගැනීම, ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම, රාජ්‍ය මුද්‍රාව ලග තබා ගැනීම සහ භාවිතය, යුද්ධය සහ සාමය තීරණය කිරීම සහ වෙනත් චාරිත්‍රානුකූල කටයුතු වශයෙන්.

19 වන සංශෝධනයෙන් යෝජිත 33(3) උප වගන්තිය මේ ලැයිස්තුවට තවත් එක කාර්යයක් එකතු කරනවා. ඒ පාර්ලිමේන්තුව කැඳවීම, කල්තැබීම හෝ විසුරුවා හැරීම.

ඊට පස්සේ මේ සංශෝධනය 33A නමින් වගන්තියක් අැතුළත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට විධිවිධානයක් එක් කරනවා. නමුත් එය හුදෙක් වෙනත් ප්‍රයෝගික විධිවිධාන සැලසීමකින් තොර තනි වගන්තියක්.

දැනට තිබෙන ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය වන ජනාධිපතිවරයා යම්කිසි හේතුවක් නිසා ධූරය දැරීමට අසමත්වන අවස්ථාවක අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වනු අැත කියන විධිවිධානය කතානායකවරයා එවැනි අවස්ථාවක වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වන පරිදි වෙනස් වෙනවා

#5.ව්‍යවස්ථා සංශාේධනයේ වැදගත්ම සංශෝධනයක් ඊලගට අැතුළත් වෙලා තියනවා. ඒ තමයි තිබෙන 35 වන වගන්තිය වෙනුවට නව වගන්තියක් අැතුළත් කිරීම. මේ 35 වන වගන්තිය කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව.දැනට තිබෙන මුක්තියේ විශේෂත්වය තමයි ජනාධිපතිවරයා විසින් කරන කිසිම කාර්යයකට අපරාධ හෝ සිවිල් නඩු කාර්යයක් අාරම්භ කල නොහැකි වීම. නමුත් යෝජිත සංශෝධනය 35(1) වගන්තිය ව්‍යවස්ථාවට අැතුළත් කරමින් කියනවා ජනාධිපතිවරයා විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකියි කියන එක (මෙතනදි ජනාධිපතිවරයා මානව හිමිකම් නඩුවකට උසාවි ගෙන්නන්න පුලුවන් කියලා හිතන්න එපා. සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයා කළ කිසියම් කාර්යයක් නැවැත්වීමට, වෙනස්කිරීමට හෝ එයින් සිදුවූ අගතියකට වන්දි ලබා ගැනීමට නීතිපතිවරයා අධිකරණයට කැඳවීමට පුරවැසියන්ට හැකිවීම).

නමුත් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා විසින් යුද්ධය හෝ සාමය තීරණය කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න අවස්ථාව පුරවැසියන්ට ලැබෙන්නේ නැහැ.

#6. සංශෝධනයේ 10 වන වගන්තියෙන් VII A පරිච්ජේදය නමින් කොසක් ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. මේක අැත්තටම 18 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තු කවුන්සිලය වශයෙන් ස්ථාපිතවුන අායතනය වෙනුවට නව අායතනයක් පිහිටුවීමක්. අනෙක් අතට 18 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද 17 වන සංශෝධනය ඊටත් වඩා පුලුල් මට්ටමින් යළි ගෙන ඒමක්. මෙහි අරමුණ වුනේ ජනාධිපතිවරයා විසින් කරන පත්කිරීම් සංවරණයට හා තුලනයට ලක් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව නමින් ව්‍යවස්ථාපිත අායතනයක් පිහිටුවීම.

18 වන සංශෝධනය ප්‍රකාර තත්ත්වය අනුව පාර්ලිමේන්තු කවුන්සිලයේ සංයුතිය වුනේ පුද්ගලයන් 05 ක් - ඒ අග්‍රාමාත්‍යවරයා, කතානයකවරයා, පාර්ලිමේන්තු විපක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායකවරයා විසින් නිර්දේශ කරන එවැනිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

19 වැනි සංශෝධනයෙන් යෝජනා කරනවා සාමජිකයන් 10 කගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් - ඒ අග්‍රාමාත්‍යවරයා, කතානයකවරයා, විපක්ෂයේ නායකවරයා, ජනාධිපති විසින් පත්කරන එක් අයෙක්, අගමැති සහ විපක්ෂයේ නායකවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන පුද්ගලයන් 05 ක්, අගමැතිවරයාගේ සහ විපක්ෂයේ නායකවරයාගේ පක්ෂ නොවන පාර්ලිමේන්තුවේ වෙනත් සුලු පක්ෂවල එකඟතාවයෙන් පත්කරන තවත් එක් අයෙක් වශෙයන්.

කවුන්සිලයේ කාර්යභාරය වෙන්නේ නිශ්චය කරනු ලැබූ ස්වාධීන කොමිෂණ් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත්කිරිම, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කීරීම, උසස් පරිපාලන නිලධාරීන් පත්කිරීම යන කාර්යවලදි ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීම. විශේෂත්වය මේකයි - 18 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තු කවුන්සිලයේ කාර්භාරය වුනේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියහොත් පමණක් ඔහු විසින් ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත්කිරීම් සම්බන්ධයෙන් කොමිෂමේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම. නමුත් 19 වන සංශෝධනය පැහැදිලිවම කියනවා මේ අායතනයේ නිර්දේශවලට පිටින් ජනාධිපතිවරයාට අදාළ පත්කිරීම් කළ නොහැකි බව.

#7. 18 වන සංශෝධනයේ VII A පරිච්ජේදයේ දක්වා තිබුන ස්වාධීන කොමිෂන් සභා සහ තනතුරු නාමාවලියට වඩා යෝජිත සංශෝධනයේ කොමිෂන් සභා සහ තනතුරු නාමාවලිය වෙනස්ව දක්වා අැත.

Schedule

18th Amendment

19th Amendment

Schedule I

මැතිවරණ කොමිසම

රාජ්‍ය සේවා කොමිසම

ජාතික පොලිස් කොමිසම

මානව හිමිකම් කොමිසම

අල්ලස් කොමිසම

මුදල් කොමිසම

සීමා නීර්ණයකිරීමේ කොමිසම

මැතිවරණ කොමිසම

රාජ්‍ය සේවා කොමිසම

ජාතික පොලිස් කොමිසම

මානව හිමිකම් කොමිසම

අල්ලස් කොමිසම

මුදල් කොමිසම

සීමා නීර්ණය කිරිමේ කොමිසම

විගණන සේවා කොමිසම

ජාතික ප්‍රසම්පාදන කොමිසම

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

රාජ්‍ය භාෂා කොමිසම

Schedule II Part I

අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු

අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු

අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර සෙසු සභිකයන්

19 වන සංශෝධනයෙන් මෙම ලැයිස්තුව වෙනසක් සිදුකර නොමැත.

Schedule II Part II

නීතිපති

විගණකාධිපති

පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා

පාර්ලිමෙන්තුවේ මහ ලේකම්

නීතිපති

විගණකාධිපති

පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා

පාර්ලිමෙන්තුවේ මහ ලේකම්

පොලිස්පති

මෙතැන විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු සංශෝධනයක් තමයි මේ පරිච්ජේදයේ 41c වගන්තියේ 4 වන අනු ව්‍යවස්ථාව. එතැනදි කියවෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු හැර සෙසු විනිසුරුවරු පත්කිරීමත් අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු පත්කිරීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් අග්රවිනිශ්චයකාරවරයා, අධිකරණ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා, නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා යන අයගේ අදහස් (සංශෝධනයේ භාවිත කර තිබෙන වචනය Views) ලබා ගතයුතුයි කියලා. එය එපමණයි - ඒ අදහස්වලට අනිවාර්යයෙන්ම අනුකූල වියයුතු බවක් හෝ ඉහත නම් සඳහන් කළ පුද්ගලයන් සපයන අදහස් නිර්දේශවල තත්ත්වයෙන් භාරගත යුතුබවක් හෝ සඳහන් නැහැ.

[QUOTE="Gonawala_GUNE, post: 25604952, member: 575193"] 19 මොකද උනේ?....... #1. සංශෝධන කෙටුම්පතේ 02 වගන්තිය තමයි ව්‍යවස්ථාවට එකතු කරන පළමු සංශෝධනය. මේකෙන් වෙන්නේ දැනට තිබෙන මූලික අයිතිවාසිකම් පරිච්ජේදයේ භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය වගේ පුරවැසි අයිතිවාසිකම් දක්වලා තිබෙන 14 වන වගන්තියට වහාම මුලින් 14A වගන්තිය අැතුලත් කිරීම. මේකට 14A (1), 14A (2), 14A (3) වශයෙන් උප වගන්ති 03 යි. මේකෙන් කරන්නේ [B]තොරතුරු දැනගැනීමේ අයිතිය[/B] මූලික පුරවැසි අයිතියක් වශයෙන් පිළිගැනීම. #2. දැනට ක්‍රියාත්මක අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) සහ 30 (2) වගන්තිවලින් තමයි විධායක ජනාධිපතිවරයාට හැඳන්වීම සහ ඔහු ධුරය වරකට 06 වසරක් දැරිය යුතුයි කියන ප්රතිපාදනය ඉදරිපත් කරන්නේ. සංශෝධන කෙටුම්පතේ 03 වන වගන්තිය දැනට තිබෙන 30 වන වගන්තිය මුලුමනින්ම ඉවත්කරලා නව වගන්තියක් අැතුලත් කරනවා. ඒ වගන්තිය දැනට තිබෙන වගන්තියෙන් වෙනස් වෙන්නේ ජනරයේ ජනාධිපතිවරයා වරකට 06 වසරක් ධූරය දැරිය යුතුයි වශයෙන් වන ප්රතිපාදනය 05 දක්වා අඩු කිරීම නිසා. ඒ හැර දැනට තිබෙන ජනාධිපතිවරයා රාජ්‍යයේ, විධායකයේ, අාණ්ඩුවේ ප්රධානියාය ඔහු ලංකා සන්නද්ධ සේවාවන්වල උත්තරීතරම අණ දෙන්නාය කියන වගන්ති කිසිසේත්ම සංශාේධනය වෙන්නේ නැහැ. #3. 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්ම වතාවට භාවිතයට ගත් අවස්ථාවේ එහි 31 වගන්තියේ සඳහන්වුනා ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉක්මවා යාමට මාසයක් තුල සිට සහ ඉක්මවා යාමෙන් පසුව මාස 02 ක් ගතවීමට පෙර නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. නමුත් ජනාධිපති ජේ. අාර්. ජයවර්ධන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 03 වැනි සංශෝධනය ගෙනල්ලා ඒ හරහා වගන්ති අංක 31(3)A ව්‍යවස්ථාවට එක් කරනවා. මෙයින් ධූරය දරණ ජනාධිපතිවරයෙකුට අවශ්‍ය නම් තමන් පළමු ධූර කාලයට පත්වීමෙන් වසර 04 ක් අවසන් වුනාට පස්සේ තවත් බලන් ඉන්නේ නැතිව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ලබා දෙනවා. ඊලඟ වාරය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ. ඔහු 18 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවේ තිබුන 31(2) වගන්තිය - ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ දෙවරකට නොවැඩි වාර ගණනකට විතරයි කියන වගන්තිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් අයින් කරනවා. ඊටත් පස්සේ පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියන 31(3)A වගන්තිය ඕනෑම ධූර කාලයක වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියලා වෙනස් කරනවා. 19 වැනි සංශෝධනය නැවත යෝජනා කරනවා 18 වැනි සංශාේධනයෙන් ඉවත් කළ 31(2) වගන්තිය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්න. ඒ වගේම "පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැක" කියන අාරම්භයේදිම තිබුන තත්ත්වයට ව්‍යවස්ථාව නැවත ගෙනියනවා. ඕක තමයි සංශෝධනයේ 04 වන වගන්තියෙන් මූලික වශයෙන් කරන්නේ. #4. 19 වැනි සංශාේධනයේ 05 වන වගන්තියෙන් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට ඉවත් කෙරෙන වගන්තියට බොහෝ දුරට සමාන නව වගන්තියක් අැතුලත් කෙරෙනවා. ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය වෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් පිළිබඳ අර්ථ දැක්වීම. 19 වන සංශෝධනයෙන් මේ වගන්තියට උප වගන්ති 03 ක් අැතුලත් කරනවා. එයින් 33(01) උප වගන්තියෙන් කියන්නේ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංඛේතය වශයෙන් සලකන බව. 33(2) උප වගන්තිය ව්‍යවස්ථාව අාරක්ෂාකර පවත්වාගෙන යාම, අාගමික සහ වාර්ගික සහජීවනය අාරක්ෂාකර පවත්වාගෙන යාම, ජාතික ප්‍රතිසංධානය සහ ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීම, සංශාේධනයේ ඉදිරි වගන්තිවලින් යෝජනා කරන ව්‍යවස්ථාදායක සභාව නිසි පරිද ක්‍රියාත්මකවන බව සහතික කිරීම, මැතිවරණ කොමිෂමේ උපදෙස්වලට අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ගොඩනැගීම කියන කාර්යයන් ජනාධිපතිවරයා විෂයෙහි අැති කරනවා. දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන් ජනාධිපතිවරයාට බලතල සහ කාර්යයන් 07 ක් පැවරී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සැසිවාර විවෘත කරමින් අාණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ උත්සවාකාර අවස්ථාවන්හි ප්‍රධානත්වය දැරීම, තානාපති සේවා නිලධාරීන් පත්කිරීම සහ විදේශ ධූතයන් පිලිගැනීම, ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම, රාජ්‍ය මුද්‍රාව ලග තබා ගැනීම සහ භාවිතය, යුද්ධය සහ සාමය තීරණය කිරීම සහ වෙනත් චාරිත්‍රානුකූල කටයුතු වශයෙන්. 19 වන සංශෝධනයෙන් යෝජිත 33(3) උප වගන්තිය මේ ලැයිස්තුවට තවත් එක කාර්යයක් එකතු කරනවා. ඒ පාර්ලිමේන්තුව කැඳවීම, කල්තැබීම හෝ විසුරුවා හැරීම. ඊට පස්සේ මේ සංශෝධනය 33A නමින් වගන්තියක් අැතුළත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට විධිවිධානයක් එක් කරනවා. නමුත් එය හුදෙක් වෙනත් ප්‍රයෝගික විධිවිධාන සැලසීමකින් තොර තනි වගන්තියක්. දැනට තිබෙන ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය වන ජනාධිපතිවරයා යම්කිසි හේතුවක් නිසා ධූරය දැරීමට අසමත්වන අවස්ථාවක අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වනු අැත කියන විධිවිධානය කතානායකවරයා එවැනි අවස්ථාවක වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වන පරිදි වෙනස් වෙනවා #5.ව්‍යවස්ථා සංශාේධනයේ වැදගත්ම සංශෝධනයක් ඊලගට අැතුළත් වෙලා තියනවා. ඒ තමයි තිබෙන 35 වන වගන්තිය වෙනුවට නව වගන්තියක් අැතුළත් කිරීම. මේ 35 වන වගන්තිය කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව.දැනට තිබෙන මුක්තියේ විශේෂත්වය තමයි ජනාධිපතිවරයා විසින් කරන කිසිම කාර්යයකට අපරාධ හෝ සිවිල් නඩු කාර්යයක් අාරම්භ කල නොහැකි වීම. නමුත් යෝජිත සංශෝධනය 35(1) වගන්තිය ව්‍යවස්ථාවට අැතුළත් කරමින් කියනවා ජනාධිපතිවරයා විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකියි කියන එක (මෙතනදි ජනාධිපතිවරයා මානව හිමිකම් නඩුවකට උසාවි ගෙන්නන්න පුලුවන් කියලා හිතන්න එපා. සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයා කළ කිසියම් කාර්යයක් නැවැත්වීමට, වෙනස්කිරීමට හෝ එයින් සිදුවූ අගතියකට වන්දි ලබා ගැනීමට නීතිපතිවරයා අධිකරණයට කැඳවීමට පුරවැසියන්ට හැකිවීම). නමුත් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා විසින් යුද්ධය හෝ සාමය තීරණය කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න අවස්ථාව පුරවැසියන්ට ලැබෙන්නේ නැහැ. #6. සංශෝධනයේ 10 වන වගන්තියෙන් VII A පරිච්ජේදය නමින් කොසක් ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. මේක අැත්තටම 18 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තු කවුන්සිලය වශයෙන් ස්ථාපිතවුන අායතනය වෙනුවට නව අායතනයක් පිහිටුවීමක්. අනෙක් අතට 18 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද 17 වන සංශෝධනය ඊටත් වඩා පුලුල් මට්ටමින් යළි ගෙන ඒමක්. මෙහි අරමුණ වුනේ ජනාධිපතිවරයා විසින් කරන පත්කිරීම් සංවරණයට හා තුලනයට ලක් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව නමින් ව්‍යවස්ථාපිත අායතනයක් පිහිටුවීම. 18 වන සංශෝධනය ප්‍රකාර තත්ත්වය අනුව පාර්ලිමේන්තු කවුන්සිලයේ සංයුතිය වුනේ පුද්ගලයන් 05 ක් - ඒ අග්‍රාමාත්‍යවරයා, කතානයකවරයා, පාර්ලිමේන්තු විපක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායකවරයා විසින් නිර්දේශ කරන එවැනිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. 19 වැනි සංශෝධනයෙන් යෝජනා කරනවා සාමජිකයන් 10 කගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් - ඒ අග්‍රාමාත්‍යවරයා, කතානයකවරයා, විපක්ෂයේ නායකවරයා, ජනාධිපති විසින් පත්කරන එක් අයෙක්, අගමැති සහ විපක්ෂයේ නායකවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන පුද්ගලයන් 05 ක්, අගමැතිවරයාගේ සහ විපක්ෂයේ නායකවරයාගේ පක්ෂ නොවන පාර්ලිමේන්තුවේ වෙනත් සුලු පක්ෂවල එකඟතාවයෙන් පත්කරන තවත් එක් අයෙක් වශෙයන්. කවුන්සිලයේ කාර්යභාරය වෙන්නේ නිශ්චය කරනු ලැබූ ස්වාධීන කොමිෂණ් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත්කිරිම, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කීරීම, උසස් පරිපාලන නිලධාරීන් පත්කිරීම යන කාර්යවලදි ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීම. විශේෂත්වය මේකයි - 18 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තු කවුන්සිලයේ කාර්භාරය වුනේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියහොත් පමණක් ඔහු විසින් ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත්කිරීම් සම්බන්ධයෙන් කොමිෂමේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම. නමුත් 19 වන සංශෝධනය පැහැදිලිවම කියනවා මේ අායතනයේ නිර්දේශවලට පිටින් ජනාධිපතිවරයාට අදාළ පත්කිරීම් කළ නොහැකි බව. #7. 18 වන සංශෝධනයේ VII A පරිච්ජේදයේ දක්වා තිබුන ස්වාධීන කොමිෂන් සභා සහ තනතුරු නාමාවලියට වඩා යෝජිත සංශෝධනයේ කොමිෂන් සභා සහ තනතුරු නාමාවලිය වෙනස්ව දක්වා අැත. [CENTER][/CENTER] [TABLE] [TR] [TD][CENTER][B]Schedule[/B][/CENTER][/TD] [TD][CENTER][B]18th Amendment[/B][/CENTER][/TD] [TD][CENTER][B]19th Amendment[/B][/CENTER][/TD] [/TR] [TR] [TD][B]Schedule I[/B][/TD] [TD][LIST] [*]මැතිවරණ කොමිසම [*]රාජ්‍ය සේවා කොමිසම [*]ජාතික පොලිස් කොමිසම [*]මානව හිමිකම් කොමිසම [*]අල්ලස් කොමිසම [*]මුදල් කොමිසම [*]සීමා නීර්ණයකිරීමේ කොමිසම [/LIST][/TD] [TD][LIST] [*]මැතිවරණ කොමිසම [*]රාජ්‍ය සේවා කොමිසම [*]ජාතික පොලිස් කොමිසම [*]මානව හිමිකම් කොමිසම [*]අල්ලස් කොමිසම [*]මුදල් කොමිසම [*]සීමා නීර්ණය කිරිමේ කොමිසම [*]විගණන සේවා කොමිසම [*]ජාතික ප්‍රසම්පාදන කොමිසම [*]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම [*]රාජ්‍ය භාෂා කොමිසම [/LIST][/TD] [/TR] [TR] [TD][B]Schedule II Part I [/B][/TD] [TD][LIST] [*]අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු [*]අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු [*]අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර සෙසු සභිකයන් [/LIST][/TD] [TD][LIST] [*]19 වන සංශෝධනයෙන් මෙම ලැයිස්තුව වෙනසක් සිදුකර නොමැත. [/LIST][/TD] [/TR] [TR] [TD][B]Schedule II Part II[/B][/TD] [TD][LIST] [*]නීතිපති [*]විගණකාධිපති [*]පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා [*]පාර්ලිමෙන්තුවේ මහ ලේකම් [/LIST][/TD] [TD][LIST] [*]නීතිපති [*]විගණකාධිපති [*]පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා [*]පාර්ලිමෙන්තුවේ මහ ලේකම් [*]පොලිස්පති [/LIST][/TD] [/TR] [/TABLE] මෙතැන විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු සංශෝධනයක් තමයි මේ පරිච්ජේදයේ 41c වගන්තියේ 4 වන අනු ව්‍යවස්ථාව. එතැනදි කියවෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු හැර සෙසු විනිසුරුවරු පත්කිරීමත් අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු පත්කිරීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් අග්රවිනිශ්චයකාරවරයා, අධිකරණ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා, නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා යන අයගේ අදහස් (සංශෝධනයේ භාවිත කර තිබෙන වචනය Views) ලබා ගතයුතුයි කියලා. එය එපමණයි - ඒ අදහස්වලට අනිවාර්යයෙන්ම අනුකූල වියයුතු බවක් හෝ ඉහත නම් සඳහන් කළ පුද්ගලයන් සපයන අදහස් නිර්දේශවල තත්ත්වයෙන් භාරගත යුතුබවක් හෝ සඳහන් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom