Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2021 අනාගත පරිගණකයේ හැඩරුව - Future Computer - 2011
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2021 අනාගත පරිගණකයේ හැඩරුව - Future Computer - 2011

කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා කල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත් කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. 2011 වෙනකොට මොන මොන කොම්පියුටර් ජිල්මාට් ඇවිත් තියේද කියලා කල්පනා කොර කොර ඉඳලම බට්ටා පොඩි හීනයක් මැව්වා...! ඕං අහගනිල්ලකෝ ඒනම්...

හපොයි... කොම්පියුටර් කිව්වට මේ කාලේ තියෙන ගැජට් වලට මොකක් කියන්නද මන්දා. ඇපල් වත්තේ ස්ටීව් අංකල්ගේ අයිපෑඩ් කෑල්ල වගේ ටැබ්ලට් පරිගණක තමා. ටැබ්ලට් වගේ කිව්වට මෙව්වට ටැබ්ලට් කියන්න බෑ අප්පා. පුදුම ස්පීඩ් නොවැ. අපේ කාලේ වගේ නෙවේ... දහ ගුණයක් විතර වේගේ වැඩියි ! ඔය ටිකක් වැදගත් විදියේ උදවිය තමයි මේ ජාතියේ ටැබ්ලට් කෑලි පාවිච්චි කොලේ. තරුණ වයසේ කොලු පැටව් / පැටික්කියෝ නම් අතේ බඳින පටියක් වගේ වැඩ කෑල්ලක් දාගෙන උන්නා. තව ඇහේ පළඳින කණ්ණාඩි ගැජට් එකකුත් තිබ්බා ඕං. මම නම් එව්වා ගැන වැඩියේ හොයන්න ගියේ නෑ අප්පා. හිමීට කිට්ටු කොරලා බැලුවා ඔය ටැබ්ලට් ජාතියේ මෙව්වා එකකට...

අප්පච්චියේ...! තිරේ දිහා බලන්න බෑ සිරියාව. බටර් කෑල්ල වගේ. බැලු බැල්මට පේන්නේ නම් වීදුරු කුට්ටියක් වගේ. පස්සේ තමා වැටහුනේ. කැමරා ඇහෙන් අහුවෙන රූපේ තමා තිරේ තියෙන්නේ. ඒ කියන්නේ බොලව් ඉස්සරහ ඉන්න කෙලි පොඩිත්තිගේ දිහාට මේ ටැබ්ලට් එක අල්ලලා වැඩ කරද්දි තිරේ බිත්ති කරදහිය (වෝල්පේපර් එක) විදියට පේන්නේ අර දැරිවි තමා. පොලොවට ඇලකරලා වැඩ කරද්දි බිම වැලි පස්... උකුලට උඩින් තියාගෙන වැඩ කලොත් ඉතින් කකුල් දෙක තමා තිරේට පේන්නේ !!! මේ තිර තාක්ෂනේ අපේ ඇහෙන් දකින පාට කොලිටියටම සමානයි කියලයි කියන්නේ. ඒ කියන්නේ බොලව් ඇහෙන් පේනවා වගේම තිරෙන් පේනවා කියලා නොවැ...

මේ අස්සේ මම නිකමට ආරංචි කරලා බැලුවා මේ වගේ සුකුරුත්තං තියෙන ලැප්ටොප්, PC කාරිය නැද්ද කියලා. අහපු එකා කියපි දැන් එව්වා තියෙන්නේ පර්යේෂණාගාර වල විතරලු ! අවුරුදු තුන හතරකට කලියෙන්ම එව්වා අවසන් ගමන් ගෙහුං... අනේ ඉතින් තියෙන්නේ අර කිව්වා වගේ ටැබ්ලට් වංසේ කොම්පීතර නොවැ. ආයෙත් ඉතින් හොඳට බලාගන්න ගත්තා භාණ්ඩෙ අතටම.

“සුභ මහ දවාලක් බට්ටා මහතා... ඔබගේ ලෝක ව්‍යාප්ත ජාල ගිණුමට සම්බන්ධ වීම සඳහා කරුණාකර මේ පුවරුව මත ඔබේ ඇඟිලි සලකුණ තබන්න...”

අර ටැබ්ලට්ටුව මයෙ පැත්තට හරෝගත්තා විතරයි, හැඩකාර විසේකාර කෙලි පොඩිත්තියක් අර බටර් වගේ තිරෙන් එළියට ඇවිත් සුද්දගෙ ඉංගිරිසියෙන් ඔන්න ඔහොම කියාගෙන ගියා. අන්තිමට මොකක්ද මන්දා එකකුත් දික් කරගෙන ඉන්නවා. ආඃ... ඒකෙ ඇඟිලි සලකුණ තියන්නලු. මට නම් ෆුල් අන්දොස් කියපල්ලකො... ඇයි යකඩෝ මේ කෙලි පොඩිත්ති හැබෑම වගේ නොවැ. හැබෑවටම කථා කළත් නොවැ. ඒ මදිවට මයේ නමත් දන්නවා නොවැ...

එහා පැත්තේ උන්නු උන්නාන්සෙගෙන් ඇහුවා මේ සන්තෑසිය. උන්නැහේ තමා කිව්වේ මේ කාලේ ළමයි කුසෙන් එළියට බහිනකොටම Internet Account එකක් හදලමයි තියෙන්නේ. උප්පැන්න කියලා ජාතියක් නෑ. ඕනෙම කෙනෙක්ට වුවමනා ඕනෙම කෙනෙක්ගේ තොරතුරු ලෝක ව්‍යාප්ත ජාලයට පිවිසුනාම බලාගත්තැකි. ඉතින් ඒ විදියට මගේ තොරතුරු ටික ජාලෙන් අරන් තමා අර දැරිවි මට නමෙන්ම අමතලා තීන්නේ...

“එතකොට උන්නැහැ කොහොමැයි මෙයා මේ මමමයි කියලා ඇඳින්නේ...?”

“ඇයි මනුස්සයෝ දැන් Facial Recognition (මුහුණු හඳුනාගැනීමේ ජෛවමිතික තාක්ෂණය) හොඳටම දියුණුයි නොවැ... කොයි ලෝකෙන්ද ආවේ...?”

උන්නැහේට උත්තර දෙන්න මං ගියේ නෑ. ආයෙත් බැලුවා තිරේ දිහාව. පව් අප්පා අර සීදේවි කෙලි පොඩ්ඩ අරකත් දික් කරන් බලන් ඉන්නවා. මේ... මං කිව්වේ අර ඇඟිලි සලකුණ තියන්න කියලා දික්කොරාපු මොකක්ද එක. මං පරක්කු හින්දා ඒ උන්දෑ ඇඟිල්ලෙනුත් ඒකම පෙන්නනවා. මේක හරියට වීඩියෝ කෑල්ලක් වගේ - ඒත් පස්සේ තමා මොලේට වැටුනේ මේ virtual reality විදියට හදාපු කෘතිම චරිතයක් කියලා...

මේ ගෑනු දරුවා මෙච්චර ආසාවෙන් ඉල්ලන එකේ අතින් පයින් යන එකක් යෑ. මමත් දුන්නා ඇඟිල්ල. ඔන්න ඒ පාර වැඩේ හරි...

ඔය මූණෙන් අඳුනගන්න පුළුවන් තරමේ තාක්ෂණය දියුණු වෙලා තියෙද්දී මොකටදෑ තව ඇඟිල්ලකුත් ඉල්ලන්නේ කියලා පස්සෙයි වැටහුනේ. කැමරාවෙන් බලලා මූණ අඳුනගන්නේ ජාලයෙන් අදාල පුද්ගලයා අඳුන ගන්න. ඊට පස්සේ ඇඟිල්ල ඉල්ලන්නේ මුරපදය (දැන් නම් මුර සලකුණ) වෙනුවට. අපේ කාලේ මුරපදය (Password) ඉල්ලපු අවස්ථාවන් වලට දැන් පාවිච්චි කරන්නේ ඇඟිලි සලකුණ...!

දැන් ඔන්න අර ඇඟිල්ල දුන්නයින් පස්සේ නම් ඒ සීදේවී දැරිවි අරවා මේවා ඉල්ලලා කරදර කලේ නෑ. ඔය චරිතෙට කියන්නේ අපේ ‘ඩිජිටල් සගයා’ කියලා. අපේ ජීවිත කාලේ පුරාවට අපි ජාලගත වෙලා ඉන්දැද්දි කරන කියන දේවලින් හොයාගෙන අපේ කැමැත්තට හරියන විදියට තමයි ඔය ඩිජිටල් සගයා හැදිලා තියෙන්නේ. එයත් අපිත් එක්කම ජාලේ ජීවත් වෙනවා. අපි මැරුණහම එයත් ජාලෙන් අයින් වෙනවා.

මේ ටැබ්ලට්ටුවෙන් වැඩ කරන්න කරන්න ආසයි අම්මප... ස්පීඩ් කිව්වට පොඩ්ඩක් හේම නෙවෙයි ! මේ කාලේ තාක්ෂණේ කොච්චර දියුණුයි ද කියන්නේ අපේ කාලේ වගේ ප්‍රොසා (Processor) වෙනම, RAM වෙනම, අනෙක් කාඩ් කෑලි වෙන වෙනම හයි කෙරිල්ලක් නෑ. ඔක්කොම එන්නේ එක පැකේජ් එකක. All in One කිව්වලු... SoC (System on a Chip) තාක්ෂණේ මුහුකුරා ගිහින් ප්‍රොසෙසරය හා රැම් මතකය දෙකම එක චිප් එකේ. මේ ප්‍රොසෙසරය ගොඩක් දුරට QuadCore (4) හෝ OctaCore (8). රැම් මතකයත් ගිගාබයිට් සිය ගණන් වලින් කියවන ගාණට වැඩිදියුණු වෙලා. එතකොට Audio / Video Controller, Wireless Network Controller, I/O Controller වෙග් අනෙක් චිප් ඔක්කොමත් එකම පද්ධතියක තියෙන්නේ. අපේ කාලේ සිම් කාඩ් එක ගලවලා විසික්කා කරලා අළුත් එකක් දාගන්නවා වගේ මේ කාලේ මේ ඔක්කොම එකේ තියෙන system board එක අයින් කරලා අළුත් එකක් දාගන්න පුළුවන්. ඒ තරමටම තාක්ෂණේ දියුණුයි - සරලයි - ලාභයි... නැනෝ තාක්ෂණේ ගොඩක් දියුණු කරලා - තාමත් සර්ව සම්පූර්ණ නොවුනත් ලොකු දුරක් ඇවිත් තියෙනවා. ඇතුලේ සර්කිට් අතර චිප්සෙට් අතර දත්ත හුවමාරු වෙන්නේ අපේ කාලේ වගේ තඹ තීරුවල නෙවෙයි. ඒකට පාවිච්චි කොරන්නේ fiber optic (ප්‍රකාශ තන්තු) තාක්ෂණය තමයි. ආලෝකයේ වේගෙන් දත්ත විදින්නේ... පුහ්...!

ජාලගත කිරිල්ල ගැනත් කියන්න ඕනෙ. මේ වෙද්දී වයර් කියන ඒවා කටුගෙයිත් නැති තරම්. හැම දේම වෙන්නේ wireless. එදිනෙදා පාවිච්චි වෙන ගෙදරදොරේ භාණ්ඩ වගේම වාහන, ගොඩනැඟිලි, පාරිභෝගික භාණ්ඩ හැම දෙයක්ම රැහැන් රහිතව ජාලගත වෙලා. ලෝක ව්‍යාප්ත ජාලය හරහා ඔය ඕනෙම එකකට ඕනෙම තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජාල සම්බන්ධතාවයට අපේ කාලේ වගේ ජෙනරේෂන් විදියට කිව්වොත් කියන්න වෙන්නේ 6G වගේ තමා. මේ වෙද්දී සිම් එක වගේම ජංගම දුරකථනත් ආගිය අතක් නෑ. හැම දෙනාම අතේ ටැබ්ලට්ටු වංසේ පරිගණකයක් හරි, අතේ බඳින පටි කොම්පීටර් හරි වෙන මොකක් හරි ඒ වගේ ගැජමැටික්ස් කෑල්ලක් තියෙනව. ඒ හැම එකකින්ම ළඟ ඉන්නවා වගේ වීඩියෝ ඇමතුම් ගන්න පුළුවන්. මම කිව්වනේ තිරේ කොලිටිය ගැන... ආයෙත් ඉතින් මූණට මුණ බලාගෙන කථා කරන්නා වගේ තමා. ඕවා හින්දා ඉතින් හඬ සන්නිවේදනය යල්පැන ගිහින්. ජංගම දුරකථන සමාගම් දැන් ජාල සම්පත් සපයන්නන් වෙලා. ඒකත් ලෝකෙට නැතුවම බැරි සේවාවක් නේ. ඇයි දැන් මුළු ලෝකෙම වයර්ලස් නේ !!!

මෙව්වයේ කීබෝඩ්, මවුස් නෑ. ටයිප් කරන එකත් දැන් පරණ මෝස්තරයක්. හැම පරිගණක උපාංගයක්ම කටහඬින් ක්‍රියාකරවන්න පුළුවන්. අකුරු විතරක් භාවිතා කරන එක බොහෝ දුරට අඩුවෙලා නිසා text message, E-mail වගේ දේවල් අභාවයට යන කාලේ. හැම දේම එක්කෝ වීඩියෝවක්... නැත්තං කටහඬ... ජාලය උපරිම වේගවත්. Real time වේගෙන් වැඩ... අක්ෂර වුවමනාම නම් කථා කරන කොටම ඒක අකුරු කොරන එක මෙව්වට සිම්පල් වැඩක්. ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ වීඩියෝ පණිවුඩ තමා. ඉතින් කීබෝඩ් වුවමනා නැත්තේ මක්කැයි කියලා වැටහෙනවා නොවැ. හැබැයි ඒ කාලේ ඉඳන් එන touch screen තාක්ෂණය නම් තවත් දියුණු කොරාලා එහෙම තාම පාවිච්චි වෙනවා. ඒ වාගේ තමයි ඕං eye tracking වැඩේ... ඒ කිව්වේ ඇහෙන් බලාලා පාලනය කොරන එකට. ඒක නම් මරු වැඩේ අප්පා. තිරේ තියෙන මොනවා හරි කියවනවා නම් ඇහැ යන තැනේ හැටියට පිටුව උඩට පහළට - වමට දකුණට යනවා...

Share කරන එකත් හරිම සිම්පල් වැඩක්. මගේ ටැබ්ලට්ටුවේ තියෙන රූපයක් තව කාට හරි බලන්න දෙන්න වුවමනායි හිතමුකෝ. හැමෝටම පෙන්නන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ ඒ රූපේ ජාලගත කරන එක විතරයි. මගේ දකුණු පැත්තෙන් වාඩිවෙලා ඉන්න මගේ හොඳම යාළුවට විතරක් ඒ රූපේ ෙදන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඒ රූපේ ඇඟිල්ලෙන් අල්ලලා තිරෙන් දකුණු පැත්තට විසිවෙන්න ඇඟිල්ලෙන් තල්ලු කරන එක විතරයි. එතකොට මගේ දකුණේ ඉන්න යාළුවට ඒ රූපය ජාලය හරහා Share වෙනවා. අපේ කාලේ වගේ upload / download නෑ. ඔක්කොම Real time ! ඔය විදියට ඇඟිල්ලෙන් අල්ලලා විසි කරද්දී ඒ පැත්තේ ගොඩ දෙනෙක් ඉන්නවා නම් ඔන්න අර දැරිවි ඇවිල්ලා අහනවා කොයි කොයි උන්දැලටද යවන්නේ කියලා. ඒ පැත්තේ පේන මානේ10 ක් ඉන්නවා නම් ඒ දහදෙනාටම Share කරන්න හෝ තෝරාගත් දෙතුන් දෙනෙක්ට යවන්න වුනත් පුළුවන්...

කෘතිම බුද්ධිය (AI) සෑහෙන්න දියුණුයි. අර මම කලින් කිව්ව කෙලි පැටික්කිත් AI, 3D, HD Video වල එකමුතුවක්. මායාවක් කියලා හිතන්නවත් බෑ. කලිනුත් කිව්වා වගේ එයා තමයි ජාලය ඇතුලේ අපේ නියෝජිතයා. එයා අපිත් එක්කම ජීවිත කාලේ පුරාවට ඉගෙන ගන්නවා. තනියෙන් හිතන්න - ප්‍රශ්ණ කරන්න - තීරණ ගන්න එයාට පුළුවන්. උදාහරණයකට මට කන්න ඕඩර් කරන්න කිව්වොත් මම කැමතිම කෑම - කැමතිම හෝටලයෙන් - ඉක්මනටම ලැබෙන විදියට ඇණවුම් කරන්න එයාට පුළුවන්. ඇත්තටම කියනවා නම් ඕං මේ වෙද්දි ඇත්ත ලෝකෙයි, පරිගණක ලෝකෙයි දෙකක් නෙවෙයි එකක් තරමටම ලංවෙලා...

දත්ත ගබඩා කිරීම ගැන කියනවා නම් මේ වෙනකොට හාඩ් ඩිස්ක, CD / DVD / BluRay වගේ තැටි වගේම පෙන් ඩ්‍රයිව් පවා හොයාගන්නත් නෑ. තම තමන්ගේ පරිගණක උපාංගය තුල පෞද්ගලික දත්ත වලට අවමය විදියට ටෙරාබයිට් කීපයක Ultra SSD තාක්ෂණයේ දත්ත ගබඩාවක් තියෙනවා. මේ SSD එක පද්ධතියට පිටින් සවිවෙන එකක්. හරියට කිව්වොත් අපි SD card පාවිච්චි කලා වගේ. ඒක නිසා තමන්ගේ පෞද්ගලික දත්ත ටික ඕනෙ වෙලාවක ලඟම තියාගන්න පුළුවන්. ටෙරාබයිට් දෙක තුනකට වඩා වුවමනාවක් වෙන්නේ නැත්තේ අවශ්‍ය ඕනෙම දෙයක් ජාලගතව ගබඩා කරන්න පුළුවන් නිසා. අපේ ඒ දවස් වල කලා වගේ පෞද්ගලික දත්ත ඇරුණාම වෙන බාහිර දේවල් තම තමන්ගේ පරිගණක ගැජට්ටුවට බාගන්න වුවමනාවක් නෑ. වුවමනාවක් වෙච්චි ගමන්ම ජාලෙට පැනලා ඕන ඕන දේ ගන්න පුළුවන්. කියන පරක්කුව විතරයි...! ක්ලවුඩ් පරිගණක තාක්ෂණය හොඳටම දියුණු නිසා හැමදේම රන් වෙන්නේ ජාලය හරහා. අපිට කරන්න තියෙන්නේ ටැබ්ලට්ටුව on කොරන්න විතරයි. On කොරන්න... ඈඃ... ???

හපොයි...! මේ වෙද්දී පරිගණක ඇතුළු ඔක්කොම විද්‍යුත් උපාංග වල power Switch කියලා එකක් නෑ. මොකද දන්නවද power දෙන්නේ ඇතුලෙන් නෙමෙයි, පිටින් හින්දා. මෙව්වයේ බැටරි කියලා ජාතියක් නෑ. වයර් නම් කොහොමත් නෑ නොවැ. එතකොට කොහොමැයි මේවට power දෙන්නේ. තුන් තිස් පැයේම මයේ ටැබ්ලට්ටුව වැඩ කොර කොර තිබ්බම මට පොඩ්ඩක් අවුලක් ගියා මේවයේ බැටරි බහින්නැද්ද කියලා. පස්සේ තමා වැෙඩ් තේරුම් බේරුම් කරගත්තේ. මේවට බලය දෙන්නේ අමුතුම වැඩ කෑල්ලකින් ! සූර්ය අයන, විද්‍යුත් චුම්භක කිරණ, රේඩියෝ තරංග ඇතුළු මෙකී නොකී හැම කිරණයකින්ම විද්‍යුතය හදාගන්න පුළුවන් ගැජමැටික්ස් කෑලි හැම උපාංගයකම අනිවාර්යයි. වටේ පිටේ තියෙන මොනවා හරි තරංගයක් උරාගෙන ඒකෙන් බලය ලබා ගන්න මේ උපාංග වලට පුළුවන්. ඒ නිසා ප්ලග් නෑ... බැටරි නෑ... චාර්ජ් කෙරිලිත් නෑ... !

මගේ ඩිජිටල් සගයා වෙච්චි ලස්සන කෙලි පොඩිත්තට පිං සිද්ධ වෙන්න ඔය ඔක්කොම දේවල් අකුරක් නෑර අහගත්තා. ‘මේක කොහොමද වෙන්නේ ?’ කියලා අහන්න විතරයි ඕනේ... මෙන්න කියාගෙන යනවා. මට මතක් වුනේ ඉස්සර අපි ගූගල් සර්ච් එකේ Keywords ගහලා result page එකේ ලින්ක් එකින් එකට හොය හොය ගිය හැටි... අනේ අප්පෝ... ලෝකෙ වෙනස් වෙලා තියෙන හැටි !!!

නිවාඩු පාඩු තියෙන වෙලාවට තව තව දේවල් හොයගත්තා. තව අවුරුදු 3-4 කින් නැනෝ තාක්ෂණේ ලෙසටම දියුණු කරලා මුළු කොම්පීතරයක්ම පොඩි චිප් කෑල්ලක අහුරන්න වැඩ ලෑස්ති කරලලු ඕං. ඒකටම හරියන්න මොලේ බලෙන් කොම්පීතර වැඩ කරවන්නත් දැන් පුළුවන් කම තියෙනවා. හිතන්න විතරයි ඕනේ - වැඩේ වෙලා...! දැන් ඉන්න ලොකු ලොකු විද්‍යාඥයෝ සෙට් එක ට්‍රයි කරන්නේ අර නැනෝ චිප් කම්පීතරයට අපේ ඇඟ ඇතුලෙම (මොලේටම දායි...!) තැන්පත් කොරෝලා සිතුවිලි බලයෙන් ඒ නැනෝ චිප් කම්පීතරේ හසුරුවන්න. එතකොට තව අවුරුදු කීපෙකින් අපිත් ඇවිදින, පණ තියෙන කොම්පියුටර් වේවි !!!

“මිස්ටර් බට්ටා... ඔයාට සජීවී වීඩියෝ පණිවුඩයක් ලැබෙනවා... සම්බන්ධය ලබාදෙන්න ද ?

කෙලි පොඩ්ඩ හදිස්සියේම තිරයට කඩා පාත් වුනා. මමත් ඉතින් අනුමැතිය දුන්නා...

“නිදිය ගන්නේ නැද්ද මනුස්සයෝ... හැම තැනටම ඇඟිල්ලෙන් අනින්නේ... දවල් දිස්සේ විකාර හිත හිත ඉඳලා අපිටත් රෑට නින්දක් නෑ...!!!”

2021 ටැබ්ලට්ටුවක් කියලා මෙච්චර වෙලා ඇඟිල්ලෙන් ඇනලා තියෙන්නේ නිදාගෙන ඉඳපු නෝනිගේ ඇඟට !!! හප්පෝ.......යි.......!!!

[මේක මේ මගේ ප්‍රබන්ධයක් හොඳද ! ඔව්වා ඉතින් ඉස්සරහට ඇත්ත වෙන්නැතෑ නේද ? කථාවට කැමති නම් කියලා යන්නකෝ...! ]

ගත්තේ මෙතනින්:

චතූගේ කථා සිංහල බ්ලොග් අඩවිය

මෙන්න කියවන්න තවත් කථා...

මගේ බෑන්ඩ් මතක - බෑන්ඩ් කථා

මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...

ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries

සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය

[QUOTE="chathudscp, post: 11192484, member: 37725"] [b]2021 අනාගත පරිගණකයේ හැඩරුව - Future Computer - 2011[/b] [SIZE="4"]කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා කල්පනාව දාගෙන හිටියා. ඒ කාලේ වෙද්දී නම් බට්ටත් නාකි වෙලා ඉදීවී. ඒ වුනත් කොම්පීතර ගැජට් නම් හිතා ගන්න බැරි වෙන තරමටම අරුමෝසම් වෙලා තියේවි. 2011 වෙනකොට මොන මොන කොම්පියුටර් ජිල්මාට් ඇවිත් තියේද කියලා කල්පනා කොර කොර ඉඳලම බට්ටා පොඩි හීනයක් මැව්වා...! ඕං අහගනිල්ලකෝ ඒනම්... [CENTER][IMG]http://images.forbes.com/media/2009/12/22/1222_one-laptop-map_390x220.jpg[/IMG] [/CENTER] හපොයි... කොම්පියුටර් කිව්වට මේ කාලේ තියෙන ගැජට් වලට මොකක් කියන්නද මන්දා. ඇපල් වත්තේ ස්ටීව් අංකල්ගේ අයිපෑඩ් කෑල්ල වගේ ටැබ්ලට් පරිගණක තමා. ටැබ්ලට් වගේ කිව්වට මෙව්වට ටැබ්ලට් කියන්න බෑ අප්පා. පුදුම ස්පීඩ් නොවැ. අපේ කාලේ වගේ නෙවේ... දහ ගුණයක් විතර වේගේ වැඩියි ! ඔය ටිකක් වැදගත් විදියේ උදවිය තමයි මේ ජාතියේ ටැබ්ලට් කෑලි පාවිච්චි කොලේ. තරුණ වයසේ කොලු පැටව් / පැටික්කියෝ නම් අතේ බඳින පටියක් වගේ වැඩ කෑල්ලක් දාගෙන උන්නා. තව ඇහේ පළඳින කණ්ණාඩි ගැජට් එකකුත් තිබ්බා ඕං. මම නම් එව්වා ගැන වැඩියේ හොයන්න ගියේ නෑ අප්පා. හිමීට කිට්ටු කොරලා බැලුවා ඔය ටැබ්ලට් ජාතියේ මෙව්වා එකකට... [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQIrxHioNUUnceA0YF_aUpxCR92By0QrFEYsmi5Nl4jTekkF79KHw[/IMG][/CENTER] අප්පච්චියේ...! තිරේ දිහා බලන්න බෑ සිරියාව. බටර් කෑල්ල වගේ. බැලු බැල්මට පේන්නේ නම් වීදුරු කුට්ටියක් වගේ. පස්සේ තමා වැටහුනේ. කැමරා ඇහෙන් අහුවෙන රූපේ තමා තිරේ තියෙන්නේ. ඒ කියන්නේ බොලව් ඉස්සරහ ඉන්න කෙලි පොඩිත්තිගේ දිහාට මේ ටැබ්ලට් එක අල්ලලා වැඩ කරද්දි තිරේ බිත්ති කරදහිය (වෝල්පේපර් එක) විදියට පේන්නේ අර දැරිවි තමා. පොලොවට ඇලකරලා වැඩ කරද්දි බිම වැලි පස්... උකුලට උඩින් තියාගෙන වැඩ කලොත් ඉතින් කකුල් දෙක තමා තිරේට පේන්නේ !!! මේ තිර තාක්ෂනේ අපේ ඇහෙන් දකින පාට කොලිටියටම සමානයි කියලයි කියන්නේ. ඒ කියන්නේ බොලව් ඇහෙන් පේනවා වගේම තිරෙන් පේනවා කියලා නොවැ... [CENTER][IMG]http://www.tabletpccompared.com/wp-content/uploads/2011/05/tablet-computing.jpg[/IMG][/CENTER] මේ අස්සේ මම නිකමට ආරංචි කරලා බැලුවා මේ වගේ සුකුරුත්තං තියෙන ලැප්ටොප්, PC කාරිය නැද්ද කියලා. අහපු එකා කියපි දැන් එව්වා තියෙන්නේ පර්යේෂණාගාර වල විතරලු ! අවුරුදු තුන හතරකට කලියෙන්ම එව්වා අවසන් ගමන් ගෙහුං... අනේ ඉතින් තියෙන්නේ අර කිව්වා වගේ ටැබ්ලට් වංසේ කොම්පීතර නොවැ. ආයෙත් ඉතින් හොඳට බලාගන්න ගත්තා භාණ්ඩෙ අතටම. “සුභ මහ දවාලක් බට්ටා මහතා... ඔබගේ ලෝක ව්‍යාප්ත ජාල ගිණුමට සම්බන්ධ වීම සඳහා කරුණාකර මේ පුවරුව මත ඔබේ ඇඟිලි සලකුණ තබන්න...” අර ටැබ්ලට්ටුව මයෙ පැත්තට හරෝගත්තා විතරයි, හැඩකාර විසේකාර කෙලි පොඩිත්තියක් අර බටර් වගේ තිරෙන් එළියට ඇවිත් සුද්දගෙ ඉංගිරිසියෙන් ඔන්න ඔහොම කියාගෙන ගියා. අන්තිමට මොකක්ද මන්දා එකකුත් දික් කරගෙන ඉන්නවා. ආඃ... ඒකෙ ඇඟිලි සලකුණ තියන්නලු. මට නම් ෆුල් අන්දොස් කියපල්ලකො... ඇයි යකඩෝ මේ කෙලි පොඩිත්ති හැබෑම වගේ නොවැ. හැබෑවටම කථා කළත් නොවැ. ඒ මදිවට මයේ නමත් දන්නවා නොවැ... එහා පැත්තේ උන්නු උන්නාන්සෙගෙන් ඇහුවා මේ සන්තෑසිය. උන්නැහේ තමා කිව්වේ මේ කාලේ ළමයි කුසෙන් එළියට බහිනකොටම Internet Account එකක් හදලමයි තියෙන්නේ. උප්පැන්න කියලා ජාතියක් නෑ. ඕනෙම කෙනෙක්ට වුවමනා ඕනෙම කෙනෙක්ගේ තොරතුරු ලෝක ව්‍යාප්ත ජාලයට පිවිසුනාම බලාගත්තැකි. ඉතින් ඒ විදියට මගේ තොරතුරු ටික ජාලෙන් අරන් තමා අර දැරිවි මට නමෙන්ම අමතලා තීන්නේ... “එතකොට උන්නැහැ කොහොමැයි මෙයා මේ මමමයි කියලා ඇඳින්නේ...?” “ඇයි මනුස්සයෝ දැන් Facial Recognition (මුහුණු හඳුනාගැනීමේ ජෛවමිතික තාක්ෂණය) හොඳටම දියුණුයි නොවැ... කොයි ලෝකෙන්ද ආවේ...?” උන්නැහේට උත්තර දෙන්න මං ගියේ නෑ. ආයෙත් බැලුවා තිරේ දිහාව. පව් අප්පා අර සීදේවි කෙලි පොඩ්ඩ අරකත් දික් කරන් බලන් ඉන්නවා. මේ... මං කිව්වේ අර ඇඟිලි සලකුණ තියන්න කියලා දික්කොරාපු මොකක්ද එක. මං පරක්කු හින්දා ඒ උන්දෑ ඇඟිල්ලෙනුත් ඒකම පෙන්නනවා. මේක හරියට වීඩියෝ කෑල්ලක් වගේ - ඒත් පස්සේ තමා මොලේට වැටුනේ මේ virtual reality විදියට හදාපු කෘතිම චරිතයක් කියලා... මේ ගෑනු දරුවා මෙච්චර ආසාවෙන් ඉල්ලන එකේ අතින් පයින් යන එකක් යෑ. මමත් දුන්නා ඇඟිල්ල. ඔන්න ඒ පාර වැඩේ හරි... ඔය මූණෙන් අඳුනගන්න පුළුවන් තරමේ තාක්ෂණය දියුණු වෙලා තියෙද්දී මොකටදෑ තව ඇඟිල්ලකුත් ඉල්ලන්නේ කියලා පස්සෙයි වැටහුනේ. කැමරාවෙන් බලලා මූණ අඳුනගන්නේ ජාලයෙන් අදාල පුද්ගලයා අඳුන ගන්න. ඊට පස්සේ ඇඟිල්ල ඉල්ලන්නේ මුරපදය (දැන් නම් මුර සලකුණ) වෙනුවට. අපේ කාලේ මුරපදය (Password) ඉල්ලපු අවස්ථාවන් වලට දැන් පාවිච්චි කරන්නේ ඇඟිලි සලකුණ...! දැන් ඔන්න අර ඇඟිල්ල දුන්නයින් පස්සේ නම් ඒ සීදේවී දැරිවි අරවා මේවා ඉල්ලලා කරදර කලේ නෑ. ඔය චරිතෙට කියන්නේ අපේ ‘ඩිජිටල් සගයා’ කියලා. අපේ ජීවිත කාලේ පුරාවට අපි ජාලගත වෙලා ඉන්දැද්දි කරන කියන දේවලින් හොයාගෙන අපේ කැමැත්තට හරියන විදියට තමයි ඔය ඩිජිටල් සගයා හැදිලා තියෙන්නේ. එයත් අපිත් එක්කම ජාලේ ජීවත් වෙනවා. අපි මැරුණහම එයත් ජාලෙන් අයින් වෙනවා. මේ ටැබ්ලට්ටුවෙන් වැඩ කරන්න කරන්න ආසයි අම්මප... ස්පීඩ් කිව්වට පොඩ්ඩක් හේම නෙවෙයි ! මේ කාලේ තාක්ෂණේ කොච්චර දියුණුයි ද කියන්නේ අපේ කාලේ වගේ ප්‍රොසා (Processor) වෙනම, RAM වෙනම, අනෙක් කාඩ් කෑලි වෙන වෙනම හයි කෙරිල්ලක් නෑ. ඔක්කොම එන්නේ එක පැකේජ් එකක. All in One කිව්වලු... SoC (System on a Chip) තාක්ෂණේ මුහුකුරා ගිහින් ප්‍රොසෙසරය හා රැම් මතකය දෙකම එක චිප් එකේ. මේ ප්‍රොසෙසරය ගොඩක් දුරට QuadCore (4) හෝ OctaCore (8). රැම් මතකයත් ගිගාබයිට් සිය ගණන් වලින් කියවන ගාණට වැඩිදියුණු වෙලා. එතකොට Audio / Video Controller, Wireless Network Controller, I/O Controller වෙග් අනෙක් චිප් ඔක්කොමත් එකම පද්ධතියක තියෙන්නේ. අපේ කාලේ සිම් කාඩ් එක ගලවලා විසික්කා කරලා අළුත් එකක් දාගන්නවා වගේ මේ කාලේ මේ ඔක්කොම එකේ තියෙන system board එක අයින් කරලා අළුත් එකක් දාගන්න පුළුවන්. ඒ තරමටම තාක්ෂණේ දියුණුයි - සරලයි - ලාභයි... නැනෝ තාක්ෂණේ ගොඩක් දියුණු කරලා - තාමත් සර්ව සම්පූර්ණ නොවුනත් ලොකු දුරක් ඇවිත් තියෙනවා. ඇතුලේ සර්කිට් අතර චිප්සෙට් අතර දත්ත හුවමාරු වෙන්නේ අපේ කාලේ වගේ තඹ තීරුවල නෙවෙයි. ඒකට පාවිච්චි කොරන්නේ fiber optic (ප්‍රකාශ තන්තු) තාක්ෂණය තමයි. ආලෝකයේ වේගෙන් දත්ත විදින්නේ... පුහ්...! ජාලගත කිරිල්ල ගැනත් කියන්න ඕනෙ. මේ වෙද්දී වයර් කියන ඒවා කටුගෙයිත් නැති තරම්. හැම දේම වෙන්නේ wireless. එදිනෙදා පාවිච්චි වෙන ගෙදරදොරේ භාණ්ඩ වගේම වාහන, ගොඩනැඟිලි, පාරිභෝගික භාණ්ඩ හැම දෙයක්ම රැහැන් රහිතව ජාලගත වෙලා. ලෝක ව්‍යාප්ත ජාලය හරහා ඔය ඕනෙම එකකට ඕනෙම තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජාල සම්බන්ධතාවයට අපේ කාලේ වගේ ජෙනරේෂන් විදියට කිව්වොත් කියන්න වෙන්නේ 6G වගේ තමා. මේ වෙද්දී සිම් එක වගේම ජංගම දුරකථනත් ආගිය අතක් නෑ. හැම දෙනාම අතේ ටැබ්ලට්ටු වංසේ පරිගණකයක් හරි, අතේ බඳින පටි කොම්පීටර් හරි වෙන මොකක් හරි ඒ වගේ ගැජමැටික්ස් කෑල්ලක් තියෙනව. ඒ හැම එකකින්ම ළඟ ඉන්නවා වගේ වීඩියෝ ඇමතුම් ගන්න පුළුවන්. මම කිව්වනේ තිරේ කොලිටිය ගැන... ආයෙත් ඉතින් මූණට මුණ බලාගෙන කථා කරන්නා වගේ තමා. ඕවා හින්දා ඉතින් හඬ සන්නිවේදනය යල්පැන ගිහින්. ජංගම දුරකථන සමාගම් දැන් ජාල සම්පත් සපයන්නන් වෙලා. ඒකත් ලෝකෙට නැතුවම බැරි සේවාවක් නේ. ඇයි දැන් මුළු ලෝකෙම වයර්ලස් නේ !!! මෙව්වයේ කීබෝඩ්, මවුස් නෑ. ටයිප් කරන එකත් දැන් පරණ මෝස්තරයක්. හැම පරිගණක උපාංගයක්ම කටහඬින් ක්‍රියාකරවන්න පුළුවන්. අකුරු විතරක් භාවිතා කරන එක බොහෝ දුරට අඩුවෙලා නිසා text message, E-mail වගේ දේවල් අභාවයට යන කාලේ. හැම දේම එක්කෝ වීඩියෝවක්... නැත්තං කටහඬ... ජාලය උපරිම වේගවත්. Real time වේගෙන් වැඩ... අක්ෂර වුවමනාම නම් කථා කරන කොටම ඒක අකුරු කොරන එක මෙව්වට සිම්පල් වැඩක්. ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ වීඩියෝ පණිවුඩ තමා. ඉතින් කීබෝඩ් වුවමනා නැත්තේ මක්කැයි කියලා වැටහෙනවා නොවැ. හැබැයි ඒ කාලේ ඉඳන් එන touch screen තාක්ෂණය නම් තවත් දියුණු කොරාලා එහෙම තාම පාවිච්චි වෙනවා. ඒ වාගේ තමයි ඕං eye tracking වැඩේ... ඒ කිව්වේ ඇහෙන් බලාලා පාලනය කොරන එකට. ඒක නම් මරු වැඩේ අප්පා. තිරේ තියෙන මොනවා හරි කියවනවා නම් ඇහැ යන තැනේ හැටියට පිටුව උඩට පහළට - වමට දකුණට යනවා... Share කරන එකත් හරිම සිම්පල් වැඩක්. මගේ ටැබ්ලට්ටුවේ තියෙන රූපයක් තව කාට හරි බලන්න දෙන්න වුවමනායි හිතමුකෝ. හැමෝටම පෙන්නන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ ඒ රූපේ ජාලගත කරන එක විතරයි. මගේ දකුණු පැත්තෙන් වාඩිවෙලා ඉන්න මගේ හොඳම යාළුවට විතරක් ඒ රූපේ ෙදන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඒ රූපේ ඇඟිල්ලෙන් අල්ලලා තිරෙන් දකුණු පැත්තට විසිවෙන්න ඇඟිල්ලෙන් තල්ලු කරන එක විතරයි. එතකොට මගේ දකුණේ ඉන්න යාළුවට ඒ රූපය ජාලය හරහා Share වෙනවා. අපේ කාලේ වගේ upload / download නෑ. ඔක්කොම Real time ! ඔය විදියට ඇඟිල්ලෙන් අල්ලලා විසි කරද්දී ඒ පැත්තේ ගොඩ දෙනෙක් ඉන්නවා නම් ඔන්න අර දැරිවි ඇවිල්ලා අහනවා කොයි කොයි උන්දැලටද යවන්නේ කියලා. ඒ පැත්තේ පේන මානේ10 ක් ඉන්නවා නම් ඒ දහදෙනාටම Share කරන්න හෝ තෝරාගත් දෙතුන් දෙනෙක්ට යවන්න වුනත් පුළුවන්... [CENTER][IMG]http://fiw3.fashionindie.com/wp-content/uploads/2010/01/lady-gaga.jpg[/IMG][/CENTER] කෘතිම බුද්ධිය (AI) සෑහෙන්න දියුණුයි. අර මම කලින් කිව්ව කෙලි පැටික්කිත් AI, 3D, HD Video වල එකමුතුවක්. මායාවක් කියලා හිතන්නවත් බෑ. කලිනුත් කිව්වා වගේ එයා තමයි ජාලය ඇතුලේ අපේ නියෝජිතයා. එයා අපිත් එක්කම ජීවිත කාලේ පුරාවට ඉගෙන ගන්නවා. තනියෙන් හිතන්න - ප්‍රශ්ණ කරන්න - තීරණ ගන්න එයාට පුළුවන්. උදාහරණයකට මට කන්න ඕඩර් කරන්න කිව්වොත් මම කැමතිම කෑම - කැමතිම හෝටලයෙන් - ඉක්මනටම ලැබෙන විදියට ඇණවුම් කරන්න එයාට පුළුවන්. ඇත්තටම කියනවා නම් ඕං මේ වෙද්දි ඇත්ත ලෝකෙයි, පරිගණක ලෝකෙයි දෙකක් නෙවෙයි එකක් තරමටම ලංවෙලා... දත්ත ගබඩා කිරීම ගැන කියනවා නම් මේ වෙනකොට හාඩ් ඩිස්ක, CD / DVD / BluRay වගේ තැටි වගේම පෙන් ඩ්‍රයිව් පවා හොයාගන්නත් නෑ. තම තමන්ගේ පරිගණක උපාංගය තුල පෞද්ගලික දත්ත වලට අවමය විදියට ටෙරාබයිට් කීපයක Ultra SSD තාක්ෂණයේ දත්ත ගබඩාවක් තියෙනවා. මේ SSD එක පද්ධතියට පිටින් සවිවෙන එකක්. හරියට කිව්වොත් අපි SD card පාවිච්චි කලා වගේ. ඒක නිසා තමන්ගේ පෞද්ගලික දත්ත ටික ඕනෙ වෙලාවක ලඟම තියාගන්න පුළුවන්. ටෙරාබයිට් දෙක තුනකට වඩා වුවමනාවක් වෙන්නේ නැත්තේ අවශ්‍ය ඕනෙම දෙයක් ජාලගතව ගබඩා කරන්න පුළුවන් නිසා. අපේ ඒ දවස් වල කලා වගේ පෞද්ගලික දත්ත ඇරුණාම වෙන බාහිර දේවල් තම තමන්ගේ පරිගණක ගැජට්ටුවට බාගන්න වුවමනාවක් නෑ. වුවමනාවක් වෙච්චි ගමන්ම ජාලෙට පැනලා ඕන ඕන දේ ගන්න පුළුවන්. කියන පරක්කුව විතරයි...! ක්ලවුඩ් පරිගණක තාක්ෂණය හොඳටම දියුණු නිසා හැමදේම රන් වෙන්නේ ජාලය හරහා. අපිට කරන්න තියෙන්නේ ටැබ්ලට්ටුව on කොරන්න විතරයි. On කොරන්න... ඈඃ... ??? හපොයි...! මේ වෙද්දී පරිගණක ඇතුළු ඔක්කොම විද්‍යුත් උපාංග වල power Switch කියලා එකක් නෑ. මොකද දන්නවද power දෙන්නේ ඇතුලෙන් නෙමෙයි, පිටින් හින්දා. මෙව්වයේ බැටරි කියලා ජාතියක් නෑ. වයර් නම් කොහොමත් නෑ නොවැ. එතකොට කොහොමැයි මේවට power දෙන්නේ. තුන් තිස් පැයේම මයේ ටැබ්ලට්ටුව වැඩ කොර කොර තිබ්බම මට පොඩ්ඩක් අවුලක් ගියා මේවයේ බැටරි බහින්නැද්ද කියලා. පස්සේ තමා වැෙඩ් තේරුම් බේරුම් කරගත්තේ. මේවට බලය දෙන්නේ අමුතුම වැඩ කෑල්ලකින් ! සූර්ය අයන, විද්‍යුත් චුම්භක කිරණ, රේඩියෝ තරංග ඇතුළු මෙකී නොකී හැම කිරණයකින්ම විද්‍යුතය හදාගන්න පුළුවන් ගැජමැටික්ස් කෑලි හැම උපාංගයකම අනිවාර්යයි. වටේ පිටේ තියෙන මොනවා හරි තරංගයක් උරාගෙන ඒකෙන් බලය ලබා ගන්න මේ උපාංග වලට පුළුවන්. ඒ නිසා ප්ලග් නෑ... බැටරි නෑ... චාර්ජ් කෙරිලිත් නෑ... ! මගේ ඩිජිටල් සගයා වෙච්චි ලස්සන කෙලි පොඩිත්තට පිං සිද්ධ වෙන්න ඔය ඔක්කොම දේවල් අකුරක් නෑර අහගත්තා. ‘මේක කොහොමද වෙන්නේ ?’ කියලා අහන්න විතරයි ඕනේ... මෙන්න කියාගෙන යනවා. මට මතක් වුනේ ඉස්සර අපි ගූගල් සර්ච් එකේ Keywords ගහලා result page එකේ ලින්ක් එකින් එකට හොය හොය ගිය හැටි... අනේ අප්පෝ... ලෝකෙ වෙනස් වෙලා තියෙන හැටි !!! නිවාඩු පාඩු තියෙන වෙලාවට තව තව දේවල් හොයගත්තා. තව අවුරුදු 3-4 කින් නැනෝ තාක්ෂණේ ලෙසටම දියුණු කරලා මුළු කොම්පීතරයක්ම පොඩි චිප් කෑල්ලක අහුරන්න වැඩ ලෑස්ති කරලලු ඕං. ඒකටම හරියන්න මොලේ බලෙන් කොම්පීතර වැඩ කරවන්නත් දැන් පුළුවන් කම තියෙනවා. හිතන්න විතරයි ඕනේ - වැඩේ වෙලා...! දැන් ඉන්න ලොකු ලොකු විද්‍යාඥයෝ සෙට් එක ට්‍රයි කරන්නේ අර නැනෝ චිප් කම්පීතරයට අපේ ඇඟ ඇතුලෙම (මොලේටම දායි...!) තැන්පත් කොරෝලා සිතුවිලි බලයෙන් ඒ නැනෝ චිප් කම්පීතරේ හසුරුවන්න. එතකොට තව අවුරුදු කීපෙකින් අපිත් ඇවිදින, පණ තියෙන කොම්පියුටර් වේවි !!! “මිස්ටර් බට්ටා... ඔයාට සජීවී වීඩියෝ පණිවුඩයක් ලැබෙනවා... සම්බන්ධය ලබාදෙන්න ද ? කෙලි පොඩ්ඩ හදිස්සියේම තිරයට කඩා පාත් වුනා. මමත් ඉතින් අනුමැතිය දුන්නා... “නිදිය ගන්නේ නැද්ද මනුස්සයෝ... හැම තැනටම ඇඟිල්ලෙන් අනින්නේ... දවල් දිස්සේ විකාර හිත හිත ඉඳලා අපිටත් රෑට නින්දක් නෑ...!!!” 2021 ටැබ්ලට්ටුවක් කියලා මෙච්චර වෙලා ඇඟිල්ලෙන් ඇනලා තියෙන්නේ නිදාගෙන ඉඳපු නෝනිගේ ඇඟට !!! හප්පෝ.......යි.......!!! [මේක මේ මගේ ප්‍රබන්ධයක් හොඳද ! ඔව්වා ඉතින් ඉස්සරහට ඇත්ත වෙන්නැතෑ නේද ? කථාවට කැමති නම් කියලා යන්නකෝ...! ] [B][B]ගත්තේ මෙතනින්: [URL="http://chathucn.blogspot.com"][COLOR="DeepSkyBlue"][B]චතූගේ කථා සිංහල බ්ලොග් අඩවිය[/B][/COLOR] [/URL][/B][/B][/SIZE][B][B][/B][/B] [I][SIZE="4"][COLOR="Orange"] මෙන්න කියවන්න තවත් කථා... [COLOR="Orange"][LIST=1] [*][URL="http://chathucn.blogspot.com/2011/09/band-01-music.html"]මගේ බෑන්ඩ් මතක - බෑන්ඩ් කථා[/URL] [*][URL="http://chathucn.blogspot.com/2011/09/blog-post_15.html"]මිනිස් ඇසට හසු නොවන අති දුර්ලභ සත්ත්ව විශේෂ කීපයක්...[/URL] [*][URL="http://chathucn.blogspot.com/2011/07/world-mysteries.html"]ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries[/URL] [*][URL="http://chathucn.blogspot.com/2011/06/sse-sinhala-search-engine.html"]සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)[/URL] [*][URL="http://chathucn.blogspot.com/2011/05/1.html"]බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය[/URL] [/LIST][/COLOR][/COLOR][/SIZE][COLOR="Orange"][/color][/I][COLOR="Orange"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom