ත්‍රෙඩ් එක දැක්කම ඒ කාලේ මතක් උනා.
අපි ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවස් මට මතකයි. ඉස්කෝලේට තමයි ප්‍රතිපල එන්නේ, ඉන්ටර්නෙට් තිබුනේ නැහැ ගොඩක් ඒවාට. ඒ කාලේ එහෙම වෙබ්සයිට් එකට ප්‍රතිපල දානවද දන්නෙත් නැහැ. හැබැයි පෙන්ටියම් 1,2 පරිඝනක තිබුනා.
ඉතින් ශිෂ්‍යත්ව ප්‍රතිපල එන දවසට ළමයිගේ අම්මලා තාත්තලා එනව ඉස්කෝලෙට. ශිෂ්‍යත්වය පාස් වෙන ළමයි ගෙදරින් එක්කන් ගිහින් ළමයි ඉල්ලන මවුන්ටන් බයිසිකල්, පෙන්ටියම් 1,2 වගේ මැෂින් අරං දෙනවා. පාස් උන ළමයි රජවරු වගේ තමයි ඉන්නේ.
අපි හිටපු ඉස්කෝලෙත් රැස්වීමක් තියලා පාස් උන ළමයි ස්ටේජ් එකට ගෙන්නලා මැඩම්, මිස්ල, සර්ලා කතා කරලා අගය කරා.
දැන් නං ප්‍රතිපල ආවම පළවෙනියා දෙවෙනියා කවුද කියලා කියන්නෙත් නෑ නේද?
හැබැයි සමහර ඉස්කෝල වල නං ශිෂ්‍යත්වය ලිව්වේ නැහැ. රෝයල් එකේ එහෙම. ආයේ ටවුන් වල තියෙන ලොකු ඉස්කෝල වල ප්‍රාථමික වල ඉන්නා ළමයිත් විභාගේ ලිව්වේ නැහැ. ඒ ඉස්කෝල ළමයිට කිව්වා විභාගේ ලියලා හම්බෙන ලකුණු අනුව ඉස්කෝල තෝරා ගන්න කියලා. නිකන්ම අදාල පෝෂක පාසලේ ද්විතීකයට යන්න තියෙන අවස්ථාව මග හැරෙයි කියලා ළමයි ලිව්වේ නැහැ. හැබැයි ඒකෙන් ළමයිට ශිෂ්‍යධාර ගන්න එක ගැටළුවක් උනා.
දැන් නං කොහොමද ඒක වෙන්නේ ?