Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්

2012 ලෝක විනාශයක් ගැන කියවෙන කථා වලින් වෙනස්ම අදහසක් මේ ලිපියෙන් කියවෙන්නේ. ඒකමයි ඔයාලත් එක්ක මේක බෙදාගන්න හිතුවේ. පොඩ්ඩක් කම්මැලි නැතුව කියවමු.

ඇත්තටම මේකේ වැදගත් ලෝක විනාශය ගැන කියවෙන කරුණු නෙමේ. මමත් ඉස්සර ඉදන්ම ඕක මහ පට්ටපල් බොරුවක් කියන මතයේ හිටිය කෙනෙක්. ඒක මේ ලිපියේ අවසානයේ කතුවරයා ලස්සනට පැහැදිලි කරලා තියනවා.ඔයාලත් ඒ අදහස් වලට ඔයාලත් එකග වෙයි කියලා මං හිතනවා.

මේ දිනවල වැඩිපුරම සිදුවන සාකච්ඡා - සංවාද මොනවාදැයි විමසන විට අමතක කළ නොහැකි සංවාදය වන්නේ ලෝක විනාශය පිළිබඳ සංවාදය යි. ලතින් අමෙරිකාවේ පැරණි ශිෂ්ටාචාරයක් වන මායා ශිෂ්ටාචාරයේ නිර්මාණය වූ දින දර්ශනයක් ඇසුරින් 2012දෙසැම්බර් 21වැනිදා ලෝකය විනාශ වන බවට අනාවැකියක් ඇත. මේ දිනවල ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ප්‍රධාන ප්රවෘත්ති විකාශයේ විනාඩි කිහිපයක් කා දමන ප්‍රශ්නයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ජ්‍යෝතිෂ පුවත්පත් කතුවරුන්ට දෙකට බෙදී විවාද කළ හැකි ප්‍රශ්නයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ගුවන් විදුලි නාලිකාවල රාත්‍රියට පැයේ වැඩසටහන් විකාශය කිරීමට අවශ්‍ය තේමාවක් බවට ලෝක විනාශය පත්ව ඇත. ඇතැම් අයට කුඩා පොත් ලිවීමට හා ඒවා අලෙවි කර විශාල මුදලක් උපයා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ලෝක විනාශය පිළිබඳව ඇති මතවාදයන් තුන් ආකාර වේ. වෙනත් වචනවලින් කියන්නේ නම් තුන් ආකාරයක පුද්ගලයන් ඇත.

1. ලෝක විනාශය සිදුවේ යැයි සිතන අය.

2. ලෝක විනාශය සිදු නොවන්නේ යැයි තර්ක කරන අය.

3. එය සිදු වූවත් නොවූවත් එවැන්නක් සිදුවේවා යැයි ප්‍රාර්ථනා කරන අය.

අපි ඒ විවිධ මත සඳහා ඒ පිටුපස සැඟවී තිබෙන සමාජ විද්‍යාත්මක හේතු අධ්‍යයනයකට පිවිසෙමු. ඒ සඳහා පළමු පියවර වන්නේ 2012දෙසැම්බර් 21වැනිදා ලෝක විනාශය සිදුවන බවට මතුකරන තර්ක වටහා ගැනීමයි.

මායා ශිෂ්ටාචාරය

ලෝක විනාශය පිළිබඳ මායාව ගොඩනැඟීම සඳහා භාවිත කරන්නේ මායා ශිෂ්ටාචාරය බැවින් පළමුව ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතුය. මායා ශිෂ්ටාචාරය දකුණු අමෙරිකාව හා මධ්‍යම අමෙරිකාව තුළ ස්ථාපිත වූවකි. වර්තමානයෙහි මෙක්සිකෝව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර්, ගෝතමාලාව ලෙස නම් කර ඇති රටවලට අයත් භූමියෙහි එය පිහිටුවා තිබිණි. මෙම ශිෂ්ටාචාරය අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 2000දීවත් පිහිටුවීමට ඇතැයි විශ්වාස කරන අතර ක්‍රිස්තු පූර්ව 400දී පමණ මායාවරු දැවැන්ත දේවස්ථාන, පඩිපෙල් වැනි ව්‍යුහයන් සහිත විශාල පිරමීඩ ආදී විශිෂ්ට ඉදිකිරීම් සිදුකරන තත්වයට වර්ධනය විය. ක්‍රිස්තු වර්ෂ 250සිට 900දක්වා කාලය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය වූ අතර එම කාලය තුළ නිෂ්පාදනයේ, විද්‍යාවේ, කලාවේ සැලකිය යුතු වර්ධනයක් ඇති විය. ක්‍රිස්තු වර්ෂ 900දී පමණ රෝග වසංගත, වගා පාළුව ආදිය නිසා මායාවරුන්ගේ නාගරික ශිෂ්ටාචාරය විනාශ විය. ඉන් අනතුරුව ඔවුන් කඳුකර ප්‍රදේශවලට සංක්‍රමණය විය. ක්‍රිස්තු වර්ෂ 1250දී පමණ මායා ශිෂ්ටාචාරයේ තාවකාලික පිබිදීමක් යළි ඇති වූවත් ක්‍රිස්තු වර්ෂ 1440දී වෙනත් ගෝත්‍රවලින් එල්ල වූ යුදමය තර්ජන නිසා එම පිබිදීම යටපත් විය. ක්‍රිස්තු වර්ෂ 1517දී ස්පාඤ්ඤවරුන් ලතින් අමෙරිකාවට හා මධ්‍යම අමෙරිකාවට පැමිණ එම ප්‍රදේශ යටත් කිරීමත් සමග මායා ශිෂ්ටාචාරය බිඳවැටී කඳුකරයේ හුදෙකලා ගෝත්‍රික ගම්මානවලට සීමාවිය. මායාවරුන් ලත් දියුණුව නිසා ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ කලා නිර්මාණ පිළිබඳව මෙන්ම ඔවුන්ගේ තිබුණා යැයි පවසන අද්භූත බලයන් හා අනාවැකි පිළිබඳව ද සාකච්ඡාවක් පවතී.

මායාවරුන්ගේ දින දර්ශන

මායාවරුන්ගේ දින දර්ශන වර්ග තුනක් ඇත. පළමුවැන්න දින 360කින් සමන්විත අප වර්තමානයේ භාවිත කරන දින දර්ශනයට සමාන දින දර්ශනයකි. එහි දින 20බැගින් වූ මාස 18ක් ඇත. දෙවැන්න දින 13ක් බැගින් වූ මාස 20ක් සහිත දින දර්ශනයකි. එහි වර්ෂය දින 260කි. එම දෙවැනි දින දර්ශනය බොහෝ විට මායාවරුන්ගේ ආගමික උත්සව හා වතාවත් වෙනුවෙන් භාවිත විය. 2012ලෝක විනාශය පිළිබඳ මායාව ගොඩනැඟී ඇත්තේ මායාවරුන්ගේ තුන්වැනි දින දර්ශනය ඇසුරිනි. එය දිගුකාලීන දින දර්ශනයකි. එම දින දර්ශනය ඇරඹෙන්නේ ක්‍රිස්තු පූර්ව 3114අගෝස්තු 01වැනිදායින් වන අතර අවසන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 2012දෙසැම්බර් 21වැනිදාය. මෙම දින දර්ශනය බක්ටුන් නමැති කාල ඒකක 13කින් යුක්තය. බක්ටුන් එකක් යනු වසර 394කි. බක්ටුන් 13ක් එක් යුගයක් ලෙස සැලකේ. මායාවරුන්ගේ කාලයේ මිනුම් මේ ආකාරය වේ.

දින 20 = යුනාල් 1

යුනාල් 18 = ටූන් 1 (දින 360)

ටූන් 20 = කාටුන් 1 (දින 7200)

කාටුන් 20 = බක්ටුන් 1 (දින 1,44,000=වසර 394)

බක්ටුන් 13 = එක් යුගයක් (වසර 5125)

මායාවරුන්ගේ තුන්වැනි දින දර්ශනය සකස් කර ඇත්තේ එක් යුගයක් සඳහාය. එහි අවසන් දිනය වන්නේ 2012දෙසැම්බර් 21වැනිදාය. එතැනින් පසු දින දර්ශනයේ දින නැත. එදින ලෝක විනාශය සිදුවන බවට මතයක් නිර්මාණය වන්නේ එම හේතුව මතය. 2012දෙසැම්බර් 21වැනිදා ලෝකය විනාශ වන බවට කරුණු ඉදිරිපත් වන්නේ මායාවරුන්ගේ දින දර්ශනය මත පදනම්ව පමණක් නොවේ.

නොත්‍රදාමුස්ගේ අනාවැකි

ප්‍රංශ ජාතික අනාවැකි කියන්නකු වූ මිචෙල් ඞී. නොත්‍රදාමුස් ද 2012ලෝක විනාශය පිළිබඳ අනාවැකියක් පවසා ඇතැයි සැලකේ. ක්‍රිස්තු වර්ෂ 1503දෙසැම්බර් 14වැනිදා උපත ලද ඔහු 1554වසරේ සිට අනාවැකි කීම ඇරඹුවේය. ක්‍රිස්තු වර්ෂ 1554සිට 3797දක්වා කාලයට අදාළ අනාවැකි 3000ක් පමණ පවසා ඇති නොත්‍රදාමුස් ඊජිප්තු ගුප්ත විද්‍යා දැනුම පිළිබඳ උනන්දු වූවෙකි. සුමේනියානු ශිෂ්ටාචාරයේ විශ්වාසයක් වන නිබුරු නම් ග්‍රහලෝකය පෘථිවියේ ගැටෙන බවට නොත්‍රදාමුස්ගේ අනාවැකියක් ඇත. ඔහු එය සිදුවන කාලයක් දක්වා නැතත් ඇතැම් අය 2012ලෝක විනාශය පිළිබඳ කතාබහට ඔහු සම්බන්ධ කරයි.

පෘථිවි ධ්රැව මාරුව

2012ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වන තවත් සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු ජාතික අධ්යාත්මවේදියකු වන එඞ්ගා කේසි විසිනි. ඔහුට අනුව පෘථිවියේ චුම්භකත්වයට අදාළ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය කාලයෙන් කාලයට වෙනස් වේ. එසේ ධ්රැව දෙක මාරුවන විට (Polar shift)පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වේ. එවිට පෘථිවියේ අභ්‍යන්තර භූතල එකිනෙක හා ගැටෙන අතර භූමිකම්පා හා ගිනි කඳු පිපිරීම් හරහා මානව වර්ගයා විනාශ වේ. එය ක්‍රිස්තු වර්ෂ 2012දී සිදුවන බවට එඞ්ගා කේසි අනාවැකි කියා ඇත.

මෙසේ පෘථිවියේ අභ්‍යන්තර භූතල එකිනෙක ගැටීම පිළිබඳ තවත් මතයක් ඇත. ඒ කළු කුහරය පිළිබඳ මතයයි. ඇතැම් තාරකා විද්‍යාඥයන්ට අනුව 2012දෙසැම්බර් 21වැනිදා ක්ෂීරපථයේ කේන්ද්‍රයත් සූර්යයාත් පෘථිවියත් එකම තලයක සරල රේඛාවක් ලෙස පිහිටයි. එම විද්‍යාඥයන් පවසන්නේ එම සරල රේඛීය පිහිටීමටම එදින කළු කුහරයක් පැමිණෙන අතර එහි දැවැන්ත ගුරුත්ව බලය නිසා පෘථිවියේ භූතල එකිනෙක ගැටී, වෙන් වී ගිනි කඳු හා භූමිකම්පා මගින් පෘථිවිය විනාශ වන බවයි. මීට ස්වල්ප කාලයකට පෙර තිරගත වූ 2012චිත්‍රපටයේ තේමාව වූයේ ද එලෙස සිදුවන ලෝක විනාශයකි.

තාරකාවල බලපෑම

තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ මත අතරින් එක් මතයකින් කියැවෙන්නේ ‘ඇල්සියොන්’ ^Alcyone&නම් තාරකාවක් 2012 දී අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සමීපවන අතර එම තරුවේ අන්තර් ක්‍රියාවත් සමග පෘථිවිය වටා ෆෝටෝන පටියක් ඇතිවන බවය. එම ෆෝටෝන පටියේ බලපෑම හේතුවෙන් පෘථිවි තලයේ ඇතිවන වෙනස්කම් ලෝක විනාශයට හේතුවන බව එම මතයෙන් කියැවේ. අනෙක් මතය ද තාරකාවක් සමග සම්බන්ධය. ‘බීටල් ගෝස්’ ^Betel geuse& නම් තාරකාව මේ වන විට සිය ආයු කාලය අවසන් වී නිවී යමින් හා හැකිළී යමින් පවතින අතර එය ළඟදීම සුපර් නෝවාවක් ලෙස පිපිරී යාමට නියමිතය. එම තාරකාව 2012 වර්ෂයේ දී පුපුරා යන බවත් එමගින් ඇතිවන කම්පන තරංග මගින් මුළු පෘථිවියම විනාශවන බවත් තවත් මතයකින් කියැවේ. මෙම මතයන් තාරකා විද්‍යාඥයන් විසින් ද තහවුරු කරන ලද ස්වාභාවික සංසිද්ධීන් සමග බැඳී පවතී. ලෝක විනාශය පිළිබඳ තවත් ජනප්‍රිය මතයකින් කියැවෙන්නේ 2012 වසරේදී පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයක් පෘථිවියට එල්ලවන බවය. 2010 දෙසැම්බර් මාසයේ දී, එසේ පෘථිවිය කරා පැමිණෙන පිටසක්වල යානා තුනක ඡායාරූපයක් ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය අභ්‍යවකාශ යානයක කැමරාවකින් ගන්නා ලද ඡායාරූපයක් බව කියැවිණි. මේ ආකාරයට 2012 දී ලෝක විනාශය සිදුවන බවට විවිධාකාර මත පළ වී ඇති අතර මෑතකදී ප්‍රදර්ශනය කරන ලද Battle Los Angelies චිත්‍රපටයට පාදක වූයේ පිටසක්වල ආක්‍රමණයක් හරහා මනුෂ්‍ය වර්ගයාට සිදුවන විනාශයයි.

ආගමික මත හා ලෝක විනාශය

2012 ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වී ඇති මතවල විශේෂත්වය වනුයේ ඒවා ලොව ප්‍රධානතම ආගම්වල ලෝක විනාශය පිළිබඳව ඇති මතවාදයන්ට පටහැනි වීමයි. එය යන්තමින් හෝ සමාන වන්නේ හින්දු ආගමේ ඇති මතයට ය. හින්දු විශ්වාසයට අනුව එක් කල්පයක්, එනම් ලෝකය ආරම්භයේ සිට අවසානය දක්වා ඇති කාලසීමාවක්, එකක් වසර 6,000 බැගින් වූ යුග හතරකින් සමන්විතය. ඒ කෘත යුග, නේත්‍රා යුග, ද්වාපර යුග හා කලියුග වශයෙනි.

1998 දී ඉන්දියාවේ සිටි කල්කි භග්වාන් නමැති හින්දු ආගමික නායකයා 2012 වසරේදී කලියුගය අවසන් වන බව ප්‍රකාශ කළේය. හින්දු ආගමට අනුව දෙවියන් බ්‍රහ්ම (ලෝකය මවන්නා), විෂ්ණු (ලෝකය පවත්වාගෙන යන්නා) හා ඊශ්වර (ලෝකය විනාශ කරන්නා) ලෙස තුන් ආකාරය. එම විශ්වාසයට අනුව ලෝකය අවසානයේ දී ඊශ්වර දෙවියන් පැමිණ නෙළුම් මලක් උඩ නටරාජ් නර්තනයේ යෙදෙන අතර නර්තනය අවසන් වත්ම ලෝකය අවසන් වේ. නමුත් 2012 ලෝක විනාශයක් සිදුවීම පිළිබඳ හින්දු ආගමික විශ්වාසයන් නොමැති බව ද ඇතැම් හින්දු දහම පිළිබඳ විශාරදයෝ පවසති.

කිතු දහමේ ‘හෙළිදරව්ව’ තුළ යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නැවත පැමිණීමක් හා අවසාන විනිශ්චය ලබාදීමෙන් අනතුරුව ලෝකය විනාශ වීමක් පිළිබඳ සඳහන් වන නමුත් එහි පෙර ලකුණු මොනවාදැයි පැහැදිලි විස්තර අඩංගුව නැත. බුදු දහමේ මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සිදුවන ආකාරය පිළිබඳ මත කිහිපයක් ඇත. දීඝ නිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයට අනුව මිනිසුන්ගේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙමින් ගොස් අවසානයේ දී මිනිස් වර්ගයා සම්පූර්ණයෙන්ම වඳ වී යයි. අංගුත්තර නිකායේ සප්ත සූර්ය උද්ගමන සූත්‍රයට අනුව ලෝක විනාශය සිදුවන්නේ සූර්යයන් හතක් පෑයීමෙන් ඇතිවන දැවැන්ත උෂ්ණත්වය නිසාය. එම සූත්‍රයට අනුව දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවැනි සූර්යයෙක් පායන අතර එවිට දියර වර්ග, තෘණ ආදිය වියළී යයි. ඉන් අනතුරුව දීර්ඝ කාලයකින් තුන්වැනි සූර්යයකු පායන අතර එවිට කුඩා විල්, නදී ආදිය වියළී යයි. සිව්වන සූර්යයා පෑවූ පසු ගංගා, යමුනා ආදී ගංගාවන් වියළෙන අතර පස්වැනි සූර්යයා පෑයූ පසු මහා නදී ද වියළී යයි. හයවැනි සූර්යයා පෑයූ විට මහා සමුද්‍රය ද වියළී යන අතර සත්වැනි සූර්යයා පෑයීමත් සමග මහ පොළොව ගිනිගෙන දැවෙන්නට පටන් ගනී. එවිට සියලූ ජීවීන් විනාශ වී මහ පොළොව විනාශ වේ. ලොව පවතින ප්‍රධාන ආගම්වල ලෝක විනාශයට අදාළව තිබෙන්නේ එවැනි මතයකි. නමුත් මේ එක් ආකාරයක විනාශයක්වත් 2012 වසරේ දී සිදුවෙතැයි සිතීම අසීරුය. ඒ නිසා 2012 ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වී ඇති මත ආගමික මතයන්ට වඩා වෙනස් ඒවාය. නමුත් ඇතැම් විට 2012 ලෝක විනාශය පිළිබඳ මතය පිළිගැනීමට මේ ආගමික මත විසින් අවිඥානයට කර ඇති බලපෑම් බොහෝ අයට හේතු සැපයීමට ඉඟි ඇත.

මායාව මායාවරුන්ගේද?

2012 ලෝක විනාශයට අදාළ ප්‍රධාන තර්කය මතු වී ඇත්තේ මායාවරුන්ගේ දින දර්ශනය ඇසුරින් වුවත් එම මතය මායාවරුන් පිළි නොගනී. ලතින් අමෙරිකානු ජන ප්‍රජාවන් පිළිබඳ විශේෂඥයකු වන ජෝස් හුඩුම් නමැති සමාජ විද්‍යාඥයා මායා ගෝත්‍රවල වත්මන් පරම්පරාවන් මුණගැසී 2012 දෙසැම්බර් 21 දින සිදුවන ලෝක විනාශය ගැන අසන විට ඔවුන් ඒ පිළිබඳව අසා හෝ නොතිබිණි. ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ දින දර්ශනය බක්ටුන් 13කින් සමන්විත වන මුත් එය අවසානයේ දී ලෝකය විනාශ නොවන බවය. එහෙත් එය නව යුගයක ආරම්භයකි. එය අප වර්තමානයේ භාවිත කරන දින දර්ශනය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන නමුදු ඉන් අනතුරුව ලෝක විනාශය සිදුනොවන්නාක් මෙනි. එය එක් වර්ෂයක අවසානය පමණි. ඒ ආකාරයටම බක්ටුන් 13ක එක් යුගයක් 2012 දෙසැම්බර් 21 දින අවසන් වන නමුදු එම දිනයෙන් පසු නව යුගයක් ආරම්භ වේ. මායාවරුන්ගේ දින දර්ශනය භාවිත කර සකස් කරන ලද 2012 ලෝක විනාශය පිළිබඳ මතය මායාවරුන් විසින් පිළි නොගැනීම උත්ප්රාසවත් කාරණාවකි.

අනෙක් අතට 2012 දී ලෝකය විනාශ නොවන බවට හේතු මායාවරුන්ගේ විශ්වාසයන් තුළින්ම සොයාගත හැක. නිදසුනක් ලෙස මායාවරුන්ගේ පැලෙන්ක් දෙවොලේ බටහිර පුවරුවේ ක්‍රිස්තු වර්ෂ 4772 ඔක්තෝබර් 21 වැනි දින සිදුවන දෙයක් පිළිබඳ අනාවැකියක් ඇත. එනම් ක්‍රිස්තු වර්ෂ 4772 වන විටත් මානව වර්ගයා මිහිපිට පැවතිය යුතුය. 2012 දෙසැම්බර් 21 දිනය පිළිබඳ මායාවරුන්ගේ ඇත්තේ එක් අනාවැකියක් පමණි. මෙක්සිකෝවේ ටෝටුගෙරෝ පෙදෙසෙහි ඇති ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසට අයත් පුවරුවක කොටා ඇති කවියක එදින, එනම් 13 වැනි බක්ටුනය සම්පූර්ණ වන දින විශේෂ යමක් දර්ශනය වනු ඇත. මායාවරුන්ට අනුව එදින ඊදකදබ - ශදනඑැ හෙවත් දෙවියන් ලෝකයට දර්ශනය වනු ඇත. මේ අනුව පෙනී යන්නේ 2012 ලෝක විනාශයක් ගැන මායාවරුන් අනාවැකි කියා ඇතැයි දියත් කර ඇති ප්‍රචාරය අසත්‍යයක් බවය.

විද්‍යාවේ මිථ්‍යාවන්

මේ අනාවැකි අතර අප පළමුව දැක්වූ අනාවැකිය මීට සියවස් පහකට පෙර නොත්‍රදාමුස් විසින් ද ඉදිරිපත් කර ඇතැම් වර්තමාන විද්‍යාඥයන් විසින් ද අනුමාන කරන අනාවැකියක්. ඒ නිබුරු නමැති ග්‍රහලෝකයක් (මේ නම සුමේරියානු ශිෂ්ටාචාරයේ අනාවැකියක සඳහන් වූවකි) පෘථිවියේ ගැටීමෙන් ලෝක විනාශය සිදුවන බවයි. මේ වසරේ දෙසැම්බර් 21 වැනි දා පෘථිවියේ ගැටීමට නම් එම ග්‍රහලෝකය මේ වන විට අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී පෘථිවියට ඉතා සමීපව තිබිය යුතුය. නමුත් තාරකා විද්‍යාඥයන් පවසන ලෙස මේ වන විට කිසිදු ආගන්තුක ග්‍රහ වස්තුවක් පෘථිවිය සමීපයට පැමිණ නැත. දෙසැම්බර් මාසයේ පෘථිවියේ ගැටෙන තරම් ළංවන ආකාශ වස්තුවක් අගෝස්තු මාසය වන විට ස්ථීරවම රාත්‍රී අහසේ පියවි ඇසින් දැකිය හැකි විය යුතුය. පෘථිවියම විනාශ වීමට නම් කුඩා ග්රහක කැබැල්ලක් පෘථිවියේ ගැටීම ප්‍රමාණවත් නොවන අතර විශාල ග්‍රහලෝකයක් ගැටිය යුතු අතර එවැන්නක් තිබේ නම් මේ වන විට දර්ශනය විය යුතුය. එබැවින් ග්‍රහලෝක ගැටීමේ කල්පිතය මිථ්‍යාවක් බව පැහැදිලිය.

අනෙක් අනාවැකිය එඞ්ගා කේසි විසින් ද දැක්වූ අනාවැකියකි. ඒ පෘථිවි චුම්බකත්වයේ උතුර හා දකුණ මාරුවීම පිළිබඳ මතයයි. මේ මතය මුළුමනින්ම අසත්‍යයක් බව භූ විද්‍යාඥයන් පවසයි. සාමාන්‍යයෙන් වසර 7000කට පමණ වරක් මේ චුම්බක ධ්රැව මාරුව සිදුවන අතර මීට පෙර එම සංසිද්ධිය සිදුවූ කිසිදු වතාවක මහා විනාශයක් සිදුව නැත. අනෙක් අතට එය 2012 දෙසැම්බර් 21 වැනි යම් නිශ්චිත දිනයක සිදුවන සිදුවීමක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලව සිදුවන ක්‍රියාවලියකි. මෑතකදී එවැන්නක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් දැක්විය නොහැකි බව භූ විද්‍යාඥයෝ පවසති.

පෘථිවි භූ තල ගැටීම පිළිබඳ අනෙක් මතය සූර්යයාත් පෘථිවියත් ක්ෂීරපථයේ කේන්ද්‍රයත් එකම තලයකට පැමිණීම පිළිබඳ මතයයි. එම පිහිටීම අප දන්නා ඉතිහාසයේ මීට පෙර කිහිප වතාවක්ම ඇතිවී තිබෙන අතර ඒ කිසිදු අවස්ථාවක විනාශයක් සිදුවූයේ නැත. අනෙක් අතට එම තලය තුළට කළු කුහරයක් පැමිණ පෘථිවිය කළු කුහරයට ඇදී යන බවට කිසිදු සාක්ෂියක් දක්නට නැත. එවැනි කළු කුහරයක් පෘථිවියට බලපෑම් කළ හැකි පිහිටීමකට එනවා නම් මේ වන විට පෘථිවියේ ගමන් මාර්ග හෝ භ්‍රමණ වේගය සුළු වශයෙන් හෝ වෙනස් විය යුතුය. එවැනි කිසිවක් සිදුවී නැත.

ලෝක විනාශය පිළිබඳව තාරකා විද්‍යාඥයන් දැක්වූ ප්‍රබල මතයක් වනුයේ ඇල්සියොන් නමැති තාරකාවක බලපෑමෙන් පෘථිවියේ චලිතය වෙනස් කරන අන්දමේ ෆෝටෝන පටියක් ඇති වන බවට වන මතයයි. මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බව තාරකා විද්‍යාඥයන්ම පවසයි. ඇල්සියොන් ^Alcyone& තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400ක් දුරිනි. එමෙන්ම එය චලිතවන්නේ ක්‍රමයෙන් පෘථිවියට ළංවන ලෙස නොව සෞරග්‍රහමණ්ඩලයෙන් ඈතට යමිනි. 2012 දෙසැම්බර් 21 වන විට එම තාරකාව පිහිටන්නේ මේ මොහොතේ එය පිහිටනවාටත් වඩා දුරිනි. අනෙක් අතට අලෝක වර්ෂ 400ක් දුරින් පිහිටි තාරකාවකට පෘථිවියට බලපෑමක් කළ නොහැක. බීටල් ගෝස් (Betelgeuse) නම් තාරකාව සුපර් නෝවාවක් ලෙස පුපුරායාම පිළිබඳ අදහස ද එසේමය. එම තාරකාව දැන් සිටින්නේ සිය අවසානතම අවධියේය. එනිසා කුමන මොහොතක හෝ පුපුරා යා හැක. නමුත් එසේ පුපුරා යන දිනය නිවැරැදිව පැවැසීම ඉතා අසීරු කරුණකි. වසර ලක්ෂයක් තුළ ඕනෑම මොහොතක එය පුපුරා යා හැක. අනෙක් අතට සුපර් නෝවා පිපිරීමකින් පෘථිවියට යම් බලපෑමක් වීමට නම් එය ආලෝක වර්ෂ 25ක්වත් මෑතින් පිහිටිය යුතුය. නමුත් බීටල් ගෝස් තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 600ක් දුරිනි. එය පුපුරා ගිය ද ඒ පිපිරීම පෘථිවියට බලපෑමක් කිරීමට ඉඩක් නැත.

පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයක් ගැන කියැවෙන මතයද එවැනිම මිථ්‍යාවකි. පසුගිය වසරේ ප්‍රසිද්ධ කළ පිටසක්වල යානාවල ඡායාරූප ව්‍යාජ ඒවා බව දැන් තහවුරු වී ඇත. එය Battle Los Angelesචිත්‍රපටයේ ප්රචාරක කටයුත්තක් බවට ද මතයක් ඇත. ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ සේයාවක් කැමරා ගත කිරීමට නම් එම යානා චන්ද්‍රයාටත් වඩා පෘථිවිය සමීපයට පැමිණිය යුතු බව විද්‍යාඥයන්ගේ මතයයි. වසරකට පෙර එම යානා එතරම් ළඟට පැමිණ සිටියා නම් ආක්‍රමණය සඳහා දෙසැම්බර් 21 වනතුරු බලා සිටීමට කිසිදු තර්කයක් නැත. ඒවා මේ වන විට පෘථිවියට ගොඩබස්වා තිබිය යුතුය. විද්‍යාත්මක වේශයෙන් ඉදිරිපත් කර ඇති අනාවැකිවල ද කිසිදු සත්‍යයක් නැති බව මේ අනුව ඉතා පැහැදිලිව පෙනේ.

හොලිවුඞ් මැජික්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශයක් සිදුවන බවට අනාවැකි ඔසවා ලනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදය විසිනි. ඒ සඳහා හොලිවුඞ් චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරනු ලැබූ අතර ඇතැම් අවස්ථාවල දී කීර්තිමත් විද්‍යාඥයන් ද මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂඥතාවක් උසුලන ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් ද භාවිත කරනු ලැබීය. මෙම අදහසට කිසිදු පදනමක් නැති බව ස්ථීරය. මායාවරුන්ගේ දින දර්ශනය වසර 5000ක් පැරණිය. එම දින දර්ශනය ආරම්භ වීමටත් පෙර ලෝකය පැවැතිණි. මිනිසුන්ද බිහි වී තිබිණි. නිදසුනක් ලෙස ලංකාවේ වාසය කළ බළංගොඩ මානවයා වසර 35,000ක් පැරණිය. මායා දින දර්ශනයට පෙර මිනිසුන් සිටියා නම් දින දර්ශනය අවසන් වන විට මානව වර්ගයා විනාශවේ යැයි සිතීම හිතළුවකි. එසේ නම් අධිරාජ්‍යවාදීන් මේ කිසිදු පදනමක් නැති කතාවක් එක්වරම ඔසවාලූයේ ඇයි?

මේ සඳහා හේතු කිහිපයක් තිබිය හැක. මේ කතා බහ පෙරට ආවේ 2008 ලෝක ආර්ථික අර්බුදයත් සමගය. ලෝක ආර්ථික අර්බුදය මගින් සලකුණු කළේ ධනවාදයේත් අධිරාජ්‍යවාදයේත් විනාශයයි. ඇතැම් විට අධිරාජ්‍යවාදීන්ට හා හොලිවුඞ් හි රූකඩ සිනමාකරුවන්ට ධනවාදයේ විනාශය ලෝක විනාශයක් ලෙස හැඟී යන්නට ඇත. දිනෙන් දින ගැඹුරු වන අර්බුදය විසින් පෙන්වා දෙන්නේ විනාශ වන්නේ මානව වර්ගයා නොව ධනේශ්වර ක්‍රමය බවයි. ඒ නිසා හොලිවුඞ් සිනමාව මැජික් දර්ශන පෙන්වූවාට අපට කලබල වීමට හේතුවක් නැත. ආර්ථික අවපාතයත් සමග උග්‍ර වූ සමාජයීය ගැටලූ අමතක කිරීමටත් සමස්ත මිනිස් සංහතිය විනාශ වීම පිළිබඳ භීතියක් ඔස්සේ පීඩක පන්තිය විසින් පීඩිතයා යටපත් කිරීම අමතක කිරීමටත් ඔවුන් උත්සාහයක නිරත වේ. ආර්ථික අවපාතය හමුවේ ධනපති ආණ්ඩු බැංකු ඇතුළු මහා ප්‍රාග්ධන හිමියන්ට මහජන බදු මුදලින් වන්දි දීමත් පීඩිතයා නිවෙස්වලින් හා රැකියාවලින් එළියට ඇද දැමීමත් සාධාරණීකරණය කළ හැක්කේ මිනිස් සංහතියේම විනාශයක් ගැන කීමෙනි. ආර්ථික අර්බුදයේ හානි පූර්ණය කිරීමට අධිරාජ්‍යවාදී රටවල් විසින් පරිධියේ රටවල් වැඩි වැඩියෙන් සූරාකෑම වසන් කළ හැක්කේ ලෝක විනාශයක් ගැන කීමෙනි. මේ හොලිවුඞ් මැජික් සංදර්ශන හරයේ පවතින්නේ එයයි. මෙසේ විවිධ ඇස්බැන්දුම්වලින් අපේ දැක්ම බොඳකර සැබෑ ප්රශ්නය අමතක කරන අතරම අපේ සාක්කුව හිස් කිරීමට ද ලෝක විනාශ මායාව යොදාගෙන ඇත. 2012 චිත්‍රපටයේ ආදායම ඩොලර් මිලියන 770කි. එය රුපියල් කෝටි 8,000කටත් වැඩිය. ඒ මුදල් යන්නේ ද අපේම සාක්කුවෙනි.

ප්රශ්නය වන්නේ ලෝකයේම ජනතාව අතින් වියදම් කරගෙන, ව්‍යාජ මායාවක කැමැත්තෙන්ම පැටලෙන්නේ මන්ද යන්නය. එය විග්රහ කරගැනීමට මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව මෙන්ම දේශපාලනය ද අවශ්‍ය වේ. මෙතැන් සිට අපි පිවිසෙන්නේ ඒ අධ්‍යයනයටයි.

[QUOTE="sujeewahms, post: 13413405, member: 147090"] [b]2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්[/b] [SIZE=3][COLOR=Green]2012 ලෝක විනාශයක් ගැන කියවෙන කථා වලින් වෙනස්ම අදහසක් මේ ලිපියෙන් කියවෙන්නේ. ඒකමයි ඔයාලත් එක්ක මේක බෙදාගන්න හිතුවේ. පොඩ්ඩක් කම්මැලි නැතුව කියවමු. ඇත්තටම මේකේ වැදගත් ලෝක විනාශය ගැන කියවෙන කරුණු නෙමේ. මමත් ඉස්සර ඉදන්ම ඕක මහ පට්ටපල් බොරුවක් කියන මතයේ හිටිය කෙනෙක්. ඒක මේ ලිපියේ අවසානයේ කතුවරයා ලස්සනට පැහැදිලි කරලා තියනවා.ඔයාලත් ඒ අදහස් වලට ඔයාලත් එකග වෙයි කියලා මං හිතනවා. [/COLOR][/SIZE][CENTER][SIZE=3][IMG]http://img844.imageshack.us/img844/3976/endoftheworld.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මේ දිනවල වැඩිපුරම සිදුවන සාකච්ඡා - සංවාද මොනවාදැයි විමසන විට අමතක කළ නොහැකි සංවාදය වන්නේ ලෝක විනාශය පිළිබඳ සංවාදය යි. ලතින් අමෙරිකාවේ පැරණි ශිෂ්ටාචාරයක් වන මායා ශිෂ්ටාචාරයේ නිර්මාණය වූ දින දර්ශනයක් ඇසුරින් 2012දෙසැම්බර් 21වැනිදා ලෝකය විනාශ වන බවට අනාවැකියක් ඇත. මේ දිනවල ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ප්‍රධාන ප්රවෘත්ති විකාශයේ විනාඩි කිහිපයක් කා දමන ප්‍රශ්නයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ජ්‍යෝතිෂ පුවත්පත් කතුවරුන්ට දෙකට බෙදී විවාද කළ හැකි ප්‍රශ්නයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ගුවන් විදුලි නාලිකාවල රාත්‍රියට පැයේ වැඩසටහන් විකාශය කිරීමට අවශ්‍ය තේමාවක් බවට ලෝක විනාශය පත්ව ඇත. ඇතැම් අයට කුඩා පොත් ලිවීමට හා ඒවා අලෙවි කර විශාල මුදලක් උපයා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ලෝක විනාශය පිළිබඳව ඇති මතවාදයන් තුන් ආකාර වේ. වෙනත් වචනවලින් කියන්නේ නම් තුන් ආකාරයක පුද්ගලයන් ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]1. ලෝක විනාශය සිදුවේ යැයි සිතන අය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]2. ලෝක විනාශය සිදු නොවන්නේ යැයි තර්ක කරන අය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]3. එය සිදු වූවත් නොවූවත් එවැන්නක් සිදුවේවා යැයි ප්‍රාර්ථනා කරන අය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]අපි ඒ විවිධ මත සඳහා ඒ පිටුපස සැඟවී තිබෙන සමාජ විද්‍යාත්මක හේතු අධ්‍යයනයකට පිවිසෙමු. ඒ සඳහා පළමු පියවර වන්නේ 2012දෙසැම්බර් 21වැනිදා ලෝක විනාශය සිදුවන බවට මතුකරන තර්ක වටහා ගැනීමයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මායා ශිෂ්ටාචාරය[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ලෝක විනාශය පිළිබඳ මායාව ගොඩනැඟීම සඳහා භාවිත කරන්නේ මායා ශිෂ්ටාචාරය බැවින් පළමුව ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතුය. මායා ශිෂ්ටාචාරය දකුණු අමෙරිකාව හා මධ්‍යම අමෙරිකාව තුළ ස්ථාපිත වූවකි. වර්තමානයෙහි මෙක්සිකෝව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර්, ගෝතමාලාව ලෙස නම් කර ඇති රටවලට අයත් භූමියෙහි එය පිහිටුවා තිබිණි. මෙම ශිෂ්ටාචාරය අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 2000දීවත් පිහිටුවීමට ඇතැයි විශ්වාස කරන අතර ක්‍රිස්තු පූර්ව 400දී පමණ මායාවරු දැවැන්ත දේවස්ථාන, පඩිපෙල් වැනි ව්‍යුහයන් සහිත විශාල පිරමීඩ ආදී විශිෂ්ට ඉදිකිරීම් සිදුකරන තත්වයට වර්ධනය විය. ක්‍රිස්තු වර්ෂ 250සිට 900දක්වා කාලය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය වූ අතර එම කාලය තුළ නිෂ්පාදනයේ, විද්‍යාවේ, කලාවේ සැලකිය යුතු වර්ධනයක් ඇති විය. ක්‍රිස්තු වර්ෂ 900දී පමණ රෝග වසංගත, වගා පාළුව ආදිය නිසා මායාවරුන්ගේ නාගරික ශිෂ්ටාචාරය විනාශ විය. ඉන් අනතුරුව ඔවුන් කඳුකර ප්‍රදේශවලට සංක්‍රමණය විය. ක්‍රිස්තු වර්ෂ 1250දී පමණ මායා ශිෂ්ටාචාරයේ තාවකාලික පිබිදීමක් යළි ඇති වූවත් ක්‍රිස්තු වර්ෂ 1440දී වෙනත් ගෝත්‍රවලින් එල්ල වූ යුදමය තර්ජන නිසා එම පිබිදීම යටපත් විය. ක්‍රිස්තු වර්ෂ 1517දී ස්පාඤ්ඤවරුන් ලතින් අමෙරිකාවට හා මධ්‍යම අමෙරිකාවට පැමිණ එම ප්‍රදේශ යටත් කිරීමත් සමග මායා ශිෂ්ටාචාරය බිඳවැටී කඳුකරයේ හුදෙකලා ගෝත්‍රික ගම්මානවලට සීමාවිය. මායාවරුන් ලත් දියුණුව නිසා ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ කලා නිර්මාණ පිළිබඳව මෙන්ම ඔවුන්ගේ තිබුණා යැයි පවසන අද්භූත බලයන් හා අනාවැකි පිළිබඳව ද සාකච්ඡාවක් පවතී.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මායාවරුන්ගේ දින දර්ශන[/SIZE][/FONT][/COLOR] [CENTER][SIZE=3][IMG]http://img543.imageshack.us/img543/4209/mayancalendar.jpg[/IMG][/SIZE][/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මායාවරුන්ගේ දින දර්ශන වර්ග තුනක් ඇත. පළමුවැන්න දින 360කින් සමන්විත අප වර්තමානයේ භාවිත කරන දින දර්ශනයට සමාන දින දර්ශනයකි. එහි දින 20බැගින් වූ මාස 18ක් ඇත. දෙවැන්න දින 13ක් බැගින් වූ මාස 20ක් සහිත දින දර්ශනයකි. එහි වර්ෂය දින 260කි. එම දෙවැනි දින දර්ශනය බොහෝ විට මායාවරුන්ගේ ආගමික උත්සව හා වතාවත් වෙනුවෙන් භාවිත විය. 2012ලෝක විනාශය පිළිබඳ මායාව ගොඩනැඟී ඇත්තේ මායාවරුන්ගේ තුන්වැනි දින දර්ශනය ඇසුරිනි. එය දිගුකාලීන දින දර්ශනයකි. එම දින දර්ශනය ඇරඹෙන්නේ ක්‍රිස්තු පූර්ව 3114අගෝස්තු 01වැනිදායින් වන අතර අවසන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 2012දෙසැම්බර් 21වැනිදාය. මෙම දින දර්ශනය බක්ටුන් නමැති කාල ඒකක 13කින් යුක්තය. බක්ටුන් එකක් යනු වසර 394කි. බක්ටුන් 13ක් එක් යුගයක් ලෙස සැලකේ. මායාවරුන්ගේ කාලයේ මිනුම් මේ ආකාරය වේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]දින 20 = යුනාල් 1[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]යුනාල් 18 = ටූන් 1 (දින 360)[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ටූන් 20 = කාටුන් 1 (දින 7200)[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]කාටුන් 20 = බක්ටුන් 1 (දින 1,44,000=වසර 394)[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]බක්ටුන් 13 = එක් යුගයක් (වසර 5125)[/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img255.imageshack.us/img255/5098/images2bc.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මායාවරුන්ගේ තුන්වැනි දින දර්ශනය සකස් කර ඇත්තේ එක් යුගයක් සඳහාය. එහි අවසන් දිනය වන්නේ 2012දෙසැම්බර් 21වැනිදාය. එතැනින් පසු දින දර්ශනයේ දින නැත. එදින ලෝක විනාශය සිදුවන බවට මතයක් නිර්මාණය වන්නේ එම හේතුව මතය. 2012දෙසැම්බර් 21වැනිදා ලෝකය විනාශ වන බවට කරුණු ඉදිරිපත් වන්නේ මායාවරුන්ගේ දින දර්ශනය මත පදනම්ව පමණක් නොවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]නොත්‍රදාමුස්ගේ අනාවැකි[/SIZE][/FONT][/COLOR] [CENTER][SIZE=3][IMG]http://img208.imageshack.us/img208/7228/planetxnibirucollisionw.jpg[/IMG] [/SIZE][/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ප්‍රංශ ජාතික අනාවැකි කියන්නකු වූ මිචෙල් ඞී. නොත්‍රදාමුස් ද 2012ලෝක විනාශය පිළිබඳ අනාවැකියක් පවසා ඇතැයි සැලකේ. ක්‍රිස්තු වර්ෂ 1503දෙසැම්බර් 14වැනිදා උපත ලද ඔහු 1554වසරේ සිට අනාවැකි කීම ඇරඹුවේය. ක්‍රිස්තු වර්ෂ 1554සිට 3797දක්වා කාලයට අදාළ අනාවැකි 3000ක් පමණ පවසා ඇති නොත්‍රදාමුස් ඊජිප්තු ගුප්ත විද්‍යා දැනුම පිළිබඳ උනන්දු වූවෙකි. සුමේනියානු ශිෂ්ටාචාරයේ විශ්වාසයක් වන නිබුරු නම් ග්‍රහලෝකය පෘථිවියේ ගැටෙන බවට නොත්‍රදාමුස්ගේ අනාවැකියක් ඇත. ඔහු එය සිදුවන කාලයක් දක්වා නැතත් ඇතැම් අය 2012ලෝක විනාශය පිළිබඳ කතාබහට ඔහු සම්බන්ධ කරයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]පෘථිවි ධ්රැව මාරුව[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]2012ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වන තවත් සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු ජාතික අධ්යාත්මවේදියකු වන එඞ්ගා කේසි විසිනි. ඔහුට අනුව පෘථිවියේ චුම්භකත්වයට අදාළ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය කාලයෙන් කාලයට වෙනස් වේ. එසේ ධ්රැව දෙක මාරුවන විට (Polar shift)පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වේ. එවිට පෘථිවියේ අභ්‍යන්තර භූතල එකිනෙක හා ගැටෙන අතර භූමිකම්පා හා ගිනි කඳු පිපිරීම් හරහා මානව වර්ගයා විනාශ වේ. එය ක්‍රිස්තු වර්ෂ 2012දී සිදුවන බවට එඞ්ගා කේසි අනාවැකි කියා ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මෙසේ පෘථිවියේ අභ්‍යන්තර භූතල එකිනෙක ගැටීම පිළිබඳ තවත් මතයක් ඇත. ඒ කළු කුහරය පිළිබඳ මතයයි. ඇතැම් තාරකා විද්‍යාඥයන්ට අනුව 2012දෙසැම්බර් 21වැනිදා ක්ෂීරපථයේ කේන්ද්‍රයත් සූර්යයාත් පෘථිවියත් එකම තලයක සරල රේඛාවක් ලෙස පිහිටයි. එම විද්‍යාඥයන් පවසන්නේ එම සරල රේඛීය පිහිටීමටම එදින කළු කුහරයක් පැමිණෙන අතර එහි දැවැන්ත ගුරුත්ව බලය නිසා පෘථිවියේ භූතල එකිනෙක ගැටී, වෙන් වී ගිනි කඳු හා භූමිකම්පා මගින් පෘථිවිය විනාශ වන බවයි. මීට ස්වල්ප කාලයකට පෙර තිරගත වූ 2012චිත්‍රපටයේ තේමාව වූයේ ද එලෙස සිදුවන ලෝක විනාශයකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]තාරකාවල බලපෑම[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ මත අතරින් එක් මතයකින් කියැවෙන්නේ ‘ඇල්සියොන්’ ^Alcyone&නම් තාරකාවක් 2012 දී අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සමීපවන අතර එම තරුවේ අන්තර් ක්‍රියාවත් සමග පෘථිවිය වටා ෆෝටෝන පටියක් ඇතිවන බවය. එම ෆෝටෝන පටියේ බලපෑම හේතුවෙන් පෘථිවි තලයේ ඇතිවන වෙනස්කම් ලෝක විනාශයට හේතුවන බව එම මතයෙන් කියැවේ. අනෙක් මතය ද තාරකාවක් සමග සම්බන්ධය. ‘බීටල් ගෝස්’ ^Betel geuse& නම් තාරකාව මේ වන විට සිය ආයු කාලය අවසන් වී නිවී යමින් හා හැකිළී යමින් පවතින අතර එය ළඟදීම සුපර් නෝවාවක් ලෙස පිපිරී යාමට නියමිතය. එම තාරකාව 2012 වර්ෂයේ දී පුපුරා යන බවත් එමගින් ඇතිවන කම්පන තරංග මගින් මුළු පෘථිවියම විනාශවන බවත් තවත් මතයකින් කියැවේ. මෙම මතයන් තාරකා විද්‍යාඥයන් විසින් ද තහවුරු කරන ලද ස්වාභාවික සංසිද්ධීන් සමග බැඳී පවතී. ලෝක විනාශය පිළිබඳ තවත් ජනප්‍රිය මතයකින් කියැවෙන්නේ 2012 වසරේදී පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයක් පෘථිවියට එල්ලවන බවය. 2010 දෙසැම්බර් මාසයේ දී, එසේ පෘථිවිය කරා පැමිණෙන පිටසක්වල යානා තුනක ඡායාරූපයක් ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය අභ්‍යවකාශ යානයක කැමරාවකින් ගන්නා ලද ඡායාරූපයක් බව කියැවිණි. මේ ආකාරයට 2012 දී ලෝක විනාශය සිදුවන බවට විවිධාකාර මත පළ වී ඇති අතර මෑතකදී ප්‍රදර්ශනය කරන ලද Battle Los Angelies චිත්‍රපටයට පාදක වූයේ පිටසක්වල ආක්‍රමණයක් හරහා මනුෂ්‍ය වර්ගයාට සිදුවන විනාශයයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ආගමික මත[/SIZE][/FONT][/COLOR][COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] හා ලෝක විනාශය[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]2012 ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වී ඇති මතවල විශේෂත්වය වනුයේ ඒවා ලොව ප්‍රධානතම ආගම්වල ලෝක විනාශය පිළිබඳව ඇති මතවාදයන්ට පටහැනි වීමයි. එය යන්තමින් හෝ සමාන වන්නේ හින්දු ආගමේ ඇති මතයට ය. හින්දු විශ්වාසයට අනුව එක් කල්පයක්, එනම් ලෝකය ආරම්භයේ සිට අවසානය දක්වා ඇති කාලසීමාවක්, එකක් වසර 6,000 බැගින් වූ යුග හතරකින් සමන්විතය. ඒ කෘත යුග, නේත්‍රා යුග, ද්වාපර යුග හා කලියුග වශයෙනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]1998 දී ඉන්දියාවේ සිටි කල්කි භග්වාන් නමැති හින්දු ආගමික නායකයා 2012 වසරේදී කලියුගය අවසන් වන බව ප්‍රකාශ කළේය. හින්දු ආගමට අනුව දෙවියන් බ්‍රහ්ම (ලෝකය මවන්නා), විෂ්ණු (ලෝකය පවත්වාගෙන යන්නා) හා ඊශ්වර (ලෝකය විනාශ කරන්නා) ලෙස තුන් ආකාරය. එම විශ්වාසයට අනුව ලෝකය අවසානයේ දී ඊශ්වර දෙවියන් පැමිණ නෙළුම් මලක් උඩ නටරාජ් නර්තනයේ යෙදෙන අතර නර්තනය අවසන් වත්ම ලෝකය අවසන් වේ. නමුත් 2012 ලෝක විනාශයක් සිදුවීම පිළිබඳ හින්දු ආගමික විශ්වාසයන් නොමැති බව ද ඇතැම් හින්දු දහම පිළිබඳ විශාරදයෝ පවසති.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]කිතු දහමේ ‘හෙළිදරව්ව’ තුළ යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නැවත පැමිණීමක් හා අවසාන විනිශ්චය ලබාදීමෙන් අනතුරුව ලෝකය විනාශ වීමක් පිළිබඳ සඳහන් වන නමුත් එහි පෙර ලකුණු මොනවාදැයි පැහැදිලි විස්තර අඩංගුව නැත. බුදු දහමේ මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සිදුවන ආකාරය පිළිබඳ මත කිහිපයක් ඇත. දීඝ නිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයට අනුව මිනිසුන්ගේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙමින් ගොස් අවසානයේ දී මිනිස් වර්ගයා සම්පූර්ණයෙන්ම වඳ වී යයි. අංගුත්තර නිකායේ සප්ත සූර්ය උද්ගමන සූත්‍රයට අනුව ලෝක විනාශය සිදුවන්නේ සූර්යයන් හතක් පෑයීමෙන් ඇතිවන දැවැන්ත උෂ්ණත්වය නිසාය. එම සූත්‍රයට අනුව දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවැනි සූර්යයෙක් පායන අතර එවිට දියර වර්ග, තෘණ ආදිය වියළී යයි. ඉන් අනතුරුව දීර්ඝ කාලයකින් තුන්වැනි සූර්යයකු පායන අතර එවිට කුඩා විල්, නදී ආදිය වියළී යයි. සිව්වන සූර්යයා පෑවූ පසු ගංගා, යමුනා ආදී ගංගාවන් වියළෙන අතර පස්වැනි සූර්යයා පෑයූ පසු මහා නදී ද වියළී යයි. හයවැනි සූර්යයා පෑයූ විට මහා සමුද්‍රය ද වියළී යන අතර සත්වැනි සූර්යයා පෑයීමත් සමග මහ පොළොව ගිනිගෙන දැවෙන්නට පටන් ගනී. එවිට සියලූ ජීවීන් විනාශ වී මහ පොළොව විනාශ වේ. ලොව පවතින ප්‍රධාන ආගම්වල ලෝක විනාශයට අදාළව තිබෙන්නේ එවැනි මතයකි. නමුත් මේ එක් ආකාරයක විනාශයක්වත් 2012 වසරේ දී සිදුවෙතැයි සිතීම අසීරුය. ඒ නිසා 2012 ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වී ඇති මත ආගමික මතයන්ට වඩා වෙනස් ඒවාය. නමුත් ඇතැම් විට 2012 ලෝක විනාශය පිළිබඳ මතය පිළිගැනීමට මේ ආගමික මත විසින් අවිඥානයට කර ඇති බලපෑම් බොහෝ අයට හේතු සැපයීමට ඉඟි ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මායාව මායාවරුන්ගේද?[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]2012 ලෝක විනාශයට අදාළ ප්‍රධාන තර්කය මතු වී ඇත්තේ මායාවරුන්ගේ දින දර්ශනය ඇසුරින් වුවත් එම මතය මායාවරුන් පිළි නොගනී. ලතින් අමෙරිකානු ජන ප්‍රජාවන් පිළිබඳ විශේෂඥයකු වන ජෝස් හුඩුම් නමැති සමාජ විද්‍යාඥයා මායා ගෝත්‍රවල වත්මන් පරම්පරාවන් මුණගැසී 2012 දෙසැම්බර් 21 දින සිදුවන ලෝක විනාශය ගැන අසන විට ඔවුන් ඒ පිළිබඳව අසා හෝ නොතිබිණි. ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ දින දර්ශනය බක්ටුන් 13කින් සමන්විත වන මුත් එය අවසානයේ දී ලෝකය විනාශ නොවන බවය. එහෙත් එය නව යුගයක ආරම්භයකි. එය අප වර්තමානයේ භාවිත කරන දින දර්ශනය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන නමුදු ඉන් අනතුරුව ලෝක විනාශය සිදුනොවන්නාක් මෙනි. එය එක් වර්ෂයක අවසානය පමණි. ඒ ආකාරයටම බක්ටුන් 13ක එක් යුගයක් 2012 දෙසැම්බර් 21 දින අවසන් වන නමුදු එම දිනයෙන් පසු නව යුගයක් ආරම්භ වේ. මායාවරුන්ගේ දින දර්ශනය භාවිත කර සකස් කරන ලද 2012 ලෝක විනාශය පිළිබඳ මතය මායාවරුන් විසින් පිළි නොගැනීම උත්ප්රාසවත් කාරණාවකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]අනෙක් අතට 2012 දී ලෝකය විනාශ නොවන බවට හේතු මායාවරුන්ගේ විශ්වාසයන් තුළින්ම සොයාගත හැක. නිදසුනක් ලෙස මායාවරුන්ගේ පැලෙන්ක් දෙවොලේ බටහිර පුවරුවේ ක්‍රිස්තු වර්ෂ 4772 ඔක්තෝබර් 21 වැනි දින සිදුවන දෙයක් පිළිබඳ අනාවැකියක් ඇත. එනම් ක්‍රිස්තු වර්ෂ 4772 වන විටත් මානව වර්ගයා මිහිපිට පැවතිය යුතුය. 2012 දෙසැම්බර් 21 දිනය පිළිබඳ මායාවරුන්ගේ ඇත්තේ එක් අනාවැකියක් පමණි. මෙක්සිකෝවේ ටෝටුගෙරෝ පෙදෙසෙහි ඇති ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසට අයත් පුවරුවක කොටා ඇති කවියක එදින, එනම් 13 වැනි බක්ටුනය සම්පූර්ණ වන දින විශේෂ යමක් දර්ශනය වනු ඇත. මායාවරුන්ට අනුව එදින ඊදකදබ - ශදනඑැ හෙවත් දෙවියන් ලෝකයට දර්ශනය වනු ඇත. මේ අනුව පෙනී යන්නේ 2012 ලෝක විනාශයක් ගැන මායාවරුන් අනාවැකි කියා ඇතැයි දියත් කර ඇති ප්‍රචාරය අසත්‍යයක් බවය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]විද්‍යාවේ මිථ්‍යාවන්[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මේ අනාවැකි අතර අප පළමුව දැක්වූ අනාවැකිය මීට සියවස් පහකට පෙර නොත්‍රදාමුස් විසින් ද ඉදිරිපත් කර ඇතැම් වර්තමාන විද්‍යාඥයන් විසින් ද අනුමාන කරන අනාවැකියක්. ඒ නිබුරු නමැති ග්‍රහලෝකයක් (මේ නම සුමේරියානු ශිෂ්ටාචාරයේ අනාවැකියක සඳහන් වූවකි) පෘථිවියේ ගැටීමෙන් ලෝක විනාශය සිදුවන බවයි. මේ වසරේ දෙසැම්බර් 21 වැනි දා පෘථිවියේ ගැටීමට නම් එම ග්‍රහලෝකය මේ වන විට අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී පෘථිවියට ඉතා සමීපව තිබිය යුතුය. නමුත් තාරකා විද්‍යාඥයන් පවසන ලෙස මේ වන විට කිසිදු ආගන්තුක ග්‍රහ වස්තුවක් පෘථිවිය සමීපයට පැමිණ නැත. දෙසැම්බර් මාසයේ පෘථිවියේ ගැටෙන තරම් ළංවන ආකාශ වස්තුවක් අගෝස්තු මාසය වන විට ස්ථීරවම රාත්‍රී අහසේ පියවි ඇසින් දැකිය හැකි විය යුතුය. පෘථිවියම විනාශ වීමට නම් කුඩා ග්රහක කැබැල්ලක් පෘථිවියේ ගැටීම ප්‍රමාණවත් නොවන අතර විශාල ග්‍රහලෝකයක් ගැටිය යුතු අතර එවැන්නක් තිබේ නම් මේ වන විට දර්ශනය විය යුතුය. එබැවින් ග්‍රහලෝක ගැටීමේ කල්පිතය මිථ්‍යාවක් බව පැහැදිලිය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]අනෙක් අනාවැකිය එඞ්ගා කේසි විසින් ද දැක්වූ අනාවැකියකි. ඒ පෘථිවි චුම්බකත්වයේ උතුර හා දකුණ මාරුවීම පිළිබඳ මතයයි. මේ මතය මුළුමනින්ම අසත්‍යයක් බව භූ විද්‍යාඥයන් පවසයි. සාමාන්‍යයෙන් වසර 7000කට පමණ වරක් මේ චුම්බක ධ්රැව මාරුව සිදුවන අතර මීට පෙර එම සංසිද්ධිය සිදුවූ කිසිදු වතාවක මහා විනාශයක් සිදුව නැත. අනෙක් අතට එය 2012 දෙසැම්බර් 21 වැනි යම් නිශ්චිත දිනයක සිදුවන සිදුවීමක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලව සිදුවන ක්‍රියාවලියකි. මෑතකදී එවැන්නක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් දැක්විය නොහැකි බව භූ විද්‍යාඥයෝ පවසති.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]පෘථිවි භූ තල ගැටීම පිළිබඳ අනෙක් මතය සූර්යයාත් පෘථිවියත් ක්ෂීරපථයේ කේන්ද්‍රයත් එකම තලයකට පැමිණීම පිළිබඳ මතයයි. එම පිහිටීම අප දන්නා ඉතිහාසයේ මීට පෙර කිහිප වතාවක්ම ඇතිවී තිබෙන අතර ඒ කිසිදු අවස්ථාවක විනාශයක් සිදුවූයේ නැත. අනෙක් අතට එම තලය තුළට කළු කුහරයක් පැමිණ පෘථිවිය කළු කුහරයට ඇදී යන බවට කිසිදු සාක්ෂියක් දක්නට නැත. එවැනි කළු කුහරයක් පෘථිවියට බලපෑම් කළ හැකි පිහිටීමකට එනවා නම් මේ වන විට පෘථිවියේ ගමන් මාර්ග හෝ භ්‍රමණ වේගය සුළු වශයෙන් හෝ වෙනස් විය යුතුය. එවැනි කිසිවක් සිදුවී නැත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ලෝක විනාශය පිළිබඳව තාරකා විද්‍යාඥයන් දැක්වූ ප්‍රබල මතයක් වනුයේ ඇල්සියොන් නමැති තාරකාවක බලපෑමෙන් පෘථිවියේ චලිතය වෙනස් කරන අන්දමේ ෆෝටෝන පටියක් ඇති වන බවට වන මතයයි. මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බව තාරකා විද්‍යාඥයන්ම පවසයි. ඇල්සියොන් ^Alcyone& තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400ක් දුරිනි. එමෙන්ම එය චලිතවන්නේ ක්‍රමයෙන් පෘථිවියට ළංවන ලෙස නොව සෞරග්‍රහමණ්ඩලයෙන් ඈතට යමිනි. 2012 දෙසැම්බර් 21 වන විට එම තාරකාව පිහිටන්නේ මේ මොහොතේ එය පිහිටනවාටත් වඩා දුරිනි. අනෙක් අතට අලෝක වර්ෂ 400ක් දුරින් පිහිටි තාරකාවකට පෘථිවියට බලපෑමක් කළ නොහැක. බීටල් ගෝස් (Betelgeuse) නම් තාරකාව සුපර් නෝවාවක් ලෙස පුපුරායාම පිළිබඳ අදහස ද එසේමය. එම තාරකාව දැන් සිටින්නේ සිය අවසානතම අවධියේය. එනිසා කුමන මොහොතක හෝ පුපුරා යා හැක. නමුත් එසේ පුපුරා යන දිනය නිවැරැදිව පැවැසීම ඉතා අසීරු කරුණකි. වසර ලක්ෂයක් තුළ ඕනෑම මොහොතක එය පුපුරා යා හැක. අනෙක් අතට සුපර් නෝවා පිපිරීමකින් පෘථිවියට යම් බලපෑමක් වීමට නම් එය ආලෝක වර්ෂ 25ක්වත් මෑතින් පිහිටිය යුතුය. නමුත් බීටල් ගෝස් තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 600ක් දුරිනි. එය පුපුරා ගිය ද ඒ පිපිරීම පෘථිවියට බලපෑමක් කිරීමට ඉඩක් නැත.[/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img843.imageshack.us/img843/7836/downloadew.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයක් ගැන කියැවෙන මතයද එවැනිම මිථ්‍යාවකි. පසුගිය වසරේ ප්‍රසිද්ධ කළ පිටසක්වල යානාවල ඡායාරූප ව්‍යාජ ඒවා බව දැන් තහවුරු වී ඇත. එය Battle Los Angelesචිත්‍රපටයේ ප්රචාරක කටයුත්තක් බවට ද මතයක් ඇත. ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ සේයාවක් කැමරා ගත කිරීමට නම් එම යානා චන්ද්‍රයාටත් වඩා පෘථිවිය සමීපයට පැමිණිය යුතු බව විද්‍යාඥයන්ගේ මතයයි. වසරකට පෙර එම යානා එතරම් ළඟට පැමිණ සිටියා නම් ආක්‍රමණය සඳහා දෙසැම්බර් 21 වනතුරු බලා සිටීමට කිසිදු තර්කයක් නැත. ඒවා මේ වන විට පෘථිවියට ගොඩබස්වා තිබිය යුතුය. විද්‍යාත්මක වේශයෙන් ඉදිරිපත් කර ඇති අනාවැකිවල ද කිසිදු සත්‍යයක් නැති බව මේ අනුව ඉතා පැහැදිලිව පෙනේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]හොලිවුඞ් මැජික්[/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img823.imageshack.us/img823/7931/images1yen.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]2012 දෙසැම්බර් 21 ලෝක විනාශයක් සිදුවන බවට අනාවැකි ඔසවා ලනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදය විසිනි. ඒ සඳහා හොලිවුඞ් චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරනු ලැබූ අතර ඇතැම් අවස්ථාවල දී කීර්තිමත් විද්‍යාඥයන් ද මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂඥතාවක් උසුලන ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් ද භාවිත කරනු ලැබීය. මෙම අදහසට කිසිදු පදනමක් නැති බව ස්ථීරය. මායාවරුන්ගේ දින දර්ශනය වසර 5000ක් පැරණිය. එම දින දර්ශනය ආරම්භ වීමටත් පෙර ලෝකය පැවැතිණි. මිනිසුන්ද බිහි වී තිබිණි. නිදසුනක් ලෙස ලංකාවේ වාසය කළ බළංගොඩ මානවයා වසර 35,000ක් පැරණිය. මායා දින දර්ශනයට පෙර මිනිසුන් සිටියා නම් දින දර්ශනය අවසන් වන විට මානව වර්ගයා විනාශවේ යැයි සිතීම හිතළුවකි. එසේ නම් අධිරාජ්‍යවාදීන් මේ කිසිදු පදනමක් නැති කතාවක් එක්වරම ඔසවාලූයේ ඇයි?[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මේ සඳහා හේතු කිහිපයක් තිබිය හැක. මේ කතා බහ පෙරට ආවේ 2008 ලෝක ආර්ථික අර්බුදයත් සමගය. ලෝක ආර්ථික අර්බුදය මගින් සලකුණු කළේ ධනවාදයේත් අධිරාජ්‍යවාදයේත් විනාශයයි. ඇතැම් විට අධිරාජ්‍යවාදීන්ට හා හොලිවුඞ් හි රූකඩ සිනමාකරුවන්ට ධනවාදයේ විනාශය ලෝක විනාශයක් ලෙස හැඟී යන්නට ඇත. දිනෙන් දින ගැඹුරු වන අර්බුදය විසින් පෙන්වා දෙන්නේ විනාශ වන්නේ මානව වර්ගයා නොව ධනේශ්වර ක්‍රමය බවයි. ඒ නිසා හොලිවුඞ් සිනමාව මැජික් දර්ශන පෙන්වූවාට අපට කලබල වීමට හේතුවක් නැත. ආර්ථික අවපාතයත් සමග උග්‍ර වූ සමාජයීය ගැටලූ අමතක කිරීමටත් සමස්ත මිනිස් සංහතිය විනාශ වීම පිළිබඳ භීතියක් ඔස්සේ පීඩක පන්තිය විසින් පීඩිතයා යටපත් කිරීම අමතක කිරීමටත් ඔවුන් උත්සාහයක නිරත වේ. ආර්ථික අවපාතය හමුවේ ධනපති ආණ්ඩු බැංකු ඇතුළු මහා ප්‍රාග්ධන හිමියන්ට මහජන බදු මුදලින් වන්දි දීමත් පීඩිතයා නිවෙස්වලින් හා රැකියාවලින් එළියට ඇද දැමීමත් සාධාරණීකරණය කළ හැක්කේ මිනිස් සංහතියේම විනාශයක් ගැන කීමෙනි. ආර්ථික අර්බුදයේ හානි පූර්ණය කිරීමට අධිරාජ්‍යවාදී රටවල් විසින් පරිධියේ රටවල් වැඩි වැඩියෙන් සූරාකෑම වසන් කළ හැක්කේ ලෝක විනාශයක් ගැන කීමෙනි. මේ හොලිවුඞ් මැජික් සංදර්ශන හරයේ පවතින්නේ එයයි. මෙසේ විවිධ ඇස්බැන්දුම්වලින් අපේ දැක්ම බොඳකර සැබෑ ප්රශ්නය අමතක කරන අතරම අපේ සාක්කුව හිස් කිරීමට ද ලෝක විනාශ මායාව යොදාගෙන ඇත. 2012 චිත්‍රපටයේ ආදායම ඩොලර් මිලියන 770කි. එය රුපියල් කෝටි 8,000කටත් වැඩිය. ඒ මුදල් යන්නේ ද අපේම සාක්කුවෙනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ප්රශ්නය වන්නේ ලෝකයේම ජනතාව අතින් වියදම් කරගෙන, ව්‍යාජ මායාවක කැමැත්තෙන්ම පැටලෙන්නේ මන්ද යන්නය. එය විග්රහ කරගැනීමට මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව මෙන්ම දේශපාලනය ද අවශ්‍ය වේ. මෙතැන් සිට අපි පිවිසෙන්නේ ඒ අධ්‍යයනයටයි.[/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom