Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2017 ශිෂ්‍යත්වයෙන් උතුරු පලාතේ සිව්වන ස්ථාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2017 ශිෂ්‍යත්වයෙන් උතුරු පලාතේ සිව්වන ස්ථාන&#3

---2017 ශිෂ්‍යත්වයෙන් උතුරු පලාතේ සිව්වන ස්ථානය හිමිකරගත් දියණියගේ කඳුලු කතාව---

(මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමකි)

ප්‍රථමයෙන්ම මසකට ආසන්න කාලයක් නිහඬව ඔබ වෙනුවෙන් කිසිවක් පල නොකර සිටීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව පල කරමි. කෙසේ වුවත් මට පෙර දින ඇගේම කටහඬින් ඇගේම කතාව වූ එක් ජීවිතයක් පිළිබඳ කතාවක් අසන්නට ලැබුනි. කොතරම් වැඩ අධික වුවත් ඇය වචන වලින් කල ඒ කඳුලු කතාව අකුරුවලට හරවන්නට මට අවශ්‍ය විය. මන්දයත් ඇගේ ඒ කතාව ඔබේ නෙතඟත් මගේ කලාක් මෙන් කඳුලින් තෙත් කරන්නට සමත් නිසාය. ඉතින් වෙනදා කතාවලට සම්පූර්ණයෙන්ම වෙනස් මේ කතාව, මේ සත්‍ය කතාව ඇගේ වචනවලින්ම ඔබට ඇසවීමට කාලයයි මේ.....

ඇය නමින් ආරුන්‍යා (ඇගේ වැඩිමල් සොයුරියගේ ඉල්ලීම මත ඇයගේ මුල් නම පමණක් සඳහන් කරමි).. ආරුන්‍යා හැදී වැඩුනේ උතුරු පලාතේ මඩකලපුව අසල තිබූ කුඩා ගම්මානයකය. ඇගේ පවුල වත් පොහොසත්කම් ඇති තරමක් බලවත් පවුලක්. ඇගේ පියාව ඒ පැතිවල මිනිස්සු හැඳින්නුවෙ "

வடக்கில் கிங்" කියන නමින්. මේකෙ සිංහල තේරුම "උතුරේ රජා" එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් කිව්වොත් "King in the North" වගේ තේරුමක් තීන වචනයක්. ඉතින් ඒකෙන් පේන්නෙ ඒ පවුලට උතුරෙ තැනක් තිබුනු බව.

මං මුලින්ම මේ පවුල ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. පවුලෙ ප්‍රධානියා ආරුන්යාගෙ තාත්තා, ඊළගට අම්මා.. ආරුන්යාගෙ තාත්තා පළාතෙ මිනිස්සු හැමෝගෙම ප්‍රසාදය දිනාගත්තු මනුස්සයෙක්. ඡන්දවලදි එක එක පළාත්වල මන්ත්‍රීලට වැඩකරන එක තමයි එයාගෙ ජොබ් එක. අම්මානම් ගෙදර වැඩ කරගෙන ඉන්න ගෘහනියක්. මේ අයට දූලා දෙන්නෙකුත්, පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. ඊට අමතරව එයාලා පොඩිකාලෙ ඉදන් දරුකමට හදා ගත්තු තව පුතෙකුත්, තාත්තාගෙ කලින් විවාහයෙ පුතෙකුත් ඉන්නවා. මේ ඔක්කොටම වඩා අරුන්යා එයාගෙ ජීවිත කතාව කියද්දි ආසාවෙන් මතක් කරපු එක දෙයක් තීනවා. ඒ එයාගෙ බලු පැටියා. අරුන්යා කියන විදිහට මේ පවුලෙ ළමයින්ට එකා ගාණෙ බලු පැටවු ඉඳලා තීනවා. ඉතින් ලොකු, ලස්සන, අහිංසක පවුලක්.

ඒත් මතක තියාගන්න මං මේ කිව්වෙ අරුන්යාගෙ වයස අවුරුදු හයේදී පවුලෙ තත්වය. ඒ කියන්නෙ මීට අවුරුදු හතරකට උඩදි 2013දි තත්වය..

ඊට පස්සෙ තමා හැම දෙයක්ම වෙනස් වෙන්න ගන්නෙ. 2013 අන්තිම හරියෙදි අරුන්යාගෙ අක්කාට ප්‍රොපෝසල් එකක් එනවා. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි කොළඹ අරුන්යාගෙ තාත්තා කලින් වැඩකරපු ලොකු මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක්ගෙන්. ඉතින් මේ මන්ත්‍රී පවුල මෙයාලාව බලන්න ගමට ආපු දවසෙ රෑම අරුන්යාගෙ පොඩි අයියා හේතුවක් නැතුවම ගෙදරට අල්ලපු වී මෝලෙ වහලට නගින්න ගිහින් වැටිලා සදාකාලික අබ්බගාතයෙක් වෙනවා. ඊටකලින් එයා ඕන තරම් ඒ වහලෙ නැගලා තිබුනත් එදාම වහලෙන් වැටෙන්න හේතුව අදටත් අබිරහසක්..

කොහොමවුනත් එක දරුවෙක්ගෙ දුක හන්දා තව දරුවෙක්ගෙ සතුට නැති කරන්න කැමති නැති නිසා අරුන්යාගෙ තාත්තා අර මන්ත්‍රී පවුල එක්ක අරුන්යාගෙ අක්කාවත් යවන්න කැමති වෙනවා. එතකොට තමයි ඒ මන්ත්‍රී, තාත්තාවත් කොළඹ එක්ක යන්න යෝජනා කරන්නෙ. මොකද ලගඳිම ඡන්දයක් එන ලයින් එකක් තිබුනු නිසා. ඉතින් ඒ නිසා අරුන්යාත් තාත්තාට වද කරනවා එයාවත් එක්කන් යන්න කියලා කොළඹ. තමන්ගෙ පොඩි දූගෙ සතුට ගැන හිතපු තාත්තා ඒකට කැමති වෙනවා.

ඊට දවස් දෙකකට විතර පස්සෙ තමයි මෙගොල්ලො ගමන පිටත් වෙන්නෙ. අරුන්යායි, අරුන්යාගෙ තාත්තායි, අරුන්යාගෙ අක්කායි. දැන් තමයි කතාවෙ දුකම හරිය පටන්ගන්නෙ..

කොළඹට වාහනේ ලංවෙද්දි මෙගොල්ලන්ට හදිසියෙ වාහනේ නවත්තන්න සිද්ධ වෙනවා ට්‍රැෆික් එක නිසා. එගොල්ලන්ට ඉස්සරහින් තිබුනේ මන්ත්‍රීලා ගිය වාහනේ. කොහොමවුනත් ට්‍රැෆික් එකට හේතුව තමයි වලියක්. අරුන්යලගෙ වාහනේට වාහන තුනක් ඉස්සරහින් පළාතෙ මැරයො සෙට් එකක් ඉස්සරහින් තිබුනු තව මැරයෙක්ගෙ කාර් එකකින් මැරයෙක්ව එලියට ඇදලා අරන් මරලා.. මේ ගැන හාංකවිස්සියක්වත් දන්නැති අරුන්යාගෙ තාත්තා කලබලේට හෝන් එක ගහනවා. මේකෙන් යකා නැග්ග මැරයො සෙට් එක ඇවිත් වාහනේ දොර ඇරලා අරුන්යාගෙ තාත්තාව එලියට ඇදලා ගහන්න ගන්නවා. අරුන්යාට මේක බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ඒ නිසා එයා එලියට පැනලා ඒ පැත්තට දිව්වා. ඒත් අරුන්යා පරක්කු වැඩියි. එක මැරයෙක් කඩුවක් අරගෙන අරුන්යාගෙ තාත්තාගෙ බෙල්ලට කොටලා ඉවරයි. තමන්ගෙම තාත්තා තමන් ඉස්සරහම මරලා දාන හැටි දැක්ක අරුන්යාගෙ ඇහෙන් ආපු කඳුලු දැකපු පාරට වෙලා මේ සිද්දිය බලාගෙන හිටපු මිනිහෙක් අරුන්යාට කරදරයක් වෙන්න කලින් එයාවත් අරගෙන යන්න යනවා. ඉතින් ඒ දවසෙ ඉඳන් අරුන්යාගෙ මූණෙ හිනාවක් ඇතිකරන එක සෑහෙන්න අමාරු දෙයක්.

ආයි කතාවට එමු. කොහොමවුනත් මේ සිද්ධියෙන් පස්සෙ අරුන්යාගෙ සන්තකේටම ඉතුරුවෙන්නෙ ගමන එද්දි තාත්තා එයාට අරන් දුන්නු සෙල්ලම් කඩුවක් විතරයි. එයාව මිනිහෙක් එක්කන් ගියත් සැකේ වගේම බය නිසාම අරුන්යා මිනිහට හොරෙන් පැන ගන්නවා. පැන ගත්තත් කොහේ කියලා යන්නද.. කලින් කවදාවත් නොදැකපු තැනක, කලින් කවදාවත් නොදැකපු මිනිස්සු ඉන්න තැනක, කලින් කවදාවත් උනෙ නැති විදිහට අරුන්යා තනිවෙලා. වයස අවුරුදු හයක් විතරක් උනත් අරුන්යා සැලුනෙ නෑ. එතන ඉඳන් එයා ගතකලෙ බොහොම දුෂ්කර ජීවිතයක්. යන්තම් පාරෙ ගිය කාට හරි පින්සෙන්ඩු වෙලා හොයාගත්තු සොච්චමෙන් තමයි එයාට ජීවත් වෙන්න සිද්ද වුනෙ. පාරෙ ආවෙ ගියෙ මිනිස්සු උනත් ඒ මිනිස්සු තිබ්බෙ නැති දේ තමයි මනුස්සකම. කොච්චර පොඩි දරුවෙක් උනත් කවුරුත් අරුන්යාට පිහිට වෙන්න ආවෙ නෑ. ඉතින් අරුන්යානම් කියන්නෙ මේ කාලෙ ගෙවාගන්න එයාට උපකාරී උනෙ තමන්ගෙ තාත්තාට කොටපු මිනිස්සුන්ගෙ පලිගන්න ඕන කියන හැඟීම කියලයි.. ඒ පලිගන්න ඕන මිනිස්සුන්ගෙ ලිස්ට් එකත් මතක තියාගෙන ඉඳලා රෑට ඒක කටපාඩම් කරන එක අරුන්යාගෙ පුරුද්දක් වෙලා තිබුනා.

ඉතින් එයාගෙ වයසෙ අනිත් ළමයි පන්තියට වෙලා "අ"යන්න "ආ"යන්න ඉගෙන ගනිද්දි අරුන්යා සමාජෙට වෙලා ජීවිතේ ඉගෙනගත්තා.

මාස හයක් ගෙවිලා ගියෙ අරුන්යාටත් නොදැනීම. තමන්ව හොයන්න කවුරුවත් ඉන්නවද කියන එක ගැනවත් එයාට හැඟීමක් තිබුනෙ නෑ. තිබුනෙ එක හැඟීමක් විතරයි. ඒ ජීවත් වෙන්න ඕන කියන හැඟීම. මට මේකෙ ලොකු කතාවක් කියන්න ඉඩ නෑ. ඉතින් මම ඊටපස්සෙ උනු දේ කෙටියෙන්ම කියන්නම්. ඒ ටවුම වටේ හිඟමන් හොයද්දි අරුන්යාව දවසක් යැවිලා තිබුනෙ ආගමික ස්ථානයකට. අරුන්යා කියන විස්තරෙන් ඒ මොන ආගමකට අයිති තැනක්ද කියලානම් හිතාගන්න අමාරුයි. කොහොමවුනත් එතන්දි අරුන්යාට ඉගෙනගන්න ලැබෙනවා තමන් කියන කෙනාව අමතක කරලා දාලා හැමෝගැනම ගැන හිතන විදිහ. එතනින් ලැබෙන පුහුණුවෙන් පස්සෙ එතන නායකතුමා අරුන්යාට රුපියල් පන්සීයක් දෙනවා හේතුවක් ඇතුව. එතන්දි අරුන්යා ඉගෙන ගත්තෙ දෙයක් අනුන් කරලා දෙනකන් බලන් ඉන්නවට වඩා තමන්ම කරගන්න එක වටිනවා කියන එක. ඉතින් කෙලින්ම අර සල්ලිවලින් රුපියල් පනහක් දාලා සිතියමක් ගන්න අරුන්යාට තේරුම් යනවා තමන් ඉන්න තැන භූගෝලීය පිහිටුම වගේම තමන්ගෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියන එකත්. මැප් එකත් සාක්කුවක දාගෙන ගමන යන්න පටන් ගන්න අරුන්යා ඉතුරු රුපියල් හාරසිය පනහෙන් විතරක් ගෙදර ගියා කියලා කිව්වොත් ඔවාලා මාව විශ්වාසා කරනවද? මේ ටික සිද්ද වෙන්න අවුරුදු දෙකක් විතර ගියා. අරුන්යා ගමෙන් ආවෙ අවුරුදු හයේදි. ඉතින් මේ අවුරුදු අටේ පොඩි ළමයෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද? ඒත් උනෙ ඒකයි.

ගෙදර හැමෝම බලාපොරොත්තු අතෑරලා හිටපු දරුවාම ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරාම ඇතිවන හැඟීම කොහොම වෙන්න ඇතිද? ඒ හැඟීම විඳගන්න ගෙදර හිටියෙ තුන්දෙනයි. ඒ අරුන්යාගෙ අක්කයි, අරුන්යාගෙ තාත්තාගෙ කලින් කසාදෙ ළමයි උන අරුන්යාගෙ අයියායි, වී මෝලෙ වහලෙන් වැටිලා අබ්බගාත උනු අරුන්යාගෙ පොඩි අයියායි විතරයි. අනිත් අයට මොකද උනෙ? ඒක තවත් ශෝකජනක කතාවක්.

අරුන්යාගෙ තාත්තාගෙ මරණෙ වගේම, පොඩි දූගෙ අතුරුදන් වීම ආරන්චි උනු අරුන්යාගෙ අම්මායි, ලොකු අයියායි දෙන්නම ඒ මැරයො සෙට් එක එක්ක හැප්පෙන්න ගිහින් තීනවා. ඒ දෙන්නට උනෙත් අරුන්යාගෙ තාත්තාට උනු ඉරණමමයි. ඒ අය දරුකමට හදාගෙන තිබුනු ළමයත් මේ සිද්දිවලින් පස්සෙ ගෙදරින් පැනලා ගිහිල්ලා. පොඩිම මල්ලි ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා. අක්කාත් මන්ත්‍රීගෙ පුතාව බැඳලා ඒත් ඒ පුතාත් වසවීමක් නැතිවෙලා. ඒ නිසා අන්තිමට පවුලෙ ඉතිරිවෙලා තිබුනෙ අරුන්යත්, අරුන්යගෙ අක්කත්, අයියත්, පොඩි අයියත් විතරයි.

ඒත් පවුලක් විදිහට එගොල්ලො එකිනෙකාව බලාගෙන එතන ඉඳන් හොදට ජීවත් උනා. අවුරුදු දෙකක් ඉස්කෝලෙ වැඩ මිස් උනත් අරුන්යා ඉගෙනගත්තු දේවල් ඒවට වැඩියි. අන්න ඒ හේතුව නිසාම වෙන්න ඇති උතුරෙන් ශිෂ්‍යත්වෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි අතරට එන්න අරුන්යාට පුලුවන් උනෙ. කොච්චර බාදක ආවත් ඉස්සරටම යන්න ඕන කියන එකට අරුන්යා හොඳ උදාහරණයක්. ඒ වගේම අපිටත් හොඳ ආදර්ශයක්. අරුන්යා නිසා දැන් ගෙදරම කල එලි වෙලා. ඒ අරුන්යාගෙ වීරකම නිසා. වයස ප්‍රශ්නයක් කර නොගෙන, ජාතිය ප්‍රශ්නයක් කර නොගෙන, ජෙන්ඩර් එක ප්‍රශ්නයක් කර නොගෙන, ප්‍රශ්න පත්තරේ උත්තර පත්තරයක් කර ගත්ත ඇය අරුන්යා.......

රචනය - Sahan Dulanjaya (නයිට් රයිටර්)

ප.ලි. - මං දන්නවා මේ හදවතට වදින කතාවට කොච්චර කරත් මීඩියාවලින් කවර් කරන්නෙ නෑ. මොකද අරුන්යා එක උනෙ නැති නිසා. ඒත් මටනම් අරුන්යා කියන්නෙ කාටත් වඩා අංක එක.. ඉතින් මං දන්නෙ නෑ ඔයාලා මේ සත්‍ය කතාවෙන් කොච්චර දේවල් ජීවිතයට ගත්තාද කියලා. මේ කතාව අනිත් අයටත් පෙන්නන්න ශෙයා කරන්න. අපි අතරෙ අපි නොදන්න අරුන්යලා තවත් ඇති. ඒ අයට මේක වැදගත් වෙයි

[QUOTE="cow de boy, post: 22337591, member: 454047"] [b]2017 ශිෂ්‍යත්වයෙන් උතුරු පලාතේ සිව්වන ස්ථාන[/b] [SIZE="5"][SIZE="4"]---2017 ශිෂ්‍යත්වයෙන් උතුරු පලාතේ සිව්වන ස්ථානය හිමිකරගත් දියණියගේ කඳුලු කතාව--- (මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමකි) ප්‍රථමයෙන්ම මසකට ආසන්න කාලයක් නිහඬව ඔබ වෙනුවෙන් කිසිවක් පල නොකර සිටීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව පල කරමි. කෙසේ වුවත් මට පෙර දින ඇගේම කටහඬින් ඇගේම කතාව වූ එක් ජීවිතයක් පිළිබඳ කතාවක් අසන්නට ලැබුනි. කොතරම් වැඩ අධික වුවත් ඇය වචන වලින් කල ඒ කඳුලු කතාව අකුරුවලට හරවන්නට මට අවශ්‍ය විය. මන්දයත් ඇගේ ඒ කතාව ඔබේ නෙතඟත් මගේ කලාක් මෙන් කඳුලින් තෙත් කරන්නට සමත් නිසාය. ඉතින් වෙනදා කතාවලට සම්පූර්ණයෙන්ම වෙනස් මේ කතාව, මේ සත්‍ය කතාව ඇගේ වචනවලින්ම ඔබට ඇසවීමට කාලයයි මේ..... ඇය නමින් ආරුන්‍යා (ඇගේ වැඩිමල් සොයුරියගේ ඉල්ලීම මත ඇයගේ මුල් නම පමණක් සඳහන් කරමි).. ආරුන්‍යා හැදී වැඩුනේ උතුරු පලාතේ මඩකලපුව අසල තිබූ කුඩා ගම්මානයකය. ඇගේ පවුල වත් පොහොසත්කම් ඇති තරමක් බලවත් පවුලක්. ඇගේ පියාව ඒ පැතිවල මිනිස්සු හැඳින්නුවෙ " வடக்கில் கிங்" කියන නමින්. මේකෙ සිංහල තේරුම "උතුරේ රජා" එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් කිව්වොත් "King in the North" වගේ තේරුමක් තීන වචනයක්. ඉතින් ඒකෙන් පේන්නෙ ඒ පවුලට උතුරෙ තැනක් තිබුනු බව. මං මුලින්ම මේ පවුල ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. පවුලෙ ප්‍රධානියා ආරුන්යාගෙ තාත්තා, ඊළගට අම්මා.. ආරුන්යාගෙ තාත්තා පළාතෙ මිනිස්සු හැමෝගෙම ප්‍රසාදය දිනාගත්තු මනුස්සයෙක්. ඡන්දවලදි එක එක පළාත්වල මන්ත්‍රීලට වැඩකරන එක තමයි එයාගෙ ජොබ් එක. අම්මානම් ගෙදර වැඩ කරගෙන ඉන්න ගෘහනියක්. මේ අයට දූලා දෙන්නෙකුත්, පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. ඊට අමතරව එයාලා පොඩිකාලෙ ඉදන් දරුකමට හදා ගත්තු තව පුතෙකුත්, තාත්තාගෙ කලින් විවාහයෙ පුතෙකුත් ඉන්නවා. මේ ඔක්කොටම වඩා අරුන්යා එයාගෙ ජීවිත කතාව කියද්දි ආසාවෙන් මතක් කරපු එක දෙයක් තීනවා. ඒ එයාගෙ බලු පැටියා. අරුන්යා කියන විදිහට මේ පවුලෙ ළමයින්ට එකා ගාණෙ බලු පැටවු ඉඳලා තීනවා. ඉතින් ලොකු, ලස්සන, අහිංසක පවුලක්. ඒත් මතක තියාගන්න මං මේ කිව්වෙ අරුන්යාගෙ වයස අවුරුදු හයේදී පවුලෙ තත්වය. ඒ කියන්නෙ මීට අවුරුදු හතරකට උඩදි 2013දි තත්වය.. ඊට පස්සෙ තමා හැම දෙයක්ම වෙනස් වෙන්න ගන්නෙ. 2013 අන්තිම හරියෙදි අරුන්යාගෙ අක්කාට ප්‍රොපෝසල් එකක් එනවා. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි කොළඹ අරුන්යාගෙ තාත්තා කලින් වැඩකරපු ලොකු මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක්ගෙන්. ඉතින් මේ මන්ත්‍රී පවුල මෙයාලාව බලන්න ගමට ආපු දවසෙ රෑම අරුන්යාගෙ පොඩි අයියා හේතුවක් නැතුවම ගෙදරට අල්ලපු වී මෝලෙ වහලට නගින්න ගිහින් වැටිලා සදාකාලික අබ්බගාතයෙක් වෙනවා. ඊටකලින් එයා ඕන තරම් ඒ වහලෙ නැගලා තිබුනත් එදාම වහලෙන් වැටෙන්න හේතුව අදටත් අබිරහසක්.. කොහොමවුනත් එක දරුවෙක්ගෙ දුක හන්දා තව දරුවෙක්ගෙ සතුට නැති කරන්න කැමති නැති නිසා අරුන්යාගෙ තාත්තා අර මන්ත්‍රී පවුල එක්ක අරුන්යාගෙ අක්කාවත් යවන්න කැමති වෙනවා. එතකොට තමයි ඒ මන්ත්‍රී, තාත්තාවත් කොළඹ එක්ක යන්න යෝජනා කරන්නෙ. මොකද ලගඳිම ඡන්දයක් එන ලයින් එකක් තිබුනු නිසා. ඉතින් ඒ නිසා අරුන්යාත් තාත්තාට වද කරනවා එයාවත් එක්කන් යන්න කියලා කොළඹ. තමන්ගෙ පොඩි දූගෙ සතුට ගැන හිතපු තාත්තා ඒකට කැමති වෙනවා. ඊට දවස් දෙකකට විතර පස්සෙ තමයි මෙගොල්ලො ගමන පිටත් වෙන්නෙ. අරුන්යායි, අරුන්යාගෙ තාත්තායි, අරුන්යාගෙ අක්කායි. දැන් තමයි කතාවෙ දුකම හරිය පටන්ගන්නෙ.. කොළඹට වාහනේ ලංවෙද්දි මෙගොල්ලන්ට හදිසියෙ වාහනේ නවත්තන්න සිද්ධ වෙනවා ට්‍රැෆික් එක නිසා. එගොල්ලන්ට ඉස්සරහින් තිබුනේ මන්ත්‍රීලා ගිය වාහනේ. කොහොමවුනත් ට්‍රැෆික් එකට හේතුව තමයි වලියක්. අරුන්යලගෙ වාහනේට වාහන තුනක් ඉස්සරහින් පළාතෙ මැරයො සෙට් එකක් ඉස්සරහින් තිබුනු තව මැරයෙක්ගෙ කාර් එකකින් මැරයෙක්ව එලියට ඇදලා අරන් මරලා.. මේ ගැන හාංකවිස්සියක්වත් දන්නැති අරුන්යාගෙ තාත්තා කලබලේට හෝන් එක ගහනවා. මේකෙන් යකා නැග්ග මැරයො සෙට් එක ඇවිත් වාහනේ දොර ඇරලා අරුන්යාගෙ තාත්තාව එලියට ඇදලා ගහන්න ගන්නවා. අරුන්යාට මේක බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ඒ නිසා එයා එලියට පැනලා ඒ පැත්තට දිව්වා. ඒත් අරුන්යා පරක්කු වැඩියි. එක මැරයෙක් කඩුවක් අරගෙන අරුන්යාගෙ තාත්තාගෙ බෙල්ලට කොටලා ඉවරයි. තමන්ගෙම තාත්තා තමන් ඉස්සරහම මරලා දාන හැටි දැක්ක අරුන්යාගෙ ඇහෙන් ආපු කඳුලු දැකපු පාරට වෙලා මේ සිද්දිය බලාගෙන හිටපු මිනිහෙක් අරුන්යාට කරදරයක් වෙන්න කලින් එයාවත් අරගෙන යන්න යනවා. ඉතින් ඒ දවසෙ ඉඳන් අරුන්යාගෙ මූණෙ හිනාවක් ඇතිකරන එක සෑහෙන්න අමාරු දෙයක්. ආයි කතාවට එමු. කොහොමවුනත් මේ සිද්ධියෙන් පස්සෙ අරුන්යාගෙ සන්තකේටම ඉතුරුවෙන්නෙ ගමන එද්දි තාත්තා එයාට අරන් දුන්නු සෙල්ලම් කඩුවක් විතරයි. එයාව මිනිහෙක් එක්කන් ගියත් සැකේ වගේම බය නිසාම අරුන්යා මිනිහට හොරෙන් පැන ගන්නවා. පැන ගත්තත් කොහේ කියලා යන්නද.. කලින් කවදාවත් නොදැකපු තැනක, කලින් කවදාවත් නොදැකපු මිනිස්සු ඉන්න තැනක, කලින් කවදාවත් උනෙ නැති විදිහට අරුන්යා තනිවෙලා. වයස අවුරුදු හයක් විතරක් උනත් අරුන්යා සැලුනෙ නෑ. එතන ඉඳන් එයා ගතකලෙ බොහොම දුෂ්කර ජීවිතයක්. යන්තම් පාරෙ ගිය කාට හරි පින්සෙන්ඩු වෙලා හොයාගත්තු සොච්චමෙන් තමයි එයාට ජීවත් වෙන්න සිද්ද වුනෙ. පාරෙ ආවෙ ගියෙ මිනිස්සු උනත් ඒ මිනිස්සු තිබ්බෙ නැති දේ තමයි මනුස්සකම. කොච්චර පොඩි දරුවෙක් උනත් කවුරුත් අරුන්යාට පිහිට වෙන්න ආවෙ නෑ. ඉතින් අරුන්යානම් කියන්නෙ මේ කාලෙ ගෙවාගන්න එයාට උපකාරී උනෙ තමන්ගෙ තාත්තාට කොටපු මිනිස්සුන්ගෙ පලිගන්න ඕන කියන හැඟීම කියලයි.. ඒ පලිගන්න ඕන මිනිස්සුන්ගෙ ලිස්ට් එකත් මතක තියාගෙන ඉඳලා රෑට ඒක කටපාඩම් කරන එක අරුන්යාගෙ පුරුද්දක් වෙලා තිබුනා. ඉතින් එයාගෙ වයසෙ අනිත් ළමයි පන්තියට වෙලා "අ"යන්න "ආ"යන්න ඉගෙන ගනිද්දි අරුන්යා සමාජෙට වෙලා ජීවිතේ ඉගෙනගත්තා. මාස හයක් ගෙවිලා ගියෙ අරුන්යාටත් නොදැනීම. තමන්ව හොයන්න කවුරුවත් ඉන්නවද කියන එක ගැනවත් එයාට හැඟීමක් තිබුනෙ නෑ. තිබුනෙ එක හැඟීමක් විතරයි. ඒ ජීවත් වෙන්න ඕන කියන හැඟීම. මට මේකෙ ලොකු කතාවක් කියන්න ඉඩ නෑ. ඉතින් මම ඊටපස්සෙ උනු දේ කෙටියෙන්ම කියන්නම්. ඒ ටවුම වටේ හිඟමන් හොයද්දි අරුන්යාව දවසක් යැවිලා තිබුනෙ ආගමික ස්ථානයකට. අරුන්යා කියන විස්තරෙන් ඒ මොන ආගමකට අයිති තැනක්ද කියලානම් හිතාගන්න අමාරුයි. කොහොමවුනත් එතන්දි අරුන්යාට ඉගෙනගන්න ලැබෙනවා තමන් කියන කෙනාව අමතක කරලා දාලා හැමෝගැනම ගැන හිතන විදිහ. එතනින් ලැබෙන පුහුණුවෙන් පස්සෙ එතන නායකතුමා අරුන්යාට රුපියල් පන්සීයක් දෙනවා හේතුවක් ඇතුව. එතන්දි අරුන්යා ඉගෙන ගත්තෙ දෙයක් අනුන් කරලා දෙනකන් බලන් ඉන්නවට වඩා තමන්ම කරගන්න එක වටිනවා කියන එක. ඉතින් කෙලින්ම අර සල්ලිවලින් රුපියල් පනහක් දාලා සිතියමක් ගන්න අරුන්යාට තේරුම් යනවා තමන් ඉන්න තැන භූගෝලීය පිහිටුම වගේම තමන්ගෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියන එකත්. මැප් එකත් සාක්කුවක දාගෙන ගමන යන්න පටන් ගන්න අරුන්යා ඉතුරු රුපියල් හාරසිය පනහෙන් විතරක් ගෙදර ගියා කියලා කිව්වොත් ඔවාලා මාව විශ්වාසා කරනවද? මේ ටික සිද්ද වෙන්න අවුරුදු දෙකක් විතර ගියා. අරුන්යා ගමෙන් ආවෙ අවුරුදු හයේදි. ඉතින් මේ අවුරුදු අටේ පොඩි ළමයෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද? ඒත් උනෙ ඒකයි. ගෙදර හැමෝම බලාපොරොත්තු අතෑරලා හිටපු දරුවාම ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරාම ඇතිවන හැඟීම කොහොම වෙන්න ඇතිද? ඒ හැඟීම විඳගන්න ගෙදර හිටියෙ තුන්දෙනයි. ඒ අරුන්යාගෙ අක්කයි, අරුන්යාගෙ තාත්තාගෙ කලින් කසාදෙ ළමයි උන අරුන්යාගෙ අයියායි, වී මෝලෙ වහලෙන් වැටිලා අබ්බගාත උනු අරුන්යාගෙ පොඩි අයියායි විතරයි. අනිත් අයට මොකද උනෙ? ඒක තවත් ශෝකජනක කතාවක්. අරුන්යාගෙ තාත්තාගෙ මරණෙ වගේම, පොඩි දූගෙ අතුරුදන් වීම ආරන්චි උනු අරුන්යාගෙ අම්මායි, ලොකු අයියායි දෙන්නම ඒ මැරයො සෙට් එක එක්ක හැප්පෙන්න ගිහින් තීනවා. ඒ දෙන්නට උනෙත් අරුන්යාගෙ තාත්තාට උනු ඉරණමමයි. ඒ අය දරුකමට හදාගෙන තිබුනු ළමයත් මේ සිද්දිවලින් පස්සෙ ගෙදරින් පැනලා ගිහිල්ලා. පොඩිම මල්ලි ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා. අක්කාත් මන්ත්‍රීගෙ පුතාව බැඳලා ඒත් ඒ පුතාත් වසවීමක් නැතිවෙලා. ඒ නිසා අන්තිමට පවුලෙ ඉතිරිවෙලා තිබුනෙ අරුන්යත්, අරුන්යගෙ අක්කත්, අයියත්, පොඩි අයියත් විතරයි. ඒත් පවුලක් විදිහට එගොල්ලො එකිනෙකාව බලාගෙන එතන ඉඳන් හොදට ජීවත් උනා. අවුරුදු දෙකක් ඉස්කෝලෙ වැඩ මිස් උනත් අරුන්යා ඉගෙනගත්තු දේවල් ඒවට වැඩියි. අන්න ඒ හේතුව නිසාම වෙන්න ඇති උතුරෙන් ශිෂ්‍යත්වෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි අතරට එන්න අරුන්යාට පුලුවන් උනෙ. කොච්චර බාදක ආවත් ඉස්සරටම යන්න ඕන කියන එකට අරුන්යා හොඳ උදාහරණයක්. ඒ වගේම අපිටත් හොඳ ආදර්ශයක්. අරුන්යා නිසා දැන් ගෙදරම කල එලි වෙලා. ඒ අරුන්යාගෙ වීරකම නිසා. වයස ප්‍රශ්නයක් කර නොගෙන, ජාතිය ප්‍රශ්නයක් කර නොගෙන, ජෙන්ඩර් එක ප්‍රශ්නයක් කර නොගෙන, ප්‍රශ්න පත්තරේ උත්තර පත්තරයක් කර ගත්ත ඇය අරුන්යා....... රචනය - Sahan Dulanjaya (නයිට් රයිටර්) ප.ලි. - මං දන්නවා මේ හදවතට වදින කතාවට කොච්චර කරත් මීඩියාවලින් කවර් කරන්නෙ නෑ. මොකද අරුන්යා එක උනෙ නැති නිසා. ඒත් මටනම් අරුන්යා කියන්නෙ කාටත් වඩා අංක එක.. ඉතින් මං දන්නෙ නෑ ඔයාලා මේ සත්‍ය කතාවෙන් කොච්චර දේවල් ජීවිතයට ගත්තාද කියලා. මේ කතාව අනිත් අයටත් පෙන්නන්න ශෙයා කරන්න. අපි අතරෙ අපි නොදන්න අරුන්යලා තවත් ඇති. ඒ අයට මේක වැදගත් වෙයි :-)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom