Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1989 - 90 රටක් හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1989 - 90 රටක් හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන

89 - 90 රටක් හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන

ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ වාර්තාවට පිටු 16000ක්

පාසල ආසන්නයේම සෙවණ හමුදා කඳවුර පැවති අතර හමුදා භටයන්ට පාසල් භූමිය ආගන්තුක ස්ථානයක් නොවූහ. ඇඹිලිපිටිය කඳවුරේ කර්නල් පරාක්‍රම ලියනගේ සමඟ විදුහල්පති දැඩි සමීපතාවක් ගොඩනඟා ගත්තේය. සිසුන් වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ඇඹිලිපිටිය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක 1989 නොවැම්බර් 20 වැනිදා රාත්‍රි 1.30ට පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී.

පැහැරගෙන ගොස් රඳවා තබාගනු ලැබූ ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ සිසුන් 32 සමඟ ඇඹිලිපිටියේ තවත් පාසල් සිසුන් 16 දෙනා වෙඩිතබා ඝාතනය කර ටයර් දමා පුළුස්සා දමා තිබුණේ උඩවලවේ වනෝද්‍යානයේ තණමල්විල මහාමාර්ගය දෙපසද, කරවිලයායට යන කාරමඩිත්තිය පාරේද සහ පනාමුර පාරේදීය. ඒ 1990 ජනවාරි 24 වැනිදා රාත්‍රියේදීය. ඇලුමිනියම් තහඩු ගසන ලද ලොරියකින් අත්පා බඳින ලද සිසුන් බිමට බස්සවා ඔවුන් විලාප දෙද්දී මෙම වෙඩි තැබීම් කර තිබුණ බව අසල මුර මඩුවක අයෙක් පසුව කියා තිබිණි. සෙවණ කඳවුරෙන් එහි සිටි අනුඛණ්ඩයය නික්ම ගියේ ඉන් දින කිහිපයකට පසුවය.

සූරියකන්දේ මෙම මළසිරුරු වළලා ඇතැයි සූරියකන්දේ ටෙලිකොම් කුළුණු ස්ථාපිත කිරීමේ නිරතව සිටි ඉංජිනේරුවෙකු විසින් මේ බව ප්‍රථමයෙන් මාධ්‍යවේදියෙකුට අනාවරණය කළේය.

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයට පැමිණි 25 දෙනෙකුගෙන් සමඟ යුත් පිරිසක් බස්නාහිර මහ ඇමැතිsනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ සූරියකන්ද බලා කොළඹින් අලුයම 5ට පමණ පසු දිනක පිටත්විණි. පිරිස සම්බන්ධීකරණය කළේ දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරාය. මාධ්‍යවේදීන් ලෙස සහභාගි වූයේ දයා ලංකාපුර ඇතුළු කිහිපදෙනෙකි.

පැල්මඩුල්ලේ පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදෑසන ආහාරය ගත් පිරිස උදලු, අලවංගු, කූඩ සහ කම්කරුවන්ද සමඟින් සූරියකන්ද බලා පිටත් විය. මහ ඇමැතිsනී චන්ද්‍රිකා ද සූරියකන්දේදී එයට එක්විණි. අවසානයේ වාහන 10ක පමණ ගමන්ගත් 50ක පමණ පිරිසක් එක්වී තිබිණි. පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරි එයට විරෝධය දැක්වුවද එය නොතකා පිරිස සමූහ මිනීවල සොයා ගන්නට තැන තැන කණිනු ලැබීය.

පස්වරුව වන විට දෙමාපියන් පිරිසක් ද පැමිණි අතර නීතිඥ එස්.ඒ. ප්‍රේමරත්නගේ මැදිහත්වීමෙන් රත්නපුර මහේස්ත්‍රාත් පියසේන රණසිංහද එම ස්ථානයට පැමිණ කැණීම් ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත් නියෝගයක් ලබාදුන්නේය. එහිදී මානව අස්ථි හමුවූ අතර ඉන්පසු දින කිහිපයක්ම කැණීම් කරන ලදී. රත්නපුර මහෙස්ත්‍රාත් පියසේන රණසිංහ චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ පසු කලෙක අල්ලස් කොමසාරිස් ජනරාල්ද විය.

ඇඹිලිපිටිය සිසු ඝාතනයට අදාළ රහස් සූරියකන්ද සමූහ මිනීවළෙන් හෙළිකරගැනීමට හැකියාවක් ලැබුවේ නැත. සාමාන්‍ය මිනිසුන්ගේ මරණයක් නොව පාසල් සිසුන් ඇතුළු පිරිසක් ඝාතනය වී එකම ස්ථානයක සමූහයක් ලෙස වළදමා ඇතැයි යන විශ්වාසයත් දේශපාලනික වශයෙන් ලැබුණු දැවැන්ත ප්රචාරයත් නිසා විශාල පිරිසක් සූරියකන්දට පැමිණියේය. දහස් ගණන් රැස්ව සිටි පිරිස් පවා තම ඥාතීන්ගේ අස්ථී සොයා හැකි පමණින් හෑරිම් කරන්නට වූහ. හැඟීම් උත්සන්න වූ ඇතැම් දෙනා හමුවන අස්ථී කොටස් තම අතේ තබාගෙන හඬා වැළපෙන අයුරු දැකගන්නට හැකිවිය.

සමූහ මිනීවල හාරා සිරුරු කොටස් ගොඩට ගෙන ඒවායේ අන්‍යතාව සොයා බැලීමේ වගකීම භාරවූයේ රුහුණු අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය නිරිඇල්ලගේ චන්ද්‍රසිරි, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.බී.එල් ද අල්විස් සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි එස්.එම්. කොළඹගේටය. මහාචාර්ය නිරිඇල්ල යුගෝස්ලෝවියාවේ වාර්ගික අර්බුදය හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 1996දී ගොඩගත් සහ 2000දී නැගෙනහිර ටිමෝරයේ මළසිරුරු ගොඩගත් එක්සත් ජාතින්ගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් පසු කාලයේ කටයුතු කළේය. දේශපාලන මැදිහත්වීම නොවන්නට කිසිදිනෙක සූරියකන්දේ සමූහ මිනීවළ හැරෙන්නේ නැතිබව සත්‍යයකි. එහෙත් අවසාන ප්‍රතිඵලය වූයේ සූරියකන්ද මිනීවළ හෑරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශවී යැමය.

සමූහ මිනීවළෙන් හමුවූ අස්ථී කොටස් තෝරා ගත නොහැකි අයුරින් කලවම්වීම නිසා සූරියකන්දේ මිනීවල හෑරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශවී ගියේය. මෙවැනි තත්ත්වයක් හමුවේ කැණීම් කිරීම ඵල රහිත බව කියූ අධිකරණ වෛද්‍යවරු කැණීම් අතරමග නවතා දැමූහ. දේශපාලන මැදිහත් වීම හේතුවෙන් මහා ආන්දෝලානාත්මක ලෙස හෑරීම ආරම්භ වී පසුව නිවැරදි අනාවරණයකින් තොරව අතරමග නවතා දැමූ සමූහ මිනීවළක් වෙත්නම් එය ශ්‍රී ලංකාවේ සූරියකන්ද මිනීවළ පමණි. රත්නපුර මහාධිකරණයේ පැවති නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව ඝාතනය කිරීම් චෝදනා නොව පැහැර ගැනීමේ චෝදනා පමණක් එල්ල වූයේ එසේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ නව රජය 1994 දී බලයට පත්වීමත් සමඟම ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලත් විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේදී 1995 නඩු පවරන ලදී. එහි පළමු විත්තිකරු වූයේ විදුහලේ විදුහල්පති වූ දයානන්ද ලොකුගලප්පත්තිය. ඔහුගේ පුත් චමින්ද දෙවැනි විත්තිකරු විය. එවකට ඔහු යුද හමුදාවට එක්වූ ලුතිනන්වරයෙකි. සෙවණගල යුද හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ ( පැරී), කපිතාන් දොන් ජාලිය ධනංජය ඈපා, මේජර්වරුන් වන ගවේෂ් ලියනගේ සහ වජිර විශිෂ්ඨ චාමරසිංහ, කෝප්රල් සමරතුංග ආරච්චිගේ සේනාරත්න නොහොත් සේන, සැරයන්වරුන් වන උපුල් චන්ද්‍ර කාරියවසම් සහ ඊ. ජැක්සන් කුමාරසිංහ යන අය සෙසු විත්තිකරුවන් වූහ. මෙහි හමුදා නිලධාරීන් සහ භටයන් සෙවණ කඳවුරේ පවත්වාගෙන ගිය 6වැනි කාලතුවක්කු ඒකකයට අනුයුක්තව සිටි අය වේ.

වසර 1989 ඔක්තෝබර් සහ 1990 ජනවාරි අතර කාලයේදී සිසුන් 25 දෙනෙකු පැහැරගෙන යැම, අයුතු ලෙස සිරගත කිරීම, සිසුන් අතුරුදන් කිරීම සහ මරා දැමීම ඇතුළු අධිචෝදනා 80ක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරිණි. රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර හමුවේ නඩු විභාගය ආරම්භ කළේ 1996 ජනවාරි 26වැනිදාය.

රත්නපුරේ මහාධිකරණයේ නඩුව සඳහා සුවිශේෂි කැපකිරීමක් කරමින් අතුරුදන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ලද්දේ සබරගමුවේ කීර්තිධර වාමාංශික ක්‍රියාකාරිකයෙකුවූ නීතිඥ එම්. ඒ. ජස්ටින්ය. නීතිඥ ප්‍රියංකා ගුණවර්ධන ඒ සඳහා සහාය විය. බොහෝ අවස්ථාවලදී එයට සහාය දුන් නීතිඥවරුන් වන මහින්ද රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ශ්‍රීලනිප නීතිඥ සංගමයේ සාමාජිකයන් රැසක්ද රත්නපුර මහාධිකරණයේදී ලේඛකයාට හමුවිය.

නඩු තීන්දුව 1999 පෙබරවාරි 10වැනිදා ප්‍රකාශයට පත්කළ අතර රත්නපුර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි සමඟින් ලේඛකයා එම අවස්ථාවට එක්වී සිටියහ. නඩු වාර්තාව පිටු 16,000කට ආසන්නය. විදුහල්පතිගේ පුත් ලුතිනන් චමින්ද සහ බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ සියලු අධි චෝදනාවලින් නිදහස් වූහ. එකම ඇසින් දුටු සාක්කියක්වත් නොමැතිව සිසුන් පැහැරගෙන යැමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යැම, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීමේ අධි චෝදනාවන් 50කට විත්තිකරුවන් 7 දෙනෙකු වරදකරු විය. සිසුන් මරාදැමීමේ අධි චෝදනාවෙන් ඔවුන් නිදහස් කෙරිණි. අධිචෝදනාවන්ට නියම වූ සිරදඬුවම් එකවර ගෙවීයන ලෙස පැනවූ හෙයින් ඔවුන් සියල්ලන්ටම හිමිවූයේ බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවම්ය. රජයේ නීතිඥවරුන්වූ සරත් ජයමාන්න, ශාම්ලාල් රාජපක්ෂ සහ විජිත් මල්ල්ගොඩගේ සහාය ඇතිව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩී.පී. කුමාරසිංහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ.

තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී සැරයන් ජැක්සන් කුමාරසිංහ සියලු අධි චෝදනාවලින් නිදහස් කෙරිණි. දස අවුරුදු සිර දඬුවම ස්ථිර කරමින් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ 2002 ජනවාරි 4වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූහ. වරදකරුවන් වූ විත්තිකරුවන් හමුදා අධිකාරියෙන් ඉවත් කෙරිණි. මේජර්වරුන් වූ ජාලිය ඈපා සහ ගවේෂ් ගිනිගේ කපිතාන් ධූරයට පහත හෙළුE අතර අධිකාරියෙන් ඉවත් කිරීම නිසා ඔවුන්ගේ නමේ ඉදිරියෙන් හමුදා නිලය යෙදීමට නොහැකිය.

සිරදඬුවමින් නිදහස් වූ පසු ඇඹිලිපිටිය විදුහලේ හිටපු විදුහල්පතිවරයාවූ රත්නපුර බටහේනේ පදිංචි දයානන්ද ලොකුගලප්පත්ති පසුකලෙක රත්නපුර වීරගොඩ විහාරස්ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරතන හිමිය.

ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදන්වූවන් සමරමින් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වන හන්දියේ අහිංසකාරාමය නමින් ස්මාරකයක්ද 1999 දෙසැම්බර් 10වැනිදා විවෘත කරන ලදී. එය ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහගේ නිර්මාණයක් විය. ඉදිකිරීමට භූමිය සහ අරමුදල් ආණ්ඩුව සපයා දෙනු ලැබූවද එහි නඩත්තුව කිසිවෙකු භාරගත්තේ නැත. පසුව එය වල්බිහිවී ගරාවැටී විනාශවී ගිය බැවින් නගර නිර්මාණ වැඩසටහන යටතේ ඒ අසලම තබා තිබූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ පිළිරුව සමඟින්ම ඉවත් කෙරිණි. සෑම වසරකම ඔක්තෝබර් 27වැනිදා ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදන්වූවන් වෙනුවෙන් සීදුව රද්දොළුව මංසන්දියේ සමරු වැඩසටහනක් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් පවත්වනු ලැබේ. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011 - 5234384 ලබාගත හැකිය.)

[QUOTE="araki, post: 22764935, member: 360239"] [b]1989 - 90 රටක් හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන[/b] [SIZE=5]89 - 90 රටක් හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/01/21/n14-2.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ වාර්තාවට පිටු 16000ක්[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පාසල ආසන්නයේම සෙවණ හමුදා කඳවුර පැවති අතර හමුදා භටයන්ට පාසල් භූමිය ආගන්තුක ස්ථානයක් නොවූහ. ඇඹිලිපිටිය කඳවුරේ කර්නල් පරාක්‍රම ලියනගේ සමඟ විදුහල්පති දැඩි සමීපතාවක් ගොඩනඟා ගත්තේය. සිසුන් වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ඇඹිලිපිටිය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක 1989 නොවැම්බර් 20 වැනිදා රාත්‍රි 1.30ට පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. පැහැරගෙන ගොස් රඳවා තබාගනු ලැබූ ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ සිසුන් 32 සමඟ ඇඹිලිපිටියේ තවත් පාසල් සිසුන් 16 දෙනා වෙඩිතබා ඝාතනය කර ටයර් දමා පුළුස්සා දමා තිබුණේ උඩවලවේ වනෝද්‍යානයේ තණමල්විල මහාමාර්ගය දෙපසද, ක[/SIZE][SIZE=5]රවිලයායට යන කාරමඩිත්තිය පාරේද සහ පනාමුර පාරේදීය. ඒ 1990 ජනවාරි 24 වැනිදා රාත්‍රියේදීය. ඇලුමිනියම් තහඩු ගසන ලද ලොරියකින් අත්පා බඳින ලද සිසුන් බිමට බස්සවා ඔවුන් විලාප දෙද්දී මෙම වෙඩි තැබීම් කර තිබුණ බව අසල මුර මඩුවක අයෙක් පසුව කියා තිබිණි. සෙවණ කඳවුරෙන් එහි සිටි අනුඛණ්ඩයය නික්ම ගියේ ඉන් දින කිහිපයකට පසුවය. [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/21/n14-4.jpg[/IMG][/SIZE] [SIZE=5]සූරියකන්දේ මෙම මළසිරුරු වළලා ඇතැයි සූරියකන්දේ ටෙලිකොම් කුළුණු ස්ථාපිත කිරීමේ නිරතව සිටි ඉංජිනේරුවෙකු විසින් මේ බව ප්‍රථමයෙන් මාධ්‍යවේදියෙකුට අනාවරණය කළේය. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයට පැමිණි 25 දෙනෙකුගෙන් සමඟ යුත් පිරිසක් බස්නාහිර මහ ඇමැතිsනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ සූරියකන්ද බලා කොළඹින් අලුයම 5ට පමණ පසු දිනක පිටත්විණි. පිරිස සම්බන්ධීකරණය කළේ දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරාය. මාධ්‍යවේදීන් ලෙස සහභාගි වූයේ දයා ලංකාපුර ඇතුළු කිහිපදෙනෙකි. පැල්මඩුල්ලේ පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදෑසන ආහාරය ගත් පිරිස උදලු, අලවංගු, කූඩ සහ කම්කරුවන්ද සමඟින් සූරියකන්ද බලා පිටත් විය. මහ ඇමැතිsනී චන්ද්‍රිකා ද සූරියකන්දේදී එයට එක්විණි. අවසානයේ වාහන 10ක පමණ ගමන්ගත් 50ක පමණ පිරිසක් එක්වී තිබිණි. පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරි එයට විරෝධය දැක්වුවද එය නොතකා පිරිස සමූහ මිනීවල සොයා ගන්නට තැන තැන කණිනු ලැබීය. [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/21/n14-3.jpg[/IMG] පස්වරුව වන විට දෙමාපියන් පිරිසක් ද පැමිණි අතර නීතිඥ එස්.ඒ. ප්‍රේමරත්නගේ මැදිහත්වීමෙන් රත්නපුර මහේස්ත්‍රාත් පියසේන රණසිංහද එම ස්ථානයට පැමිණ කැණීම් ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත් නියෝගයක් ලබාදුන්නේය. එහිදී මානව අස්ථි හමුවූ අතර ඉන්පසු දින කිහිපයක්ම කැණීම් කරන ලදී. රත්නපුර මහෙස්ත්‍රාත් පියසේන රණසිංහ චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ පසු කලෙක අල්ලස් කොමසාරිස් ජනරාල්ද විය. ඇඹිලිපිටිය සිසු ඝාතනයට අදාළ රහස් සූරියකන්ද සමූහ මිනීවළෙන් හෙළිකරගැනීමට හැකියාවක් ලැබුවේ නැත. සාමාන්‍ය මිනිසුන්ගේ මරණයක් නොව පාසල් සිසුන් ඇතුළු පිරිසක් ඝාතනය වී එකම ස්ථානයක සමූහයක් ලෙස වළදමා ඇතැයි යන විශ්වාසයත් දේශපාලනික වශයෙන් ලැබුණු දැවැන්ත ප්රචාරයත් නිසා විශාල පිරිසක් සූරියකන්දට පැමිණියේය. දහස් ගණන් රැස්ව සිටි පිරිස් පවා තම ඥාතීන්ගේ අස්ථී සොයා හැකි පමණින් හෑරිම් කරන්නට වූහ. හැඟීම් උත්සන්න වූ ඇතැම් දෙනා හමුවන අස්ථී කොටස් තම අතේ තබාගෙන හඬා වැළපෙන අයුරු දැකගන්නට හැකිවිය. සමූහ මිනීවල හාරා සිරුරු කොටස් ගොඩට ගෙන ඒවායේ අන්‍යතාව සොයා බැලීමේ වගකීම භාරවූයේ රුහුණු අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය නිරිඇල්ලගේ චන්ද්‍රසිරි, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.බී.එල් ද අල්විස් සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි එස්.එම්. කොළඹගේටය. මහාචාර්ය නිරිඇල්ල යුගෝස්ලෝවියාවේ වාර්ගික අර්බුදය හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 1996දී ගොඩගත් සහ 2000දී නැගෙනහිර ටිමෝරයේ මළසිරුරු ගොඩගත් එක්සත් ජාතින්ගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් පසු කාලයේ කටයුතු කළේය. දේශපාලන මැදිහත්වීම නොවන්නට කිසිදිනෙක සූරියකන්දේ සමූහ මිනීවළ හැරෙන්නේ නැතිබව සත්‍යයකි. එහෙත් අවසාන ප්‍රතිඵලය වූයේ සූරියකන්ද මිනීවළ හෑරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශවී යැමය. සමූහ මිනීවළෙන් හමුවූ අස්ථී කොටස් තෝරා ගත නොහැකි අයුරින් කලවම්වීම නිසා සූරියකන්දේ මිනීවල හෑරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශවී ගියේය. මෙවැනි තත්ත්වයක් හමුවේ කැණීම් කිරීම ඵල රහිත බව කියූ අධිකරණ වෛද්‍යවරු කැණීම් අතරමග නවතා දැමූහ. දේශපාලන මැදිහත් වීම හේතුවෙන් මහා ආන්දෝලානාත්මක ලෙස හෑරීම ආරම්භ වී පසුව නිවැරදි අනාවරණයකින් තොරව අතරමග නවතා දැමූ සමූහ මිනීවළක් වෙත්නම් එය ශ්‍රී ලංකාවේ සූරියකන්ද මිනීවළ පමණි. රත්නපුර මහාධිකරණයේ පැවති නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව ඝාතනය කිරීම් චෝදනා නොව පැහැර ගැනීමේ චෝදනා පමණක් එල්ල වූයේ එසේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නොමැති වීම හේතුවෙනි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ නව රජය 1994 දී බලයට පත්වීමත් සමඟම ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලත් විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේදී 1995 නඩු පවරන ලදී. එහි පළමු විත්තිකරු වූයේ විදුහලේ විදුහල්පති වූ දයානන්ද ලොකුගලප්පත්තිය. ඔහුගේ පුත් චමින්ද දෙවැනි විත්තිකරු විය. එවකට ඔහු යුද හමුදාවට එක්වූ ලුතිනන්වරයෙකි. සෙවණගල යුද හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ ( පැරී), කපිතාන් දොන් ජාලිය ධනංජය ඈපා, මේජර්වරුන් වන ගවේෂ් ලියනගේ සහ වජිර විශිෂ්ඨ චාමරසිංහ, කෝප්රල් සමරතුංග ආරච්චිගේ සේනාරත්න නොහොත් සේන, සැරයන්වරුන් වන උපුල් චන්ද්‍ර කාරියවසම් සහ ඊ. ජැක්සන් කුමාරසිංහ යන අය සෙසු විත්තිකරුවන් වූහ. මෙහි හමුදා නිලධාරීන් සහ භටයන් සෙවණ කඳවුරේ පවත්වාගෙන ගිය 6වැනි කාලතුවක්කු ඒකකයට අනුයුක්තව සිටි අය වේ. වසර 1989 ඔක්තෝබර් සහ 1990 ජනවාරි අතර කාලයේදී සිසුන් 25 දෙනෙකු පැහැරගෙන යැම, අයුතු ලෙස සිරගත කිරීම, සිසුන් අතුරුදන් කිරීම සහ මරා දැමීම ඇතුළු අධිචෝදනා 80ක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරිණි. රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර හමුවේ නඩු විභාගය ආරම්භ කළේ 1996 ජනවාරි 26වැනිදාය. රත්නපුරේ මහාධිකරණයේ නඩුව සඳහා සුවිශේෂි කැපකිරීමක් කරමින් අතුරුදන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ලද්දේ සබරගමුවේ කීර්තිධර වාමාංශික ක්‍රියාකාරිකයෙකුවූ නීතිඥ එම්. ඒ. ජස්ටින්ය. නීතිඥ ප්‍රියංකා ගුණවර්ධන ඒ සඳහා සහාය විය. බොහෝ අවස්ථාවලදී එයට සහාය දුන් නීතිඥවරුන් වන මහින්ද රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ශ්‍රීලනිප නීතිඥ සංගමයේ සාමාජිකයන් රැසක්ද රත්නපුර මහාධිකරණයේදී ලේඛකයාට හමුවිය. නඩු තීන්දුව 1999 පෙබරවාරි 10වැනිදා ප්‍රකාශයට පත්කළ අතර රත්නපුර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි සමඟින් ලේඛකයා එම අවස්ථාවට එක්වී සිටියහ. නඩු වාර්තාව පිටු 16,000කට ආසන්නය. විදුහල්පතිගේ පුත් ලුතිනන් චමින්ද සහ බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ සියලු අධි චෝදනාවලින් නිදහස් වූහ. එකම ඇසින් දුටු සාක්කියක්වත් නොමැතිව සිසුන් පැහැරගෙන යැමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යැම, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීමේ අධි චෝදනාවන් 50කට විත්තිකරුවන් 7 දෙනෙකු වරදකරු විය. සිසුන් මරාදැමීමේ අධි චෝදනාවෙන් ඔවුන් නිදහස් කෙරිණි. අධිචෝදනාවන්ට නියම වූ සිරදඬුවම් එකවර ගෙවීයන ලෙස පැනවූ හෙයින් ඔවුන් සියල්ලන්ටම හිමිවූයේ බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවම්ය. රජයේ නීතිඥවරුන්වූ සරත් ජයමාන්න, ශාම්ලාල් රාජපක්ෂ සහ විජිත් මල්ල්ගොඩගේ සහාය ඇතිව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩී.පී. කුමාරසිංහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ. තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී සැරයන් ජැක්සන් කුමාරසිංහ සියලු අධි චෝදනාවලින් නිදහස් කෙරිණි. දස අවුරුදු සිර දඬුවම ස්ථිර කරමින් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ 2002 ජනවාරි 4වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූහ. වරදකරුවන් වූ විත්තිකරුවන් හමුදා අධිකාරියෙන් ඉවත් කෙරිණි. මේජර්වරුන් වූ ජාලිය ඈපා සහ ගවේෂ් ගිනිගේ කපිතාන් ධූරයට පහත හෙළුE අතර අධිකාරියෙන් ඉවත් කිරීම නිසා ඔවුන්ගේ නමේ ඉදිරියෙන් හමුදා නිලය යෙදීමට නොහැකිය. සිරදඬුවමින් නිදහස් වූ පසු ඇඹිලිපිටිය විදුහලේ හිටපු විදුහල්පතිවරයාවූ රත්නපුර බටහේනේ පදිංචි දයානන්ද ලොකුගලප්පත්ති පසුකලෙක රත්නපුර වීරගොඩ විහාරස්ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරතන හිමිය. ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදන්වූවන් සමරමින් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වන හන්දියේ අහිංසකාරාමය නමින් ස්මාරකයක්ද 1999 දෙසැම්බර් 10වැනිදා විවෘත කරන ලදී. එය ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහගේ නිර්මාණයක් විය. ඉදිකිරීමට භූමිය සහ අරමුදල් ආණ්ඩුව සපයා දෙනු ලැබූවද එහි නඩත්තුව කිසිවෙකු භාරගත්තේ නැත. පසුව එය වල්බිහිවී ගරාවැටී විනාශවී ගිය බැවින් නගර නිර්මාණ වැඩසටහන යටතේ ඒ අසලම තබා තිබූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ පිළිරුව සමඟින්ම ඉවත් කෙරිණි. සෑම වසරකම ඔක්තෝබර් 27වැනිදා ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදන්වූවන් වෙනුවෙන් සීදුව රද්දොළුව මංසන්දියේ සමරු වැඩසටහනක් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් පවත්වනු ලැබේ. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011 - 5234384 ලබාගත හැකිය.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom