Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
83 කළු ජූලිය: එදා සිදුවූයේ කුමක් ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘අසූ තුනේ කළු ජූලිය’. මේ වචන කීපය ඔබ ඕනෑ තරම් අසා ඇති. ඔබේ දෙමාපියන් විසින් මේ පිළිබඳව සිහි කරනවා අසා ඇති. ඔබ වයස අවුරුදු 30-40ක් පමණ වන අයෙකු නම්, ඇතැම්විට ඔබට මෙය මතක තිබෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත්, ලංකා ඉතිහාසයේ සිදුවුණු ඉතාමත්ම අවාසනාවන්ත හා කණගාටුදායක සිදුවීමක් වන, නිරායුධ දෙමළ වැසියන් දළ වශයෙන් 387 – 3000 අතර පිරිසකට මරු කැඳවූ, 1983හි සිදුවූ වර්ගවාදී කැරැල්ල, එසේත් නැතිනම් ‘කළු ජූලිය’ පිලිබඳ විස්තර ටිකක් ඔබ වෙත ගෙන ඒමටයි අපේ සුදානම.

[ATTACH=full]180149[/ATTACH]

‘කළු ජූලිය’

පොදුවේ ‘කළු ජූලිය’ යනුවෙන් හැඳින්වෙන්නේ 1983 ජූලි 24 වෙනිදා කොළඹින් ආරම්භ වුණු දෙමළ විරෝධී කැරැල්ල. මෙයට මුලික හේතුව වන්නේ දෙමළ ඊලාම් විමුක්තිකාමී සංවිධානය (LTTE සංවිධානය) විසින් සැඟවී කරන ලද පහර දීමකින් හමුදා සෙබළුන් 13 දෙනෙකු මිය යෑමයි. මෙම සිදුවීමෙන් කුපිත වූ සිංහල කලහකාරී පිරිස් විසින් සතියක පමණ කාලයක් තුළ දී 387ත් 3000ත් අතර දෙමළ වැසියන් පිරිසක් ඝාතනය කරන ලද අතර, දෙමළ වැසියනට අයත් 23,000ට අධික ප්‍රමාණයක් නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කොට විනාශ කිරීමට යෙදුනා. මෙම සිදුවීම් නිසා තවත් 150,000ක් පමණ දෙමළ වැසියන් අවතැන් වූ අතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් කැනඩාව හා ඕස්ට්‍රේලියාව ආදී රටවල සරණාගතයින් ලෙස සංක්‍රමණය වීමද සිදුවුණා.

ගිනි තබා විනාශ කරන ලද, දෙමළ ජනයාට අයත් නිවෙස්

කළු ජූලියට මුල් වූ ආසන්නතම සිදුවීම

1983 ජූලි 23වනදා රාත්‍රියේ යාපනයේ ගුරුනගර් හමුදා කඳවුරෙන් පිටත්ව පලාලි මාර්ගය හරහා මාර්ග පරීක්ෂාවේ යෙදීමට, හමුදා නිලධාරීන් සහ සෙබළුන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් හමුදා ට්‍රක් රථයක් සහ ජීප් රියක් පිටත් වුණා. යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයේ දී ජීප් රිය ඉලක්ක කර අටවා තිබූ බිම්බෝම්බයකට හසුව ජීප් රියට බරපතල අලාභ හානී සිදුවූ අතර, මාර්ගය දෙපස සැඟව සිටි LTTE භටයින් විසින් මෙම රථ දෙකටම නොනවත්වා පෙට්‍රල් බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ලකිරීමට යෙදුනා. වෙඩි ප්‍රහාර මැද ට්‍රක් රථයෙන් ඉවතට පැමිණි භටයන්ට කොටි සාමාජිකයින් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නට වුනා.

දිගින් දිගටම එල්ල වූ කොටි ප්‍රහාර වලට තනිව මුහුණ දීමට නොහැකි නිසා සැඟවුණු සෙබළුන් දෙදෙනෙකු හැරුණුකොට, ඉතිරි සියළු සෙබළුන් මරණයට පත්වූ බවට සැකහැර දැනගැනීමට ඔවුනට නැවතත් වෙඩි තැබූ කොටි සාමාජිකයින් විසින්, මියගිය හමුදා සෙබළුන්ගේ ආයුධ ද රැගෙන පලා ගියා. තුවාල ලබා සිටි එක් හමුදා සාමාජිකයෙකු විසින් කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටා තිබූ ලං.ග.ම. ඩිපෝවට පැමිණ හමුදා කඳවුරට පණිවිඩයක් ලබා දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි හමුදා භට කණ්ඩායමක් විසින් තුවාල ලබා සිටි සෙබළුන් දෙදෙනා යාපනය රෝහල වෙත ගෙනගියා.

කොටි සංවිධානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය 1983 ජූලි මස 15 වන දින යුද හමුදාව විසින් චාවකච්චේරි ප්‍රදේශයේ දී එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත්වූ ලූකස් චාල්ස් ඇන්තනී නම් කොටි සංවිධානයේ ප්‍රබල නායකයෙකු වෙනුවෙන් පළිගැනීමට එල්ල කළ ප්‍රහාරයක් බව කියැවෙනවා. මෙම ප්‍රහාරයේ සැලසුම්කරු වූ සෙල්ලක්කිලි නම් කොටි නායකයා ද ප්‍රහාරය අතරතුර දී මරණයට පත්ව තිබුණා.

ඇවිලුණු ගින්නට පිදුරු දැමීම

එවකට පැවති රජය විසින් මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දුන්නේ නැහැ. දේහයන් ඥාතීන් වෙත ලබා දීමෙන් පසු දිවයිනේ විවිධ ස්ථාන වල කලබලකාරී තත්ත්වයන් උද්ගත වේ යැයි උපකල්පනය කළ රජය විසින් හමුදා ගෞරව සහිතව එම සිරුරු බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමට තීරණය කළේ, මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඔවුන්ගේ ගම්වල මිහිදන් කිරීමේ සම්ප්‍රදායට ද එරෙහිව යමිනුයි. එම නිසා, රජය විසින් ජූලි 24 වන දා මියගිය සෙබළුන්ගේ දේහයන් ගුවන් මගින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවා.

බොරැල්ල සුසාන භූමියේ දී කලහකාරීන් පලවා හැරේ.

අවමංගල්‍ය උත්සවය ජූලි 25 වන දා සවස 5ට පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබූ හෙයින් බොරැල්ල සුසාන භූමිය අවට තුන්දහසකට අධික පිරිසක් රැස්ව සිටියා. නමුත් සවස 7 පමණ වන තුරුත් සෙබළුන්ගේ දේහයන් සුසාන් භූමියට රැගෙන නොඒම හේතුවෙන් කෝපයට පත් ජනතාව, දේහයන් ඥාතීන් වෙත භාරදෙන මෙන් ඉල්ලා කලබලකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා. ඒ වන විට සුසාන භූමිය අවට රැස්වී සිටි පිරිස අටදහසකට අධික වූ හෙයින් කැරලි මර්ධන ඒකකය විසින් කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පිරිස පාලනයකිරීමට කටයුතු යෙදුනා. මෙම හේතූන් නිසා එවකට බලයේ සිටි ජනපතිවරයා විසින් හමුදා ගෞරවාචාර සහිත අවමඟුල අවලංගු කර, සෙබළුන්ගේ දේහයන් ඥාතීන්ට ලබාදීමට තීරණය කළා. මෙම තීරණයත් සමඟම රත්මලාන ගුවන්තොටුපළේ සිට බොරැල්ලට රැගෙන එමින් තිබූ සිරුරු ඒ වෙනුවට හමුදා මූලස්ථානය වෙත ප්‍රවාහනය කෙරුණා.

නමුත් බොරැල්ල සුසාන භූමිය අවට තවමත් රැස්ව සිටි ජනතාවට මෙම තීරණය දැනුම් දුන්නේ රාත්‍රී දහයට පමණයි. මෙම තීරණය දැනුම් දීමත් සමඟම තවමත් කලහකාරීව සිටි පිරිස් විසිර යෑම ආරම්භ වුණා.

එම පිරිසෙන් බොරැල්ල ඩී. එස්. සේනානායක මාවත දෙසට ගමන් කළ එක් කණ්ඩායමක් බොරැල්ල මංසංධිය ආසන්නයේ පිහිටි නාගලිංගම් වෙළඳසැලට බරපතල අලාභ හානි සිදුකළා. මෙම පිරිසට තව තවත් කළහකාරීන් එකවීමත් සමඟම බොරැල්ල අවට පිහිටි, දමිළයින්ට කිසියම්ම හෝ සම්බන්ධයක් තිබූ සියළුම ගොඩනැගිලි, නිවෙස්, හා වෙළඳසැල් කොල්ලකා, ගිනිබත් කොට විනාශයට පත්කෙරුනා.

විනාශයට පත් කොළඹ නගරය.

මැරයින්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණාවත්ද?

බොරැල්ලෙන් ආරම්භ වූ මෙම විනාශකාරී ජාතිවාදී රැල්ල දෙමටගොඩ, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, තිඹිරිගස්යාය, හැටේවත්ත, කොටහේන, නාරහේන්පිට, කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, මෝදර, හා කොපඤ්ඤවීදිය ආදී ප්‍රදේශවලට පැතිර ගියා. මරා දමන ලද දෙමළ වැසියන්ගේ සිරුරු මාර්ග අයිනේ තැන තැන වැටී තිබුණා. මෙම ප්‍රදේශවල දෙමළ ජාතිකයින්ගේ නිවාස හා වෙළඳසැල් කොල්ල කා, ඒවායේ බඩු බාහිරාදිය ලොරිවල පටවා රැගෙන යන තෙක් පොලීසිය සහ ආරක්ෂක අංශයන් ඉතා උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඉතා පැහැදිළිව නිරීක්ෂණය කළ හැකි වූ කරුණක්.

එමෙන්ම, කළහකාරී මොත්තම් විසින් දෙමළ නිවෙස් සොයා ගිනිබත් කිරීම සඳහා ඡන්ද නාමලේඛන භාවිතා කෙරුනා. පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකරන්නන් ව අත්අඩංගුවට ගැනීමට උනන්දුවක් යොමු කර තිබුණේ නැහැ. කළහකාරී මොත්තම් විසින් දෙමළ ජනයා ප්‍රවාහනය කළ රථවාහන ආදිය නවත්වා, ප්‍රසිද්ධියේ ඔවුන්ව කපා කොටා, ආයුධ වලින් පහර දී, හෝ පණපිටින් ගිනි තබා ඝාතනය කළා. කුඩා බස් රථ, කාර්, සහ, වෑන් ආදිය මිනිසුන් ඒ තුළ සිටියදීම පෙට්‍රල් වත්කොට ගිනි තබණු ලැබුවා.

සිංහල තරුණයින් පිරිසක් විසින් දෙමළ තරුණයෙකු බොරැල්ල බස් නැවතුම්පොළ අසලදී නිරුවත් කර ඇති අයුරු.

මේ අතරතුර දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ රැඳවියන් 51 දෙනකු, එහි රඳවා සිටි සිංහල සිරකරුවන් පිරිසක් විසින් කපා කොටා, පහරදී ඝාතනය කෙරුණා. ජූලි 25 දා ස්වස්වරුවේ මෙම දෙමළ සිරකරුවන් රඳවා සිටි ශාලාවට කඩාවැදුණු සිංහල සිරකරුවන් විසින් එහි රඳවා සිටි කොටි නායකයෙකු වූ සෙල්වරාජා සෝමචන්ද්‍රන් ඇතුළු 51දෙනෙකු ඇස් උගුල්ලා, වධයට කැප කොට ඝාතනය කෙරුනා. මෙම පිරිස සම්බන්ධව රජය විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ නැහැ. මෙවැනි හේතූන් නිසා, මෙම ජාතිවාදී මොත්තම් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ යැයි බොහෝ පිරිස් මත පලකිරීම සිදුකළා.

’83 කළු ජූලියේ අයහපත් ප්‍රතිඵල

එවකට පැවති රජය විසින් ජාතිවාදී අපරාධකරුවන්ට එරෙහිව පියවර නොගත්තත්, ’83 ජූලි 30 වන දා නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය, හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙම කෝලාහල ඇවිලවූ බවට ප්‍රකාශ කරමින් තහනම් කරනු ලැබුවා. එම පක්ෂයන්හි නායකයින් රජය මගින් අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවනු ලැබුවා. ඇතැම් නායකයින් සැඟව සිටි අතර, මාස දෙකක පමණ කාලයකට පසු ඇතැම් නායකයින් නිදහස් කරනු ලැබුවා.

මෙම සිදුවීම් මාලාව ’88 – ’89 සමයේ දකුණේ ඇති වූ තරුණ කැරැල්ලට මග පෑදූ බව බොහොමයක් දෙනා විසින් එල්ල කරන චෝදනාවක්. එමෙන්ම මෙම සිදුවීම් නිසා ඉන්දියාව විසින් ලාංකික දෙමළ ත්‍රස්තවාදී සංවිධානවලට එරටදී යුධ පුහුණුව ලබා දීම සිදුකිරීම ඇරඹූ අතර, ඉන්දියාව, නෝර්වේ, හා ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් වලට ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට මනා හේතුවක් ද වුණා.

එපමණක් ද නොව LTTE සංවිධානයට ජාත්‍යන්තර සහයෝගය ලැබීමත්, දෙමළ ඩයස්පෝරාව ශක්තිමත් වීමත් ’83 කළු ජූලියේ අයහපත් ප්‍රතිපල බවට නිරීක්ෂණය කළ හැකියි.

කවුරු කෙසේ කුමන ආකාරයේ අදහස්, මතිමතාන්තර පල කළත් 1983හි කළු ජූලිය ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව ප්‍රකාශ කළහොත්, එය අතිශයෝක්තියක් නොවනු ඇති. 2022 වසරේ ජූලි මසට යෙදෙන්නේ කළු ජූලියෙන් පසු 39 වන වසරයි.

[QUOTE="Nuwan Gimhana, post: 28019704, member: 578036"] [B]‘අසූ තුනේ කළු ජූලිය’. මේ වචන කීපය ඔබ ඕනෑ තරම් අසා ඇති. ඔබේ දෙමාපියන් විසින් මේ පිළිබඳව සිහි කරනවා අසා ඇති. ඔබ වයස අවුරුදු 30-40ක් පමණ වන අයෙකු නම්, ඇතැම්විට ඔබට මෙය මතක තිබෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත්, ලංකා ඉතිහාසයේ සිදුවුණු ඉතාමත්ම අවාසනාවන්ත හා කණගාටුදායක සිදුවීමක් වන, නිරායුධ දෙමළ වැසියන් දළ වශයෙන් 387 – 3000 අතර පිරිසකට මරු කැඳවූ, 1983හි සිදුවූ වර්ගවාදී කැරැල්ල, එසේත් නැතිනම් ‘කළු ජූලිය’ පිලිබඳ විස්තර ටිකක් ඔබ වෙත ගෙන ඒමටයි අපේ සුදානම. [ATTACH type="full" alt="14a-borella-rioters-1983-burning-e1469110569248.jpg"]180149[/ATTACH][/B] [IMG alt="(srilankaguardian.org)"]http://assets.roar.media/Sinhala/2016/07/communal_riots2.jpg?w=840[/IMG] [HEADING=1]‘කළු ජූලිය’[/HEADING] [B]පොදුවේ ‘කළු ජූලිය’ යනුවෙන් හැඳින්වෙන්නේ 1983 ජූලි 24 වෙනිදා කොළඹින් ආරම්භ වුණු දෙමළ විරෝධී කැරැල්ල. මෙයට මුලික හේතුව වන්නේ දෙමළ ඊලාම් විමුක්තිකාමී සංවිධානය (LTTE සංවිධානය) විසින් සැඟවී කරන ලද පහර දීමකින් හමුදා සෙබළුන් 13 දෙනෙකු මිය යෑමයි. මෙම සිදුවීමෙන් කුපිත වූ සිංහල කලහකාරී පිරිස් විසින් සතියක පමණ කාලයක් තුළ දී 387ත් 3000ත් අතර දෙමළ වැසියන් පිරිසක් ඝාතනය කරන ලද අතර, දෙමළ වැසියනට අයත් 23,000ට අධික ප්‍රමාණයක් නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කොට විනාශ කිරීමට යෙදුනා. මෙම සිදුවීම් නිසා තවත් 150,000ක් පමණ දෙමළ වැසියන් අවතැන් වූ අතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් කැනඩාව හා ඕස්ට්‍රේලියාව ආදී රටවල සරණාගතයින් ලෙස සංක්‍රමණය වීමද සිදුවුණා.[/B] [IMG alt="ගිනි තබා විනාශ කරන ලද, දෙමළ ජනයාට අයත් නිවෙස් (tyo-germany.com)"]http://assets.roar.media/Sinhala/2016/07/21-800x350-e1469110155453.jpg?w=840[/IMG] [COLOR=rgb(65, 168, 95)] [B] ගිනි තබා විනාශ කරන ලද, දෙමළ ජනයාට අයත් නිවෙස් [/B][/COLOR] [HEADING=1]කළු ජූලියට මුල් වූ ආසන්නතම සිදුවීම[/HEADING] [B]1983 ජූලි 23වනදා රාත්‍රියේ යාපනයේ ගුරුනගර් හමුදා කඳවුරෙන් පිටත්ව පලාලි මාර්ගය හරහා මාර්ග පරීක්ෂාවේ යෙදීමට, හමුදා නිලධාරීන් සහ සෙබළුන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් හමුදා ට්‍රක් රථයක් සහ ජීප් රියක් පිටත් වුණා. යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයේ දී ජීප් රිය ඉලක්ක කර අටවා තිබූ බිම්බෝම්බයකට හසුව ජීප් රියට බරපතල අලාභ හානී සිදුවූ අතර, මාර්ගය දෙපස සැඟව සිටි LTTE භටයින් විසින් මෙම රථ දෙකටම නොනවත්වා පෙට්‍රල් බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ලකිරීමට යෙදුනා. වෙඩි ප්‍රහාර මැද ට්‍රක් රථයෙන් ඉවතට පැමිණි භටයන්ට කොටි සාමාජිකයින් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නට වුනා. දිගින් දිගටම එල්ල වූ කොටි ප්‍රහාර වලට තනිව මුහුණ දීමට නොහැකි නිසා සැඟවුණු සෙබළුන් දෙදෙනෙකු හැරුණුකොට, ඉතිරි සියළු සෙබළුන් මරණයට පත්වූ බවට සැකහැර දැනගැනීමට ඔවුනට නැවතත් වෙඩි තැබූ කොටි සාමාජිකයින් විසින්, මියගිය හමුදා සෙබළුන්ගේ ආයුධ ද රැගෙන පලා ගියා. තුවාල ලබා සිටි එක් හමුදා සාමාජිකයෙකු විසින් කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටා තිබූ ලං.ග.ම. ඩිපෝවට පැමිණ හමුදා කඳවුරට පණිවිඩයක් ලබා දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි හමුදා භට කණ්ඩායමක් විසින් තුවාල ලබා සිටි සෙබළුන් දෙදෙනා යාපනය රෝහල වෙත ගෙනගියා. කොටි සංවිධානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය 1983 ජූලි මස 15 වන දින යුද හමුදාව විසින් චාවකච්චේරි ප්‍රදේශයේ දී එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත්වූ ලූකස් චාල්ස් ඇන්තනී නම් කොටි සංවිධානයේ ප්‍රබල නායකයෙකු වෙනුවෙන් පළිගැනීමට එල්ල කළ ප්‍රහාරයක් බව කියැවෙනවා. මෙම ප්‍රහාරයේ සැලසුම්කරු වූ සෙල්ලක්කිලි නම් කොටි නායකයා ද ප්‍රහාරය අතරතුර දී මරණයට පත්ව තිබුණා.[/B] [HEADING=1]ඇවිලුණු ගින්නට පිදුරු දැමීම[/HEADING] [B]එවකට පැවති රජය විසින් මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දුන්නේ නැහැ. දේහයන් ඥාතීන් වෙත ලබා දීමෙන් පසු දිවයිනේ විවිධ ස්ථාන වල කලබලකාරී තත්ත්වයන් උද්ගත වේ යැයි උපකල්පනය කළ රජය විසින් හමුදා ගෞරව සහිතව එම සිරුරු බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමට තීරණය කළේ, මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් ඔවුන්ගේ ගම්වල මිහිදන් කිරීමේ සම්ප්‍රදායට ද එරෙහිව යමිනුයි. එම නිසා, රජය විසින් ජූලි 24 වන දා මියගිය සෙබළුන්ගේ දේහයන් ගුවන් මගින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවා.[/B] [IMG alt="බොරැල්ල සුසාන භූමියේ දී කලහකාරීන් පලවා හැරේ. (lankanewsweb.today)"]http://assets.roar.media/Sinhala/2016/07/Black_july-5-e1469110242929.jpg?w=840[/IMG] [COLOR=rgb(97, 189, 109)] [B]බොරැල්ල සුසාන භූමියේ දී කලහකාරීන් පලවා හැරේ. [/B][/COLOR] [B]අවමංගල්‍ය උත්සවය ජූලි 25 වන දා සවස 5ට පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබූ හෙයින් බොරැල්ල සුසාන භූමිය අවට තුන්දහසකට අධික පිරිසක් රැස්ව සිටියා. නමුත් සවස 7 පමණ වන තුරුත් සෙබළුන්ගේ දේහයන් සුසාන් භූමියට රැගෙන නොඒම හේතුවෙන් කෝපයට පත් ජනතාව, දේහයන් ඥාතීන් වෙත භාරදෙන මෙන් ඉල්ලා කලබලකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා. ඒ වන විට සුසාන භූමිය අවට රැස්වී සිටි පිරිස අටදහසකට අධික වූ හෙයින් කැරලි මර්ධන ඒකකය විසින් කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පිරිස පාලනයකිරීමට කටයුතු යෙදුනා. මෙම හේතූන් නිසා එවකට බලයේ සිටි ජනපතිවරයා විසින් හමුදා ගෞරවාචාර සහිත අවමඟුල අවලංගු කර, සෙබළුන්ගේ දේහයන් ඥාතීන්ට ලබාදීමට තීරණය කළා. මෙම තීරණයත් සමඟම රත්මලාන ගුවන්තොටුපළේ සිට බොරැල්ලට රැගෙන එමින් තිබූ සිරුරු ඒ වෙනුවට හමුදා මූලස්ථානය වෙත ප්‍රවාහනය කෙරුණා. නමුත් බොරැල්ල සුසාන භූමිය අවට තවමත් රැස්ව සිටි ජනතාවට මෙම තීරණය දැනුම් දුන්නේ රාත්‍රී දහයට පමණයි. මෙම තීරණය දැනුම් දීමත් සමඟම තවමත් කලහකාරීව සිටි පිරිස් විසිර යෑම ආරම්භ වුණා. එම පිරිසෙන් බොරැල්ල ඩී. එස්. සේනානායක මාවත දෙසට ගමන් කළ එක් කණ්ඩායමක් බොරැල්ල මංසංධිය ආසන්නයේ පිහිටි නාගලිංගම් වෙළඳසැලට බරපතල අලාභ හානි සිදුකළා. මෙම පිරිසට තව තවත් කළහකාරීන් එකවීමත් සමඟම බොරැල්ල අවට පිහිටි, දමිළයින්ට කිසියම්ම හෝ සම්බන්ධයක් තිබූ සියළුම ගොඩනැගිලි, නිවෙස්, හා වෙළඳසැල් කොල්ලකා, ගිනිබත් කොට විනාශයට පත්කෙරුනා.[/B] [IMG alt="විනාශයට පත් කොළඹ නගරය. (srilankaguardian.org)"]http://assets.roar.media/Sinhala/2016/07/BLACK-JULY-e1469110321966.jpg?w=840[/IMG] [COLOR=rgb(97, 189, 109)] [B] විනාශයට පත් කොළඹ නගරය.[/B][/COLOR] [HEADING=1]මැරයින්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණාවත්ද?[/HEADING] [B]බොරැල්ලෙන් ආරම්භ වූ මෙම විනාශකාරී ජාතිවාදී රැල්ල දෙමටගොඩ, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, තිඹිරිගස්යාය, හැටේවත්ත, කොටහේන, නාරහේන්පිට, කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, මෝදර, හා කොපඤ්ඤවීදිය ආදී ප්‍රදේශවලට පැතිර ගියා. මරා දමන ලද දෙමළ වැසියන්ගේ සිරුරු මාර්ග අයිනේ තැන තැන වැටී තිබුණා. මෙම ප්‍රදේශවල දෙමළ ජාතිකයින්ගේ නිවාස හා වෙළඳසැල් කොල්ල කා, ඒවායේ බඩු බාහිරාදිය ලොරිවල පටවා රැගෙන යන තෙක් පොලීසිය සහ ආරක්ෂක අංශයන් ඉතා උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඉතා පැහැදිළිව නිරීක්ෂණය කළ හැකි වූ කරුණක්. එමෙන්ම, කළහකාරී මොත්තම් විසින් දෙමළ නිවෙස් සොයා ගිනිබත් කිරීම සඳහා ඡන්ද නාමලේඛන භාවිතා කෙරුනා. පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකරන්නන් ව අත්අඩංගුවට ගැනීමට උනන්දුවක් යොමු කර තිබුණේ නැහැ. කළහකාරී මොත්තම් විසින් දෙමළ ජනයා ප්‍රවාහනය කළ රථවාහන ආදිය නවත්වා, ප්‍රසිද්ධියේ ඔවුන්ව කපා කොටා, ආයුධ වලින් පහර දී, හෝ පණපිටින් ගිනි තබා ඝාතනය කළා. කුඩා බස් රථ, කාර්, සහ, වෑන් ආදිය මිනිසුන් ඒ තුළ සිටියදීම පෙට්‍රල් වත්කොට ගිනි තබණු ලැබුවා.[/B] [IMG alt="සිංහල තරුණයින් පිරිසක් විසින් දෙමළ තරුණයෙකු බොරැල්ල බස් නැවතුම්පොළ අසලදී නිරුවත් කර ඇති අයුරු. (චන්ද්‍රගුප්ත අමරසිංහ)"]http://assets.roar.media/Sinhala/2016/07/1983Photo.jpg?w=840[/IMG] [COLOR=rgb(97, 189, 109)][B]සිංහල තරුණයින් පිරිසක් විසින් දෙමළ තරුණයෙකු බොරැල්ල බස් නැවතුම්පොළ අසලදී නිරුවත් කර ඇති අයුරු.[/B][/COLOR] [B]මේ අතරතුර දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ රැඳවියන් 51 දෙනකු, එහි රඳවා සිටි සිංහල සිරකරුවන් පිරිසක් විසින් කපා කොටා, පහරදී ඝාතනය කෙරුණා. ජූලි 25 දා ස්වස්වරුවේ මෙම දෙමළ සිරකරුවන් රඳවා සිටි ශාලාවට කඩාවැදුණු සිංහල සිරකරුවන් විසින් එහි රඳවා සිටි කොටි නායකයෙකු වූ සෙල්වරාජා සෝමචන්ද්‍රන් ඇතුළු 51දෙනෙකු ඇස් උගුල්ලා, වධයට කැප කොට ඝාතනය කෙරුනා. මෙම පිරිස සම්බන්ධව රජය විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ නැහැ. මෙවැනි හේතූන් නිසා, මෙම ජාතිවාදී මොත්තම් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ යැයි බොහෝ පිරිස් මත පලකිරීම සිදුකළා.[/B] [HEADING=1]’83 කළු ජූලියේ අයහපත් ප්‍රතිඵල[/HEADING] [B]එවකට පැවති රජය විසින් ජාතිවාදී අපරාධකරුවන්ට එරෙහිව පියවර නොගත්තත්, ’83 ජූලි 30 වන දා නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය, හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙම කෝලාහල ඇවිලවූ බවට ප්‍රකාශ කරමින් තහනම් කරනු ලැබුවා. එම පක්ෂයන්හි නායකයින් රජය මගින් අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවනු ලැබුවා. ඇතැම් නායකයින් සැඟව සිටි අතර, මාස දෙකක පමණ කාලයකට පසු ඇතැම් නායකයින් නිදහස් කරනු ලැබුවා. මෙම සිදුවීම් මාලාව ’88 – ’89 සමයේ දකුණේ ඇති වූ තරුණ කැරැල්ලට මග පෑදූ බව බොහොමයක් දෙනා විසින් එල්ල කරන චෝදනාවක්. එමෙන්ම මෙම සිදුවීම් නිසා ඉන්දියාව විසින් ලාංකික දෙමළ ත්‍රස්තවාදී සංවිධානවලට එරටදී යුධ පුහුණුව ලබා දීම සිදුකිරීම ඇරඹූ අතර, ඉන්දියාව, නෝර්වේ, හා ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් වලට ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට මනා හේතුවක් ද වුණා. එපමණක් ද නොව LTTE සංවිධානයට ජාත්‍යන්තර සහයෝගය ලැබීමත්, දෙමළ ඩයස්පෝරාව ශක්තිමත් වීමත් ’83 කළු ජූලියේ අයහපත් ප්‍රතිපල බවට නිරීක්ෂණය කළ හැකියි. කවුරු කෙසේ කුමන ආකාරයේ අදහස්, මතිමතාන්තර පල කළත් 1983හි කළු ජූලිය ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව ප්‍රකාශ කළහොත්, එය අතිශයෝක්තියක් නොවනු ඇති. 2022 වසරේ ජූලි මසට යෙදෙන්නේ කළු ජූලියෙන් පසු 39 වන වසරයි.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom