Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
500 ඡද්දන්ත ජාතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

500 ඡද්දන්ත ජාතකය

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. ලදැරි මෙහෙණින්නක් අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර එක් කුල දුවක් පැවිදිව සෙසු මෙහෙනින් නන් සමඟ බණ අසනු පණි ගොසින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණනේ යුත් බුදුන්ගේ ශරීරය දැ සසර ඇවිදින්නාවූ මාමේ උත්තමයාට කවර ආත්මයක හෝ භාය්‍ර්‍යාව වූයේ දෝහෝයි බලන්නී. එවිටම ජාතිස්මරණ ඥාණය පහළ වී ඡද්දන්ත හසතිරාජව උපන් කාලයෙහි බිරින්දවූ බව දැක ඉතා ප්රීිතියට පත්ව නැවත තම ස්වාමියාට තමා හිතවත්ව සළකා ඇද්දැයි සිහිපත් කරන්නී. යම්තම් දෝෂයක් සිත්හි තබා ඇත් රජ්ජුරුවන්ට සෝනුත්තර නම් වැද්දා ලවා විෂ පෙවූ හීයකින් විදුවා ජීවිත විනාශයට පත් කළා දැක ශෝකය දරා ගත නොහී මහා හඬින් හඬන්ට පටන් ගත්තාය. එවිට බුදුරජාණනන් වහන්සේ සිනහවක් පහළ කොට සිනාසීමට කරුණු කිම්දැයි භික්ෂූන් වහන්සේ විචාරණ සේක්. මහණෙනි මේ බාල මෙහෙණි තොම එක් ජන්මයෙක්හි මට කළ තදකමක් සිතා හඬන්නීයයි වදාරා ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස හිමාල පර්වතය සමීපයෙහි ඡද්දන්ත කුලයෙහි උපන් සෘඬිමත් වූ ආකාශයෙන් ඇවිදින සැටදහසක් පමණ වූ මහත් ඇත් රැලෙක් විසූහ. එහි යුථපති නම් ඇත් රජුට රිදී පර්වතයක් මෙන් බබලන අට අසූරියන් පමණ උස ඇති එක්සිය විසි රියනක් පමණ දිග ඇති අට පණස් රියන් දිග ඇති සොඬින් යුත් පුතෙක් ඇත. දළ වනාහි පහළොස් රියන් වටය තිස් රියන් දිගය සවණක් රැස් විහිදෙන්නේය. අටදහසකට තෙමේද නායකය ඔවුන් පිරිවරා ගොස් පසේ බුදුන්ට උවටැන් කරන්නේය. මේ ඇත් රජුට චුල්ල සුභද්රාය මහ සුභද්රායයි ඇතින්නියෝ දෙදෙනෙක් අගමෙහෙසුන් වූහ. ඒ වනයෙහි පනස් පනස් රියන් වූ ඡද්දන්ත නම් විලෙක් ඇත. ජලය ඉඳුනිල් මිණි කැට සේ පැහැපත්ය. පස් පියුමෙන් ගැවසී ගත්තේය. ඒ විල වට කොට පර්වත සතක් ඇත. විලට ඊසාන කොනෙහි පස් යොදුන් පමණ වු කඳ ඇති නුග ගසෙක් පිහිටියේය. විලට බස්නාහිර දෙසින් වර්ෂා කාලයෙහි වාසය කිරීමට රන් ගල්ගුහා ඇත. ග්‍රීෂ්ම කාලයෙහි නුග රුක මුල කල් යවන්නාහ. වන සිරිවිඳිනා ඇත් රජුට සල් වනය මල් පිපී සිටින්නේය. දිනක් ඇත් රජ බිසවුන් පිරිවරා සල් වනයට කෙළිනු පිණිස ගොස් මල් පිපි සල් රුකක් දැක දලින් පහළේ නම් තැලෙයි සිතා කුම්භසථලයෙන් පහළේය. එවිට යටි සුළං හමන අත සිටි චූලසුභද්රානම් ඇතිනිය ඇඟ කොළ ඉපල් දිමි කැදලි ආදිය ද උඩු සුළං හමන අත සිටි මහා සුභද්‍රාවන් ඇඟ මල් රොන් සමඟ පෙති ද වැටුනේය. චූල සුභද්‍රාවන් නිකරුණේ මේ කරුණෙන් ඇත් රජු කෙරෙහි වෛර බැන්දාය.

නැවත දවසක් ඇත් රජ්ජුරුවෝ නහනු පිණිස පිරිවර සමඟ ගොස් ඡද්දන්ත විලට බැස නගා ගොඩ නැගී කල්හි අටදහසක් පමණ මතැත්හු ඒ විලින් නොයෙක් වර්ණයෙන් යුත් මල් ගෙනවිත් රිදී දාගබක් සරහණ පරිද්දෙන් ඇත් රජ්ජුරුවන්ට සරහා ඉක්බිති ඇතින්නන් දෙන්නා සැරසූහ. එවිගස දියකෙළ ඇවිදිනා එක් ඇතෙක් සත්බුමු මහ පියුමක් ඇත් රජ්ජුරුවන්ට පිළිගැන්විය. ඇත් රජ්ජුරුවෝ එය දමා අසලින් සිටි මහා සුභද්රාවන්ට දුන්නේය. මෙය දුටු චූල සුභද්‍රාව මා බල බලා සිටියදී තමන්ගේ ප්‍රිය භාය්‍ර්‍යාවට ඒ පියුම දුන්නේ යයි ඇත් රජ්ජුරුවන් කෙරෙහි නැවතත් වෛර වූවාය. නැවත දිනක් මිහිරි පලාඵල හා නෙලුඹු දැලි පොකුරු මී හා එක්ව යොදා පන්සියයක් පසේ බුදුවරයන් වහන්සේලා වළඳවන ඇත් රජ්ජුරුවන්ව දුටු චූල සුභද්රාවොත් තමන් ලද මිහිරි පලාඵලාදිය පසේ බුදුවරයන් වහන්සේලාට දන්දී මම මෙම ආත්ම භාවයෙන් චුතව ගොස් මඬරාජ කුලයෙහි ඉපිද සුභද්‍රා රාජ කන්‍යාව වැඩිවිය පැමිණ බරණැස් රජහට අග මෙහෙසියව ඔහුට කියා එක් වැදි පුත්‍රයෙකු මෙහි වීමත් පෙදෙසට යවා මේ ඇත් රජහු විෂපෙවූ සැරයකින් විද ජීවිත විනාශයට පමුණුවා සවණක් රැස් විහිදුනා වූ දලසඟල ගෙන්වාගන්ට සමත් වෙම්ව” ය කියා ප්‍රාර්ථනා කළාය.

එතැන් පටන් ගොදුරු නොකා ඊර්ෂ්‍යාවෙන් වියලී නොබෝ කලකින් කාලකියා කොට මධුරජ බිසව කුස පිළිසිඳ ගත්හ. දසසේ ඇවෑමෙන් උපන්නා වූ කුමාරියට සුභද්රායයි කියා නම් කොට වැඩිවිය පැමිණි පසු බරණැස් රජහට පාවා දුන්හ. ඕතොම රජහට ප්‍රියව මනවඩන්නී සොළොස් දහසක් පුරඟනන්ට ප්‍රධානව ජාති සමරණ ඥානය ලදින් වාසය කරන්නී. දිනක් සිතන්නී මාගේ පැතුම් සමුර්ධවිය. දැන් ඒ ඇත්රජු විඳ දළ සඟල ගෙන්වා ගනිමියි සිතා බොරු ලෙඩ පෙන්වා ශරීරයෙහි තෙල් ගල්වා ගෙන කිලිටි වස්ත්‍රයක් ඇඳ ගෙන ඔබලන් වේසයක් දන්වා යහන් මතුයෙහි වැද හොත්තීය. එකෙනෙහි එහි පැමිණි රජතෙම සුභද්‍රා නොදැක විචාරා ලෙඩයයි අසා ශ්‍රී යහන් ගබඩාවට වැද යහනෙහි හිඳ ඈ අමතා පිට පිරිමදිමින් අපාසුව කිමෙක් දැයි විචාළේය.

ස්වාමීනී මහත් දොළෙක් උපන්නේය. එය ලබාගත නොහැක්කකි. එනමුත් එය නොලද්දේ වී නම් ජීවිතය නොතිබෙන්නේය.

මා ප්‍රිය බිසවුනි මේ මිනිස් ලොව යම් සැපතෙක් ඇත්නම් එය මා සතුය. එය ඔබට ලබා දෙමි. ශෝක නොකරව.

ප්‍රිය රජතුමනි මට උපන්නේ ලබාගත නොහැකි දොළකි. දැන් නොකියමි. ඔබේ විජිතයෙහි යම් පමණ වැද්දන් ඇද්ද ඔවුන් හැම රැස්කළ මැනව. එහිදී දොළ ඔබවහන්සේට කියමි.

එසඳ රජතෙම ඇමතියන්ට විධාන කොට තුන් සියයක් පමණ යොදුන් කසී රට අණබෙර යවා වැදි පුත්‍රයෝ සැට දහසක් පමණ රැස් කොට බිසවට දැන්වීය. බිසව රජ්ජුරුවන් සමීපයට වැදි පුත්‍රයන් ගෙන්වා වැදි පුත්‍රයෙනි සවණක් රැස් විහිදුවනා ලද දළ සඟලක් ඇති ඇත් රජෙක් සීනෙන් දුටිමි. ඔහුගේ දළලදින් නම් ජීවත් වෙමි. නොලදින්නම් මාගේ ජීවිතය නොතිබෙන්නේ යයි කීවාය. එබස් ඇසූ වැදි පුත්‍රයෝ කියන්නාහු දේවීන් වහන්ස ඔබවහන්සේ එවැනි ඇත් රජෙක් දක්නා ලදද එවැනි ඇතෙක් අපේ මුතුන් මිත්තන් විසිනුත් දුටුවයි ඇසුවේ නැත. එබැවින් ඔබ වහන්සේ දුටු සැටී පහදා දුනමැනව සතරදිග, සතර අනුදිග, උඩ, යට යයි යන දස දිසාවෙන් කවරදෙසක ඇත්දැයි වදාළ මැනවයි කීහ. එවිට සුභද්‍රා තොමෝ රැස් වූ වැදි සමූහය දෙස බලා ඔවුන් අතුරෙන් පළල් වූ පතුල් ඇති මහත් වූ සොඬ හා දන මඬුලු ඇති කොරසැටිවූ මහත් ශරීරයක් ඇති දඹවන් දැලි රැවුල් ඇති පිඟුවන් ඇස් ඇති අවලක්ෂණ ස්වරූප ඇති පිළිකුල් වූ වෙස් ඇති සියළු වැද්දන්ට වඩා උස්ව පෙනෙන මහා බෝසතුන්ට ජන්මාන්තරයෙහි වෛරීවූ සොනුත්තර නම් වැදි පුත්‍රයා දැක මේ කටයුත්තට මොහු සුදුසු යයි රජ්ජුරුවන්ට දන්වා ඔහු කැඳවා ගෙන සත්මහල් ප්‍රාසාදයෙහි මත මාලයට නැගී උතුරු දිග සිව්මැදුරු කව්ළුව හැර හිමවතට අත දිගුකර ඒ ඇත් රජු වසන තැන් දක්වමින් වැදි පුත්‍රය මෙතැන් සිට උතුරු දිගට බොහෝ තැන් ගියකළ චුල්ල කාලය, මහාකාලය යනාදී පර්වත හමුවෙයි. ඒ ඉක්ම ගිය කල්හි ස්වර්ණ පර්වතයෙක් ඇත. ඒ පර්වත මුදුන ගායනා කොට කෙළනා කිඳුරාංගනාවන්ගෙන් හා රන් මොණරුන්ගෙන් සැරහුනේය. මෙලෙස දිව්‍ය ක්‍රීඩා භවනයක් සමානවූ සත් යොදුන් උස ඇත් පර්වත මුදුනට නැගී එහි ප්‍රාන්තය බලව. එවිට තොපට ඡද්දන්ත විලද ඒ වටා සිව් හෙල් මැලි ඇඹුල උපුල රත් පියුම් හෙල පියුම් වනයෙන් සැදූ මලස්නක් මෙන් පෙනෙයි. ඒ විලට ඊසාන කොනෙහි නිල් පාටින් දිලිසෙන අටදාසක් අරලූ ඇති නුග ගසෙක් පෙනෙයි. ඒ රුක් මුල්හි රිදී පර්වතයක් මෙන් සවනක් රැස් විහිදෙනා දළසඟලක් ඇති ප්රතිහස්තීන් විසින් මැඩලිය නොහැකි ඡද්දන්ත නම් හස්තිරාජ තෙම ග්‍රීෂ්ම සමයෙහි සිසිල් පවන් විඳිමින් සිටින්නේය. ඒ වට අටදහසක් පමණ ඇත්හු රැකවල් ගෙන සිටිනාහ. කිසියම් ශබ්දයක් ආ පමණින් මහත් කොට නාසා වාතයන් හරිමින් බිම අත් පැහැර ගුගුරමින් වනය එකනින් නාද කොට සොයන්නාහ. මිනිස් කෙනෙක් හමුවූ නම් සුණු විසුණු කොට ධූලි පමණකුත් නොතිබෙන්නාහයි කියා එබස් ඇසූ සොනුත්තර නම් වැදිතෙම මරණ භයින් තැතිගෙන දේවීන් වහන්ස රාජ කුලයෙහි මහත් වටිනා රන් මුතු මැණික් තිබියදී මේ දළකඩ කුමණ ප්‍රයෝජනයකට දැයි විචාළේය.

එවිට බිසව කියන්නී වැදි පුත්‍රයාණෙනි මම මීට පළමුවන ජාතියෙහි මේ ඇත් රජුට අග මෙහෙසුන්ව මා බලා සිටියදීම අනික් අගමෙහෙසියට කළ සැළකුම් දැක ඊර්ෂ්ර්යාවෙන් මඩනා ලද සිතින් දුකට පත්වී මෙසේ ඉපද වියලෙමින් සිටිමි. මා සිතූ අභිප්‍රාය සාදා දුනහොත් තොපට ධනධාන්‍යයෙන් සමුර්ධවූ ගම්වර පසක් දෙමි. තවද වැදි පුත්‍රය මේ දළ ලබා ගන්ට හැකිවේවා’යි කියා පසේ බුදුවරයන් වහන්සේට දන් දී කළ ප්‍රාර්ථනාවක් ද ඇත. මෙය මා සීනෙන් දුටුවක් නොවේ. එවැනි දොළක් ද නැත්තේය. එතකුදු වුවත් පැතූ ප්‍රාර්ථනාව එසේම සීඬ වන්නේය. එබැවින් තොපට ගැහැටක් නොවේ. බියට පත් නොවවයි. අස් වැසුවාය. එවිට වැදීපුත් රජ බිසව අමතා එකී බස් මුදුනින් පිළිගෙන ඇත් රජු යන එන තැන් මඟ සළකුණු නැවතත් විමසා දැන විලෙන් නා නුගරුක් මුල සැතපෙන වේලාව අසා යහපත ඒ ඇතා මරා දළ ගෙනෙමියි ගිවිස්සේය. ඉක්බිති ඕහට දහසින් බැඳි පියල්ලක් තුටු පඬුරු කොට දී මෙයින් සත්වන දවස පිටත් වන්නටයයි නියම කොට එතැන් පටන් අවශ්‍ය මාර්ගෝපකරන සූදානම් කොට සම් පසුම්බියකට පුරවා වැදි පුත්‍රයාට දී යාමට සමුදුන්නාය. වැදිපුත්‍රයා රජ්ජුරුවන් වැඳ අවසර ගෙන පිරිවර සමඟ මහ වනය දක්වා රථයෙන් ගොස් ඉන් බැස හුදකලාව යන්නේ තිස් යොදුනක් පමණ ඉලුක් වනය වී ව ලුක් වනය තන වනය, බට වනය, කිහිරි වනය යනාදී කටු ලැහැබින් යුක්ත වූ වන සයක් ද, කටු වනය, මහ මිශ්‍ර වනය, බට වනය, සිත් බට වනය යනාදී මහත් කටුක වන ගහන යන්ද මඩ කලල්ද, ජල දුර්ගයන්ද පර්වත ගහණයන් දැයි අටලොස් ගහණයෙන් පසුකොට ඉතා දුකසේ මග කතර ගෙවා යොතත් උඩ රඳවා එහි එල්ලී කදුසිබර නගිමින් ඉතා දුකසේ බැස මෙසේ වනගහන සතළොසක් ද පර්වත වලළු සතද නැගී ස්වර්ණ පර්වතය මුදුනට නැගී බිසව කී ලකුණු අනුව නුගරුක් මුල අටදහසක් ඇතුන් පිරිවරා සිටි ඡද්දන්ත නම් ඇත් රජු දැක පර්වත වලල්ලෙන් ඇතුළට බටුයේය. සත් අවුරුදු සත්මස් සත් දවසකින් මෙසේ ඡද්දන්ත විල සමීපයට ගොස් ඇත් රජු වසන එක් පෙදෙසක් නියම දැන මෙතන උගුල් අටවමියි නියම කොට වනයට වැඳ අවශ්‍ය ලී දඬු සපයා ඇතුන් දිය කෙළියට ගිය කල්හි එතැන වලක් සාරා ඒ පස් දියෙහි පාකර හැර වල තුළ කණු සිටුවා පෝරු අතුරුවා මැදින් හීයක් යැවීමට සිදුරක් තබා පස් අතුරා පෝරු මත්තෙහි වසා තමාට යා හැකි මගක් ඉවතින් තබා අළුයම් ඉස ජටා බැඳ කසාකඩක් පෙරව විෂ පෙවූ ඊය හා දැඩි දුන්නත් ගෙන වලට බැස සිටියේය. ඇත්රජ තෙමේ දෙවෙනි දවස් පිරිවර සමඟ ගොස් දිය නා තමා සැතපී සිටිනා මහසල් මලුයෙහි වැදි පුත්‍රයා මෙහෙය වූ පෝරුව මත්තෙහි සිටියාහ. ඇත්රජහු ඇඟෙන් වෑහෙන දියබින්දු නැබ පෙදෙසින් එක්ව පෝරු මැද සිදුරෙන් වැඳි පුත්‍රයාගේ ඇඟෙහි වැටුනේය. වැදි ඒ සළකුනෙන් සිටි තැන දැන මහ සැරයකින් විද්දේය. ඒ ඊ පහර ඇත් රජ්ජුරුවන්ගේ පපු කැන් අකුනු බහන් සිඳ නාභියට පොරවකින් ගැසූ කලක් මෙන් අහසට නැංගේය. ලේ වගුරුනේය. වේදනාව ඉවසා ගත නොහී තුන්යලක් කුඤ්චනාද කෙළේය. එකෙනෙහි අටදහසක් පමණ මතැත්හු එකවිට ගුගුරා පැන නැංගාහ. අට දිසාවම සුණු විසුණු කරමින් පස මිතුරා අල්වම්හයි බලන්ට වූහ. ඇත් සමූහයා ඒ ඒ දිග විසුරුන බව දැන සුභද්‍රා නම් අග මෙහෙසිය ඇඟ මදක් ඇලවී සිට වේදනා ඉවසාගත නොහී ඊ පහර ආ තැන් විමසනුයේ ඉදිරියේ ආයේ නම් කුම්භස්ථලය බිඳගෙන පිටුපසින් නික්මෙයි. ඇලයකින් ද නොආයේය. මෙය පෙකණියම විදගෙන අහසට නැංගේය. එසේ හෙයින් මෙය පොළොවෙන් නැගිය යුතුය. එය පරීක්ෂා කරමියි සිතා ඊට පෙර තම සතුරා කෙරෙහි කරුණාවෙන් තම සුභද්‍රාව එතනින් පහ කරනු කැමතිව සොඳුර අට දහසක් පමණ ඇත්තු මාගේ පසමිතුරා අල්වම්හයි අටදික්හි දිවපුවාහ. තොපි මෙතන කුමක් කරව්දැයි කීයේය.

ස්වාමීනී නුඹ වහන්සේ දරා ඉවසා සිටියෙමි. ඊට ක්‍ෂමාකළ මැනවයි ඇත් රජුන් තුන්යලක් පැදකුණු කොට ගියාය. ඇත්රජ තෙමේ එවිට පයින් භූමිය සාරා බැලීය. එකෙනෙහි පෝරු ඉගුළුනේය. එසඳ රිදී දමක් සේ ධවල වූ සොඬ දිගු කොට වලතුළ විමසා බලන්නේ වැදි පුත්‍රය වහා තමා හැඳි කාෂාය වස්ත්‍රය ගලවා සොඬෙහි තැබීය. ඇත්රජු එය ගෙන බලා සිතනුයේ අර්හන් ධව ජ ය කා විසිනුත් පූජා කටයුතුය. එබැවින් මොහු නොමැරිය යුතු යයි සිතා වලෙන් ගොඩ ගෙන තමා ඉදිරියෙහි තබා එම්බල වැඳි පුත්‍රය රාගාදී කසටීන් පිරුනු ඉඳුරන් නොදැමූ යමෙක් කාෂාය වස්ත්‍රය දරා නම් වඳුරෙක් පෙරෙවි සිංහ සමක් මෙන් ඊට යෝග්‍ය නොවන්නේය. උතුම් පුද්ගලයන්ට පමණක්ම මේ ධව ජය වටනේය. නමුත් තොපව මම නොමරමි. කීමෙක් ද තොපටම ප්‍රයෝජනයක් නිසා මා විද්දාහුද අනික් කෙනෙකුන් විසින් මෙහෙයන ලද්දේ දැයි විචාළේය. එකෙනෙහි වැදි පුත්‍ර තෙම කියනුයේ ඇසුව මැනව. ඇත් රජ්ජුරුවන් වහන්ස කසී රජ්ජුරුවන්ගේ සුභද්‍රා නම් අග මෙහෙසුන් බිසවක් ඇත. ඕතොමෝ සිහිනෙන් තොප දැක සවනක් රැස් විදිදෙනා මේ දළ දෙකින් පළඳනාවක් කරනු කැමැත්තෙමියි දොළක් ඉපදී රජ්ජුරුවන් වහන්සේට දන්වා මං සළකුණු කියා මා පිටත් කර එවූහ. එබැවින් විද්දෙමියි කීය.

එබස් ඇසූ ඇත රජ තෙම ඒකාන්තයෙන් මේ චූලසුභද්රාවන්ගෙ මෙහෙවරක් නියාවේදැයි ඈට මාගේ දළින් ප්‍රයෝජන නැත. මා මැරවීමට යෙදූ උපායෙක මා කළ සුළු වැරැද්දක් සිත්හි තබා තමා බැඳි වෛරයම ඉටු කර ගැනීමට මෙරෞද්ර ක්‍රියාව කළාය. එබැවින් මා මිය යෑමට පෙර වහා දළ කපා ගනුවයි කීයේය. එබස් ඇසූ වැදි පුත්‍ර තෙම උන්තැනින් නැගී සිට කියන ගෙන ඇත් රජුන් සමීපයට ගියේ. එතෙම අසූරියනක් පමණ අස ඇත්තේය. එසේ හෙයින් දළ තිබූ තැනට අත දිගු කරන්ට නොහැක්කේය. එබැවින ඇත් රජු ශරීරය නමා ඉස මිටි කොට වැදහොත්තේය. වැදි පුත්‍ර තෙම රිදී දමක් සමාන සොඬ වනමින් කෛලාසකූටයක් බඳු කුම්භසථතලය පිට සිට කපොලයෙහි මාංශය දනින් ඇන ඇතුළට කොට ඇතුළු මුඛයට ඔබා ලේ වගුරුව වගුරවා කපන්නට වන්නේය. ඇත් රජුට බොහෝ වේදනා උපන්නේය. වැදි පුත්‍රයාට එය කපා ගත නොහැකිව ලතවන්නට වන්නේ ඇත් රජතෙම කීමෙක්ද සබඳ කපාගත නොහැකිදැයි? අසා සොඬින් කියත ගෙන කිලිල් කඩක් මෙන් දෙදළ කපා සොඬින් අල්වාගෙන සබඳ වැදි පුත්‍රය “මේ දළ තොපට දෙන්නෙම් මට අප්‍රිය නිසා නොවෙමි. ශක්‍ර සම්පත් - බ්‍රහ්ම සම්පත් පතාත් නොවෙමි, සර්වඥතාඥානය නමැති දන්තයෝ පතාමය. එබැවින් මේ දානය බුදුබවට කාරණා වේවා”යි දළ දෙක ඔහු අත තබා තොපට මෙහි ඒමට සත්වස් -සත්මස්-සත්දිනක් ගියමුත් මේ දෙදළෙහි ආනුභාවයෙන් සත් දවසකින් බරණැස් නුවරට යා හැකැයි සත්‍යක්‍රියා කොට දී පිටත් කෙළේය. ඔහු ගිය ඉක්බිති ඇත් රජ්ජුරුවෝ කාලක්‍රියා කළහ.

එසඳ පස සතුරා සොයා ඇවිදි ඇත් සමූහයා එහි අවුත් ඇත් රජු මිය වැදහොත් මහවිසල් මළුවට පැමිණ අඬා වැලපෙන ඇත් රජු උවටැන් කළ පසේ බුදුවරයන් පන්සියයක් වැඩමවා ඇත් රජුගේ ශරීරය ඔසවා පසේ බුදුවරයන් වඳවා දරසෑයට වැඩූහ. පසේ බුදුහුද තුන්යම් රාත්‍රී මුළුල්ලෙහි එහි වැඩ හිඳ පිරිත් දෙසූ සේක.

සොනුත්තර නම් වැදි පුත්‍රයාද අසිරිමත් දළ දෙකේ රන්වන් රැසින් හාත්පස බබුළුවමින් දින හතක් ඇතුළත බරණැස් නුවරට ලංව රජ බිසවට පණිවුඩ යවා පෙළහරින් මාළිගාවට ගොස් දළ දෙක බිසවුන්ට දී කියනුයේ බිසවුන් වහන්ස ඔබ වහන්සේගේ පූර්ව ජාතියෙහි ස්වාමී වූ ඇත් රජ්ජුරුවන් කළ මනා වරදක් සිත දරා වෛර බැඳ මරන්ට සිතූ පරිද්දෙන් මළ නියාව අත මැනව. මේ ඔහුගේ දළ වේදැයි කීයේය. බිසව රශ්මියෙන් බබලන ඒ දළ තම කළවා මත්තෙහි තබා ගෙන පෙර මාගේ ස්වාමියා සුළු වරදකින් මරා දැමීමට තරම් නපුරු වූ මා කෙළේ වරදෙකැයි ගුණ සිහිකරත්, සිහිකරත්, ශෝකාග්නියෙන් දිලිහුනේය. එයින් හෘදය වස්තුව තැවී එදවස් කාලක්‍රියා කළාය.

එබව දත් බුදුරජාණන් වහන්සේ පිරිස මැද වැඩහිඳ සිනහ පහළ කළසේක. මේ බාල මෙහෙණිය එක් ජන්මයෙක්හි මට පාද පරිචාරිකාව උපන්නී සෙනේහ සන්තෝෂයෙන් සිනාසී තම කළ තද කමක් දැක හඬාපුව. මේ කාරණය දැක සිනහ පහළ කෙළමියි කියා මේ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි සොනුත්තර වැදි පුත්‍රයා නම් දැන් දෙව්දත් තෙරුන්ය. දළ ගෙන්වූ සුභද්‍රා බිසව නම් මේ මෙහෙණින් ඇත්රජු වූයේ බුදුරජාණනන් වහනසේය.

[QUOTE="wp19, post: 12134089, member: 373060"] [b]500 ඡද්දන්ත ජාතකය[/b] [SIZE="2"]බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. ලදැරි මෙහෙණින්නක් අරභයා මේ ජාතකය වදාළසේක. සැවැත් නුවර එක් කුල දුවක් පැවිදිව සෙසු මෙහෙනින් නන් සමඟ බණ අසනු පණි ගොසින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණනේ යුත් බුදුන්ගේ ශරීරය දැ සසර ඇවිදින්නාවූ මාමේ උත්තමයාට කවර ආත්මයක හෝ භාය්‍ර්‍යාව වූයේ දෝහෝයි බලන්නී. එවිටම ජාතිස්මරණ ඥාණය පහළ වී ඡද්දන්ත හසතිරාජව උපන් කාලයෙහි බිරින්දවූ බව දැක ඉතා ප්රීිතියට පත්ව නැවත තම ස්වාමියාට තමා හිතවත්ව සළකා ඇද්දැයි සිහිපත් කරන්නී. යම්තම් දෝෂයක් සිත්හි තබා ඇත් රජ්ජුරුවන්ට සෝනුත්තර නම් වැද්දා ලවා විෂ පෙවූ හීයකින් විදුවා ජීවිත විනාශයට පත් කළා දැක ශෝකය දරා ගත නොහී මහා හඬින් හඬන්ට පටන් ගත්තාය. එවිට බුදුරජාණනන් වහන්සේ සිනහවක් පහළ කොට සිනාසීමට කරුණු කිම්දැයි භික්ෂූන් වහන්සේ විචාරණ සේක්. මහණෙනි මේ බාල මෙහෙණි තොම එක් ජන්මයෙක්හි මට කළ තදකමක් සිතා හඬන්නීයයි වදාරා ඉකුත් වත වදාළ සේක. යටගිය දවස හිමාල පර්වතය සමීපයෙහි ඡද්දන්ත කුලයෙහි උපන් සෘඬිමත් වූ ආකාශයෙන් ඇවිදින සැටදහසක් පමණ වූ මහත් ඇත් රැලෙක් විසූහ. එහි යුථපති නම් ඇත් රජුට රිදී පර්වතයක් මෙන් බබලන අට අසූරියන් පමණ උස ඇති එක්සිය විසි රියනක් පමණ දිග ඇති අට පණස් රියන් දිග ඇති සොඬින් යුත් පුතෙක් ඇත. දළ වනාහි පහළොස් රියන් වටය තිස් රියන් දිගය සවණක් රැස් විහිදෙන්නේය. අටදහසකට තෙමේද නායකය ඔවුන් පිරිවරා ගොස් පසේ බුදුන්ට උවටැන් කරන්නේය. මේ ඇත් රජුට චුල්ල සුභද්රාය මහ සුභද්රායයි ඇතින්නියෝ දෙදෙනෙක් අගමෙහෙසුන් වූහ. ඒ වනයෙහි පනස් පනස් රියන් වූ ඡද්දන්ත නම් විලෙක් ඇත. ජලය ඉඳුනිල් මිණි කැට සේ පැහැපත්ය. පස් පියුමෙන් ගැවසී ගත්තේය. ඒ විල වට කොට පර්වත සතක් ඇත. විලට ඊසාන කොනෙහි පස් යොදුන් පමණ වු කඳ ඇති නුග ගසෙක් පිහිටියේය. විලට බස්නාහිර දෙසින් වර්ෂා කාලයෙහි වාසය කිරීමට රන් ගල්ගුහා ඇත. ග්‍රීෂ්ම කාලයෙහි නුග රුක මුල කල් යවන්නාහ. වන සිරිවිඳිනා ඇත් රජුට සල් වනය මල් පිපී සිටින්නේය. දිනක් ඇත් රජ බිසවුන් පිරිවරා සල් වනයට කෙළිනු පිණිස ගොස් මල් පිපි සල් රුකක් දැක දලින් පහළේ නම් තැලෙයි සිතා කුම්භසථලයෙන් පහළේය. එවිට යටි සුළං හමන අත සිටි චූලසුභද්රානම් ඇතිනිය ඇඟ කොළ ඉපල් දිමි කැදලි ආදිය ද උඩු සුළං හමන අත සිටි මහා සුභද්‍රාවන් ඇඟ මල් රොන් සමඟ පෙති ද වැටුනේය. චූල සුභද්‍රාවන් නිකරුණේ මේ කරුණෙන් ඇත් රජු කෙරෙහි වෛර බැන්දාය. නැවත දවසක් ඇත් රජ්ජුරුවෝ නහනු පිණිස පිරිවර සමඟ ගොස් ඡද්දන්ත විලට බැස නගා ගොඩ නැගී කල්හි අටදහසක් පමණ මතැත්හු ඒ විලින් නොයෙක් වර්ණයෙන් යුත් මල් ගෙනවිත් රිදී දාගබක් සරහණ පරිද්දෙන් ඇත් රජ්ජුරුවන්ට සරහා ඉක්බිති ඇතින්නන් දෙන්නා සැරසූහ. එවිගස දියකෙළ ඇවිදිනා එක් ඇතෙක් සත්බුමු මහ පියුමක් ඇත් රජ්ජුරුවන්ට පිළිගැන්විය. ඇත් රජ්ජුරුවෝ එය දමා අසලින් සිටි මහා සුභද්රාවන්ට දුන්නේය. මෙය දුටු චූල සුභද්‍රාව මා බල බලා සිටියදී තමන්ගේ ප්‍රිය භාය්‍ර්‍යාවට ඒ පියුම දුන්නේ යයි ඇත් රජ්ජුරුවන් කෙරෙහි නැවතත් වෛර වූවාය. නැවත දිනක් මිහිරි පලාඵල හා නෙලුඹු දැලි පොකුරු මී හා එක්ව යොදා පන්සියයක් පසේ බුදුවරයන් වහන්සේලා වළඳවන ඇත් රජ්ජුරුවන්ව දුටු චූල සුභද්රාවොත් තමන් ලද මිහිරි පලාඵලාදිය පසේ බුදුවරයන් වහන්සේලාට දන්දී මම මෙම ආත්ම භාවයෙන් චුතව ගොස් මඬරාජ කුලයෙහි ඉපිද සුභද්‍රා රාජ කන්‍යාව වැඩිවිය පැමිණ බරණැස් රජහට අග මෙහෙසියව ඔහුට කියා එක් වැදි පුත්‍රයෙකු මෙහි වීමත් පෙදෙසට යවා මේ ඇත් රජහු විෂපෙවූ සැරයකින් විද ජීවිත විනාශයට පමුණුවා සවණක් රැස් විහිදුනා වූ දලසඟල ගෙන්වාගන්ට සමත් වෙම්ව” ය කියා ප්‍රාර්ථනා කළාය. එතැන් පටන් ගොදුරු නොකා ඊර්ෂ්‍යාවෙන් වියලී නොබෝ කලකින් කාලකියා කොට මධුරජ බිසව කුස පිළිසිඳ ගත්හ. දසසේ ඇවෑමෙන් උපන්නා වූ කුමාරියට සුභද්රායයි කියා නම් කොට වැඩිවිය පැමිණි පසු බරණැස් රජහට පාවා දුන්හ. ඕතොම රජහට ප්‍රියව මනවඩන්නී සොළොස් දහසක් පුරඟනන්ට ප්‍රධානව ජාති සමරණ ඥානය ලදින් වාසය කරන්නී. දිනක් සිතන්නී මාගේ පැතුම් සමුර්ධවිය. දැන් ඒ ඇත්රජු විඳ දළ සඟල ගෙන්වා ගනිමියි සිතා බොරු ලෙඩ පෙන්වා ශරීරයෙහි තෙල් ගල්වා ගෙන කිලිටි වස්ත්‍රයක් ඇඳ ගෙන ඔබලන් වේසයක් දන්වා යහන් මතුයෙහි වැද හොත්තීය. එකෙනෙහි එහි පැමිණි රජතෙම සුභද්‍රා නොදැක විචාරා ලෙඩයයි අසා ශ්‍රී යහන් ගබඩාවට වැද යහනෙහි හිඳ ඈ අමතා පිට පිරිමදිමින් අපාසුව කිමෙක් දැයි විචාළේය. ස්වාමීනී මහත් දොළෙක් උපන්නේය. එය ලබාගත නොහැක්කකි. එනමුත් එය නොලද්දේ වී නම් ජීවිතය නොතිබෙන්නේය. මා ප්‍රිය බිසවුනි මේ මිනිස් ලොව යම් සැපතෙක් ඇත්නම් එය මා සතුය. එය ඔබට ලබා දෙමි. ශෝක නොකරව. ප්‍රිය රජතුමනි මට උපන්නේ ලබාගත නොහැකි දොළකි. දැන් නොකියමි. ඔබේ විජිතයෙහි යම් පමණ වැද්දන් ඇද්ද ඔවුන් හැම රැස්කළ මැනව. එහිදී දොළ ඔබවහන්සේට කියමි. එසඳ රජතෙම ඇමතියන්ට විධාන කොට තුන් සියයක් පමණ යොදුන් කසී රට අණබෙර යවා වැදි පුත්‍රයෝ සැට දහසක් පමණ රැස් කොට බිසවට දැන්වීය. බිසව රජ්ජුරුවන් සමීපයට වැදි පුත්‍රයන් ගෙන්වා වැදි පුත්‍රයෙනි සවණක් රැස් විහිදුවනා ලද දළ සඟලක් ඇති ඇත් රජෙක් සීනෙන් දුටිමි. ඔහුගේ දළලදින් නම් ජීවත් වෙමි. නොලදින්නම් මාගේ ජීවිතය නොතිබෙන්නේ යයි කීවාය. එබස් ඇසූ වැදි පුත්‍රයෝ කියන්නාහු දේවීන් වහන්ස ඔබවහන්සේ එවැනි ඇත් රජෙක් දක්නා ලදද එවැනි ඇතෙක් අපේ මුතුන් මිත්තන් විසිනුත් දුටුවයි ඇසුවේ නැත. එබැවින් ඔබ වහන්සේ දුටු සැටී පහදා දුනමැනව සතරදිග, සතර අනුදිග, උඩ, යට යයි යන දස දිසාවෙන් කවරදෙසක ඇත්දැයි වදාළ මැනවයි කීහ. එවිට සුභද්‍රා තොමෝ රැස් වූ වැදි සමූහය දෙස බලා ඔවුන් අතුරෙන් පළල් වූ පතුල් ඇති මහත් වූ සොඬ හා දන මඬුලු ඇති කොරසැටිවූ මහත් ශරීරයක් ඇති දඹවන් දැලි රැවුල් ඇති පිඟුවන් ඇස් ඇති අවලක්ෂණ ස්වරූප ඇති පිළිකුල් වූ වෙස් ඇති සියළු වැද්දන්ට වඩා උස්ව පෙනෙන මහා බෝසතුන්ට ජන්මාන්තරයෙහි වෛරීවූ සොනුත්තර නම් වැදි පුත්‍රයා දැක මේ කටයුත්තට මොහු සුදුසු යයි රජ්ජුරුවන්ට දන්වා ඔහු කැඳවා ගෙන සත්මහල් ප්‍රාසාදයෙහි මත මාලයට නැගී උතුරු දිග සිව්මැදුරු කව්ළුව හැර හිමවතට අත දිගුකර ඒ ඇත් රජු වසන තැන් දක්වමින් වැදි පුත්‍රය මෙතැන් සිට උතුරු දිගට බොහෝ තැන් ගියකළ චුල්ල කාලය, මහාකාලය යනාදී පර්වත හමුවෙයි. ඒ ඉක්ම ගිය කල්හි ස්වර්ණ පර්වතයෙක් ඇත. ඒ පර්වත මුදුන ගායනා කොට කෙළනා කිඳුරාංගනාවන්ගෙන් හා රන් මොණරුන්ගෙන් සැරහුනේය. මෙලෙස දිව්‍ය ක්‍රීඩා භවනයක් සමානවූ සත් යොදුන් උස ඇත් පර්වත මුදුනට නැගී එහි ප්‍රාන්තය බලව. එවිට තොපට ඡද්දන්ත විලද ඒ වටා සිව් හෙල් මැලි ඇඹුල උපුල රත් පියුම් හෙල පියුම් වනයෙන් සැදූ මලස්නක් මෙන් පෙනෙයි. ඒ විලට ඊසාන කොනෙහි නිල් පාටින් දිලිසෙන අටදාසක් අරලූ ඇති නුග ගසෙක් පෙනෙයි. ඒ රුක් මුල්හි රිදී පර්වතයක් මෙන් සවනක් රැස් විහිදෙනා දළසඟලක් ඇති ප්රතිහස්තීන් විසින් මැඩලිය නොහැකි ඡද්දන්ත නම් හස්තිරාජ තෙම ග්‍රීෂ්ම සමයෙහි සිසිල් පවන් විඳිමින් සිටින්නේය. ඒ වට අටදහසක් පමණ ඇත්හු රැකවල් ගෙන සිටිනාහ. කිසියම් ශබ්දයක් ආ පමණින් මහත් කොට නාසා වාතයන් හරිමින් බිම අත් පැහැර ගුගුරමින් වනය එකනින් නාද කොට සොයන්නාහ. මිනිස් කෙනෙක් හමුවූ නම් සුණු විසුණු කොට ධූලි පමණකුත් නොතිබෙන්නාහයි කියා එබස් ඇසූ සොනුත්තර නම් වැදිතෙම මරණ භයින් තැතිගෙන දේවීන් වහන්ස රාජ කුලයෙහි මහත් වටිනා රන් මුතු මැණික් තිබියදී මේ දළකඩ කුමණ ප්‍රයෝජනයකට දැයි විචාළේය. එවිට බිසව කියන්නී වැදි පුත්‍රයාණෙනි මම මීට පළමුවන ජාතියෙහි මේ ඇත් රජුට අග මෙහෙසුන්ව මා බලා සිටියදීම අනික් අගමෙහෙසියට කළ සැළකුම් දැක ඊර්ෂ්ර්යාවෙන් මඩනා ලද සිතින් දුකට පත්වී මෙසේ ඉපද වියලෙමින් සිටිමි. මා සිතූ අභිප්‍රාය සාදා දුනහොත් තොපට ධනධාන්‍යයෙන් සමුර්ධවූ ගම්වර පසක් දෙමි. තවද වැදි පුත්‍රය මේ දළ ලබා ගන්ට හැකිවේවා’යි කියා පසේ බුදුවරයන් වහන්සේට දන් දී කළ ප්‍රාර්ථනාවක් ද ඇත. මෙය මා සීනෙන් දුටුවක් නොවේ. එවැනි දොළක් ද නැත්තේය. එතකුදු වුවත් පැතූ ප්‍රාර්ථනාව එසේම සීඬ වන්නේය. එබැවින් තොපට ගැහැටක් නොවේ. බියට පත් නොවවයි. අස් වැසුවාය. එවිට වැදීපුත් රජ බිසව අමතා එකී බස් මුදුනින් පිළිගෙන ඇත් රජු යන එන තැන් මඟ සළකුණු නැවතත් විමසා දැන විලෙන් නා නුගරුක් මුල සැතපෙන වේලාව අසා යහපත ඒ ඇතා මරා දළ ගෙනෙමියි ගිවිස්සේය. ඉක්බිති ඕහට දහසින් බැඳි පියල්ලක් තුටු පඬුරු කොට දී මෙයින් සත්වන දවස පිටත් වන්නටයයි නියම කොට එතැන් පටන් අවශ්‍ය මාර්ගෝපකරන සූදානම් කොට සම් පසුම්බියකට පුරවා වැදි පුත්‍රයාට දී යාමට සමුදුන්නාය. වැදිපුත්‍රයා රජ්ජුරුවන් වැඳ අවසර ගෙන පිරිවර සමඟ මහ වනය දක්වා රථයෙන් ගොස් ඉන් බැස හුදකලාව යන්නේ තිස් යොදුනක් පමණ ඉලුක් වනය වී ව ලුක් වනය තන වනය, බට වනය, කිහිරි වනය යනාදී කටු ලැහැබින් යුක්ත වූ වන සයක් ද, කටු වනය, මහ මිශ්‍ර වනය, බට වනය, සිත් බට වනය යනාදී මහත් කටුක වන ගහන යන්ද මඩ කලල්ද, ජල දුර්ගයන්ද පර්වත ගහණයන් දැයි අටලොස් ගහණයෙන් පසුකොට ඉතා දුකසේ මග කතර ගෙවා යොතත් උඩ රඳවා එහි එල්ලී කදුසිබර නගිමින් ඉතා දුකසේ බැස මෙසේ වනගහන සතළොසක් ද පර්වත වලළු සතද නැගී ස්වර්ණ පර්වතය මුදුනට නැගී බිසව කී ලකුණු අනුව නුගරුක් මුල අටදහසක් ඇතුන් පිරිවරා සිටි ඡද්දන්ත නම් ඇත් රජු දැක පර්වත වලල්ලෙන් ඇතුළට බටුයේය. සත් අවුරුදු සත්මස් සත් දවසකින් මෙසේ ඡද්දන්ත විල සමීපයට ගොස් ඇත් රජු වසන එක් පෙදෙසක් නියම දැන මෙතන උගුල් අටවමියි නියම කොට වනයට වැඳ අවශ්‍ය ලී දඬු සපයා ඇතුන් දිය කෙළියට ගිය කල්හි එතැන වලක් සාරා ඒ පස් දියෙහි පාකර හැර වල තුළ කණු සිටුවා පෝරු අතුරුවා මැදින් හීයක් යැවීමට සිදුරක් තබා පස් අතුරා පෝරු මත්තෙහි වසා තමාට යා හැකි මගක් ඉවතින් තබා අළුයම් ඉස ජටා බැඳ කසාකඩක් පෙරව විෂ පෙවූ ඊය හා දැඩි දුන්නත් ගෙන වලට බැස සිටියේය. ඇත්රජ තෙමේ දෙවෙනි දවස් පිරිවර සමඟ ගොස් දිය නා තමා සැතපී සිටිනා මහසල් මලුයෙහි වැදි පුත්‍රයා මෙහෙය වූ පෝරුව මත්තෙහි සිටියාහ. ඇත්රජහු ඇඟෙන් වෑහෙන දියබින්දු නැබ පෙදෙසින් එක්ව පෝරු මැද සිදුරෙන් වැඳි පුත්‍රයාගේ ඇඟෙහි වැටුනේය. වැදි ඒ සළකුනෙන් සිටි තැන දැන මහ සැරයකින් විද්දේය. ඒ ඊ පහර ඇත් රජ්ජුරුවන්ගේ පපු කැන් අකුනු බහන් සිඳ නාභියට පොරවකින් ගැසූ කලක් මෙන් අහසට නැංගේය. ලේ වගුරුනේය. වේදනාව ඉවසා ගත නොහී තුන්යලක් කුඤ්චනාද කෙළේය. එකෙනෙහි අටදහසක් පමණ මතැත්හු එකවිට ගුගුරා පැන නැංගාහ. අට දිසාවම සුණු විසුණු කරමින් පස මිතුරා අල්වම්හයි බලන්ට වූහ. ඇත් සමූහයා ඒ ඒ දිග විසුරුන බව දැන සුභද්‍රා නම් අග මෙහෙසිය ඇඟ මදක් ඇලවී සිට වේදනා ඉවසාගත නොහී ඊ පහර ආ තැන් විමසනුයේ ඉදිරියේ ආයේ නම් කුම්භස්ථලය බිඳගෙන පිටුපසින් නික්මෙයි. ඇලයකින් ද නොආයේය. මෙය පෙකණියම විදගෙන අහසට නැංගේය. එසේ හෙයින් මෙය පොළොවෙන් නැගිය යුතුය. එය පරීක්ෂා කරමියි සිතා ඊට පෙර තම සතුරා කෙරෙහි කරුණාවෙන් තම සුභද්‍රාව එතනින් පහ කරනු කැමතිව සොඳුර අට දහසක් පමණ ඇත්තු මාගේ පසමිතුරා අල්වම්හයි අටදික්හි දිවපුවාහ. තොපි මෙතන කුමක් කරව්දැයි කීයේය. ස්වාමීනී නුඹ වහන්සේ දරා ඉවසා සිටියෙමි. ඊට ක්‍ෂමාකළ මැනවයි ඇත් රජුන් තුන්යලක් පැදකුණු කොට ගියාය. ඇත්රජ තෙමේ එවිට පයින් භූමිය සාරා බැලීය. එකෙනෙහි පෝරු ඉගුළුනේය. එසඳ රිදී දමක් සේ ධවල වූ සොඬ දිගු කොට වලතුළ විමසා බලන්නේ වැදි පුත්‍රය වහා තමා හැඳි කාෂාය වස්ත්‍රය ගලවා සොඬෙහි තැබීය. ඇත්රජු එය ගෙන බලා සිතනුයේ අර්හන් ධව ජ ය කා විසිනුත් පූජා කටයුතුය. එබැවින් මොහු නොමැරිය යුතු යයි සිතා වලෙන් ගොඩ ගෙන තමා ඉදිරියෙහි තබා එම්බල වැඳි පුත්‍රය රාගාදී කසටීන් පිරුනු ඉඳුරන් නොදැමූ යමෙක් කාෂාය වස්ත්‍රය දරා නම් වඳුරෙක් පෙරෙවි සිංහ සමක් මෙන් ඊට යෝග්‍ය නොවන්නේය. උතුම් පුද්ගලයන්ට පමණක්ම මේ ධව ජය වටනේය. නමුත් තොපව මම නොමරමි. කීමෙක් ද තොපටම ප්‍රයෝජනයක් නිසා මා විද්දාහුද අනික් කෙනෙකුන් විසින් මෙහෙයන ලද්දේ දැයි විචාළේය. එකෙනෙහි වැදි පුත්‍ර තෙම කියනුයේ ඇසුව මැනව. ඇත් රජ්ජුරුවන් වහන්ස කසී රජ්ජුරුවන්ගේ සුභද්‍රා නම් අග මෙහෙසුන් බිසවක් ඇත. ඕතොමෝ සිහිනෙන් තොප දැක සවනක් රැස් විදිදෙනා මේ දළ දෙකින් පළඳනාවක් කරනු කැමැත්තෙමියි දොළක් ඉපදී රජ්ජුරුවන් වහන්සේට දන්වා මං සළකුණු කියා මා පිටත් කර එවූහ. එබැවින් විද්දෙමියි කීය. එබස් ඇසූ ඇත රජ තෙම ඒකාන්තයෙන් මේ චූලසුභද්රාවන්ගෙ මෙහෙවරක් නියාවේදැයි ඈට මාගේ දළින් ප්‍රයෝජන නැත. මා මැරවීමට යෙදූ උපායෙක මා කළ සුළු වැරැද්දක් සිත්හි තබා තමා බැඳි වෛරයම ඉටු කර ගැනීමට මෙරෞද්ර ක්‍රියාව කළාය. එබැවින් මා මිය යෑමට පෙර වහා දළ කපා ගනුවයි කීයේය. එබස් ඇසූ වැදි පුත්‍ර තෙම උන්තැනින් නැගී සිට කියන ගෙන ඇත් රජුන් සමීපයට ගියේ. එතෙම අසූරියනක් පමණ අස ඇත්තේය. එසේ හෙයින් දළ තිබූ තැනට අත දිගු කරන්ට නොහැක්කේය. එබැවින ඇත් රජු ශරීරය නමා ඉස මිටි කොට වැදහොත්තේය. වැදි පුත්‍ර තෙම රිදී දමක් සමාන සොඬ වනමින් කෛලාසකූටයක් බඳු කුම්භසථතලය පිට සිට කපොලයෙහි මාංශය දනින් ඇන ඇතුළට කොට ඇතුළු මුඛයට ඔබා ලේ වගුරුව වගුරවා කපන්නට වන්නේය. ඇත් රජුට බොහෝ වේදනා උපන්නේය. වැදි පුත්‍රයාට එය කපා ගත නොහැකිව ලතවන්නට වන්නේ ඇත් රජතෙම කීමෙක්ද සබඳ කපාගත නොහැකිදැයි? අසා සොඬින් කියත ගෙන කිලිල් කඩක් මෙන් දෙදළ කපා සොඬින් අල්වාගෙන සබඳ වැදි පුත්‍රය “මේ දළ තොපට දෙන්නෙම් මට අප්‍රිය නිසා නොවෙමි. ශක්‍ර සම්පත් - බ්‍රහ්ම සම්පත් පතාත් නොවෙමි, සර්වඥතාඥානය නමැති දන්තයෝ පතාමය. එබැවින් මේ දානය බුදුබවට කාරණා වේවා”යි දළ දෙක ඔහු අත තබා තොපට මෙහි ඒමට සත්වස් -සත්මස්-සත්දිනක් ගියමුත් මේ දෙදළෙහි ආනුභාවයෙන් සත් දවසකින් බරණැස් නුවරට යා හැකැයි සත්‍යක්‍රියා කොට දී පිටත් කෙළේය. ඔහු ගිය ඉක්බිති ඇත් රජ්ජුරුවෝ කාලක්‍රියා කළහ. එසඳ පස සතුරා සොයා ඇවිදි ඇත් සමූහයා එහි අවුත් ඇත් රජු මිය වැදහොත් මහවිසල් මළුවට පැමිණ අඬා වැලපෙන ඇත් රජු උවටැන් කළ පසේ බුදුවරයන් පන්සියයක් වැඩමවා ඇත් රජුගේ ශරීරය ඔසවා පසේ බුදුවරයන් වඳවා දරසෑයට වැඩූහ. පසේ බුදුහුද තුන්යම් රාත්‍රී මුළුල්ලෙහි එහි වැඩ හිඳ පිරිත් දෙසූ සේක. සොනුත්තර නම් වැදි පුත්‍රයාද අසිරිමත් දළ දෙකේ රන්වන් රැසින් හාත්පස බබුළුවමින් දින හතක් ඇතුළත බරණැස් නුවරට ලංව රජ බිසවට පණිවුඩ යවා පෙළහරින් මාළිගාවට ගොස් දළ දෙක බිසවුන්ට දී කියනුයේ බිසවුන් වහන්ස ඔබ වහන්සේගේ පූර්ව ජාතියෙහි ස්වාමී වූ ඇත් රජ්ජුරුවන් කළ මනා වරදක් සිත දරා වෛර බැඳ මරන්ට සිතූ පරිද්දෙන් මළ නියාව අත මැනව. මේ ඔහුගේ දළ වේදැයි කීයේය. බිසව රශ්මියෙන් බබලන ඒ දළ තම කළවා මත්තෙහි තබා ගෙන පෙර මාගේ ස්වාමියා සුළු වරදකින් මරා දැමීමට තරම් නපුරු වූ මා කෙළේ වරදෙකැයි ගුණ සිහිකරත්, සිහිකරත්, ශෝකාග්නියෙන් දිලිහුනේය. එයින් හෘදය වස්තුව තැවී එදවස් කාලක්‍රියා කළාය. එබව දත් බුදුරජාණන් වහන්සේ පිරිස මැද වැඩහිඳ සිනහ පහළ කළසේක. මේ බාල මෙහෙණිය එක් ජන්මයෙක්හි මට පාද පරිචාරිකාව උපන්නී සෙනේහ සන්තෝෂයෙන් සිනාසී තම කළ තද කමක් දැක හඬාපුව. මේ කාරණය දැක සිනහ පහළ කෙළමියි කියා මේ ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි සොනුත්තර වැදි පුත්‍රයා නම් දැන් දෙව්දත් තෙරුන්ය. දළ ගෙන්වූ සුභද්‍රා බිසව නම් මේ මෙහෙණින් ඇත්රජු වූයේ බුදුරජාණනන් වහනසේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom