Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 සිට රට යන අත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* කතරගම පොලිස් මාදවියකුගෙන් මනුෂ්‍යත්වයට වෙඩි පිට වෙඩි

* පුතාව නිදිකරවන්න එපා මම කෑමත් අරන් එන්නම් කිව්ව රත්තරං මේ ආපු හැටි...

* නිරෝෂන්ගේ මිනිය තියන්න කටු මැටි නිවස ඉඩ මදි...

යළිත් වරක් පොලිසිය සිල් බිඳ ගත්තේය. පොලිස් රාළහාමිලාගේ සිල් රෙදි පල්ලේ රුධිරය බේරිණි. කඳසුරිඳුන්ගේ අඩවියත් ලෙයින් නැහැවිණි. ඒ තිස්සමහාරාම ප්‍රදේශයේදී සිසුවියක් දූෂණය කළ අපතයන්ට වෙඩි තබා මරා දමා නොවේ. යතුරුපැදියකින් කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාලකණ්ණියකුට වෙඩි තබා ද නොවේ.

katharagama2රාත්‍රි රැකවලේ සිටි පොලිස් රාළහාමි කෙනකු විසින් කතරගම නගර මධ්‍යයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අසරණ තරුණයකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියත් සමඟය. වාර්තා වන අන්දමට අවනීතික රටක සිදු වූ තවත් නින්දිත ඝාතනයකි. එහෙත් කතරගම ඝාතනය සිද්ධියක් පමණි. වැදගත් වන්නේ මේ මිනීමැරුමේ අවස්ථා නිරූපණය නොවේ. ඒ හරහා රටට ඉදිරිපත් වී ඇති කියවීමය. දැන් අප මේ සටහන තබන්නේ මහ මඟ ගමන් කරන විට පොලිස් වෙඩි පහරකින් මියයැමේ අවධානමත් තුරුලු කරගෙනය. කතාව පෙළගැසෙන්නේ මෙසේය.

පතිරණලාගේ නිරෝෂන් කතරගම නාගහවීදියේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු විසිපහකි. එක්දරු පියෙකි. ඔහු රැකියාවට කළේ කතරගම ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයේ රියෑදුරු ලෙස සේවය කිරීමය. පසුගිය 20 වැනිදා ඔහු තම රාජකාරිය නිමා කොට රාත්‍රි 11.00 ට පමණ ප්‍රාදේශීය සභාවෙන් පිටව ගියේය. ඒ තම මිතුරෙකු වූ ඩී. පී. නුවන් සමඟ එකම යතුරුපැදියේය. තරමක් වේගයෙන් ගමන් ගත් යතුරුපැදියට රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් රාළහාමි කෙනෙක් අත දැම්මේය. නලාව ද නාද කළේය. එතැනින් එහාට සිදු වූ බිහිසුණු සිද්ධි දාමය පැහැදිළි කරන්නේ අප නොව, පොලිස් නිලධාරීන්ගේ අමානුෂික පහරකෑමට ලක්ව කතරගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නුවන්ය. මේ නුවන් කියන කතාවය.

"බයික් එක පැදගෙන ආවේ නිරෝෂන්. පැයට කිලෝ මීටර් හතළිහක විතර වේගයෙන් ආවා. ඒ එනකොට තමයි පොලිසිය අත දැම්මේ. ආපු වේගයටම නතර කළා නම් බයික් එක පෙරළිලා අපිව විසි වෙනවා. ඒ නිසා නිරෝෂන් වේගය අඩු කරලා චුට්ටක් එහාට ගිහින් බයික් එක නතර කළා. මම බයිසිකලයෙන් බහිනකොටම තමයි පොලිස් නිලධාරියා අපිට වෙඩි තිබ්බේ. වෙඩි දෙකක් තිබ්බා. වෙඩි වැදුණේ නිරෝෂන්ගේ ඔලුවටමයි. බයික් එකත් එක්කම නිරෝෂන්ව වැටුණා. මම කෑගහගෙන නිරෝෂන්ව උස්සලා ගන්න හැදුවා. එතකොට පොලිස් රාළහාමියි, ග්‍රාම ආරක්ෂක නිලධාරියයි මට දිගට හරහට පහර දුන්නා. ඒත් මම නිරෝෂන්ව අතහැරියේ නෑ. ගුටි කාගෙන නිරෝෂන්ව බදාගෙන හිටියා. එතකොටත් නිරෝෂන්ට සිහිය නෑ. පොලිස් රාළහාමියි, ග්‍රාම ආරක්ෂක නිලධාරියයි චුට්ටක් එහාට ගිහින් මොනවද කතා කරලා යන්න ගියා. මම නිරෝෂන්ව උස්සගෙන ඉස්පිරිතාලයට ගියා. ඒත් වැඩක් වුණේ නෑ. ඉස්පිරිතාලයට අරගෙන යනකොටත් මැරිලා කියලා නිරෝෂන්ව පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වා..."

"බයික් එකෙන් බැස්ස නිසා මම බේරුණා. නැති නම් වෙඩි තිබ්බේ අපි දෙන්නටම. අපි කිසිම වරදක් කළේ නෑ. නියම විදිහට පාරේ ආවා. මම නම් චුට්ටක් බීලා හිටියේ. නිරෝෂන් එහෙමවත් නෑ. නිරෝෂන් අරක්කු බොන්නේ නෑ. හරිම නිහතමානී, හැමෝමත් එක්ක කතාබහ කරලා හොඳට හිටියා. එදත් නිරෝෂන් ගෙදර යන්න පරක්කු වුණේ මම එනකං හිටිය නිසා..." පූරුවේ පිනකට එදා නුවන්ට ජීවිත දානය ලැබුණද දැන් ඔහුගේ ජීවිතය අනතුරේය. නිරෝෂන්ගේ ඝාතනය ඇසින් දුටු එකම සාක්ෂිය නුවන්ය. එම සාක්ෂිය බොඳ කිරීමෙන් නිරෝෂන්ගේ ඝාතන නඩුවත් කාලයේ වැලිතලාවට යට වී යන්නේය. එහෙයින් නිරෝෂන්ගේ මරණයට යුක්තිය ඉටු කිරීමට නම් නුවන් ජීවතුන් අතර සිටිය යුතුමය.

නුවන් සහ කතරගම ප්‍රදේශවාසීන් පවසන විදිහට නිරෝෂන් නිහතමානී චරිතයකි. නාගහවීදියේ නිරෝෂන්ලා ජීවත් වූ අන්ත දුගී පැල්පත දකින විට අපට හැඟුණේ ඔහු දරිද්‍රතාවයේ ද පතුලටම වැටී සිටි තරුණයකු බවය. ඒ කටු මැටි පැල්පත මිනිස් වාසයකට සුදුසු නැති තරම්ය. නිරෝෂන්ගේ නිසල දේහය තැන්පත් කර තැබීමට ද ඒ කටු මැටි පැල්පත ඉඩ මදිය. අවසානයේ දේහය තැන්පත් කර තිබුණේ නිරෝෂන්ගේ බිරිඳගේ මහගෙදරය. කතරගම නාගහවීදියේ එම නිවසට අප යන විටත් මහ සෙනඟකි. ඇස ගැටෙන සෑම මුහුණක්ම ශෝකයෙන් බරිත වී තිබූ අයුරු අපට පෙනිණි. හඬා වැළපෙන නිරෝෂන්ගේ ඥාතීන් ඉදිරියේ කිසිවක් කතා කරගැනීමට නොහැකි තරමට අපිදු කම්පනයට පත් වීමු. බොහෝ වේලාවක් විලාප දෙමින් සිටි නිරෝෂන්ගේ බිරිඳගේ දෙනෙත් අප දෙසට එල්ල විය. කඳුළු මතින් ඇය අප සමඟ කතා කළාය.

"අනේ මගේ සුදු මහත්තයා මට හරිම ආදරෙයි. දරුවට පණ ඇරලා. දරුවා ලොකු වෙන්න කලින් ගෙයක් හදාගන්න ඕනෑ කියලා නිතරම කිව්වා. පොලිස් කාලකණ්ණි වෙඩි තියන්න පැයකට කලිනුත් මට කතා කරලා 'පුතාව නිදි කරන්න එපා, මම කෑමත් අරගෙන එන්නම්' කියලා කිව්වා. අනේ මගේ රත්තරං මේ ආපු හැටි..." නැවතත් ඇය බෙරිහං දෙන්නට විය. ඇයගේ කඳුළු වචන මගේ හදවත ද හැඬවිණි. එහෙත් හදවතේ ඉකිබිඳුම ආයාසයෙන් මැඬගෙන මම ඇයට සවන්දී සිටියෙමි.

"මගේ මහත්තයා අරක්කු බොන්නේ නෑ. වැඩ අවසන් වෙච්ච ගමන් ගෙදර එනවා. ඒ ඇවිත් දරුවත් එක්ක සෙල්ලම් කරනවා. පුතත් හවස් වෙනකොට පාර දිහා බලාගෙන ඉන්නවා. එදා රෑ මල්ලි කෙනෙක් ඇවිත් අයියට අනතුරක් වෙලා කියනකොටත් පුතා ඇහැරිලා. ඉස්පිරිතාලෙට ගිහින් බලනකොට තමයි මහත්තයාට වෙඩි තියලා කියලා දැනගත්තේ. දැන් මට කවුරුවත් නෑ. මමයි, දරුවයි තනි වුණා. අපේ පවුලට මේ අපරාධය කරපු උන්ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ..."

වෙඩි කා මියෑදුණු නිරෝෂන්ගේ බිරිඳ චතුරිකා සඳමාලිය. ඇයට තවම වයස අවුරුදු විසි දෙකකි. නිරෝෂන් සහ ඇය විවාහ වී මේ වන විට වසර හතරකි. ඔවුන් දෙපළගේ ආදරය පිරුණු පුංචි කැදැල්ලට කුළුඳුලේ පැමිණියේ පුතෙකි. ඔහුට තවම අවුරුදු තුනකි. සඳමාලිගේ තුරුළේ නැළවෙන පුතුට තවමත් පියාගේ වියෝ දුක නොතේරිණි. එහෙත් 'කෝ පුතේ තාත්තා...' කියා දරුවාගෙන් අසන විට 'අර ඉන්නේ...' කියා මිනී පෙට්ටිය පෙන්වන විට ගලක් නොවන ඕනෑම හදවතක් හඬන්නේය.

"අම්මේ තාත්තා ගොඩක් වෙලා නිදි අපි ඇහැරවමු... මට සෙල්ලම් කරන්නත් ඕනෑ..." ඒ පුංචි පුතුගේ සුරතල් වදන් ඇසෙන විට සොබාදහම ද කම්පා වී වියරු වැටෙන තරම්ය. ඒ දුක දරාගැනීමට නොහැකි මිනිසුන් වියරුවෙන් මහ මගට බැස උද්ඝෝෂණ කිරීම පුදුමයක් නොවේ. නිරෝෂන්ගේ ඝාතනයෙන් පසු ප්‍රකෝප වූ කතරගම ජනතාව මරණයට වගකිවයුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මහ ගමට බැස උද්ඝෝෂණ කළේය. ටයර් පුළුස්සමින් ප්රකෝපකාරී ලෙස හැසිරිණි.

'රතුපස්වල ලේ කතරගමත් හැලුවා...'

'රතුපස්වල මිනී මරුවෝ කතරගමට එපා...'

'නිරෝෂන්ව මරපු උන්ව අත්අඩංගුවට ගනිව්... එල්ලුම් ගස් යවව්...'

අපරාධයක් සිදු වී සාධාරණය ඉටු නොවූ විට මිනිස්සු පාරට බැසීම සාමාන්‍ය දෙයකි. එවැනි සටන් පාඨ කියමින් කෑමොර දීම ද සාමාන්‍ය දෙයකි. එහෙත් නීතිය අතට ගෙන රාජ්‍ය දේපළවලට හානි කිරීම බරපතල වරදකි. කෝපය පාලනය කරගෙන නිරෝෂන්ගේ මරණයට යුක්තිය ඉටුකරගැනීම ප්‍රදේශවාසීන්ගේ වගකීමකි. එසේ නොවෙන්න පුද්ගලයන්ට මඩ ගසමින්, පරණ කුණු කන්දල් ඇවිස්සීම තවත් ගඳ ගැස්වීමක් පමණි. උද්ඝෝෂණය අතරතුර මෙන්ම පසුව නිරෝෂන්ගේ මිනිය ඉදිරියේදී ද ප්‍රදේශවාසීන් කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කරනවා අපට ඇසිණි.

"මේ ඕ.අයි.සී. ආවාට පස්සේ කතරගම අපරාධ වැඩි වුණා. ගංජා, කුඩු වැහි වැහැලා. බොන අය අල්ලනවා. විකුණන අය නිදැල්ලේ. මිනිස්සු පොලිසියට කරන පැමිණිල්ලක්වත් හරියට විභාග කරන්නේ නෑ... ඒ වගේම දැන් කතරගම පොලිසියයි, දේශපාලනයයි ගහට පොත්ත වගෙයි. හරිම බ්‍රැකට්. පාතාලය මෙහෙයවන්නේ දේශපාලනය. පොලිසිය විවේචනය කරනවා කියන්නේ පාතාලය ගෙදරට එන්න පුළුවන්. අනේ මහත්තයෝ නම් ගම් නම් දාන්න එපා. අපිට යන්න තැනක් නෑ. හෙටත් මේ ගම්වල ජීවත් වෙන්න ඕනෑ..."

ජීවත්වීමේ අයිතිය ඉල්ලා පින්සෙන්ඩු වන ඒ මිනිසුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීම අපගේ යුතුකමකි. ප්‍රදේශවාසීන්ගේ චෝදනා සහ ඝාතන සිද්ධිය ගැන කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටීම අපගේ වගකීමකි. එහෙයින් අපි කිහිප විටක්ම කතරගම පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළෙමු. විටෙක දුරකථනයට සම්බන්ධ වූ ඕ.අයි.සී. මහත්තයා 'මම බිසි... තව පැය භාගයකින් ගන්නවද...' හරියටම පැය භාගයකින් නැවත අපි කතරගම ඕ.අයි.සී මහතාගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමු. ඒ අවස්ථාවේ දුරකථනය නාද වුවද ඇමතුම හා ඔහු සම්බන්ධ නොවිණි. ඕ.අයි.සී මහත්තයාගේ කාර්යබහුලත්වය මත අප සමඟ කතා කිරීමට වේලාවක් නැති වෙන්නට ඇත. එමෙන්ම නීතිගරුක ඕ.අයි.සී. මහත්වරුන්ට තම රාජකාරිය දේව කාරියකි. කතරගම ඕ.අයි.සී. මහත්තයාගෙත් කාර්යබහුලත්වයෙන් පෙනී යන්නේ නීතිය අකුරටම ඉටු කරන නිලධාරියෙක් බවය. ඔහුගේ ගෝලයන් ද වැඩේ අකුරටම කරන ජාතියේ නිලධාරීන්ය. පොලිස් සංඥාව නොතකා ධාවනය කරන යතුරුපැදි නතර කිරීමට ඒ කීකරු නිලධාරීන් වෙනක් කිසිදු උත්සාහයක් නොගන්නේය. 'තුවක්කුවක් අතට දී ඇත්තේ කොස් කොටන්න නොවේ නේ... නීතියට ගරු නොකර උන්ට වෙඩි තියන්න නේ...' ක්ෂණයෙන් සිතා දණහිසෙන් පහළටත් නොව ඔලු කටු කුඩු වෙන්නම තුවක්කු පත්තු කරන්නේය. පසුව කතරගම පොලිසිය පවසන්නේ යතුරුපැදිකරු පොලිස් අණ නොතකා ධාවනය කළ හෙයින් වෙඩි තැබූ බවය.

අප ජීවත් වන සමාජයේ ම්ලේච්ඡත්වයේ තරම වටහාගැනීමට එපමණක් සෑහේ. එහෙත් මේ ටිකත් එකතු කර තැබීමට මම කැමත්තෙමි. පොලිසියේ අවම බලය, උපරිමයට ගොස් වෙඩි කා මියෑදුණු පළමු කෙනා කතරගම නිරෝෂන් නොවේ. එළිපිට පමණක් නොව, පොලීසි තුළත් හිටි හැටියේ සැකකරුවන් මියෑදෙන්නේය. ඊට ආසන්නම සිද්ධිය පසුගිය 19 වැනිදා පානදුර රෝහල ඉදිරිපිටින් ඇසිණි. ඒ පානදුර වෑකඩ වෙරලුගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි චමින්ද වසන්ත නමැති තිදරු පියකුව පොලිස් නිලධාරීන් විසින් පහරදී මරා දැමූ බවට ඔහුගේ ඥාතීන් කළ උද්ඝෝෂණයක් අතරිනි. නඩුයි, බඩුයි දෙකම පොලිසියේ නිසා පොලිස් නිලධාරීන්ට බැර වන මේ මරණවලට යුක්ති ධර්මය ඉෂ්ටවීම හාවා හඳ දකින ගානය. නීතිය නැමෙන තැනහිදී තුන, හතරට නැමී නඩු ද අපවත් වන සිද්ධි සුලබය. මානව හිමිකම් සංවිධාන ඇතුළු මනුෂ්‍යත්වයේ සකලවිධ අංගෝපාංග ආරක්ෂා කිරීමට කැප වූ එන්.ජී.ඕ. හැට හුටහමාරක් ඇති රටක මේ මරණ ගැන කතා කරන්නට එකෙක්වත් නැත.

කතරගම ඝාතන සිද්ධියේ ද නඩුයි, බඩුයි දෙකම පොලිසියේය. එහෙයින් නීතියේ සාධාරණය ඉෂ්ටවීම අවිනිශ්චිතය. එහෙත් කතරගම දේවියන්ගේ අඩවියේ වැරැදිකරුවන්ට ආයුෂ නැත. දේව දඬුවම නියතය. කතරගම නගර මධ්‍යයේදී විල්බට් අයියාට පහරදී මරා දැමූ පොලිස් නිලධාරීන් විවිධ රෝගීන් වී අකාලයේ මිය බව පැරැණි කතාවකි. 1971 අවුරුද්දෙ දවසක ප්‍රේමවතී මනම්පේරී තරුණියව කතරගම නගරයේ නිරුවතින් රැගෙන ගොස් මරා දැමූ පොලිස් මිනීමරුවන්ට ද හිරෙන් නිදහස් වී දිනක්වත් ජීවත්වීමට නොහැකි විය. සාහසිකයකුගේ වෙඩි වරුෂාවකට මැදිව මියගියහ. කතරගම දේවාලයේ දියකැපීමේ උත්සවයේදී අසරණ බැතිමතුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරියා ද පසුව රිය අනතුරකට ලක්ව මිය ගිය බව වාර්තා විය. එහෙයින් මේ අසරණයා ඝාතනය කළ පොලිස් නිලධාරීන් අරබයා ද දෙවියන් නඩු විමසනු නියතය. ඒ දේව රාජකාරියකි. දැන් අපට පැවසීමට ඇත්තේ මෙපමණකි.

මියගිය නිරෝෂන් ද මේ කාලකණ්ණි සමාජයෙන් සමුගෙන ගොස් දැන් නිදහස්ය. දුක්විඳින්නේ තාත්තාගේ රැකවරණය අහිමි වූ නිරෝෂන්ගේ කිරිසප්පයා සහ වැන්දඹු බිරිඳක් ලෙස මේ සමාජයේ අසරණ වන සඳමාලිය. එමෙන්ම මේ සිද්ධිය ගැන දැනුවත් ඔබ ද 'අනේ අපොයිෘ අසරණ කොල්ලා... තුක් නොදෝකිං පොලිසිය...' කියා එක කනකින් අසා අනෙක් කනින් ඉවත දැමීම නොකළ යුතුය. අප ජීවත් වන ව්‍යසනයේ ගැඹුර තේරුම් ගත යුතුය. මහ මඟ ගමන් කරන විට පොලිසිය තම වාහනයට අත දැමූ විට හිටිවනම තිරිංග තද කිරීමට මතක තබාගත යුතුය. සැකකරුවකු ලෙස පොලිස් කූඩුවට වැටුණහොත් නිදහස් වන තුරු ජීවිත බලාපොරොත්තු රහිත මිනිසකු ලෙස සිටීමට ද වග බලා ගත යුතුය. ඒ අවබෝධය ජීවත්වීමට තරමක් ප්රමාණවත්ය.

[QUOTE="Lejayange, post: 22810641, member: 529216"] [SIZE="4"][B][COLOR="DarkGreen"]* කතරගම පොලිස් මාදවියකුගෙන් මනුෂ්‍යත්වයට වෙඩි පිට වෙඩි * පුතාව නිදිකරවන්න එපා මම කෑමත් අරන් එන්නම් කිව්ව රත්තරං මේ ආපු හැටි... * නිරෝෂන්ගේ මිනිය තියන්න කටු මැටි නිවස ඉඩ මදි...[/COLOR][/B] [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/28/polis500.jpg[/IMG] යළිත් වරක් පොලිසිය සිල් බිඳ ගත්තේය. පොලිස් රාළහාමිලාගේ සිල් රෙදි පල්ලේ රුධිරය බේරිණි. කඳසුරිඳුන්ගේ අඩවියත් ලෙයින් නැහැවිණි. ඒ තිස්සමහාරාම ප්‍රදේශයේදී සිසුවියක් දූෂණය කළ අපතයන්ට වෙඩි තබා මරා දමා නොවේ. යතුරුපැදියකින් කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාලකණ්ණියකුට වෙඩි තබා ද නොවේ. katharagama2රාත්‍රි රැකවලේ සිටි පොලිස් රාළහාමි කෙනකු විසින් කතරගම නගර මධ්‍යයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අසරණ තරුණයකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියත් සමඟය. වාර්තා වන අන්දමට අවනීතික රටක සිදු වූ තවත් නින්දිත ඝාතනයකි. එහෙත් කතරගම ඝාතනය සිද්ධියක් පමණි. වැදගත් වන්නේ මේ මිනීමැරුමේ අවස්ථා නිරූපණය නොවේ. ඒ හරහා රටට ඉදිරිපත් වී ඇති කියවීමය. දැන් අප මේ සටහන තබන්නේ මහ මඟ ගමන් කරන විට පොලිස් වෙඩි පහරකින් මියයැමේ අවධානමත් තුරුලු කරගෙනය. කතාව පෙළගැසෙන්නේ මෙසේය. පතිරණලාගේ නිරෝෂන් කතරගම නාගහවීදියේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු විසිපහකි. එක්දරු පියෙකි. ඔහු රැකියාවට කළේ කතරගම ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයේ රියෑදුරු ලෙස සේවය කිරීමය. පසුගිය 20 වැනිදා ඔහු තම රාජකාරිය නිමා කොට රාත්‍රි 11.00 ට පමණ ප්‍රාදේශීය සභාවෙන් පිටව ගියේය. ඒ තම මිතුරෙකු වූ ඩී. පී. නුවන් සමඟ එකම යතුරුපැදියේය. තරමක් වේගයෙන් ගමන් ගත් යතුරුපැදියට රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් රාළහාමි කෙනෙක් අත දැම්මේය. නලාව ද නාද කළේය. එතැනින් එහාට සිදු වූ බිහිසුණු සිද්ධි දාමය පැහැදිළි කරන්නේ අප නොව, පොලිස් නිලධාරීන්ගේ අමානුෂික පහරකෑමට ලක්ව කතරගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නුවන්ය. මේ නුවන් කියන කතාවය. "බයික් එක පැදගෙන ආවේ නිරෝෂන්. පැයට කිලෝ මීටර් හතළිහක විතර වේගයෙන් ආවා. ඒ එනකොට තමයි පොලිසිය අත දැම්මේ. ආපු වේගයටම නතර කළා නම් බයික් එක පෙරළිලා අපිව විසි වෙනවා. ඒ නිසා නිරෝෂන් වේගය අඩු කරලා චුට්ටක් එහාට ගිහින් බයික් එක නතර කළා. මම බයිසිකලයෙන් බහිනකොටම තමයි පොලිස් නිලධාරියා අපිට වෙඩි තිබ්බේ. වෙඩි දෙකක් තිබ්බා. වෙඩි වැදුණේ නිරෝෂන්ගේ ඔලුවටමයි. බයික් එකත් එක්කම නිරෝෂන්ව වැටුණා. මම කෑගහගෙන නිරෝෂන්ව උස්සලා ගන්න හැදුවා. එතකොට පොලිස් රාළහාමියි, ග්‍රාම ආරක්ෂක නිලධාරියයි මට දිගට හරහට පහර දුන්නා. ඒත් මම නිරෝෂන්ව අතහැරියේ නෑ. ගුටි කාගෙන නිරෝෂන්ව බදාගෙන හිටියා. එතකොටත් නිරෝෂන්ට සිහිය නෑ. පොලිස් රාළහාමියි, ග්‍රාම ආරක්ෂක නිලධාරියයි චුට්ටක් එහාට ගිහින් මොනවද කතා කරලා යන්න ගියා. මම නිරෝෂන්ව උස්සගෙන ඉස්පිරිතාලයට ගියා. ඒත් වැඩක් වුණේ නෑ. ඉස්පිරිතාලයට අරගෙන යනකොටත් මැරිලා කියලා නිරෝෂන්ව පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වා..." "බයික් එකෙන් බැස්ස නිසා මම බේරුණා. නැති නම් වෙඩි තිබ්බේ අපි දෙන්නටම. අපි කිසිම වරදක් කළේ නෑ. නියම විදිහට පාරේ ආවා. මම නම් චුට්ටක් බීලා හිටියේ. නිරෝෂන් එහෙමවත් නෑ. නිරෝෂන් අරක්කු බොන්නේ නෑ. හරිම නිහතමානී, හැමෝමත් එක්ක කතාබහ කරලා හොඳට හිටියා. එදත් නිරෝෂන් ගෙදර යන්න පරක්කු වුණේ මම එනකං හිටිය නිසා..." පූරුවේ පිනකට එදා නුවන්ට ජීවිත දානය ලැබුණද දැන් ඔහුගේ ජීවිතය අනතුරේය. නිරෝෂන්ගේ ඝාතනය ඇසින් දුටු එකම සාක්ෂිය නුවන්ය. එම සාක්ෂිය බොඳ කිරීමෙන් නිරෝෂන්ගේ ඝාතන නඩුවත් කාලයේ වැලිතලාවට යට වී යන්නේය. එහෙයින් නිරෝෂන්ගේ මරණයට යුක්තිය ඉටු කිරීමට නම් නුවන් ජීවතුන් අතර සිටිය යුතුමය. නුවන් සහ කතරගම ප්‍රදේශවාසීන් පවසන විදිහට නිරෝෂන් නිහතමානී චරිතයකි. නාගහවීදියේ නිරෝෂන්ලා ජීවත් වූ අන්ත දුගී පැල්පත දකින විට අපට හැඟුණේ ඔහු දරිද්‍රතාවයේ ද පතුලටම වැටී සිටි තරුණයකු බවය. ඒ කටු මැටි පැල්පත මිනිස් වාසයකට සුදුසු නැති තරම්ය. නිරෝෂන්ගේ නිසල දේහය තැන්පත් කර තැබීමට ද ඒ කටු මැටි පැල්පත ඉඩ මදිය. අවසානයේ දේහය තැන්පත් කර තිබුණේ නිරෝෂන්ගේ බිරිඳගේ මහගෙදරය. කතරගම නාගහවීදියේ එම නිවසට අප යන විටත් මහ සෙනඟකි. ඇස ගැටෙන සෑම මුහුණක්ම ශෝකයෙන් බරිත වී තිබූ අයුරු අපට පෙනිණි. හඬා වැළපෙන නිරෝෂන්ගේ ඥාතීන් ඉදිරියේ කිසිවක් කතා කරගැනීමට නොහැකි තරමට අපිදු කම්පනයට පත් වීමු. බොහෝ වේලාවක් විලාප දෙමින් සිටි නිරෝෂන්ගේ බිරිඳගේ දෙනෙත් අප දෙසට එල්ල විය. කඳුළු මතින් ඇය අප සමඟ කතා කළාය. "අනේ මගේ සුදු මහත්තයා මට හරිම ආදරෙයි. දරුවට පණ ඇරලා. දරුවා ලොකු වෙන්න කලින් ගෙයක් හදාගන්න ඕනෑ කියලා නිතරම කිව්වා. පොලිස් කාලකණ්ණි වෙඩි තියන්න පැයකට කලිනුත් මට කතා කරලා 'පුතාව නිදි කරන්න එපා, මම කෑමත් අරගෙන එන්නම්' කියලා කිව්වා. අනේ මගේ රත්තරං මේ ආපු හැටි..." නැවතත් ඇය බෙරිහං දෙන්නට විය. ඇයගේ කඳුළු වචන මගේ හදවත ද හැඬවිණි. එහෙත් හදවතේ ඉකිබිඳුම ආයාසයෙන් මැඬගෙන මම ඇයට සවන්දී සිටියෙමි. "මගේ මහත්තයා අරක්කු බොන්නේ නෑ. වැඩ අවසන් වෙච්ච ගමන් ගෙදර එනවා. ඒ ඇවිත් දරුවත් එක්ක සෙල්ලම් කරනවා. පුතත් හවස් වෙනකොට පාර දිහා බලාගෙන ඉන්නවා. එදා රෑ මල්ලි කෙනෙක් ඇවිත් අයියට අනතුරක් වෙලා කියනකොටත් පුතා ඇහැරිලා. ඉස්පිරිතාලෙට ගිහින් බලනකොට තමයි මහත්තයාට වෙඩි තියලා කියලා දැනගත්තේ. දැන් මට කවුරුවත් නෑ. මමයි, දරුවයි තනි වුණා. අපේ පවුලට මේ අපරාධය කරපු උන්ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ..." වෙඩි කා මියෑදුණු නිරෝෂන්ගේ බිරිඳ චතුරිකා සඳමාලිය. ඇයට තවම වයස අවුරුදු විසි දෙකකි. නිරෝෂන් සහ ඇය විවාහ වී මේ වන විට වසර හතරකි. ඔවුන් දෙපළගේ ආදරය පිරුණු පුංචි කැදැල්ලට කුළුඳුලේ පැමිණියේ පුතෙකි. ඔහුට තවම අවුරුදු තුනකි. සඳමාලිගේ තුරුළේ නැළවෙන පුතුට තවමත් පියාගේ වියෝ දුක නොතේරිණි. එහෙත් 'කෝ පුතේ තාත්තා...' කියා දරුවාගෙන් අසන විට 'අර ඉන්නේ...' කියා මිනී පෙට්ටිය පෙන්වන විට ගලක් නොවන ඕනෑම හදවතක් හඬන්නේය. "අම්මේ තාත්තා ගොඩක් වෙලා නිදි අපි ඇහැරවමු... මට සෙල්ලම් කරන්නත් ඕනෑ..." ඒ පුංචි පුතුගේ සුරතල් වදන් ඇසෙන විට සොබාදහම ද කම්පා වී වියරු වැටෙන තරම්ය. ඒ දුක දරාගැනීමට නොහැකි මිනිසුන් වියරුවෙන් මහ මගට බැස උද්ඝෝෂණ කිරීම පුදුමයක් නොවේ. නිරෝෂන්ගේ ඝාතනයෙන් පසු ප්‍රකෝප වූ කතරගම ජනතාව මරණයට වගකිවයුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මහ ගමට බැස උද්ඝෝෂණ කළේය. ටයර් පුළුස්සමින් ප්රකෝපකාරී ලෙස හැසිරිණි. 'රතුපස්වල ලේ කතරගමත් හැලුවා...' 'රතුපස්වල මිනී මරුවෝ කතරගමට එපා...' 'නිරෝෂන්ව මරපු උන්ව අත්අඩංගුවට ගනිව්... එල්ලුම් ගස් යවව්...' අපරාධයක් සිදු වී සාධාරණය ඉටු නොවූ විට මිනිස්සු පාරට බැසීම සාමාන්‍ය දෙයකි. එවැනි සටන් පාඨ කියමින් කෑමොර දීම ද සාමාන්‍ය දෙයකි. එහෙත් නීතිය අතට ගෙන රාජ්‍ය දේපළවලට හානි කිරීම බරපතල වරදකි. කෝපය පාලනය කරගෙන නිරෝෂන්ගේ මරණයට යුක්තිය ඉටුකරගැනීම ප්‍රදේශවාසීන්ගේ වගකීමකි. එසේ නොවෙන්න පුද්ගලයන්ට මඩ ගසමින්, පරණ කුණු කන්දල් ඇවිස්සීම තවත් ගඳ ගැස්වීමක් පමණි. උද්ඝෝෂණය අතරතුර මෙන්ම පසුව නිරෝෂන්ගේ මිනිය ඉදිරියේදී ද ප්‍රදේශවාසීන් කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කරනවා අපට ඇසිණි. "මේ ඕ.අයි.සී. ආවාට පස්සේ කතරගම අපරාධ වැඩි වුණා. ගංජා, කුඩු වැහි වැහැලා. බොන අය අල්ලනවා. විකුණන අය නිදැල්ලේ. මිනිස්සු පොලිසියට කරන පැමිණිල්ලක්වත් හරියට විභාග කරන්නේ නෑ... ඒ වගේම දැන් කතරගම පොලිසියයි, දේශපාලනයයි ගහට පොත්ත වගෙයි. හරිම බ්‍රැකට්. පාතාලය මෙහෙයවන්නේ දේශපාලනය. පොලිසිය විවේචනය කරනවා කියන්නේ පාතාලය ගෙදරට එන්න පුළුවන්. අනේ මහත්තයෝ නම් ගම් නම් දාන්න එපා. අපිට යන්න තැනක් නෑ. හෙටත් මේ ගම්වල ජීවත් වෙන්න ඕනෑ..." ජීවත්වීමේ අයිතිය ඉල්ලා පින්සෙන්ඩු වන ඒ මිනිසුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීම අපගේ යුතුකමකි. ප්‍රදේශවාසීන්ගේ චෝදනා සහ ඝාතන සිද්ධිය ගැන කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටීම අපගේ වගකීමකි. එහෙයින් අපි කිහිප විටක්ම කතරගම පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළෙමු. විටෙක දුරකථනයට සම්බන්ධ වූ ඕ.අයි.සී. මහත්තයා 'මම බිසි... තව පැය භාගයකින් ගන්නවද...' හරියටම පැය භාගයකින් නැවත අපි කතරගම ඕ.අයි.සී මහතාගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමු. ඒ අවස්ථාවේ දුරකථනය නාද වුවද ඇමතුම හා ඔහු සම්බන්ධ නොවිණි. ඕ.අයි.සී මහත්තයාගේ කාර්යබහුලත්වය මත අප සමඟ කතා කිරීමට වේලාවක් නැති වෙන්නට ඇත. එමෙන්ම නීතිගරුක ඕ.අයි.සී. මහත්වරුන්ට තම රාජකාරිය දේව කාරියකි. කතරගම ඕ.අයි.සී. මහත්තයාගෙත් කාර්යබහුලත්වයෙන් පෙනී යන්නේ නීතිය අකුරටම ඉටු කරන නිලධාරියෙක් බවය. ඔහුගේ ගෝලයන් ද වැඩේ අකුරටම කරන ජාතියේ නිලධාරීන්ය. පොලිස් සංඥාව නොතකා ධාවනය කරන යතුරුපැදි නතර කිරීමට ඒ කීකරු නිලධාරීන් වෙනක් කිසිදු උත්සාහයක් නොගන්නේය. 'තුවක්කුවක් අතට දී ඇත්තේ කොස් කොටන්න නොවේ නේ... නීතියට ගරු නොකර උන්ට වෙඩි තියන්න නේ...' ක්ෂණයෙන් සිතා දණහිසෙන් පහළටත් නොව ඔලු කටු කුඩු වෙන්නම තුවක්කු පත්තු කරන්නේය. පසුව කතරගම පොලිසිය පවසන්නේ යතුරුපැදිකරු පොලිස් අණ නොතකා ධාවනය කළ හෙයින් වෙඩි තැබූ බවය. අප ජීවත් වන සමාජයේ ම්ලේච්ඡත්වයේ තරම වටහාගැනීමට එපමණක් සෑහේ. එහෙත් මේ ටිකත් එකතු කර තැබීමට මම කැමත්තෙමි. පොලිසියේ අවම බලය, උපරිමයට ගොස් වෙඩි කා මියෑදුණු පළමු කෙනා කතරගම නිරෝෂන් නොවේ. එළිපිට පමණක් නොව, පොලීසි තුළත් හිටි හැටියේ සැකකරුවන් මියෑදෙන්නේය. ඊට ආසන්නම සිද්ධිය පසුගිය 19 වැනිදා පානදුර රෝහල ඉදිරිපිටින් ඇසිණි. ඒ පානදුර වෑකඩ වෙරලුගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි චමින්ද වසන්ත නමැති තිදරු පියකුව පොලිස් නිලධාරීන් විසින් පහරදී මරා දැමූ බවට ඔහුගේ ඥාතීන් කළ උද්ඝෝෂණයක් අතරිනි. නඩුයි, බඩුයි දෙකම පොලිසියේ නිසා පොලිස් නිලධාරීන්ට බැර වන මේ මරණවලට යුක්ති ධර්මය ඉෂ්ටවීම හාවා හඳ දකින ගානය. නීතිය නැමෙන තැනහිදී තුන, හතරට නැමී නඩු ද අපවත් වන සිද්ධි සුලබය. මානව හිමිකම් සංවිධාන ඇතුළු මනුෂ්‍යත්වයේ සකලවිධ අංගෝපාංග ආරක්ෂා කිරීමට කැප වූ එන්.ජී.ඕ. හැට හුටහමාරක් ඇති රටක මේ මරණ ගැන කතා කරන්නට එකෙක්වත් නැත. කතරගම ඝාතන සිද්ධියේ ද නඩුයි, බඩුයි දෙකම පොලිසියේය. එහෙයින් නීතියේ සාධාරණය ඉෂ්ටවීම අවිනිශ්චිතය. එහෙත් කතරගම දේවියන්ගේ අඩවියේ වැරැදිකරුවන්ට ආයුෂ නැත. දේව දඬුවම නියතය. කතරගම නගර මධ්‍යයේදී විල්බට් අයියාට පහරදී මරා දැමූ පොලිස් නිලධාරීන් විවිධ රෝගීන් වී අකාලයේ මිය බව පැරැණි කතාවකි. 1971 අවුරුද්දෙ දවසක ප්‍රේමවතී මනම්පේරී තරුණියව කතරගම නගරයේ නිරුවතින් රැගෙන ගොස් මරා දැමූ පොලිස් මිනීමරුවන්ට ද හිරෙන් නිදහස් වී දිනක්වත් ජීවත්වීමට නොහැකි විය. සාහසිකයකුගේ වෙඩි වරුෂාවකට මැදිව මියගියහ. කතරගම දේවාලයේ දියකැපීමේ උත්සවයේදී අසරණ බැතිමතුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරියා ද පසුව රිය අනතුරකට ලක්ව මිය ගිය බව වාර්තා විය. එහෙයින් මේ අසරණයා ඝාතනය කළ පොලිස් නිලධාරීන් අරබයා ද දෙවියන් නඩු විමසනු නියතය. ඒ දේව රාජකාරියකි. දැන් අපට පැවසීමට ඇත්තේ මෙපමණකි. මියගිය නිරෝෂන් ද මේ කාලකණ්ණි සමාජයෙන් සමුගෙන ගොස් දැන් නිදහස්ය. දුක්විඳින්නේ තාත්තාගේ රැකවරණය අහිමි වූ නිරෝෂන්ගේ කිරිසප්පයා සහ වැන්දඹු බිරිඳක් ලෙස මේ සමාජයේ අසරණ වන සඳමාලිය. එමෙන්ම මේ සිද්ධිය ගැන දැනුවත් ඔබ ද 'අනේ අපොයිෘ අසරණ කොල්ලා... තුක් නොදෝකිං පොලිසිය...' කියා එක කනකින් අසා අනෙක් කනින් ඉවත දැමීම නොකළ යුතුය. [B][COLOR="Red"]අප ජීවත් වන ව්‍යසනයේ ගැඹුර තේරුම් ගත යුතුය. මහ මඟ ගමන් කරන විට පොලිසිය තම වාහනයට අත දැමූ විට හිටිවනම තිරිංග තද කිරීමට මතක තබාගත යුතුය. සැකකරුවකු ලෙස පොලිස් කූඩුවට වැටුණහොත් නිදහස් වන තුරු ජීවිත බලාපොරොත්තු රහිත මිනිසකු ලෙස සිටීමට ද වග බලා ගත යුතුය. ඒ අවබෝධය ජීවත්වීමට තරමක් ප්රමාණවත්ය.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom