Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනාධිපතිවරණය හා නායකත්වයේ අර්බුදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 ජනාධිපතිවරණය හා නායකත්වයේ අර්බුදය !

2020 ජනාධිපතිවරණය හා දේශපාලන නායකත්වයේ අර්බුදය ! ප්‍රායෝගික සාකච්ඡාවක්

Iකථිකාචාර්ය චින්තක රණසිංහ

ප්‍රවේශය

රටේ බරපතළම අර්බුද ගණනාවක් පැමිණියත්, ඒ අතර බිහිසුණුම අර්බුදය ලෙස පෙනී යන්නේ දේශපාලන නායකත්වයේ අර්බුදයයි.මක්නිසාද යත් සියලු අර්බුද දේශපාලන නායකත්වය සමඟ බැඳී තිබෙන බැවිණි. රාජ්‍යයේ විවිධ ව්‍යුහ ප්‍රායෝගිකව වෙනස් කිරීම වෙනුවට කිසි දිනක සිදු නොවන දේවල් වෙනුවෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට බොහෝ දේශපාලන නායකයින් දක්වන්නේ අතිමහත් රුචියකි. විවිධ මතවාද පිළිබඳ කතා කළත් මොවුන්ගේ න්‍යාය කතා කර කර ඔහේ සිටීම හා වැදගත් වෙනසකට දක්වන ඉමහත් බයයි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ බහුතර පක්ෂ ද මෙබඳු “එදා වේල ෂේප් හාන්සි පුටු වීරයන්ගෙන්” පිරී තිබේ.

මෙබඳු නිෂ්ක්‍රීය මිනිසුන් රැසක් මැද 2020 ජනාධිපතිවරණයට වඩාත් ප්‍රායෝගික සුදුස්සා කවුරුන්ද යන්න පිළිබඳ සාකච්ඡාවක් නිර්මාණය කිරීම මෙම ලිපියේ අරමුණයි.

යෝජිත හා යෝජනා වෙතැයි පෙනී යන නම්

2020 දී යූ.ඇන්.පී. යේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව මංගල සමරවීර ළඟ දී ප්‍රකාශ කළේය. දැනට පවතින සංදර්භය තුළ රාජපක්ෂවරයකු (බෝහෝ විට ගෝඨාභය රාජපක්ෂ) එකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හැසිරීමෙන් හා ප්‍රකාශ වලින් පෙනී යන්නේ 2020 සඳහා තරඟ වැදීමට ඔහුගේ ද අපේක්ෂාවක් ඇති බවයි. ජවිපෙ මුල් කොට ගත් විකල්ප පෙරමුණක් ඔස්සේ අනුර කුමාර දිසානායක හෝ වෙනත් නමක් ඉදිරිපත් වේ යැයි සිතීමට ඉඩ තිබෙන අතර මෑතක දී පුවත්පත් වලට ලබා දුන් සම්මුඛ සාකච්ඡා වලින් පෙනී යන්නේ වර්තමාන මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක ද යම් පැහැදිලි ක්‍රියාවලියක නිරත වන බවයි. රටේ නායකත්වය ලබා ගැනීමට මේ අයගෙන් වඩා විභවයක් ඇත්තේ කා හටද? වඩාත්ම ප්‍රායෝගික භාවිතයකින් හා එයට සරිලන ඥානාත්මක අවබෝධයක් මේ වන විට පළ කොට ඇත්තේ කවුරුන්ද? මෙය අප විසින් විවෘතව සාකච්ඡා කළ යුතු යැයි සිතමි.

මෛත්‍රිපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේනගේ ඓතිහාසික ව්‍යාකූලත්වය පිළිබඳ මීට පෙර මගේ අවධානයට ලක් වී ඇති බැවින් දීර්ඝ විග්රහ අවශ්‍ය නොවේ යැයි සිතමි. මිනිසකු වශයෙන් නායකත්වයට ඔහු තුළ ආශාවක් තිබීම ස්වභාවික නමුත් ව්‍යුහාත්මක වෙනස්කමක් සහිත නායකයතු වීමට හෝ නව දේශපාලන මඟක් ගොඩනැගීමේ අවදානම් හා අභියෝගකාරී මාවතක් නිර්මාණය කිරීමට තමා මුළුමනින්ම අසාර්ථක බව ඔහු පෙන්වා හමාරය. ඓතිහාසිකවම ලබා දුන් අනඟි අවස්ථාව ඉතාමත් නපුරු ආකාරයෙන් අපයෝජනය කර ශ්‍රීලනිප නායකත්වය බදාගැනීම තුළ (නිල වශයෙන් ජනාධිපති වුවත්) නායකයකු වශයෙන් ඔහුට නැවතත් අනාගතයක් තිබිය නොහැකිය.

රනිල් වික්‍රමසිංහ

රනිල් බෙහෙවින් ගූඪකරණයට හා ගූඪකරණය නිසාම අනවශ්‍ය ගෞරවයට ලක් වූ නායකයෙකි. ගූඪකරණය ලෙස මා මෙහි හඳුන්වන්නේ ඔහු තුළ විශාල සඟවාගත් දෙයක් රට වෙනුවෙන් පවතින බවත් එය විශිෂ්ට බවත් සමහරු සිතන නිසාය. ඉහළ මධ්‍යම පන්ති පැළැන්තියකින් පැමිණීම හා ඉංග්‍රීසි දැනුම නිසා ඔහු ඇතැමුන්ගේ ගෞරවයට ලක් වන බවත් ගමේ සංවර්ධන සමිති ඔස්සේ පාර්ලිමේන්තු පැමිණි රෙදිකාරයන්ට සාපේක්ෂව ඔහු පැළැන්තිගත නම්බුකාරයකු වීම එයට සාධාරණ හේතු සපයන්නට ඇති බවත් කිව හැකිය.

ඔහු ජනාධිපතිකම හැරුණු විට ඊට මෙහා වගකිවයුතු තනතුරු සියල්ල දරා ඇති අතර පක්ෂය තුළ බොහෝ අසීරු තත්ත්ව තුළ නායකත්වය රැකගෙන තිබේ.

එහෙත් මේ ඉහළ පාන්තික පැළැන්ති ගෞරවය හා ඉංග්‍රීසි දැනුම ප්‍රායෝගික ලෝකය තුළ මහජන හිත සුව පිණිස යෙදවීමට ඔහුට කිසිදු ඕනෑ කමක් නැති බවත් ඩී.ඇස්. , ඩඞ්ලි වැනි වූවන්ට සාපේක්ෂව ඔහු සිදු කරමින් පවතින්නේ පැළැන්තිය ආරක්ෂා කිරීමේ පැරණි ක්රීයාවලිය පමණක් බවත් ඔහුගේ චරිතය දිගු කාලීනව අධ්‍යයනය කරන විට පෙනී යන සත්‍යයකි. ජේ.ආර්., ලලිත්, ගාමිණි, රනිල් පමණක් නොව ප්‍රේමදාස ද අවශ්‍ය පමණට ළං කර ගත්තේය. සිරිමාවොත්, ඇන්.ඇම්., කෙනමන් මතු නොව පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද අවශ්‍ය විට ළං කර ගත්තාය. රනිල්ගේ චරිතයෙන් පෙනෙන්නේ ඉතා උද්යෝගිමත් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් නොතකා ඔහේ නායකත්වයේ ලැග හිඳීමේ ප්රතිපත්තියයි.රනිල් හරියටම වැඩ නොකර පුටු අරා සිටින ලාංකික බොහෝ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් මෙනි. ඔහු ද කතා කිරීමට හා නායකයකු ලෙස ඔහේ සිටීමට රුසියෙකි. තම පැළැන්තියම රැක ගැනීමේ මෙම අලස ස්වභාවය හැරෙන්නට ප්‍රායෝගික වශයෙන් අසමත් බව ඔහුගේ චරිතයේ ලක්ෂණයකි. මෙය දිගු කාලීනව වඩා වර්ධනය කර ගත් අලස ස්වභාවයක් මෙන්ම ගජ මිතුරු කල්ලිය රැක ගැනීමේ භයානික තත්ත්වයකි. එහෙත් බොහෝ අය රනිල් ලිබරල් ප්රජාතන්ත්රවාදීයකු හා ශිෂ්ඨ මිනිසකු ලෙස දකියි. ඒ රාජපක්ෂලාට සාපේක්ෂව විය හැකිය. එහෙත් කෙනකු තුලනාත්මකව නිරීක්ෂණය කරන්නේ නම් රාජපක්ෂලාට මෙන්ම රනිල් වටා ද කල්ලියක් සිටින ආකාරයෙන් එම කල්ලිය පක්ෂයේ හා පොදුජන අවකාශයේ කිසිවකුටත් ළංවීමට නොදෙන පිරිසක් බවත් නීරීක්ෂණය කළ හැකිය.

මේ පිරිසේ මූලික න්‍යාය පත්‍රය බණ්ඩාරනායක 56 දී දේශපාලන වශයෙන් පරදවා දැමූ අධිරාජ්‍ය ගැති සුළුතර පැළැන්තිගත බලවේගය දිගින් දිගටම සුරක්ෂිත කිරීමයි. මෙය පන්තිමය මෙන්ම පැළැන්තිමය අවශ්‍යතාවක් වන අතර වර්තමානයේ යූ.ඇන්.පී ය ප්‍රතිසංස්කරණය නොවී එකතැන පල්වෙන්නේ මේ නිසාය.

රනිල් යූ.ඇන්.පී. යේ පොදු ජන පදනම නැතිකර දැම්මේ මෙම පැළැන්තිමය සහජාශාව මුදුනට ගැනීමෙනි. ජේ.ආර්. පැළැන්තියට එතරම් බර නොදී යූ.ඇන්.පී. ය පොදුජනකරණයක් තුළට ගෙන ගොස් තමාට ප්‍රතිසංස්කරණය සිදු කළේය. රනිල් පිළිබඳ නායකත්වයේ බලාපොරොත්තු තැබීම ප්‍රායෝගික අර්ථයෙන් හාස්‍යජනක ය. ඔහු බලයට පැමිණියත් පුළුල් ව්‍යුහාත්මක වෙනසක් කිරීමට නොපෙළඹෙන අතර පැළැන්තිය රකිමින් ඔහේ සිටිනු ඇත. අනුගාමිකයන් ඉබාගාතේ යමින් දෙකට දෙවාරේ නැති යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගෙනියනු ඇත. පොදු ජනයාට අත්වන යහපතක් නැත.

සුළු ප්‍රතිසංස්කරණ වලින් හා කාර්මිකකරණයෙන් සෑහීමකට පත් වී හවසට බීර බොමින් ලිබරල් ප්රජාතන්ත්රවාදය කතා කරන අලස පරපුරක නායකත්වයට රනිල් උචිත විය හැකිය. එහෙත් සක්‍රීය තරුණ පිරිසකට රාජ්‍යය ව්‍යුහාත්මකව වෙනස් කරමින් නව මුහුණු මතු කරන පොදු ජනයා හට ප්‍රතිසංස්කරණ බෙදාදෙන පරපුරකට රනිල් කිසිසේත්ම උචිත නායකයෙක් ලෙස පිළිගත නොහැකිය.

අනුර කුමාර හෝ ජවිපෙ කඳවුරේ අයෙක්

මේ අපේක්ෂකයා ප්රජාතන්ත්රවාදය හා අවංකකම පැත්තෙන් වැදගත් විය හැකි වුවද ප්‍රායෝගික දේශපාලනය පැත්තෙන් අතිශයින්ම දුර්වලය. ඔහු වැදගත් වන්නේ රටේ ප්රජාතන්ත්රවාදී අවකාශ සම්බන්ධයෙනි. එහෙත් ඔහුගේ මූලික අපේක්ෂාව තම පක්ෂය රැක ගැනීම මිස ප්‍රායෝගික තත්ත්වයක් යටතේ මහජන ජීවිතය වෙනස් කිරීම නොවේ. ජවිපෙ යනු බෙහෙවින්ම සංවෘත පැරණි අදහස් දරන පක්ෂයක් වන අතර සමාජවාදය පිළිබඳ මනෝරාජික සිහිනය දිගින් දිගටම නඩත්තු කිරීම මෙහි මූලික කාර්යභාරයයි. පවතින ලිබරල් ආර්ථික සමාජ අවකාශය තුළ ප්‍රායෝගික ප්රතිසංස්කරණාත්මක වැඩ පිළිවෙළකට යෑමේ අවශ්‍යතාවක් එයට නොමැති අතර රනිල් වටා සිටින පිරිස මෙන්ම ජවිපෙ වටා සිටින නිත්‍ය පිරිසද බාහිර සක්‍රීය සාමාජිකයන්ට එය වෙත ඒමට කිසිසේත් ඉඩ නොතබයි.

80 දශකයේ මිනිසුන් (නායකත්වය ද සහිතව) ජවිපෙ තුළ සැබෑ බලය අත්පත් කරගෙන සිටින අතර යූ.ඇන්.පි. යේ හා ශ්‍රී.ල.නි.ප. යේ ඒ හා සමාන්තර පරපුරට සාපේක්ෂව ජවිපෙ පැරණි අනම්‍යශීලී සංවෘත වැඩවසම් භූමිකාවක් රඟ දක්වයි. මේ කඳවුරේ අපේක්ෂකයා එනිසා ප්‍රායෝගික ලාංකික ජීවිතයට ව්‍යුහාත්මක වෙනසක් සිදු කරන අයෙක් නොවේ. අතීතකාමී වාමාංශිකයෙකි.

ප්‍රායෝගික දේශපාලන නායකයෝ

අප කැමති වුවත් අකමැති වුවත් ප්‍රායෝගික දේශපාලන නායකයන් ලෙස අප ඉදිරියේ සිටින්නෝ චම්පික රණවක හා ගෝඨාභය රාජපක්ෂය. දැන් ප්‍රායෝගික යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විග්රහ කොට බලමු. ප්‍රායෝගික යනු සැලසුම් හැදීම හා පිළියෙළ කිරීම රැස්වීම් පැවැත්වීම, කෙටුම්පත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නොව තෝරාගත් කටයුත්තක් තාර්කිකව අවසන් කිරීමයි. තවද එකම දේශපාලන අදහසක් හෝ වැඩ පිළිවෙළක් බදාගෙන ජිවිත කාලය තුළම ඒ වෙනුවෙන් කෑ මොර දීම නොව ඒ මොහොතේ සමාජ සන්දර්භය අනුව නම්‍යශීලී වෙමින් කටයුතු කිරීමයි.

ලංකාවේ බොහෝ ලිබරල්වාදීන්ගේ ද දුබලතාව වන්නේ පරම පිවිතුරු සංකල්ප වෙත ආත්මීය වශයෙන් දක්වන ලෝලීත්වයයි. මේ අනුව ඔවුහු සමාජ වෙනස දකින්නේ බිත්තරය නොබිඳ කුකුල් පැටවුන් එළියට ගන්නා සීරුමාරු ක්‍රියාවලියක් ලෙසය. ප්රජාතන්ත්රවාදය, අධිකරණය, ව්‍යවස්ථාදායකය ගමේ නගරයේ සැබෑ මිනිසුන්ට බලපාන ආකාරය පිළිබඳව ඔවුන්ට අදහසක් නොමැති අතර සාකච්ඡාව, ලිවීම හා කතා බහෙන් කල් මැරීම ඔවුගේ ප්‍රධාන කාර්යය වී තිබේ.

මේ අනුව බලන විට ජවිපෙ,එජාප, හා ශ්රීලනිපය, යන තුනම වර්ගීකරණය කළ හැක්කේ අඩු වැඩි වශයෙන් ඉහත කී වියතුන්ගේ අලස ලෝකය සමඟ අප්‍රායෝගික ගනුදෙනු වල යෙදෙමින් චාරිත්‍රානූකූලව සංවාද පවත්වා ,රැස්වීම් පවත්වා, තේ බී ගෙදර යන පිරිසගේ පක්ෂ ලෙසය. එහෙත් වියතුන් හා නායකයන් එසේ කරද්දී එම පක්ෂ වල එයට පිටින් සිටින එතරම් ප්රබුද්ධ නැති කණ්ඩායම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වනබව පෙනේ. ඔවුහු සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත් ගනිති. පාසල් වලට ළමුන් ඇතුළත් කරති. තවත් බොහෝ දේ කරති. එහෙත් මේ ක්‍රියාකාරීත්වය සමඟ අර සංවාද එකට ගමන් නොකරන බව පෙනේ.

මෙසේ වන්නේ ඇයි?

රටේ ප්රබුද්ධ සංවාදය හසුරුවන පිරිසෙන් බහුතරයක් අප්‍රායෝගික අලසයන් වීම මෙයට හේතු වන බව පෙනී යයි. ඔවුන් කැමති ප්‍රායෝගික කටයුතු වලින් මුළුමනින්ම වියුක්තව වෙනත් මාදිලියක ජීවිතයක් ගත කිරීමටය. එනිසාම ඔවුන් ඊට සරිලන සදාකාලිකව නඩත්තු කළ හැකි සංවාද තේමා ටිකක් තෝරාගෙන ඇති බව පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය, ප්රජාතන්ත්රවාදය, බලය බෙදීම, කුල පීඩනය, වැනි ඒවා ඒ අතර මුල් පෙළට වැටේ. මේවා ප්රායෝගිකවම වෙනස් කිරීමට කිසිදිනක නිර්භය නොවන මේ විද්වතුන් හා නායකයන් මේවා තලු මර මර රසවිඳිමින් කාලය ගත කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

ඓතිහාසික වශයෙන් ආර්.ප්‍රේමදාස වැන්නන් ස්ථානගත කළ යුත්තේ මෙයට වෙනස් ප්‍රායෝගික භාවිතයකට නැඹුරුතාවක් දැක් වූ නායකයකු ලෙසය. ජිවිතයේ යම් යුගයකදී අන්තගාමී තත්ත්වයකට ගමන් කළ ද තම බලය මැනවින් රටේ කටයුතු සඳහා යෙදවීම ප්‍රේමදාස සිදු කළ බව පෙනේ. චන්ද්‍රිකා ,මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල, රනිල් වැනි අය සැලකිය යුත්තේ ආත්මීය වශයෙන් තමා කරන දේශපාලනය සමඟ ප්‍රබල ලෙස අනන්‍ය නොවී ඔහේ යන්නට ඇර විවේක සුවයෙන් සිටින පිරිසක් ලෙසය. වයසත් සමඟ එන ජීවිත අලසකමත්, “හදිස්සියක් නෑ. කොහොමත් ඔහොම තමයි” චින්තනය ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක වූ බව පෙනේ. ඔවුන්ට අවශ්‍ය වූයේ කුමන හෝ සංවර්ධන ක්‍රියාවලියක් දියත් කර නායකත්වයේ සිටීම පමණි.

ගෝඨාභය

ගෝඨාභය රාජපක්ෂ එයට මුළුමනින්ම වෙනස් බෙහෙවින් සක්‍රීය නායකයෙකි. මහින්ද රාජපක්ෂ ලැබූ යුද්ධ ජයග්‍රහනය පමණක් නොව සංවර්ධන ජයග්‍රහණ පසුපස ද සිටින්නේ ඔහුය. ප්‍රේමදාස මෙන්ම ඔහුද සක්‍රීය නායකයෙකි. එනම් දියත් කරන වැඩ පිළිවෙළ සාර්ථකව අවසන් වන තෙක් නිශ්චිතව ඇස් ගසාගෙන ආත්මීය වශයෙන් ඒ මත ජීවත් වන නායකයෙකි. ඒ නිසා දැනට නම් කොට ඇති ප්‍රායෝගික නායකයන් අතර එක් අයකු ලෙස ගෝඨාභය සැලකිය යුතුය. ගෝඨාභය මුහුණ දෙන මූලික ප්රශ්නය වන්නේ තමා සාර්ථකව දියත් කරන නව ලිබරල්වාදී වැඩපිළිවෙළට සරිලන ප්රජාතන්ත්රවාදී කතිකාමය රාමුවක් ගොඩනගා ගැනීමට දක්වන අසමත් භාවයත්, ප්රජාතන්ත්ර විරෝධී හා දූෂණමය ඉතිහාසයෙන් මිදීමට ඇති නොහැකියාවත්ය.

මිනිසකුට වෙනස් විය හැකි නමුත් ඒ වෙනස් විය හැක්කේ වෙනසකට සරිලන ව්‍යුහාත්මක තත්ත්වයක් සමඟය. ගෝඨාභයට එවැනි ව්‍යුහාත්මක වෙනසකට පදනමක් නැත්තේ ඔහුගේ දේශපාලන චෝදනා වලට ගොදුරු වූ ඒකාබද්ධ විපක්ෂය වන නිසාත් වඩාත් දියුණු ලිබරල් සමාජ කොටස් මුළුමනින්ම ඔහුට විරුද්ධව සිටින නිසාත්ය. මහින්ද වටා සිටි බොහෝ වියතුන්ගෙන් සහය ලැබුවද එය ඵලක් නැත. පිළිගැනීමක් නැත. මන්ද යත් එම උගතුන් බොහෝ දෙනා සැබෑ පර්යේෂණ වල නිරත ලෝකයේ පිළිගැනීමකට ලක් වූ කැප වූ උගතුන් නොව බෙහෙවින් ශාස්ත්‍රීය ඥානයෙන් තොර දේශපාලන බලයෙන්ම තනතුරු ලබා වැජඹුණු අලස උගතුන් පිරිසක් වූ බැවිනි.

ඇත්තෙන්ම ඔවුන් මීඩියා උගතුන් හෙවත් ජනමාධ්‍යකරුවන් අල්ලාගෙන මාධ්‍ය වල පෙනී සිටීමෙන් පමණක් උගතුන් වූ පිරිසකි. මහින්දගේ ආණ්ඩුව බෙහෙවින්ම අවතක්සේරුවට ලක් වූයේද මේ උගතුන් නිසාය. මේ අය බැසිල්ලා පස්සෙන් ගියේ තනතුරු හිඟාගෙනය. බැසිල්ටම එකවරක් එපා වී එක් මහාචාර්යවරයකුගෙන් ඇසුවේ, “ අපි ආණ්ඩු හැදුවේ තමුසෙලාට තනතුරු දෙන්ඩද?” කියාය.

විශ්ව විද්‍යාල විශාල වශයෙන් විනාශ කිරීමට බැසිල් හා මහින්දවාදී උපකුලපතිවරුන් දායක වූ බව රටම දන්නා කරුණකි. විශ්ව විද්‍යාල තුළ මානව නිදහස වළ දමා ප්රජාතන්ත්රවාදී අවකාශ නැති කොට ශාස්ත්‍රීය ඥානට පහර දෙන ලදී. එක් උපකුලපතිවරයෙක් (මොහුට ආචාර්ය උපාධියක් පවා නැත) අන්තඃපුරයක් පවත්වාගෙන ගිය අතර මේ අන්තඃපුර කාන්තාවන්ට විදේශ ගමන් හා තනතුරු සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාද හිමිවිය.

ක්‍රියාශීලි ශාස්ත්රගවේශීන් මුළුමනින් මර්දනය කරන ලද අතර ඔවුන්ට බොරු චෝදනා නිර්මාණය කොට විනය පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ වියත් මඟ ඔස්සේ වැඩ කරන්නේ මේ පිරිස සමඟය. කෙතරම් ක්‍රියාශීලී අයකු වුවද මේ නිර්-බුද්ධිමතුන් සමඟ රටේ පළල් ප්රජාතන්ත්රවාදී බලවේග එක් කිරීමට හෝ ව්‍යුහාත්මක වෙනසක් ඇති කරලීමට හැකියාවක් තිබේ යැයි සිතිය නොහැකිය.

චම්පික රණවක

ගෝඨාභය සමඟ සසඳා බලන කල වඩාත්ම ඥානමය භාවිතයක් හා ප්‍රායෝගික භාවිතයක් සහිත පුද්ගලයකු වන්නේ චම්පික රණවකයි. ඔහු ජවිපෙ දේශපාලනයෙන් බිඳී ඉතා සූක්ෂම ලෙස බල කඳවුරක් ගොඩ නගා වීථි සටනේ සිට ඇමති ධූරය දක්වා පැමිණි සාමාන්‍ය මිනිසෙකි. ගෝඨාභයට මෙන්ම පාරම්පරික හා සහෝදර ශක්තියෙන් තොර තනිකරම ස්ව ශක්තියෙන් හා නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි ගමනක් චම්පිකගෙන් දැකිය හැකිය.

නලින්ද සිල්වාගේ මතවාදී අනුගාමිකයෙක් ලෙස දේශපාලන ජීවිතය නිර්මාණය කර ගත් චම්පිකට ලිබරල් ප්රජාතන්ත්රවාදී කඳවුර එම යුගයේ දී දැක්වූයේ විරෝධයකි. එහෙත් චම්පිකගේ සාධනීය චින්තනාත්මක විපර්යාසයක් සිදු වූ බව 2015 පෙරළියේ දී නිර්භීතව පෙරට ඒමෙන් පෙනේ. ඔහු ගිය ඉරිදා ‘අනිද්දා’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවත් 2018 මැයි 20 ඉරිදා ලංකාදීපයට ලබා දුන් සාකච්ඡාවත් ගෙන බලන විට පෙනී යන්නේ පැරණි ජාතිවාදී අන්තගාමීත්වයෙන් වෙනස් වූ ධනේශ්වර ලිබරල් ප්රජාතන්ත්රවාදී ප්රවේශයකට අවතීර්ණ වී ඇති ආකාරයයි. එහෙත් තමා එවැනි මතවාද පෙරළියකට ගමන් ගත් බව විවෘතව පෙන්වා දෙමින් ජාතිවාදය හා ප්රජාතන්ත්රවාදය අතරේ ප්‍රායෝගික සංහිඳියාවක් පෙන්වා දීම කරන තෙක් චම්පිකට ඉදිරියට ඒම අපහසුය. ප්‍රායෝගික පක්ෂයෙන් බලන විට චම්පික ඉතාමත්ම වැදගත් නායකයෙකි. ක්රියාකාරිකයෙකි. විදග්ධ බවින් ඔහුට සරි කළ හැක්කෙක් මේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ නොමැත.

තව ද ඔහු නම්‍යශීලී ලෙස ප්‍රායෝගික වන අයෙකි. එනම් පක්ෂයක් හෝ එකම වැඩ පිළිවෙළක් අනම්‍යව බදා ගනිමින් සිටින අයකු නොවේ. සියලු පක්ෂවල දියුණු ප්රගතිගාමී පිරිසගේ සාධනීය ප්‍රතිචාරය දිනා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාව ඉහත සම්මුඛ සාකච්ඡාවල දී ඔහු අවධාරණය කරයි. මෑතක දී ඇමරිකාවේ හාවර්ඞ් සරසවියේ වැඩ මුළුවකට සහභාගී වූ චම්පික යම් තද පාලනයක් රටට අවශ්‍ය බව අවධාරණය කළ බව ද දැන ගන්නට ඇත.

චම්පිකගේ සීමා

චම්පික තවමත් පුළුල් බහුජන අවකාශ, විශේෂයෙන්ම දෙමළ හා මුස්ලිම් ජන අවකාශ දිනා ගැනීම පිළිබඳ සැලකිය යුතු සංවාදයක් දියත් කර නොමැත. පවතින දේශපාලන පක්ෂ වලින් ඔබ්බට ගිය ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමේ සංවාදයක් ඔහු ජනගත කොට නොමැත. එහෙත් ප්‍රායෝගික වශයෙන් ජාතිකවාදීන්ට මෙන්ම ලිබරල්වාදීන්ට ද ගෝඨාභයට වඩා චම්පික පිළිගැනීමේ හැකියාව පවතී. එය ඒත්තු ගැන්විය හැකි හා වඩාත් විවෘත ජන පිරිසකගේ සහභාගීත්වය දිනාගත හැකි දේශපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අභියෝගය ඔහු ඉදිරියේ පවතී.

තරුණ නායකයන්ගේ අවශ්‍යතාව

පරම්පරා ඉතා ඉක්මනින් වෙනස් වන බවත් එකිනෙක රුචිකත්වයන් අතර ගැටුම තීව්ර වන බවත් චම්පික ඉරිදා ලංකාදීපයට (2018.05.20) පවසා තිබේ. මෙය කිසිදු නායකයකු ඍජුවේ නොපිළිගන්නා අවධානය යොමු නොකරන අදහසකි. බොහෝ නායකයන් තරුණයන් සම්පතකැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන නමුත් තරුණයන් තම දේශපාලන ව්‍යාපෘති තුළ කේන්ද්‍රීය තැනක නොතබන අතර මිනිසකුට වැඩ කළ හැකි හොඳම සක්‍රීය කාලය නාස්ති කිරීමට මෙරට තරුණ පරපුරට සිදු වී තිබේ. මෙය සෑම ක්ෂේත්රයකම බෙහෙවින් සිදු වන අතර ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම දැන් හසුරුවන්නේ යල් පැන ගිය සාපේක්ෂව මහලු වර්තමාන තරුණයන්ගේ අදහස් ගැන කිසිදු අවබෝධයක් නොමැති පිරිසක් බව ඉතා පැහැදිලිය. මේ අනුව දැන් දේශපාලනයේ නියම බෙදුම් කඩයේ පවතින්නේ පක්ෂ අතර නොව පරම්පරා අතරය. චම්පික මෙය යම් දුරකට වටහාගෙන තිබෙන නමුත් තරුණ පිරිස් ප්‍රායෝගිකව තම දේශපාලනයට එක්කර ගන්නා යාන්ත්‍රණයක් පිළිබඳ සඳහන් කොට නොමැත.

ඇත්තෙන්ම අද පවතින්නේ සෑම පක්ෂයකම සිටින සක්‍රීය තරුණ පිරිස් එක් වී යම් දේශපාලන කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ ප්රවණතාවකි. වැඩිහිටියන් බැහැර කිරීමක් මින් අදහස් නොවන නමුත් රටේ පවතින සැබෑ ප්‍රශ්න වලට ව්‍යුහාත්මක වෙනසක් කළ හැක්කේ මෙබඳු ප්‍රායෝගික පියවර තැබීමෙන් පමණි.

[QUOTE="saturn, post: 23325702, member: 529032"] [b]2020 ජනාධිපතිවරණය හා නායකත්වයේ අර්බුදය ![/b] [SIZE="4"][B][SIZE="5"]2020 ජනාධිපතිවරණය හා දේශපාලන නායකත්වයේ අර්බුදය ! ප්‍රායෝගික සාකච්ඡාවක්[/SIZE] Iකථිකාචාර්ය චින්තක රණසිංහ [IMG]https://i.imgur.com/zsiFx1K.jpg[/IMG] ප්‍රවේශය රටේ බරපතළම අර්බුද ගණනාවක් පැමිණියත්, ඒ අතර බිහිසුණුම අර්බුදය ලෙස පෙනී යන්නේ දේශපාලන නායකත්වයේ අර්බුදයයි.මක්නිසාද යත් සියලු අර්බුද දේශපාලන නායකත්වය සමඟ බැඳී තිබෙන බැවිණි. රාජ්‍යයේ විවිධ ව්‍යුහ ප්‍රායෝගිකව වෙනස් කිරීම වෙනුවට කිසි දිනක සිදු නොවන දේවල් වෙනුවෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට බොහෝ දේශපාලන නායකයින් දක්වන්නේ අතිමහත් රුචියකි. විවිධ මතවාද පිළිබඳ කතා කළත් මොවුන්ගේ න්‍යාය කතා කර කර ඔහේ සිටීම හා වැදගත් වෙනසකට දක්වන ඉමහත් බයයි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ බහුතර පක්ෂ ද මෙබඳු “එදා වේල ෂේප් හාන්සි පුටු වීරයන්ගෙන්” පිරී තිබේ. මෙබඳු නිෂ්ක්‍රීය මිනිසුන් රැසක් මැද 2020 ජනාධිපතිවරණයට වඩාත් ප්‍රායෝගික සුදුස්සා කවුරුන්ද යන්න පිළිබඳ සාකච්ඡාවක් නිර්මාණය කිරීම මෙම ලිපියේ අරමුණයි. යෝජිත හා යෝජනා වෙතැයි පෙනී යන නම් 2020 දී යූ.ඇන්.පී. යේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව මංගල සමරවීර ළඟ දී ප්‍රකාශ කළේය. දැනට පවතින සංදර්භය තුළ රාජපක්ෂවරයකු (බෝහෝ විට ගෝඨාභය රාජපක්ෂ) එකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හැසිරීමෙන් හා ප්‍රකාශ වලින් පෙනී යන්නේ 2020 සඳහා තරඟ වැදීමට ඔහුගේ ද අපේක්ෂාවක් ඇති බවයි. ජවිපෙ මුල් කොට ගත් විකල්ප පෙරමුණක් ඔස්සේ අනුර කුමාර දිසානායක හෝ වෙනත් නමක් ඉදිරිපත් වේ යැයි සිතීමට ඉඩ තිබෙන අතර මෑතක දී පුවත්පත් වලට ලබා දුන් සම්මුඛ සාකච්ඡා වලින් පෙනී යන්නේ වර්තමාන මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක ද යම් පැහැදිලි ක්‍රියාවලියක නිරත වන බවයි. රටේ නායකත්වය ලබා ගැනීමට මේ අයගෙන් වඩා විභවයක් ඇත්තේ කා හටද? වඩාත්ම ප්‍රායෝගික භාවිතයකින් හා එයට සරිලන ඥානාත්මක අවබෝධයක් මේ වන විට පළ කොට ඇත්තේ කවුරුන්ද? මෙය අප විසින් විවෘතව සාකච්ඡා කළ යුතු යැයි සිතමි. මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේනගේ ඓතිහාසික ව්‍යාකූලත්වය පිළිබඳ මීට පෙර මගේ අවධානයට ලක් වී ඇති බැවින් දීර්ඝ විග්රහ අවශ්‍ය නොවේ යැයි සිතමි. මිනිසකු වශයෙන් නායකත්වයට ඔහු තුළ ආශාවක් තිබීම ස්වභාවික නමුත් ව්‍යුහාත්මක වෙනස්කමක් සහිත නායකයතු වීමට හෝ නව දේශපාලන මඟක් ගොඩනැගීමේ අවදානම් හා අභියෝගකාරී මාවතක් නිර්මාණය කිරීමට තමා මුළුමනින්ම අසාර්ථක බව ඔහු පෙන්වා හමාරය. ඓතිහාසිකවම ලබා දුන් අනඟි අවස්ථාව ඉතාමත් නපුරු ආකාරයෙන් අපයෝජනය කර ශ්‍රීලනිප නායකත්වය බදාගැනීම තුළ (නිල වශයෙන් ජනාධිපති වුවත්) නායකයකු වශයෙන් ඔහුට නැවතත් අනාගතයක් තිබිය නොහැකිය. රනිල් වික්‍රමසිංහ රනිල් බෙහෙවින් ගූඪකරණයට හා ගූඪකරණය නිසාම අනවශ්‍ය ගෞරවයට ලක් වූ නායකයෙකි. ගූඪකරණය ලෙස මා මෙහි හඳුන්වන්නේ ඔහු තුළ විශාල සඟවාගත් දෙයක් රට වෙනුවෙන් පවතින බවත් එය විශිෂ්ට බවත් සමහරු සිතන නිසාය. ඉහළ මධ්‍යම පන්ති පැළැන්තියකින් පැමිණීම හා ඉංග්‍රීසි දැනුම නිසා ඔහු ඇතැමුන්ගේ ගෞරවයට ලක් වන බවත් ගමේ සංවර්ධන සමිති ඔස්සේ පාර්ලිමේන්තු පැමිණි රෙදිකාරයන්ට සාපේක්ෂව ඔහු පැළැන්තිගත නම්බුකාරයකු වීම එයට සාධාරණ හේතු සපයන්නට ඇති බවත් කිව හැකිය. ඔහු ජනාධිපතිකම හැරුණු විට ඊට මෙහා වගකිවයුතු තනතුරු සියල්ල දරා ඇති අතර පක්ෂය තුළ බොහෝ අසීරු තත්ත්ව තුළ නායකත්වය රැකගෙන තිබේ. එහෙත් මේ ඉහළ පාන්තික පැළැන්ති ගෞරවය හා ඉංග්‍රීසි දැනුම ප්‍රායෝගික ලෝකය තුළ මහජන හිත සුව පිණිස යෙදවීමට ඔහුට කිසිදු ඕනෑ කමක් නැති බවත් ඩී.ඇස්. , ඩඞ්ලි වැනි වූවන්ට සාපේක්ෂව ඔහු සිදු කරමින් පවතින්නේ පැළැන්තිය ආරක්ෂා කිරීමේ පැරණි ක්රීයාවලිය පමණක් බවත් ඔහුගේ චරිතය දිගු කාලීනව අධ්‍යයනය කරන විට පෙනී යන සත්‍යයකි. ජේ.ආර්., ලලිත්, ගාමිණි, රනිල් පමණක් නොව ප්‍රේමදාස ද අවශ්‍ය පමණට ළං කර ගත්තේය. සිරිමාවොත්, ඇන්.ඇම්., කෙනමන් මතු නොව පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද අවශ්‍ය විට ළං කර ගත්තාය. රනිල්ගේ චරිතයෙන් පෙනෙන්නේ ඉතා උද්යෝගිමත් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් නොතකා ඔහේ නායකත්වයේ ලැග හිඳීමේ ප්රතිපත්තියයි.රනිල් හරියටම වැඩ නොකර පුටු අරා සිටින ලාංකික බොහෝ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් මෙනි. ඔහු ද කතා කිරීමට හා නායකයකු ලෙස ඔහේ සිටීමට රුසියෙකි. තම පැළැන්තියම රැක ගැනීමේ මෙම අලස ස්වභාවය හැරෙන්නට ප්‍රායෝගික වශයෙන් අසමත් බව ඔහුගේ චරිතයේ ලක්ෂණයකි. මෙය දිගු කාලීනව වඩා වර්ධනය කර ගත් අලස ස්වභාවයක් මෙන්ම ගජ මිතුරු කල්ලිය රැක ගැනීමේ භයානික තත්ත්වයකි. එහෙත් බොහෝ අය රනිල් ලිබරල් ප්රජාතන්ත්රවාදීයකු හා ශිෂ්ඨ මිනිසකු ලෙස දකියි. ඒ රාජපක්ෂලාට සාපේක්ෂව විය හැකිය. එහෙත් කෙනකු තුලනාත්මකව නිරීක්ෂණය කරන්නේ නම් රාජපක්ෂලාට මෙන්ම රනිල් වටා ද කල්ලියක් සිටින ආකාරයෙන් එම කල්ලිය පක්ෂයේ හා පොදුජන අවකාශයේ කිසිවකුටත් ළංවීමට නොදෙන පිරිසක් බවත් නීරීක්ෂණය කළ හැකිය. මේ පිරිසේ මූලික න්‍යාය පත්‍රය බණ්ඩාරනායක 56 දී දේශපාලන වශයෙන් පරදවා දැමූ අධිරාජ්‍ය ගැති සුළුතර පැළැන්තිගත බලවේගය දිගින් දිගටම සුරක්ෂිත කිරීමයි. මෙය පන්තිමය මෙන්ම පැළැන්තිමය අවශ්‍යතාවක් වන අතර වර්තමානයේ යූ.ඇන්.පී ය ප්‍රතිසංස්කරණය නොවී එකතැන පල්වෙන්නේ මේ නිසාය. රනිල් යූ.ඇන්.පී. යේ පොදු ජන පදනම නැතිකර දැම්මේ මෙම පැළැන්තිමය සහජාශාව මුදුනට ගැනීමෙනි. ජේ.ආර්. පැළැන්තියට එතරම් බර නොදී යූ.ඇන්.පී. ය පොදුජනකරණයක් තුළට ගෙන ගොස් තමාට ප්‍රතිසංස්කරණය සිදු කළේය. රනිල් පිළිබඳ නායකත්වයේ බලාපොරොත්තු තැබීම ප්‍රායෝගික අර්ථයෙන් හාස්‍යජනක ය. ඔහු බලයට පැමිණියත් පුළුල් ව්‍යුහාත්මක වෙනසක් කිරීමට නොපෙළඹෙන අතර පැළැන්තිය රකිමින් ඔහේ සිටිනු ඇත. අනුගාමිකයන් ඉබාගාතේ යමින් දෙකට දෙවාරේ නැති යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගෙනියනු ඇත. පොදු ජනයාට අත්වන යහපතක් නැත. සුළු ප්‍රතිසංස්කරණ වලින් හා කාර්මිකකරණයෙන් සෑහීමකට පත් වී හවසට බීර බොමින් ලිබරල් ප්රජාතන්ත්රවාදය කතා කරන අලස පරපුරක නායකත්වයට රනිල් උචිත විය හැකිය. එහෙත් සක්‍රීය තරුණ පිරිසකට රාජ්‍යය ව්‍යුහාත්මකව වෙනස් කරමින් නව මුහුණු මතු කරන පොදු ජනයා හට ප්‍රතිසංස්කරණ බෙදාදෙන පරපුරකට රනිල් කිසිසේත්ම උචිත නායකයෙක් ලෙස පිළිගත නොහැකිය. අනුර කුමාර හෝ ජවිපෙ කඳවුරේ අයෙක් මේ අපේක්ෂකයා ප්රජාතන්ත්රවාදය හා අවංකකම පැත්තෙන් වැදගත් විය හැකි වුවද ප්‍රායෝගික දේශපාලනය පැත්තෙන් අතිශයින්ම දුර්වලය. ඔහු වැදගත් වන්නේ රටේ ප්රජාතන්ත්රවාදී අවකාශ සම්බන්ධයෙනි. එහෙත් ඔහුගේ මූලික අපේක්ෂාව තම පක්ෂය රැක ගැනීම මිස ප්‍රායෝගික තත්ත්වයක් යටතේ මහජන ජීවිතය වෙනස් කිරීම නොවේ. ජවිපෙ යනු බෙහෙවින්ම සංවෘත පැරණි අදහස් දරන පක්ෂයක් වන අතර සමාජවාදය පිළිබඳ මනෝරාජික සිහිනය දිගින් දිගටම නඩත්තු කිරීම මෙහි මූලික කාර්යභාරයයි. පවතින ලිබරල් ආර්ථික සමාජ අවකාශය තුළ ප්‍රායෝගික ප්රතිසංස්කරණාත්මක වැඩ පිළිවෙළකට යෑමේ අවශ්‍යතාවක් එයට නොමැති අතර රනිල් වටා සිටින පිරිස මෙන්ම ජවිපෙ වටා සිටින නිත්‍ය පිරිසද බාහිර සක්‍රීය සාමාජිකයන්ට එය වෙත ඒමට කිසිසේත් ඉඩ නොතබයි. 80 දශකයේ මිනිසුන් (නායකත්වය ද සහිතව) ජවිපෙ තුළ සැබෑ බලය අත්පත් කරගෙන සිටින අතර යූ.ඇන්.පි. යේ හා ශ්‍රී.ල.නි.ප. යේ ඒ හා සමාන්තර පරපුරට සාපේක්ෂව ජවිපෙ පැරණි අනම්‍යශීලී සංවෘත වැඩවසම් භූමිකාවක් රඟ දක්වයි. මේ කඳවුරේ අපේක්ෂකයා එනිසා ප්‍රායෝගික ලාංකික ජීවිතයට ව්‍යුහාත්මක වෙනසක් සිදු කරන අයෙක් නොවේ. අතීතකාමී වාමාංශිකයෙකි. ප්‍රායෝගික දේශපාලන නායකයෝ අප කැමති වුවත් අකමැති වුවත් ප්‍රායෝගික දේශපාලන නායකයන් ලෙස අප ඉදිරියේ සිටින්නෝ චම්පික රණවක හා ගෝඨාභය රාජපක්ෂය. දැන් ප්‍රායෝගික යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විග්රහ කොට බලමු. ප්‍රායෝගික යනු සැලසුම් හැදීම හා පිළියෙළ කිරීම රැස්වීම් පැවැත්වීම, කෙටුම්පත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නොව තෝරාගත් කටයුත්තක් තාර්කිකව අවසන් කිරීමයි. තවද එකම දේශපාලන අදහසක් හෝ වැඩ පිළිවෙළක් බදාගෙන ජිවිත කාලය තුළම ඒ වෙනුවෙන් කෑ මොර දීම නොව ඒ මොහොතේ සමාජ සන්දර්භය අනුව නම්‍යශීලී වෙමින් කටයුතු කිරීමයි. ලංකාවේ බොහෝ ලිබරල්වාදීන්ගේ ද දුබලතාව වන්නේ පරම පිවිතුරු සංකල්ප වෙත ආත්මීය වශයෙන් දක්වන ලෝලීත්වයයි. මේ අනුව ඔවුහු සමාජ වෙනස දකින්නේ බිත්තරය නොබිඳ කුකුල් පැටවුන් එළියට ගන්නා සීරුමාරු ක්‍රියාවලියක් ලෙසය. ප්රජාතන්ත්රවාදය, අධිකරණය, ව්‍යවස්ථාදායකය ගමේ නගරයේ සැබෑ මිනිසුන්ට බලපාන ආකාරය පිළිබඳව ඔවුන්ට අදහසක් නොමැති අතර සාකච්ඡාව, ලිවීම හා කතා බහෙන් කල් මැරීම ඔවුගේ ප්‍රධාන කාර්යය වී තිබේ. මේ අනුව බලන විට ජවිපෙ,එජාප, හා ශ්රීලනිපය, යන තුනම වර්ගීකරණය කළ හැක්කේ අඩු වැඩි වශයෙන් ඉහත කී වියතුන්ගේ අලස ලෝකය සමඟ අප්‍රායෝගික ගනුදෙනු වල යෙදෙමින් චාරිත්‍රානූකූලව සංවාද පවත්වා ,රැස්වීම් පවත්වා, තේ බී ගෙදර යන පිරිසගේ පක්ෂ ලෙසය. එහෙත් වියතුන් හා නායකයන් එසේ කරද්දී එම පක්ෂ වල එයට පිටින් සිටින එතරම් ප්රබුද්ධ නැති කණ්ඩායම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වනබව පෙනේ. ඔවුහු සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත් ගනිති. පාසල් වලට ළමුන් ඇතුළත් කරති. තවත් බොහෝ දේ කරති. එහෙත් මේ ක්‍රියාකාරීත්වය සමඟ අර සංවාද එකට ගමන් නොකරන බව පෙනේ. මෙසේ වන්නේ ඇයි? රටේ ප්රබුද්ධ සංවාදය හසුරුවන පිරිසෙන් බහුතරයක් අප්‍රායෝගික අලසයන් වීම මෙයට හේතු වන බව පෙනී යයි. ඔවුන් කැමති ප්‍රායෝගික කටයුතු වලින් මුළුමනින්ම වියුක්තව වෙනත් මාදිලියක ජීවිතයක් ගත කිරීමටය. එනිසාම ඔවුන් ඊට සරිලන සදාකාලිකව නඩත්තු කළ හැකි සංවාද තේමා ටිකක් තෝරාගෙන ඇති බව පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය, ප්රජාතන්ත්රවාදය, බලය බෙදීම, කුල පීඩනය, වැනි ඒවා ඒ අතර මුල් පෙළට වැටේ. මේවා ප්රායෝගිකවම වෙනස් කිරීමට කිසිදිනක නිර්භය නොවන මේ විද්වතුන් හා නායකයන් මේවා තලු මර මර රසවිඳිමින් කාලය ගත කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඓතිහාසික වශයෙන් ආර්.ප්‍රේමදාස වැන්නන් ස්ථානගත කළ යුත්තේ මෙයට වෙනස් ප්‍රායෝගික භාවිතයකට නැඹුරුතාවක් දැක් වූ නායකයකු ලෙසය. ජිවිතයේ යම් යුගයකදී අන්තගාමී තත්ත්වයකට ගමන් කළ ද තම බලය මැනවින් රටේ කටයුතු සඳහා යෙදවීම ප්‍රේමදාස සිදු කළ බව පෙනේ. චන්ද්‍රිකා ,මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල, රනිල් වැනි අය සැලකිය යුත්තේ ආත්මීය වශයෙන් තමා කරන දේශපාලනය සමඟ ප්‍රබල ලෙස අනන්‍ය නොවී ඔහේ යන්නට ඇර විවේක සුවයෙන් සිටින පිරිසක් ලෙසය. වයසත් සමඟ එන ජීවිත අලසකමත්, “හදිස්සියක් නෑ. කොහොමත් ඔහොම තමයි” චින්තනය ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක වූ බව පෙනේ. ඔවුන්ට අවශ්‍ය වූයේ කුමන හෝ සංවර්ධන ක්‍රියාවලියක් දියත් කර නායකත්වයේ සිටීම පමණි. ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ එයට මුළුමනින්ම වෙනස් බෙහෙවින් සක්‍රීය නායකයෙකි. මහින්ද රාජපක්ෂ ලැබූ යුද්ධ ජයග්‍රහනය පමණක් නොව සංවර්ධන ජයග්‍රහණ පසුපස ද සිටින්නේ ඔහුය. ප්‍රේමදාස මෙන්ම ඔහුද සක්‍රීය නායකයෙකි. එනම් දියත් කරන වැඩ පිළිවෙළ සාර්ථකව අවසන් වන තෙක් නිශ්චිතව ඇස් ගසාගෙන ආත්මීය වශයෙන් ඒ මත ජීවත් වන නායකයෙකි. ඒ නිසා දැනට නම් කොට ඇති ප්‍රායෝගික නායකයන් අතර එක් අයකු ලෙස ගෝඨාභය සැලකිය යුතුය. ගෝඨාභය මුහුණ දෙන මූලික ප්රශ්නය වන්නේ තමා සාර්ථකව දියත් කරන නව ලිබරල්වාදී වැඩපිළිවෙළට සරිලන ප්රජාතන්ත්රවාදී කතිකාමය රාමුවක් ගොඩනගා ගැනීමට දක්වන අසමත් භාවයත්, ප්රජාතන්ත්ර විරෝධී හා දූෂණමය ඉතිහාසයෙන් මිදීමට ඇති නොහැකියාවත්ය. මිනිසකුට වෙනස් විය හැකි නමුත් ඒ වෙනස් විය හැක්කේ වෙනසකට සරිලන ව්‍යුහාත්මක තත්ත්වයක් සමඟය. ගෝඨාභයට එවැනි ව්‍යුහාත්මක වෙනසකට පදනමක් නැත්තේ ඔහුගේ දේශපාලන චෝදනා වලට ගොදුරු වූ ඒකාබද්ධ විපක්ෂය වන නිසාත් වඩාත් දියුණු ලිබරල් සමාජ කොටස් මුළුමනින්ම ඔහුට විරුද්ධව සිටින නිසාත්ය. මහින්ද වටා සිටි බොහෝ වියතුන්ගෙන් සහය ලැබුවද එය ඵලක් නැත. පිළිගැනීමක් නැත. මන්ද යත් එම උගතුන් බොහෝ දෙනා සැබෑ පර්යේෂණ වල නිරත ලෝකයේ පිළිගැනීමකට ලක් වූ කැප වූ උගතුන් නොව බෙහෙවින් ශාස්ත්‍රීය ඥානයෙන් තොර දේශපාලන බලයෙන්ම තනතුරු ලබා වැජඹුණු අලස උගතුන් පිරිසක් වූ බැවිනි. ඇත්තෙන්ම ඔවුන් මීඩියා උගතුන් හෙවත් ජනමාධ්‍යකරුවන් අල්ලාගෙන මාධ්‍ය වල පෙනී සිටීමෙන් පමණක් උගතුන් වූ පිරිසකි. මහින්දගේ ආණ්ඩුව බෙහෙවින්ම අවතක්සේරුවට ලක් වූයේද මේ උගතුන් නිසාය. මේ අය බැසිල්ලා පස්සෙන් ගියේ තනතුරු හිඟාගෙනය. බැසිල්ටම එකවරක් එපා වී එක් මහාචාර්යවරයකුගෙන් ඇසුවේ, “ අපි ආණ්ඩු හැදුවේ තමුසෙලාට තනතුරු දෙන්ඩද?” කියාය. විශ්ව විද්‍යාල විශාල වශයෙන් විනාශ කිරීමට බැසිල් හා මහින්දවාදී උපකුලපතිවරුන් දායක වූ බව රටම දන්නා කරුණකි. විශ්ව විද්‍යාල තුළ මානව නිදහස වළ දමා ප්රජාතන්ත්රවාදී අවකාශ නැති කොට ශාස්ත්‍රීය ඥානට පහර දෙන ලදී. එක් උපකුලපතිවරයෙක් (මොහුට ආචාර්ය උපාධියක් පවා නැත) අන්තඃපුරයක් පවත්වාගෙන ගිය අතර මේ අන්තඃපුර කාන්තාවන්ට විදේශ ගමන් හා තනතුරු සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාද හිමිවිය. ක්‍රියාශීලි ශාස්ත්රගවේශීන් මුළුමනින් මර්දනය කරන ලද අතර ඔවුන්ට බොරු චෝදනා නිර්මාණය කොට විනය පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ වියත් මඟ ඔස්සේ වැඩ කරන්නේ මේ පිරිස සමඟය. කෙතරම් ක්‍රියාශීලී අයකු වුවද මේ නිර්-බුද්ධිමතුන් සමඟ රටේ පළල් ප්රජාතන්ත්රවාදී බලවේග එක් කිරීමට හෝ ව්‍යුහාත්මක වෙනසක් ඇති කරලීමට හැකියාවක් තිබේ යැයි සිතිය නොහැකිය. චම්පික රණවක ගෝඨාභය සමඟ සසඳා බලන කල වඩාත්ම ඥානමය භාවිතයක් හා ප්‍රායෝගික භාවිතයක් සහිත පුද්ගලයකු වන්නේ චම්පික රණවකයි. ඔහු ජවිපෙ දේශපාලනයෙන් බිඳී ඉතා සූක්ෂම ලෙස බල කඳවුරක් ගොඩ නගා වීථි සටනේ සිට ඇමති ධූරය දක්වා පැමිණි සාමාන්‍ය මිනිසෙකි. ගෝඨාභයට මෙන්ම පාරම්පරික හා සහෝදර ශක්තියෙන් තොර තනිකරම ස්ව ශක්තියෙන් හා නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි ගමනක් චම්පිකගෙන් දැකිය හැකිය. නලින්ද සිල්වාගේ මතවාදී අනුගාමිකයෙක් ලෙස දේශපාලන ජීවිතය නිර්මාණය කර ගත් චම්පිකට ලිබරල් ප්රජාතන්ත්රවාදී කඳවුර එම යුගයේ දී දැක්වූයේ විරෝධයකි. එහෙත් චම්පිකගේ සාධනීය චින්තනාත්මක විපර්යාසයක් සිදු වූ බව 2015 පෙරළියේ දී නිර්භීතව පෙරට ඒමෙන් පෙනේ. ඔහු ගිය ඉරිදා ‘අනිද්දා’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවත් 2018 මැයි 20 ඉරිදා ලංකාදීපයට ලබා දුන් සාකච්ඡාවත් ගෙන බලන විට පෙනී යන්නේ පැරණි ජාතිවාදී අන්තගාමීත්වයෙන් වෙනස් වූ ධනේශ්වර ලිබරල් ප්රජාතන්ත්රවාදී ප්රවේශයකට අවතීර්ණ වී ඇති ආකාරයයි. එහෙත් තමා එවැනි මතවාද පෙරළියකට ගමන් ගත් බව විවෘතව පෙන්වා දෙමින් ජාතිවාදය හා ප්රජාතන්ත්රවාදය අතරේ ප්‍රායෝගික සංහිඳියාවක් පෙන්වා දීම කරන තෙක් චම්පිකට ඉදිරියට ඒම අපහසුය. ප්‍රායෝගික පක්ෂයෙන් බලන විට චම්පික ඉතාමත්ම වැදගත් නායකයෙකි. ක්රියාකාරිකයෙකි. විදග්ධ බවින් ඔහුට සරි කළ හැක්කෙක් මේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ නොමැත. තව ද ඔහු නම්‍යශීලී ලෙස ප්‍රායෝගික වන අයෙකි. එනම් පක්ෂයක් හෝ එකම වැඩ පිළිවෙළක් අනම්‍යව බදා ගනිමින් සිටින අයකු නොවේ. සියලු පක්ෂවල දියුණු ප්රගතිගාමී පිරිසගේ සාධනීය ප්‍රතිචාරය දිනා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාව ඉහත සම්මුඛ සාකච්ඡාවල දී ඔහු අවධාරණය කරයි. මෑතක දී ඇමරිකාවේ හාවර්ඞ් සරසවියේ වැඩ මුළුවකට සහභාගී වූ චම්පික යම් තද පාලනයක් රටට අවශ්‍ය බව අවධාරණය කළ බව ද දැන ගන්නට ඇත. චම්පිකගේ සීමා චම්පික තවමත් පුළුල් බහුජන අවකාශ, විශේෂයෙන්ම දෙමළ හා මුස්ලිම් ජන අවකාශ දිනා ගැනීම පිළිබඳ සැලකිය යුතු සංවාදයක් දියත් කර නොමැත. පවතින දේශපාලන පක්ෂ වලින් ඔබ්බට ගිය ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමේ සංවාදයක් ඔහු ජනගත කොට නොමැත. එහෙත් ප්‍රායෝගික වශයෙන් ජාතිකවාදීන්ට මෙන්ම ලිබරල්වාදීන්ට ද ගෝඨාභයට වඩා චම්පික පිළිගැනීමේ හැකියාව පවතී. එය ඒත්තු ගැන්විය හැකි හා වඩාත් විවෘත ජන පිරිසකගේ සහභාගීත්වය දිනාගත හැකි දේශපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අභියෝගය ඔහු ඉදිරියේ පවතී. තරුණ නායකයන්ගේ අවශ්‍යතාව පරම්පරා ඉතා ඉක්මනින් වෙනස් වන බවත් එකිනෙක රුචිකත්වයන් අතර ගැටුම තීව්ර වන බවත් චම්පික ඉරිදා ලංකාදීපයට (2018.05.20) පවසා තිබේ. මෙය කිසිදු නායකයකු ඍජුවේ නොපිළිගන්නා අවධානය යොමු නොකරන අදහසකි. බොහෝ නායකයන් තරුණයන් සම්පතකැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන නමුත් තරුණයන් තම දේශපාලන ව්‍යාපෘති තුළ කේන්ද්‍රීය තැනක නොතබන අතර මිනිසකුට වැඩ කළ හැකි හොඳම සක්‍රීය කාලය නාස්ති කිරීමට මෙරට තරුණ පරපුරට සිදු වී තිබේ. මෙය සෑම ක්ෂේත්රයකම බෙහෙවින් සිදු වන අතර ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම දැන් හසුරුවන්නේ යල් පැන ගිය සාපේක්ෂව මහලු වර්තමාන තරුණයන්ගේ අදහස් ගැන කිසිදු අවබෝධයක් නොමැති පිරිසක් බව ඉතා පැහැදිලිය. මේ අනුව දැන් දේශපාලනයේ නියම බෙදුම් කඩයේ පවතින්නේ පක්ෂ අතර නොව පරම්පරා අතරය. චම්පික මෙය යම් දුරකට වටහාගෙන තිබෙන නමුත් තරුණ පිරිස් ප්‍රායෝගිකව තම දේශපාලනයට එක්කර ගන්නා යාන්ත්‍රණයක් පිළිබඳ සඳහන් කොට නොමැත. ඇත්තෙන්ම අද පවතින්නේ සෑම පක්ෂයකම සිටින සක්‍රීය තරුණ පිරිස් එක් වී යම් දේශපාලන කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ ප්රවණතාවකි. වැඩිහිටියන් බැහැර කිරීමක් මින් අදහස් නොවන නමුත් රටේ පවතින සැබෑ ප්‍රශ්න වලට ව්‍යුහාත්මක වෙනසක් කළ හැක්කේ මෙබඳු ප්‍රායෝගික පියවර තැබීමෙන් පමණි.[/B][/SIZE][FONT="Impact"][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom