Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංගීතවේදී ගුණදාස කපුගේ

සංගීතවේදී ගුණදාස කපුගේ සූරීන්ගේ 66 වන ඡන්ම දින සැමරුම් උළෙල වෙනුවෙනි

රන් ස්වරෙන් යුග සවන් මන බැන්දු

ඔබට හැකි අන් කවර කොවු ලින්දූ

ක්‍රි.ව. 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ ඡන්මලාභය ලත් ඇල්ලමුල්ල කපුගේ ගුණදාස නම් වූ කුඩා දරු සිඟිත්තාගේ සුරතල් බිළිඳු හඬ සවන් වැකුණු මොහොතේ .... එය කිසිදා මෙලොව හැර නොයන හඬක් වෙතැයි ඇල්ලමුල්ල කපුගේ ප්‍රැන්සිස් සහ දෝන සිරිබද්දන අලිස්නෝනා දෙමාපිය යුවළ නොසිතන්නට ඇත. මූලික අධ්‍යාපනය ගාල්ල ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අනතුරුව ද්විතීක අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන්ද හදාළ ගුණදාස කපුගේ ශිෂ්‍යයාට සංගීත විෂයට අත්පොත් තැබුණේ ඩබ්ලිව්. චුලරත්න හා එන්. ඩී. ප්‍රේමසිරි යන ප්‍රවීණයන් වෙතිනි. මේ අතර විදුහල්පතිවරයකු හා දක්ෂ සංගීත ශිල්පියකු වූ එස්. එඩ්මන්ඩ් නම් වූ සිය මාමා සමඟ ප්‍රදේශ රැසක එකල පැවැත්වූ වේදිකා හා ටීටර් නාට්‍ය සඳහා ගායනයෙන් හා වාදනයෙන් දායක වීමේ දුර්ලභ අවස්ථාවද අප කථානායකයාණන්ට හිමි විය.

ගාල්ල නාගොඩ විදුහල හා අම්බලන්ගොඩ ධර්මාශෝක යන විදුහල්වලින් අධ්‍යාපනය හදාරන අතරතුර සංගීත දිවියේ සුවිශේෂ ජයග්‍රහණ රැසක්ම හිමිකර ගැනීමට කපුගේ ශිෂ්‍යයා සමත් විය. ක්‍රි.ව. 1963 වසරේ රජයේ ලලිත කලායතනයටත් (හේවුඩ් ) ඉන් අනතුරුව 1965 වසරේ ලක්නව් භාත්කණ්ඩ සංගීත විද්‍යාලයටත් ඇතුලත්ව, සරසවි ඇල්ම බැල්ම එකසේ ලබමින් සංගීත අධ්‍යාපනයේ ගැඹුරු කඩඉම් සාර්ථකව අතික්‍රමණය කිරීමට සමත්වු එතුමා ඔස්තාද් ලේලේ, පණ්ඩිත් හරි ශංඛර් මිස්රා, ඔස්තාද් මක්ෂුඩ් අලි, පණ්ඩිත් රතන ජංකර්, සීතා ශිරන් සිං ආදී වු අති විශිෂ්ට ප්‍රවීණ සංගීතවේදීන්ගේ ගුරුහරුකම් යටතේ සිය සංගීත විශාරද උපාධිය හිමිකර ගැනීමට ද භාග්‍යවන්ත විය. නැවත 1969 වසරේ ලංකාවට පැමිණි විශාරද ගුණදාස කපුගේ නම් වූ ප්‍රවීණ සංගීතවේදියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලකවරයකු වශයෙන් සේවයට එක් විය.

ශබ්ද පරිපාලකවරයකු මතු නොව සරළ ගී ගායන ශිල්පියකු වශයෙන් සුවහසක් රසික හදවත් ආනන්දයෙන් ඇද බැඳ තබාගන්නට සමත් කපුගේ නම් වූ සොඳුරු ගායන ශිල්පියා ද මේ යුගයේම පුනර්ජීවය ලද බව පැහැදිලිය. ඒ අනුව 1973 වසරේ “ දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතුවැල් සලා “ ගීතය ගායනා කරමින් ජනතා හදවත් තුළ ලැගුම් ගන්නට එතුමාට හැකි විය. තමා හා සමකාලීනව මෙරට සිටි රාගධාරී සංගීතය හැදෑරු සෙසු ශිල්පීන් අතරින් කපුගේ නම් වූ ගාන්ධර්වයාණන්ට සුවිශේෂි ස්ථානයක් හිමිවන්නේ තමා උගත් භාරතීය රාගධාරි සංගීතය ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් යොදා ගැනීමට නව අත්හදා බැලීම් රාශියක් සිදුකළ නිසාවෙනි. එපමණක් නොව ඔහු තුළ දක්නට තිබූ තවත් එක් සුවිශේෂත්වයක් වූයේ නිරන්තර පොතපත ගවේෂණයට දැක්වූ උනන්දුවයි. තමා නියැලි ක්ෂේත්රයට අදාළ පොතපත පමණක් නොව ලෝක දේශපාලනය, සාහිත්‍ය, දර්ශනය, ජන ජීවිතය , ජන ශ්රැති ආදි වශයෙන් විශාල පරාසයක විහිදී යන දැනුම් සම්භාරයක් එතුමා සතු විය.

ඔහු සිය “ කම්පන “ නම් වූ සංගීත ප්‍රසංගය ඔස්සේ සමස්ත සමාජ දේහයම කම්පිත වූ යුගයක බිඳුණු හදවත් නිවාලන්නට දැරූ වෑයමට අපි සදා ණයගැති වෙමු. තමා සහජයෙන් උරුම කරගත් ශඛ්‍යතාවන් වඩ වඩාත් ඔපවත් කර ගැනීමට අභ්‍යාසයන් පමණක් නොව ලෙයින් කඳුලින් ද කැප කිරීම් කළ මේ අපූර්ව ගාන්ධර්වයාණන් සංගීත ක්ෂේත්රයේ නව අත්හදා බැලීම් සිදු කරමින් ද භවදුක, භවකර්ම චිත්‍රපට වලත්, සඳා , ගිගිරි වළලු, ආයම්මාවරු වැනි ටෙලි නාට්‍ය වලත් “ තාරාවෝ ඉගිලෙති” වැනි යුගයක් වර්ණවත් කළ අග්‍රගණ්‍ය වේදිකා නාට්‍ය කිහිපයකම සංගීත අධ්යක්ෂණයට දායක වෙමින්ද ශබ්ද පරිපාලකවරයකු , වැඩසටහන් නිෂ්පාදකවරයකු, වැඩබලන අධ්යක්ෂවරයකු වශයෙන්ද තමා සතු යුග මෙහෙවර ඉටු කරන්නට දිවි හිමියෙන් කැප විය. එමතු ද නොව නවක ගී පද රචකයන්, ගායක ගායිකාවන් ඇතුළු සංගීත ක්ෂේත්රයේ විවිධ දක්ෂතා දැක්වූ මෙරට ප්‍රත්‍යන්ත ප්‍රදේශවල සිටි නවක ශිල්පීන් ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් විවිධ වැඩසටහන් ගණනාවක්ම හඳුන්වා දීමේ ගෞරවය එතුමාට හිමිවේ.

කරුණාරත්න දිවුල්ගනේ, පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි, ජානකී සුමිත්‍රා දිසානායක, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, නාලක අංජන කුමාර, ක්‍රිෂාන්ත එරන්දක .... ආදී ප්‍රවීණ කලා ශිල්පීන් කපුගේ නම් වූ කප්රුක සෙවණේ රෝපණය වී ඉඳු අරටු පීදුණු මහා වෘක්ෂයෝ වෙත්, එමෙන්ම කපුගේ නාමය රජරට ගුවන් විදුලි වංශ කථාවේද රන් අකුරින් සනිටුහන් වන්නේ එහි අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් විසින් ඉටු කරන ලද මෙහෙවර සදානුස්මරණීය වන නිසාමය. කපුගේ චරිතාපදානයෙන් දැකගත හැකි තවත් එක් සුවිශේෂි ගුණාංගයක් වන්නේ හෙතෙම ජාතික ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයෙකු වුවත්, කිසිදා තමන් මතු වූ ජන සමාජය අමතක නොකිරීමයි. ශාස්ත්‍රීය වශයෙන් ලෝකය අධ්‍යයනය කිරීමෙනුත්, ඡන්ම දායාදයක් වශයෙන් උරුම කරගත් උතුම් මානව දයාවත් හේතුකොට ගෙන ගායකයකු, සංගීත අධ්යක්ෂවරයකු වශයෙන් නොව පීඩිත මිනිසුන්ට හෙතෙම සැබෑම වීරයෙක් විය.

උපන් ගෙයිම හිත හොඳ උතුම් මිනිසෙකු වූ අප කථානායකයාණන් අතිධාවනකාරී, බද්ධසාරි අගනුවර ජීවිතය තුළ ඒ “ හොඳ” දියකර හැරියේ නැත. ඒ හේතුවෙන්ම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ ඉතා අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට ඔහුට සිදු විය. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ අරමුණින් තමා එල්බ ගත් මතවාදයන්ට දැඩිසේ පහර එල්ල වන අවස්ථාවන්හිදී බොහෝ මිනිසුන් වෙතින් දක්නට ලැබෙන්නේ තමාගේ මතවාදය වෙනස් කර ගැනීම හෝ ඉවත් කර ගැනීමයි. එසේ වුව කපුගේ නම් වූ සොදුරු කලාකරුවාණන් බාධා හේතුවෙන් කිසිම විටෙක තම යහපත් අරමුණු පසෙකින් තැබුවෙකු නොවිය. කලාවට සාහිත්‍යයට, සංගීතයට පමණක් නොව මියෙන තෙක්ම මිනිසුන්ටද ආදරය කළ මේ සොඳුරු මිනිසා වෙනුවෙන් හෙට ලියැවෙන මහා වංශයේ පරිච්ඡේද ගණනාවක් වෙන්වෙනු ඇත. එවන් ශ්‍රේෂ්ඨ චරිතාපදානයක ගුණසුවඳ මතින් තව තවත් සැබෑ කලාකරුවන්ට නිදහසේ ආධීනව විකසිත වීමට ඉඩහසර සැලසීම “ කපුගේ “ නාමයට කළ හැකි ශ්‍රේෂ්ඨතම උපහාරය වනු ඇත.

විජිත් කණුගල

සංස්කෘතික කටයුතු අධ්යක්ෂ

පරණ එකක්. විශාරදයෙක් උනේ ඊට පස්සෙ

http://www.dinamina.lk/2011/08/06/_art.asp?fn=f1108063

[QUOTE="යාළුවා, post: 16638942, member: 479821"] [B]සංගීතවේදී ගුණදාස කපුගේ [/B] [COLOR=#008080]සංගීතවේදී ගුණදාස කපුගේ සූරීන්ගේ 66 වන ඡන්ම දින සැමරුම් උළෙල වෙනුවෙනි[/COLOR] [B]රන් ස්වරෙන් යුග සවන් මන බැන්දු ඔබට හැකි අන් කවර කොවු ලින්දූ[/B] ක්‍රි.ව. 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ ඡන්මලාභය ලත් ඇල්ලමුල්ල කපුගේ ගුණදාස නම් වූ කුඩා දරු සිඟිත්තාගේ සුරතල් බිළිඳු හඬ සවන් වැකුණු මොහොතේ .... එය කිසිදා මෙලොව හැර නොයන හඬක් වෙතැයි ඇල්ලමුල්ල කපුගේ ප්‍රැන්සිස් සහ දෝන සිරිබද්දන අලිස්නෝනා දෙමාපිය යුවළ නොසිතන්නට ඇත. මූලික අධ්‍යාපනය ගාල්ල ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අනතුරුව ද්විතීක අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන්ද හදාළ ගුණදාස කපුගේ ශිෂ්‍යයාට සංගීත විෂයට අත්පොත් තැබුණේ ඩබ්ලිව්. චුලරත්න හා එන්. ඩී. ප්‍රේමසිරි යන ප්‍රවීණයන් වෙතිනි. මේ අතර විදුහල්පතිවරයකු හා දක්ෂ සංගීත ශිල්පියකු වූ එස්. එඩ්මන්ඩ් නම් වූ සිය මාමා සමඟ ප්‍රදේශ රැසක එකල පැවැත්වූ වේදිකා හා ටීටර් නාට්‍ය සඳහා ගායනයෙන් හා වාදනයෙන් දායක වීමේ දුර්ලභ අවස්ථාවද අප කථානායකයාණන්ට හිමි විය. ගාල්ල නාගොඩ විදුහල හා අම්බලන්ගොඩ ධර්මාශෝක යන විදුහල්වලින් අධ්‍යාපනය හදාරන අතරතුර සංගීත දිවියේ සුවිශේෂ ජයග්‍රහණ රැසක්ම හිමිකර ගැනීමට කපුගේ ශිෂ්‍යයා සමත් විය. ක්‍රි.ව. 1963 වසරේ රජයේ ලලිත කලායතනයටත් (හේවුඩ් ) ඉන් අනතුරුව 1965 වසරේ ලක්නව් භාත්කණ්ඩ සංගීත විද්‍යාලයටත් ඇතුලත්ව, සරසවි ඇල්ම බැල්ම එකසේ ලබමින් සංගීත අධ්‍යාපනයේ ගැඹුරු කඩඉම් සාර්ථකව අතික්‍රමණය කිරීමට සමත්වු එතුමා ඔස්තාද් ලේලේ, පණ්ඩිත් හරි ශංඛර් මිස්රා, ඔස්තාද් මක්ෂුඩ් අලි, පණ්ඩිත් රතන ජංකර්, සීතා ශිරන් සිං ආදී වු අති විශිෂ්ට ප්‍රවීණ සංගීතවේදීන්ගේ ගුරුහරුකම් යටතේ සිය සංගීත විශාරද උපාධිය හිමිකර ගැනීමට ද භාග්‍යවන්ත විය. නැවත 1969 වසරේ ලංකාවට පැමිණි විශාරද ගුණදාස කපුගේ නම් වූ ප්‍රවීණ සංගීතවේදියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලකවරයකු වශයෙන් සේවයට එක් විය. ශබ්ද පරිපාලකවරයකු මතු නොව සරළ ගී ගායන ශිල්පියකු වශයෙන් සුවහසක් රසික හදවත් ආනන්දයෙන් ඇද බැඳ තබාගන්නට සමත් කපුගේ නම් වූ සොඳුරු ගායන ශිල්පියා ද මේ යුගයේම පුනර්ජීවය ලද බව පැහැදිලිය. ඒ අනුව 1973 වසරේ “ දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතුවැල් සලා “ ගීතය ගායනා කරමින් ජනතා හදවත් තුළ ලැගුම් ගන්නට එතුමාට හැකි විය. තමා හා සමකාලීනව මෙරට සිටි රාගධාරී සංගීතය හැදෑරු සෙසු ශිල්පීන් අතරින් කපුගේ නම් වූ ගාන්ධර්වයාණන්ට සුවිශේෂි ස්ථානයක් හිමිවන්නේ තමා උගත් භාරතීය රාගධාරි සංගීතය ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් යොදා ගැනීමට නව අත්හදා බැලීම් රාශියක් සිදුකළ නිසාවෙනි. එපමණක් නොව ඔහු තුළ දක්නට තිබූ තවත් එක් සුවිශේෂත්වයක් වූයේ නිරන්තර පොතපත ගවේෂණයට දැක්වූ උනන්දුවයි. තමා නියැලි ක්ෂේත්රයට අදාළ පොතපත පමණක් නොව ලෝක දේශපාලනය, සාහිත්‍ය, දර්ශනය, ජන ජීවිතය , ජන ශ්රැති ආදි වශයෙන් විශාල පරාසයක විහිදී යන දැනුම් සම්භාරයක් එතුමා සතු විය. ඔහු සිය “ කම්පන “ නම් වූ සංගීත ප්‍රසංගය ඔස්සේ සමස්ත සමාජ දේහයම කම්පිත වූ යුගයක බිඳුණු හදවත් නිවාලන්නට දැරූ වෑයමට අපි සදා ණයගැති වෙමු. තමා සහජයෙන් උරුම කරගත් ශඛ්‍යතාවන් වඩ වඩාත් ඔපවත් කර ගැනීමට අභ්‍යාසයන් පමණක් නොව ලෙයින් කඳුලින් ද කැප කිරීම් කළ මේ අපූර්ව ගාන්ධර්වයාණන් සංගීත ක්ෂේත්රයේ නව අත්හදා බැලීම් සිදු කරමින් ද භවදුක, භවකර්ම චිත්‍රපට වලත්, සඳා , ගිගිරි වළලු, ආයම්මාවරු වැනි ටෙලි නාට්‍ය වලත් “ තාරාවෝ ඉගිලෙති” වැනි යුගයක් වර්ණවත් කළ අග්‍රගණ්‍ය වේදිකා නාට්‍ය කිහිපයකම සංගීත අධ්යක්ෂණයට දායක වෙමින්ද ශබ්ද පරිපාලකවරයකු , වැඩසටහන් නිෂ්පාදකවරයකු, වැඩබලන අධ්යක්ෂවරයකු වශයෙන්ද තමා සතු යුග මෙහෙවර ඉටු කරන්නට දිවි හිමියෙන් කැප විය. එමතු ද නොව නවක ගී පද රචකයන්, ගායක ගායිකාවන් ඇතුළු සංගීත ක්ෂේත්රයේ විවිධ දක්ෂතා දැක්වූ මෙරට ප්‍රත්‍යන්ත ප්‍රදේශවල සිටි නවක ශිල්පීන් ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් විවිධ වැඩසටහන් ගණනාවක්ම හඳුන්වා දීමේ ගෞරවය එතුමාට හිමිවේ. කරුණාරත්න දිවුල්ගනේ, පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි, ජානකී සුමිත්‍රා දිසානායක, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, නාලක අංජන කුමාර, ක්‍රිෂාන්ත එරන්දක .... ආදී ප්‍රවීණ කලා ශිල්පීන් කපුගේ නම් වූ කප්රුක සෙවණේ රෝපණය වී ඉඳු අරටු පීදුණු මහා වෘක්ෂයෝ වෙත්, එමෙන්ම කපුගේ නාමය රජරට ගුවන් විදුලි වංශ කථාවේද රන් අකුරින් සනිටුහන් වන්නේ එහි අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් විසින් ඉටු කරන ලද මෙහෙවර සදානුස්මරණීය වන නිසාමය. කපුගේ චරිතාපදානයෙන් දැකගත හැකි තවත් එක් සුවිශේෂි ගුණාංගයක් වන්නේ හෙතෙම ජාතික ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයෙකු වුවත්, කිසිදා තමන් මතු වූ ජන සමාජය අමතක නොකිරීමයි. ශාස්ත්‍රීය වශයෙන් ලෝකය අධ්‍යයනය කිරීමෙනුත්, ඡන්ම දායාදයක් වශයෙන් උරුම කරගත් උතුම් මානව දයාවත් හේතුකොට ගෙන ගායකයකු, සංගීත අධ්යක්ෂවරයකු වශයෙන් නොව පීඩිත මිනිසුන්ට හෙතෙම සැබෑම වීරයෙක් විය. උපන් ගෙයිම හිත හොඳ උතුම් මිනිසෙකු වූ අප කථානායකයාණන් අතිධාවනකාරී, බද්ධසාරි අගනුවර ජීවිතය තුළ ඒ “ හොඳ” දියකර හැරියේ නැත. ඒ හේතුවෙන්ම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ ඉතා අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට ඔහුට සිදු විය. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ අරමුණින් තමා එල්බ ගත් මතවාදයන්ට දැඩිසේ පහර එල්ල වන අවස්ථාවන්හිදී බොහෝ මිනිසුන් වෙතින් දක්නට ලැබෙන්නේ තමාගේ මතවාදය වෙනස් කර ගැනීම හෝ ඉවත් කර ගැනීමයි. එසේ වුව කපුගේ නම් වූ සොදුරු කලාකරුවාණන් බාධා හේතුවෙන් කිසිම විටෙක තම යහපත් අරමුණු පසෙකින් තැබුවෙකු නොවිය. කලාවට සාහිත්‍යයට, සංගීතයට පමණක් නොව මියෙන තෙක්ම මිනිසුන්ටද ආදරය කළ මේ සොඳුරු මිනිසා වෙනුවෙන් හෙට ලියැවෙන මහා වංශයේ පරිච්ඡේද ගණනාවක් වෙන්වෙනු ඇත. එවන් ශ්‍රේෂ්ඨ චරිතාපදානයක ගුණසුවඳ මතින් තව තවත් සැබෑ කලාකරුවන්ට නිදහසේ ආධීනව විකසිත වීමට ඉඩහසර සැලසීම “ කපුගේ “ නාමයට කළ හැකි ශ්‍රේෂ්ඨතම උපහාරය වනු ඇත. විජිත් කණුගල සංස්කෘතික කටයුතු අධ්යක්ෂ [B]පරණ එකක්. විශාරදයෙක් උනේ ඊට පස්සෙ [/B] [URL]http://www.dinamina.lk/2011/08/06/_art.asp?fn=f1108063[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom