වයස අවුරුදු 19 ක තරුණියක් සමග විවාහ වූ අවුරුදු 54 ක පුද්ගලයෙකුට පවුල් දෙකේම ඥාතීන් පිරිසක් විසින් පහර දී 7 දා ඝාතනය කොට තිබේ.
වයෝවෘද්ධ පුද්ගලයා එම තරුණිය සමග ප්‍රේම සබදතාවක් ගොඩ නගා ගැනීමෙන් පසුව පවුල් දෙකේම ඥාතීන් ඊට විරුද්ධ වී ඇති අතර දින කීපයකට පසුව ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
මේ පිළිබදව උරණ වූ පවුල් දෙකෙම ඥාතීන් ඔවුන් දෙදෙනාට දුරකතන ඇමතුමක් ලබා දී ඔවුන් විවාහ කොට එක නිවසක පදිංචි කරවන බවට පොරොන්දු වී ඔවුන්ව කැඳවාගෙන තිබේ.
ඔවුන් දෙදෙනා පැමිණීමෙන් පසුව ඇති වූ ආරවුලක් මත දෙපාර්ශ්වයේම ඥාතීන් විසින් පහරදීමෙන් පසුව තුවාල ලැබූ පුද්ගලයාව යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ සංගවේලී ප්‍රදේශයේ පදිංචි මරියදාස් ජෙගදාස් නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති චුන්නාකම් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


