2012 ගැන ඇත්ත

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔන්න දැන් වෙන්නත් ලඟයි. ඉලඟට 2012. දැන් ඔය 2012 ගැන නොයෙකුත් කතා තියෙනවා. මට ඉන්ටෙර්නෙට් එකේ ඉන්නකොට මේ පුද්ගලයාගේ lecture එකක් හම්බවුනා. මොහුගේ නම තමයි David Wilcock. මේ පුද්ගලයා සුප්‍රසිද්ධ psychic කෙනෙක් වන edgar cayce ට සමාන හැඩරුවක් තියෙනවා. මොහු කියන විදිහට නම් 2012 දී මිනිසාගේ විශාල වෙනසක් සිදුවෙනවලු. හැබැයි අධ්‍යාත්මිකව. තවදුරටත් ඔහු කියන්නේ පිරමීඩ යනු අනාගතය පෙන්වීමට ගොඩනගන ලද දෙයක් බවය. ඔහු එබව පහත දැක්වෙන වීඩියෝ වල මනාව පැහැදිලි කරනවා.

    තවදුරටත් ඔහු පිටසක්වල ජීවින් ගැන මෙසේ කියයි.

    පිරමීඩ ගොඩනැගුවේ පුරාණයේ පෘතුවියට පැමිණි පිටසක්වල ජීවීන් හා පෘතුවි වැසියන් එක්ව කියා. මොකද ඔය වගේ විශාල ගොඩනැගිලි ඒකාලේ හැටියට ගොඩනැගීම කිසිසේත් විය නොහැක්කක් බවයි. තවද පුරාණයේ මිනිසුන් ගගන ගාමීන් වැනි ප්‍රතිමා ගොඩනගල තියෙනවා. තවද යම පීරිසියක් වැනි දේත් එය දිහා බලා සිටින මිනිසුනුත් චිත්‍රයට ගොඩනගා තියෙනවා.

    ඔහු කියන්නේ පෘතුවි වැසියාට ජීවය ලැබුනේ පිටසක්වල ජීවීන්ගේ අනුදැනුම ඇතුව බවයි. (මතකද බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ආපස්සර බ්‍රහ්ම ලෝකෙන් ඇවිත් ඉන් පසුව රස පෘතුවිය තොලගා ඉන පසුව මිනිසා ගොඩ නැගුනා කියල)

    ඔහු තවදුරටත් atlantis නම් අතුරුදහන් වූ ශිෂ්ටාචාරය ගැන මෙසේ කියයි. atlantis සහ පිටසක්වල ජීවීන් අතර මනා සම්බන්දතාවයක් තිබී ඇත. එම නිසයි එම ශිෂ්ටාචාරයට ඉතාමත් දියුණු තාක්ෂණයක් තිබුනේ.

    තවද ඔහු පවසන අන්දමට රුසියාවේ එක්තරා පරේෂණයක් කර තිබෙනවා පිරමීඩ ගැන. පිරමීඩ ඒක ප්‍රදේශයක ගොඩනැගු පසු ඒ අවට තිබු farms වලට එහෙම හොඳට අස්වැන්න ලැබී තිබෙනවා. ඔහු කියන අන්දමට පිරමීඩ යනු අනාගතය පෙන්වීමටත් ඒ වගේම පෘතුවි වැසියා සමග communicate කිරීමටත් යොදාගත් දෙයක් බවයි.

    තවද ඔයගොල්ලෝ අහලා ඇති crop circles ගැන. ඒ ගැනත් ඔහු පැහැදිලි කරයි. ඔය crop circles යනු පිටසක්වල ජීවින් පෘතුවි වැසියාට අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත් බවයි. crop circles කියල ගූග්ල් එකේ ටයිප් කර බලන්න. ඒවා මහා විශාල වුත් 100% accurate ඉතාමත් ලස්සන විදිහට farms වල අන්ද තිබෙන ඒවාය. ඒ වයේ අන්ද තිබෙන්නේ සවුරග්‍රහ මණ්ඩලය වැනි දේවල්ය. ඒක ගොවිමහතෙක් පවසන අන්දමට ඔහු ඉතා දීප්තිමත් දෙයක් වක්‍ර ආකාරව ඔහුගේ අස්වැන්න උඩ කැරකෙන අයුරුත් ඉන් පසුව ඔහුගේ අස්වැන්නෙහි මේ crop circles තිබුණු බවද සඳහන් වෙ.

    පහල තියෙන වීඩියෝස් බලන්නකෝ.

    හොඳ නම් රෙප්



    http://www.youtube.com/watch?v=cEyqT2_ricA&feature=fvst

    http://www.youtube.com/watch?v=9zAMdYC80sE&feature=channel

    http://www.youtube.com/watch?v=STqkZR2PSR4&feature=fvw

    http://www.youtube.com/watch?v=Hl2sf5fuIBA&feature=fvw