Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1989 සැප්තැම්බර් 21 vs 2024 සැප්තැම්බර් 21
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෙනුර එදිරිසිංහ නම් වූ ළමයෙක් ආණමඩුවට නුදුරු ඉතා දුශ්කර ගම්මානයක ජීවත් විය. ඔහුගේ පියා සිංහල වෙද මහතෙකු වූ අතර මව ගෘහණියක වූවාය. වෙනුරගේ පියා දුප්පත් මිනිසුන්ට බේත් හේත් කළේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවය.

විභාගය ඉහළින් සමත් වූ වෙනුර මාදම්පේ මධ්‍ය විද්‍යාලයට වැඩිපුර අධ්‍යාපනය සඳහා යාමට සුදුසුකම් ලැබීය. එලෙසම කල් යත්ම අපොස සා.පෙළ. විභාගයේදී දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභීයා වීමට වෙනුර සමත් විය. ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලය යාමට තරුණ වෙනුරට අවස්ථාව ලැබිණ. වෙනුරගේ ජීවිතයේ නව පිටුවක් පෙරලීමට කොළඹ රාජකීය විද්‍යාලයට හැකි විය.

ඔහුගේ ජීවිතයේ වැදගත්ම මොහොත පැමිණියේ ඉන්පසුවය. ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා වෙමින් රාජකීය විද්‍යාලයේ හොඳම ප්‍රතිඵලය බිහි කිරීමට වෙනුර සමත් විය. මා දන්නා තරමින් වෙනුර තැබූ වාර්තා තවම බිඳ දමා නොමැත. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුලත් වුනේ රාජකීය විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා ලෙසයි.

• 1984 වසරේ විද්‍යාලයීය ත්‍යාග ප්රධානෝත්සවයේ දී

• ඇල්ෆ්රඞ් ඇන්ඩිස් අනුස්මරණ ත්‍යාගය - (උද්භිද විද්‍යාව සඳහා)

• පී සී ඩබ් පීරිස් අනුස්මරණ ත්‍යාගය - (සත්ත්ව විද්‍යාව සඳහා)

• එෆ් ඊ වීරසූරිය අනුස්මරණ ත්‍යාගය - (ජීව විද්‍යා අංශයේ හොඳම ත්‍යාගය)

• තිස්ස වික්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය - (උද්භිද හා සත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)

• අ පො ස (උ/පෙළ) විභාගයේ හොඳම සිසුවාට හිමි ත්‍යාගය එම් ගුණරත්නම් අනුස්මරණ ත්‍යාගය දිනා ගැනීමට වෙනුරට හැකි විය.

කොළඹ විශ්ව විද්‍යාලයේ තම කණ්ඩායමේ ඉහළතම ලකුණුලාභියා වූ වෙනුර පසුකාලීනව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පැවති අරගලයට ත්රීමා විතාන හා එක් විය. ත්රීමා විතානගේ සමීපතම සගයා වූයේ වෙනුරයි.

ත්රීමා විතාන වෙනුරගේ ජේශ්ඨ කාමර සගයෙකු විය. එනිසාම දෙදෙනා තුළම හොඳ අවබෝධයක් තිබුණි. දෙදෙනාම සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔවුනගේ වෛද්‍ය සිහිනය පූජා කළේය.

ඔවුන් ජීවතුන් අතර සිටියේ නම් මේ වන ශ්‍රී ලංකාවේ සිටින දක්ශතම විශේෂඥ වෛද්‍යවරුන් වීමට ඉඩ තිබුණි. එහෙත් කුරි/රු දේශපාලනය රටේ අනාගතය පොඩි තලා පෙලා සුණු විසුණු කර දැමුවේය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහයි.

1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වයදුන්නේය. වෙනුර 1989 සැප්තැම්බර් 21 දින ඝාත//නයට ලක්වුනා.

ත්රීමා වෙනුරගේ ජීවිත වලට වගකිවයුත්තන් අදටත් ශ්‍රී ලන්කා දේශපාලනයේ මුල් පුටුවල ඉන්නා බව ඔබ විශ්වාස නොකරාවී.

ඔවුන් අද ජීවත් උනානම් පණ යදින මිනිසුන් දහස් ගනනක් ජීවත්වේවී,

සොභා දහම දඩුවම් කරන ආකරය අපූරුයි,

එදා වෙනුරගේ ජීවිතය උදුරාගෙන අමානුශීයව ඔහුව ම//රා දමා වසර 35කට පසු සැප්තැම්බර් 21 වන දින එදා ඔවුන් හඩ නැගූ දූෂිත දේශපානයට එරෙහිව මැතිවරණයක් පැවැත්වෙනවා.

අත්අඩංගුවේදී රඳවා වද දීමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කපා දමා තිබුනා. සිය ඇඟිලි වලින් වැගිරෙන ලේවලින් ඔහු වදකාගාරයේ බිත්තියේ මෙසේ ලියා තිබිණි.

‘‘මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා’’

[QUOTE="Jagzy, post: 30130572, member: 578130"] ෙනුර එදිරිසිංහ නම් වූ ළමයෙක් ආණමඩුවට නුදුරු ඉතා දුශ්කර ගම්මානයක ජීවත් විය. ඔහුගේ පියා සිංහල වෙද මහතෙකු වූ අතර මව ගෘහණියක වූවාය. වෙනුරගේ පියා දුප්පත් මිනිසුන්ට බේත් හේත් කළේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවය. විභාගය ඉහළින් සමත් වූ වෙනුර මාදම්පේ මධ්‍ය විද්‍යාලයට වැඩිපුර අධ්‍යාපනය සඳහා යාමට සුදුසුකම් ලැබීය. එලෙසම කල් යත්ම අපොස සා.පෙළ. විභාගයේදී දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභීයා වීමට වෙනුර සමත් විය. ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලය යාමට තරුණ වෙනුරට අවස්ථාව ලැබිණ. වෙනුරගේ ජීවිතයේ නව පිටුවක් පෙරලීමට කොළඹ රාජකීය විද්‍යාලයට හැකි විය. ඔහුගේ ජීවිතයේ වැදගත්ම මොහොත පැමිණියේ ඉන්පසුවය. ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා වෙමින් රාජකීය විද්‍යාලයේ හොඳම ප්‍රතිඵලය බිහි කිරීමට වෙනුර සමත් විය. මා දන්නා තරමින් වෙනුර තැබූ වාර්තා තවම බිඳ දමා නොමැත. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුලත් වුනේ රාජකීය විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා ලෙසයි. • 1984 වසරේ විද්‍යාලයීය ත්‍යාග ප්රධානෝත්සවයේ දී • ඇල්ෆ්රඞ් ඇන්ඩිස් අනුස්මරණ ත්‍යාගය - (උද්භිද විද්‍යාව සඳහා) • පී සී ඩබ් පීරිස් අනුස්මරණ ත්‍යාගය - (සත්ත්ව විද්‍යාව සඳහා) • එෆ් ඊ වීරසූරිය අනුස්මරණ ත්‍යාගය - (ජීව විද්‍යා අංශයේ හොඳම ත්‍යාගය) • තිස්ස වික්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය - (උද්භිද හා සත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා) • අ පො ස (උ/පෙළ) විභාගයේ හොඳම සිසුවාට හිමි ත්‍යාගය එම් ගුණරත්නම් අනුස්මරණ ත්‍යාගය දිනා ගැනීමට වෙනුරට හැකි විය. කොළඹ විශ්ව විද්‍යාලයේ තම කණ්ඩායමේ ඉහළතම ලකුණුලාභියා වූ වෙනුර පසුකාලීනව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පැවති අරගලයට ත්රීමා විතාන හා එක් විය. ත්රීමා විතානගේ සමීපතම සගයා වූයේ වෙනුරයි. ත්රීමා විතාන වෙනුරගේ ජේශ්ඨ කාමර සගයෙකු විය. එනිසාම දෙදෙනා තුළම හොඳ අවබෝධයක් තිබුණි. දෙදෙනාම සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔවුනගේ වෛද්‍ය සිහිනය පූජා කළේය. ඔවුන් ජීවතුන් අතර සිටියේ නම් මේ වන ශ්‍රී ලංකාවේ සිටින දක්ශතම විශේෂඥ වෛද්‍යවරුන් වීමට ඉඩ තිබුණි. එහෙත් කුරි/රු දේශපාලනය රටේ අනාගතය පොඩි තලා පෙලා සුණු විසුණු කර දැමුවේය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහයි. 1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වයදුන්නේය. වෙනුර 1989 සැප්තැම්බර් 21 දින ඝාත//නයට ලක්වුනා. ත්රීමා වෙනුරගේ ජීවිත වලට වගකිවයුත්තන් අදටත් ශ්‍රී ලන්කා දේශපාලනයේ මුල් පුටුවල ඉන්නා බව ඔබ විශ්වාස නොකරාවී. ඔවුන් අද ජීවත් උනානම් පණ යදින මිනිසුන් දහස් ගනනක් ජීවත්වේවී, සොභා දහම දඩුවම් කරන ආකරය අපූරුයි, එදා වෙනුරගේ ජීවිතය උදුරාගෙන අමානුශීයව ඔහුව ම//රා දමා වසර 35කට පසු සැප්තැම්බර් 21 වන දින එදා ඔවුන් හඩ නැගූ දූෂිත දේශපානයට එරෙහිව මැතිවරණයක් පැවැත්වෙනවා. අත්අඩංගුවේදී රඳවා වද දීමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කපා දමා තිබුනා. සිය ඇඟිලි වලින් වැගිරෙන ලේවලින් ඔහු වදකාගාරයේ බිත්තියේ මෙසේ ලියා තිබිණි. ‘‘මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා’’ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom