Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපය පළමු පෙල සිටි නැවුම් මුහුණක් දෙවන පෙල තරගයේ නායකත්වයට ගෙන ආවේය. එනම් 2010 දී හාපුරා කියා පාර්ලිමේන්තුවට පිවිසි හරින් ප්‍රනාන්දු එයින් අස් වී මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට එළැඹීමයි. එයින් අපේක්ෂා කලේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවා වෙනත් පක්ෂ වලට ඡන්දය දෙමින් සිටි මෙන්ම ඡන්දය නොදී නිවසේ සිටි පාක්ෂිකයින් ද පක්ෂය වටා ඒක රාශි කර ගැනීමයි. ඇත්තෙන්ම එම උපක්‍රමය සාර්ථක විය. නමුත් එම උපක්රමයම ජනපතිවරණයක දී යොදා ගැනීමට නම් ජනපතිවරණයට පැමිණිය යුත්තේ රනිල් වික්‍රමසිංහ නොව සජිත් ප්‍රේමදාසය.

නැවුම් නායකයෙකු පැමිණීමෙන් ඌව පළාතේ ඇති වුණු පිබිදීම රට පුරා අපේක්ෂා කළ හැක්කේ ප්‍රේමදාස මහතා වැනි නැවුම් නායකයෙකුගේ පැමිණීමෙනි. නමුත් වික්‍රමසිංහ මහතා ඊට වෙනස්ය. ඔහු මීට පෙර 1999 සහ 2005 ලෙස දෙවරක් ජනපතිවරණ පරාජය වී ඇත. 1994 දී ජනපති අපේක්ෂකත්වයට ප්‍රතික්ෂේප වුණු අතර 2010 දී ජනපතිවරණයක් මග හැරිය එකම එජාප නායකයා විය. එබැවින් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට පැමිණීම සමාන කළ හැක්කේ වාර ගණනාවක් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වී පරාජයට පත් වුණු රවි සමරවීර මහතා නැවතත් ඌවේ එජාප මහ ඇමති ලෙස ඉදිරිපත් වීමටයි. මෙවරත් මහ ඇමති අපේක්ෂක ලෙස පැරණි අපේක්ෂකයාම ඉදිරිපත් වුණේ නම් ඌවේ එජාපයට මෙවැනි පිබිදීමක් ඇති වන්නේ නැත. එබැවින් හරින් ප්‍රනාන්දු මහතා උවේ මහ ඇමති අපේක්ෂක වීමෙන් ඇති කළ පිබිදීම වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂක වීමෙන් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීම දුෂ්කරය.

උතුරු සහ නැගෙනහිර පළාත් වලින් පිට සුළු ජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට එජාපයට ඇති හැකියාව මෙම මැතිවරණයෙන් නැවත වරක් සනාථ කර තිබේ. ඌවේ මුස්ලිම් ජනතාවගේ තෝරා ගැනීම වූයේ මුස්ලිම් කොංග්‍රසය නොව එජාපයයි. එමෙන්ම තොන්ඩමන් සහ දිගම්බරම් වැනි වතු දෙමළ නායකයින්ගේ සහය ආණ්ඩුවට ලැබී තිබුණු පසුබිමක ද වතු දෙමළ ඡන්ද සෑහෙන ගණනක් ආකර්ෂණය කර ගැනීමට එජාපයට හැකි වීමෙන් එහි සුළු ජන ආකර්ෂණය මැනවින් පෙනේ. 2005 සහ 2010 ජනපතිවරණයන්ට පෙර හකීම් සහ තොන්ඩමන් සහය දුන්නේ සංධානයටයි. නමුත් එම ජනපතිවරණ වලදී එජාපයේ අපේක්ෂකයාට සහය දීමට මෙම නායකයෝ ඉදිරිපත් වූහ. මෙම තත්වය යටතේ ඉදිරි ජනපතිවරණයක දී මෙම නායකයින් නැවතත් එජාපයට සහය දීමේ අවදානමක් ඇත.

පසුගිය මැතිවරණ වල ඡන්දය ප්‍රකාශ වීමේ රටාව අනුව උතුරේ දී 20%ක් ද නැගෙනහිර 30%ක් ද අනෙකුත් පළාත්හි 15%ක් ද සුළු ජාතික ඡන්ද සංධානයට ලැබී තිබේ. ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%ක් වන අතර එයින් 80%ක සහය එජාපයට ලැබුණොත් එය සමස්තයෙන් 20%කි (25%*80%). එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්ද වලින් තවත් 30%ක් හෙවත් හෙවත් සිංහල ඡන්ද වලින් 40%ක් ලබා ගත යුතුය. මොනරාගල දිසාවේ 95%ක්ම සිංහලයින්ය. 5%ක් වූ අසිංහල ඡන්ද වලින් එජාපය 80% ලබා ගත්තේ නම් එය සමස්ත ඡන්ද වලින් 4%කි (5%*80%). සිංහල ඡන්ද වලින් 40%ක් ලැබුවේ නම් එය සමස්ත ඡන්ද වලින් 38%කි (95%*40%). ඒ අනුව සිංහල ඡන්ද වලින් 40%ක් ලැබුවේ නම් මොනරාගලින් 42%ක් ලබා ගැනීමට එජාපය සමත් විය යුතුය. නමුත් එජාපයට මොනරාගලින් හිමි වූයේ 33%ක් පමණි. එබැවින් දෙමළ සංධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය එජාපයට සහය දෙන වාතාවරණයක පවා එජාපයට ජයග්‍රහණය බෙහෙවින් දුරස්ථය. නමුත් මෙම කිසිම පක්ෂයක් එජාපයට සහය දෙන බවට මෙතෙක් ප්‍රකාශ කර නැත.

සංධානය ඌව පළාත ජයග්‍රහණය කර ඇත. එහි දී ලබා ගත් ප්‍රතිශතය 51%කි. එය සැබවින්ම ජයග්රාහි ඡන්ද ප්රතිශතයකි. සාමාන්‍ය තත්වයක් යටතේ මැතිවරණ ජයග්‍රහණ කරන්නේ එවැනි හෝ ඊටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකිනි. දහහත් අවුරුදු එජාප පාලනය පෙරලා පොදු පෙරමුණ බලයට පැමිණියේ 48%ක් ඡන්ද ලබාය. 2004 දී ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වරට සංධානගත වී මැතිවරණයකට ඉදිරිපත් වී ද ලබා ගත්තේ 48%කි. එබැවින් සාමාන්‍ය වාතාවරණයක දී ලබා ගන්නා ජයග්‍රහණයක දී 51%ක් යනු ඉහළ ප්රතිශතයකි.

ඌව මැතිවරණ ප්‍රතිඵලය ගෙනෙන වඩාත් වැදගත් පණිවිඩය වන්නේ යුද ජයග්‍රහණයේ උණුසුම දැන් අවසන් බවයි. ඒ මත ආණ්ඩුවට ලැබුණු වැඩි ඡන්ද ප්‍රතිශත තව දුරටත් නොලැබෙන බවයි. සියල්ල අනිත්‍ය ලෝකයේ යුද ජය කීර්තිය පමණක් නිත්‍ය නොවිය හැකි යැයි යමෙකුට පැවසිය හැක. නමුත් යුද ජය උණුසුම වසර පහකින් අවසන් වීම අවධානය යොමු විය යුතු තත්වයකි. මක් නිසාද යත් යුද ජය තරමට ඇඟට නොදැනෙන සංවර්ධන ජයග්‍රහණ පවා වසර පනහකට වඩා රැක ගැනීමට සමහර ආණ්ඩු සමත් වී තිබෙන හෙයිනි.

ආසියාවේ පළමු ආශ්චර්රය බවට ජපානය පත් කලේ ප්රජාතන්ත්රවාදි ලිබරල් පක්ෂය (Democratic Liberal Party)යි. එය බලයට පැමිණියේ 1955 දීය. ජපානයේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ ප්‍රතිඵලය ලෙස 1993 දක්වා අඛණ්ඩව වසර 38ක් බලයේ සිටීමට එම පක්ෂයට හැකි විය. එමෙන්ම සිංගප්පූරුව ආසියාවේ තවත් ආශ්චර්රයක් බවට පත් කලේ 1959 දී බලයට පැමිණි මහජන ක්‍රියාකාරිත්ව පක්ෂය (People’s Action Party)යි. බලයට පැමිණ වසර 56ක් ගත වුවත් එය පැරදවීමට තබා එයට හිමි තුනෙන් දෙකේ විශේෂ බහුතරය නැති කිරීමට පවා විපක්ෂයට නොහැකි වී ඇත. එමෙන්ම මැලේසියාවට දැවැන්ත සංවර්ධනයක් අත් කර දුන් එක්සත් මැලේසියානු ජාතික සංවිධානය (United Malays National Organization) 1959 සිට අද දක්වාම අඛණ්ඩව බලයේ සිටියි.

අපේ අසල්වැසි රටවල පක්ෂ හුදෙක් සංවර්ධනය පදනම් කර ගනිමින් වසර පනහක් ඉක්මවා බලය රැක ගැනීමට සමත් වී තිබිය දී දැවැන්ත යුද ජයග්‍රහණයක් ගෙනා සංධානයට එහි උණුසුම වසර පහක් ඉක්මවා පවත්වා ගැනීමට නොහැකි වුණේ මන්දැයි විමසා බැලිය යුතුය. පසුගිය වසර අට තුල දී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ යන ලදී. ඒ අනුව මධ්‍යම පන්තිය අවම වශයෙන් පස් ගුණයකින්වත් ඉහළ යා යුතුය. මෙම ආණ්ඩුව දැවැන්ත මධ්‍යම පන්තියක් බිහි කළත් එහි අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන්ම යහ පාලනය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු වී නැත. ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වීමට ප්‍රධාන වශයෙන් බල පා ඇත්තේ එයයි.

ඌව පළාතේ ප්‍රධානම දිසාව වන්නේ බදුල්ලයි. බදුල්ල කවදත් ශ්‍රිලනිප ප්රමුඛ සංධානයන්ට අවාසිදායක දිසාවකි. 1994, 2000 සහ 2004 යන වසර වල දී සංධානය පාර්ලිමේන්තු මැතිවරණ ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ නමුත් බදුල්ල දිසාව පරාජයට පත්විය. එමෙන්ම 2005 ජනපතිවරණයේ දී ද සංධානය ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ නමුත් බදුල්ලෙන් පරාජයට පත් වන ලදී. ජාතික මට්ටමින් මැතිවරණ පරාජයට පත් වන විට පරාජයට පත්වන දිසාවන් ගණනාවක් තිබෙන නමුත් ජාතික මට්ටමින් ජයග්‍රහණය කරන විටත් පරාජයට පත්වන දිසාවන් තිබෙන්නේ සුළු ගණනකි. එවැනි දිසාවක මැතිවරණයක් ජනපතිවරණයට පෙරාතුව පැවැත්වීමට තීරණය කලේ ඇයිදැයි සංධාන නායකයින් තමන්ගෙන්ම විමසිය යුතුය.

[QUOTE="Timathi, post: 17237966, member: 513812"] [SIZE="4"]එජාපය පළමු පෙල සිටි නැවුම් මුහුණක් දෙවන පෙල තරගයේ නායකත්වයට ගෙන ආවේය. එනම් 2010 දී හාපුරා කියා පාර්ලිමේන්තුවට පිවිසි හරින් ප්‍රනාන්දු එයින් අස් වී මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට එළැඹීමයි. එයින් අපේක්ෂා කලේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවා වෙනත් පක්ෂ වලට ඡන්දය දෙමින් සිටි මෙන්ම ඡන්දය නොදී නිවසේ සිටි පාක්ෂිකයින් ද පක්ෂය වටා ඒක රාශි කර ගැනීමයි. ඇත්තෙන්ම එම උපක්‍රමය සාර්ථක විය. නමුත් එම උපක්රමයම ජනපතිවරණයක දී යොදා ගැනීමට නම් ජනපතිවරණයට පැමිණිය යුත්තේ රනිල් වික්‍රමසිංහ නොව සජිත් ප්‍රේමදාසය. නැවුම් නායකයෙකු පැමිණීමෙන් ඌව පළාතේ ඇති වුණු පිබිදීම රට පුරා අපේක්ෂා කළ හැක්කේ ප්‍රේමදාස මහතා වැනි නැවුම් නායකයෙකුගේ පැමිණීමෙනි. නමුත් වික්‍රමසිංහ මහතා ඊට වෙනස්ය. ඔහු මීට පෙර 1999 සහ 2005 ලෙස දෙවරක් ජනපතිවරණ පරාජය වී ඇත. 1994 දී ජනපති අපේක්ෂකත්වයට ප්‍රතික්ෂේප වුණු අතර 2010 දී ජනපතිවරණයක් මග හැරිය එකම එජාප නායකයා විය. එබැවින් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට පැමිණීම සමාන කළ හැක්කේ වාර ගණනාවක් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වී පරාජයට පත් වුණු රවි සමරවීර මහතා නැවතත් ඌවේ එජාප මහ ඇමති ලෙස ඉදිරිපත් වීමටයි. මෙවරත් මහ ඇමති අපේක්ෂක ලෙස පැරණි අපේක්ෂකයාම ඉදිරිපත් වුණේ නම් ඌවේ එජාපයට මෙවැනි පිබිදීමක් ඇති වන්නේ නැත. එබැවින් හරින් ප්‍රනාන්දු මහතා උවේ මහ ඇමති අපේක්ෂක වීමෙන් ඇති කළ පිබිදීම වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂක වීමෙන් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීම දුෂ්කරය. උතුරු සහ නැගෙනහිර පළාත් වලින් පිට සුළු ජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට එජාපයට ඇති හැකියාව මෙම මැතිවරණයෙන් නැවත වරක් සනාථ කර තිබේ. ඌවේ මුස්ලිම් ජනතාවගේ තෝරා ගැනීම වූයේ මුස්ලිම් කොංග්‍රසය නොව එජාපයයි. එමෙන්ම තොන්ඩමන් සහ දිගම්බරම් වැනි වතු දෙමළ නායකයින්ගේ සහය ආණ්ඩුවට ලැබී තිබුණු පසුබිමක ද වතු දෙමළ ඡන්ද සෑහෙන ගණනක් ආකර්ෂණය කර ගැනීමට එජාපයට හැකි වීමෙන් එහි සුළු ජන ආකර්ෂණය මැනවින් පෙනේ. 2005 සහ 2010 ජනපතිවරණයන්ට පෙර හකීම් සහ තොන්ඩමන් සහය දුන්නේ සංධානයටයි. නමුත් එම ජනපතිවරණ වලදී එජාපයේ අපේක්ෂකයාට සහය දීමට මෙම නායකයෝ ඉදිරිපත් වූහ. මෙම තත්වය යටතේ ඉදිරි ජනපතිවරණයක දී මෙම නායකයින් නැවතත් එජාපයට සහය දීමේ අවදානමක් ඇත. පසුගිය මැතිවරණ වල ඡන්දය ප්‍රකාශ වීමේ රටාව අනුව උතුරේ දී 20%ක් ද නැගෙනහිර 30%ක් ද අනෙකුත් පළාත්හි 15%ක් ද සුළු ජාතික ඡන්ද සංධානයට ලැබී තිබේ. ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%ක් වන අතර එයින් 80%ක සහය එජාපයට ලැබුණොත් එය සමස්තයෙන් 20%කි (25%*80%). එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්ද වලින් තවත් 30%ක් හෙවත් හෙවත් සිංහල ඡන්ද වලින් 40%ක් ලබා ගත යුතුය. මොනරාගල දිසාවේ 95%ක්ම සිංහලයින්ය. 5%ක් වූ අසිංහල ඡන්ද වලින් එජාපය 80% ලබා ගත්තේ නම් එය සමස්ත ඡන්ද වලින් 4%කි (5%*80%). සිංහල ඡන්ද වලින් 40%ක් ලැබුවේ නම් එය සමස්ත ඡන්ද වලින් 38%කි (95%*40%). ඒ අනුව සිංහල ඡන්ද වලින් 40%ක් ලැබුවේ නම් මොනරාගලින් 42%ක් ලබා ගැනීමට එජාපය සමත් විය යුතුය. නමුත් එජාපයට මොනරාගලින් හිමි වූයේ 33%ක් පමණි. එබැවින් දෙමළ සංධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය එජාපයට සහය දෙන වාතාවරණයක පවා එජාපයට ජයග්‍රහණය බෙහෙවින් දුරස්ථය. නමුත් මෙම කිසිම පක්ෂයක් එජාපයට සහය දෙන බවට මෙතෙක් ප්‍රකාශ කර නැත. සංධානය ඌව පළාත ජයග්‍රහණය කර ඇත. එහි දී ලබා ගත් ප්‍රතිශතය 51%කි. එය සැබවින්ම ජයග්රාහි ඡන්ද ප්රතිශතයකි. සාමාන්‍ය තත්වයක් යටතේ මැතිවරණ ජයග්‍රහණ කරන්නේ එවැනි හෝ ඊටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකිනි. දහහත් අවුරුදු එජාප පාලනය පෙරලා පොදු පෙරමුණ බලයට පැමිණියේ 48%ක් ඡන්ද ලබාය. 2004 දී ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වරට සංධානගත වී මැතිවරණයකට ඉදිරිපත් වී ද ලබා ගත්තේ 48%කි. එබැවින් සාමාන්‍ය වාතාවරණයක දී ලබා ගන්නා ජයග්‍රහණයක දී 51%ක් යනු ඉහළ ප්රතිශතයකි. ඌව මැතිවරණ ප්‍රතිඵලය ගෙනෙන වඩාත් වැදගත් පණිවිඩය වන්නේ යුද ජයග්‍රහණයේ උණුසුම දැන් අවසන් බවයි. ඒ මත ආණ්ඩුවට ලැබුණු වැඩි ඡන්ද ප්‍රතිශත තව දුරටත් නොලැබෙන බවයි. සියල්ල අනිත්‍ය ලෝකයේ යුද ජය කීර්තිය පමණක් නිත්‍ය නොවිය හැකි යැයි යමෙකුට පැවසිය හැක. නමුත් යුද ජය උණුසුම වසර පහකින් අවසන් වීම අවධානය යොමු විය යුතු තත්වයකි. මක් නිසාද යත් යුද ජය තරමට ඇඟට නොදැනෙන සංවර්ධන ජයග්‍රහණ පවා වසර පනහකට වඩා රැක ගැනීමට සමහර ආණ්ඩු සමත් වී තිබෙන හෙයිනි. ආසියාවේ පළමු ආශ්චර්රය බවට ජපානය පත් කලේ ප්රජාතන්ත්රවාදි ලිබරල් පක්ෂය (Democratic Liberal Party)යි. එය බලයට පැමිණියේ 1955 දීය. ජපානයේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ ප්‍රතිඵලය ලෙස 1993 දක්වා අඛණ්ඩව වසර 38ක් බලයේ සිටීමට එම පක්ෂයට හැකි විය. එමෙන්ම සිංගප්පූරුව ආසියාවේ තවත් ආශ්චර්රයක් බවට පත් කලේ 1959 දී බලයට පැමිණි මහජන ක්‍රියාකාරිත්ව පක්ෂය (People’s Action Party)යි. බලයට පැමිණ වසර 56ක් ගත වුවත් එය පැරදවීමට තබා එයට හිමි තුනෙන් දෙකේ විශේෂ බහුතරය නැති කිරීමට පවා විපක්ෂයට නොහැකි වී ඇත. එමෙන්ම මැලේසියාවට දැවැන්ත සංවර්ධනයක් අත් කර දුන් එක්සත් මැලේසියානු ජාතික සංවිධානය (United Malays National Organization) 1959 සිට අද දක්වාම අඛණ්ඩව බලයේ සිටියි. අපේ අසල්වැසි රටවල පක්ෂ හුදෙක් සංවර්ධනය පදනම් කර ගනිමින් වසර පනහක් ඉක්මවා බලය රැක ගැනීමට සමත් වී තිබිය දී දැවැන්ත යුද ජයග්‍රහණයක් ගෙනා සංධානයට එහි උණුසුම වසර පහක් ඉක්මවා පවත්වා ගැනීමට නොහැකි වුණේ මන්දැයි විමසා බැලිය යුතුය. පසුගිය වසර අට තුල දී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ යන ලදී. ඒ අනුව මධ්‍යම පන්තිය අවම වශයෙන් පස් ගුණයකින්වත් ඉහළ යා යුතුය. මෙම ආණ්ඩුව දැවැන්ත මධ්‍යම පන්තියක් බිහි කළත් එහි අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන්ම යහ පාලනය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු වී නැත. ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වීමට ප්‍රධාන වශයෙන් බල පා ඇත්තේ එයයි. ඌව පළාතේ ප්‍රධානම දිසාව වන්නේ බදුල්ලයි. බදුල්ල කවදත් ශ්‍රිලනිප ප්රමුඛ සංධානයන්ට අවාසිදායක දිසාවකි. 1994, 2000 සහ 2004 යන වසර වල දී සංධානය පාර්ලිමේන්තු මැතිවරණ ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ නමුත් බදුල්ල දිසාව පරාජයට පත්විය. එමෙන්ම 2005 ජනපතිවරණයේ දී ද සංධානය ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ නමුත් බදුල්ලෙන් පරාජයට පත් වන ලදී. ජාතික මට්ටමින් මැතිවරණ පරාජයට පත් වන විට පරාජයට පත්වන දිසාවන් ගණනාවක් තිබෙන නමුත් ජාතික මට්ටමින් ජයග්‍රහණය කරන විටත් පරාජයට පත්වන දිසාවන් තිබෙන්නේ සුළු ගණනකි. එවැනි දිසාවක මැතිවරණයක් ජනපතිවරණයට පෙරාතුව පැවැත්වීමට තීරණය කලේ ඇයිදැයි සංධාන නායකයින් තමන්ගෙන්ම විමසිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom