Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
_____ශ්‍රී_ලංකාවේ_කැළෑ_බළල්ලු_____
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

_____ශ්‍රී_ලංකාවේ_කැළෑ_බළල්ලු_____

ලෝකයේ බිළාල කුලයේ සාමාජිකයන් 40 දෙනෙකි. මෙයින් 33 දෙනකු ම අයත් වන්නේ කුඩා බිළාලයන් (small wild cats) කොටසට වේ. විශාල ගණයේ බිළාල සාමාජිකයන් 7 දෙනා ගැන නම් ඔබ බොහෝ දේ දන්නවා නිසැක ය. ව්‍යාඝ්‍රයා, සිංහයා, ජගුවරයා මෙන්ම කොටියා ද මේ කොටසට අයත් ය. බළලුන් විද්‍යාත්මකව වර්ග කිරීමේ දී ක්ෂීරපායි වර්ගයේ, කානිවෝරා ගෝත්‍රයේ, ෆෙලීඩේ කුලය ලෙස වර්ග වන අතර, ශ්‍රී ලංකාවේ මේ කුලයේ සාමාජිකයන් 4 දෙනකු ස්වාභාවිකව වාර්තා වේ.

ශ්‍රි ලංකාවේ මේ බිළාල පවුලේ සිටින විශාලතම සාමාජිකයා කොටියා ය (Leopard). මීට අමතර ව තවත් කැළෑ බළලුන් වර්ග 3ක් සිටියි. කොටියා ගැන විශාල අවධානයක් ඇතත්, අනෙකුත් කැළෑ බළලුන් පිළිබදව නම් අප දන්නා දේ බොහෝ සීමිත ය. හදුන් දිවියා, බළල් දිවියා (වල් බළලා) සහ කොළ දිවියා ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව දැකගත හැකි වල් බළලුන් වේ. හදුන් දිවියා යම්තාක් දුරකට හැඳිනුවත්, අනෙකුත් වල් බළලුන් දෙදෙනා පිළිබදව අවධානය ඉතා ම අඩු ය.

ශ්‍රී ලංකාවේ වාසය කරන මේ වල් බළලුන් සියල්ල ම පාහේ පොදු ආහාර දාමයන්හි ඉහළ පුරුක් වන අතර ඔවුන් අතර සමාන හැසිරීම් රටා බොහොමයක් ඇත. සියලු ම වල් බළලුන් නිශාචර වන අතර, ඔවුහු තමන්ට අනන්‍ය ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වෙති. බොහෝ විට හුදකලා දිවියක් ගත කරන අතර රංචුවක් ලෙස දක්නට නො ලැබේ.

කොටියා පිළිබද විවිධ පර්යේෂණ බොහොමයක් සිදු වුවත්, මේ වල් බළලුන් පිළිබදව ශ්‍රී ලංකාවේ එතරම් විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට නොමැත. සංරක්ෂණය පිණිස මේ සතුන් පිළිබද ව විද්‍යාත්මක අධ්‍යයනයක් ඉතා ම අවශ්‍ය වන අතර මේ සදහා මෑතක දී යොමු වූ තරුණ පර්යේෂකයන් දෙපළක් වූ අන්යා රත්නායක සහ අශාන් තුඩුගල මේ සත්ත්වයන් - විශේෂයෙන් ම හදුන් දිවියන් පිළිබදව සිදු කරන පර්යේෂණ ඇගයීමට ලක් කළ යුතු වේ.

අන්යා රත්නායක ගේ පර්යේෂෂණය මූලික ව ම නගරාශ්‍රිත ව තවමත් වාර්තා වන හදුන් දිවියන් පිළිබදව ය. වසර 2014 දී ආරම්භ කළ නගාරාශ්රිත හදුන් දිවියන් අධ්‍යයන ව්‍යාපෘතිය "Urban Fishing Cat Project" ලෙස නම් කර ඇති අතර මේ ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ම කොළඹ අවට ගැවසෙන හදුන් දිවියන් පිළිබදව බොහෝ පර්යේෂණ සිදු කර තිබේ.

[YOUTUBE]eg5ZCCT14bs[/YOUTUBE]

[YOUTUBE]oRZsfvEYNb0[/YOUTUBE]

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව සිදු කෙරෙන මේ පර්යේෂණයේ දී සොයාගත් කරුණක් වූයේ, ඉතිරි ව ඇති තෙත් බිම් ආශ්රිත ව තවමත් හදුන් දිවියන් ජීවත් වන බව ය. මේ ප්‍රධාන තෙත්බිම්වලින් තරමක් ඈත ප්‍රදේශවලින් ද හදුන් දිවියන් වාර්තා වී තිබුණේ ඔවුන් ගේ පරිසරයට හැඩගැසීමේ හැකියාව මොනවට පැහැදිලි කරමිනි. දහවල සැගවී සිට රාත්‍රියේ දි ක්‍රියාත්මක වන හදුන් දිවියා ගේ ජීවන රටාව මෙසේ මිනිසුන් ගෙන් වසන් වී ඔවුන් අසල ම ජීවත් වීමට ඔවුනට උදව් වී තිබෙන බව අන්යා අප හා පැවසුවා ය.

"වරක් ඉතා ම ජනාකීර්ණ කොළඹ 6 ප්‍රදේශයෙන් ද හදුන් දිවියකු වාර්තා වූවා" අන්යා අප සමග බෙදා ගත්තේ රසවත් කථාවකි. කොළඹ 6 ප්‍රදේශයේ ගෙවත්තක පොකුණක සුරතලයට ඇති කළ ඉතා වටිනාකමකින් යුතු කාෆ් වර්ගයේ මත්ස්‍යයන් එකා දෙන්නා අඩු වන බව දැනගත් ගෙහිමියා, ඒ අසල වූ CCTV කැමරාව පොකුණ දෙසට යොමු කළේ සොරා අල්ලාගැනීමට ය. එදින උදෑසන ද පොකුණේ විශාල මත්ස්‍යයන් කිහිප දෙනකු ම අඩු ව තිබූ නිසා, කෝපයට පත් ගෙහිමියා CCTV කැමරාවේ සටහන් වුණු දර්ශන නිරීක්ෂණය කළේ සොරා අල්ලාගැනීමට ය. එහෙත් කැමරාවේ සටහන් ව තිබූ දර්ශනය ඔහු මවිතයට පත් කළේ ය. CCTV කැමරාවේ සටහන් ව තිබුණේ සොරකු මෙන් කානුවක් අස්සෙන් ගෙවත්තට හෙමිහිට ගාටන හදුන් දිවියෙකි. පොකුණේ ගැට්ටේ සිට නිසොල්මන් ව පිහිනන මාළුන් නිරීෂණය කර කුරුමානම් අල්ලා මාළුවකු අල්ලාගන්නා ආකාරය CCTV කැමරාවේ මනා ව සටහන් ව තිබිණි.

මීට අමතර ව පසුගිය වසරේ දී ඉතා ම ජනාකීර්ණ බොරැල්ල (කොළඹ 8) ප්‍රදේශයෙන් ද කුඩා හදුන් දිවි පැටවකු හමු වී තිබිණි.

තවත් තරුණ පර්යේෂකයකු වූ පේරාදෙණිය සරසවියේ අශාන් තුඩුගල විසින් 2013 දී The Save fishing Cat Conservation Project (හදුන් දිවියන් සංරක්ෂණ ව්‍යාපෘතිය) ආරම්භ කරන ලද අතර, විශේෂයෙන් ම මහනුවර ඇතුළු කදුකරයේ ජීවත් වන වල් බළලුන් පිළිබද ව පර්යේෂණ එමඟින් මෙහෙයවනු ලබයි.

මහා මාර්ග හරහා පැනීමේ දී බොහොමයක් හදුන් දිවියෝ අනතුරට පත් වෙති. තෙත් බිම් සහිත ප්‍රදේශවල දී මෙලෙස හදුන් දිවියන් අනතුරට පත් වන පෙදෙස් බහුල ය. මෙසේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක ම රියදුරන් දැනුවත් කිරීම සඳහා මාර්ග සංඥ පුවරු සවි කිරීම අශාන් තුඩුගල ඇතුළු පිරිස විසින් මීට කාලයකට පෙර සිදු කෙරිණි. හදුන් දිවියන් මාර්ගය පනින ස්ථාන මුලින් හදුනාගෙන ඉන්පසු මෙලෙස පුවරු සවි කිරීම ඔවුන් විසින් සිදු කෙරිණි.

වල් ඌරන් වැනි වෙනත් සතුනට ඇටවූ මන්දවල පැටලී අනතුරට ලක් වූ හදුන් දිවියන් ගැන ද නිතර වාර්තා වේ. මෙවන් අවස්ථාවල දී සතුන් නිර්වින්දනය කර මන්දෙන් මුදාගෙන ප්‍රතිකාර කිරීමට බොහෝ විට සිදු වේ.

මිනිස් වාසස්ථාන අසල ජීවත් වන හදුන් දිවියන්, අසල තිබෙන කුකුළු කොටුවලට රිංගා කුකුළන් දඩයම් කිරීමට ගොස් හසු වන අවස්ථා ද තිබේ. අනාරක්ෂිත ළිංවල වැටුණු හදුන් දිවියන් ද බොහෝ විට වාර්තා වේ. මෙවන් අවස්ථාවල දී ගම්වාසීන් ඔවුන් වනජීවී නිලධාරීන් හට භාර දීම නම් පැසසිය යුතු කරුණකි. එහෙත් සමහර අවස්ථාවල දී ගම්වාසීන් දැඩි ව ඉල්ලා සිටින්නේ මෙවැනි හදුන් දිවියන් අල්ලා වෙනත් ස්ථානයකට ගොස් අතහරින ලෙස ය. එනමුන් හදුන් දිවියා තම තමන් ගේ වසම් ආරක්ෂා කරගන්නා සත්ත්ව කොට්ඨාශයක් නිසා, වෙනත් ස්ථානයකට ගෙන ගොස් අතහැරීම සුදුසු දෙයක් නො වන බව පරීක්ෂකයන් ගේ මතයයි.

[YOUTUBE]_0-VkRwT33w[/YOUTUBE]

කොළඹ ආශ්රිත ව හමු වූ හදුන් දිවියන් කිහිප දෙනකුට ම රේඩියෝ කරපටි (Radio Collars) පළදා මුදා හැරීමට අන්යා ඇතුළු පර්යේෂකයන් කටයුතු කර තිබිණි. ඔවුන් ගැවසෙන ප්‍රදේශ හදුනාගැනීමටත්, ඔවුන් ගේ හැසිරීම අධ්‍යයනයටත් මේ පර්යේෂණය ඉවහල් වූ බව අන්යා පැවසුවා ය. වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස් දැමු හදුන් දිවියන් බොහෝ විට තෙත්බිම් තුළට නො ගොස්, එහි සීමාව අවට ගැවසෙනු මෙහි දී නිරීක්ෂණය විය. තෙත් බිම් තුළ දැනටත් තම වසම වෙන් කරගෙන සිටින හදුන් දිවියන් සිටින නිසා, ඔවුන් සමග ගැටුමක් ඇති වීම වළකාගැනීමට මේ පරිසරයට අලුතින් හදුන්වා දුන් සාමාජිකයා තැත් කිරීමක් ලෙස පර්යේෂකයෝ මෙය හදුන්වති. මෙසේ කළුතර ප්‍රදේශයෙන් අල්ලා මුදාහැරි හදුන් දිවියකු අවසානයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක ගැටී මිය යන තුරු ඉතා දුර ප්‍රදේශයක් ගෙවා දැමූ බව අන්යා අනාවරණය කළා ය. මෙය මේ සත්ත්වයා නැවත තම නිජ භුමිය සොයාගැනීමට කළ උත්සාහයක් ලෙස ද පර්යේෂකයෝ අනුමාන කරති.

මේ වල් බළලුන් නිරීක්ෂණය පිණිස බහුල ව භාවිත වන උපකරණයකි කැමරා උගුල් (Camera traps). වල් බළලුන් ගේ පා සටහන් තිබෙන, ඔවුන් නිතර ගැවසෙනවා යෑයි සිතෙන තැන් අවට මෙවැනි කැමරා අටවන අතර, ඒ ඉදිරියෙන් චලනය වන දෙයක් ගිය විට කැමරාව ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වේ. ඉන්පසු මේ ඡායාරූප එකින් එක විශ්ලේෂණය කරන පර්යේෂකයෝ, ඒ ඉදිරියෙන් ගිය සතුන්, ඡායාරූපය මගින් අධ්‍යයනය කරති.

දිවියා සහ කොටියා ගේ පටලැවිල්ල

ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ සමජිකයන් හදුනාගැනීමට නම් තිබුණත්, සිංහල ව්‍යවහාරයේ දී නම් නම් බොහෝ විට යෙදෙන්නේ පැටලිලිසහගත ව ය. නිවැරැදි යෙදීම වන්නේ Tiger - ව්‍යාඝ්‍රයා ලෙසත්, Leopard - කොටියා ලෙසත් හැදින්වීමයි. ලංකාවේ ජීවත් වන Leopard උප විශේෂය Panthera pardus kotiya ලෙස නම් කිරීමෙන් ම මේ බව පැහැදිලි වේ. එහෙත් බොහෝ තැන්වල Leopard තවමත් හදුන්වනු ලබන්නේ 'දිවියා' ලෙස ය. 'දිවියා' යන වචනය, ශ්‍රී ලංකාවේ කුඩා වල් බළලුන් හැදින්වීම පිණිස ම වෙන් කරගනිමු යෑයි පර්යේෂකයෝ යෝජනා කරති. කුඩා වල් බළලුන් සියලු දෙනාට ම - එනම් හදුන් දිවියා, බළල් දිවියා මෙන්ම කොළ දිවියාට ද 'දිවියා' යන වදන පොදු නිසා 'දිවියා' යන සිංහල හැදින්වීම කුඩා වල් බළලුන්ට යෙදීම වඩා ගැළපෙන බව පැහැදිලි ය. එනිසා විශේෂයෙන් ජනමාධ්‍ය හසුරුවන්නන් ගෙන්, ඉදිරියට මේ පැටලැවිල්ල ලිහෙන පරිදි සිංහල නම භාවිත කරන මෙන් ඉල්ලා සිටිමු.

හරහට හිටින්නට පුළුවන් වැඩි සත්ත්ව කරුණාව

ලංකාවේ සිටින කැළෑ බළලුන් ගේ, හදුන් දිවියන් ගේ මෙන්ම කොටියා ගේත් කුඩා පැටවුන් ගෙදර ඇති කරන බළල් පැටවුන් මෙන්ම සුරතල් ය. කැළෑබද පෙදෙස්වල දී, මව පෙනෙන්නට නොමැති අවස්ථාවල දී, මව විසින් අතහැර දමන ලද හෝ, අනතුරකට ලක් වූ මවක ගේ පැටවුන් ලෙස සිතා හෝ යහපත් ෙච්තනාවෙන් මේ පැටවුන් බේරාගැනීමේ අදහසින් රැගෙන විත් වනජිවී නිලධාරීන්ට භාර දෙන ලද අවස්ථා කිහිපයක් ම වාර්තා විය. එහෙත්, කැළයේ තනි ව ම සිටි පලියට ම, අතරමං වූ පැටවුන් යෑයි රැගෙන ඒම නො කළ යුතු දෙයකි. කැළෑ බළල්ලු බොහෝ විට තම පැටවුන් සගවා තබා දඩයමේ යති. සමහර විටෙක ඔබ ගේ පැමිණීමෙන් කලබලයට පත් වී පැටවුන් සගවා, බැළලිය එම ප්‍රදේශය මගහැර ගියා වන්නට ද පුළුවන. ඒ නිසා මෙවන් අවස්ථාවක දී පැටවුන් රැගෙන යැමට පෙර හැකි නම් පැය කිහිපයක් සෝදිසියෙන් සිටින්න. පැය දෙකකටත් වැඩි කාලයක දී මව නො පැමිණිය හොත් පමණක්, මේ පැටවුන්ට උදව් කරන්න.

කෙසේ වෙතත් ලංකවේ වනජීවී නීතිය අනුව මේ සියලු වල් බළලුන් ආරක්ෂිත සතුන් නිසා, ඔබ අසල ම තිබෙන වනජීවී කාර්යාලය වෙත ද මේ බව දන්වන්න. මේ වල් බළලුන් කුඩා කාලයේ දී හුරතල් වුවත්, වැඩුණු පසු ඉක්මනින් තරහ යන කැළෑ ගති පෙන්වන නිසා, මොවුන් ඇති කිරීමෙන් වළකින්න.

වල් බළලා - (Jungle Cat - Felis chaus kelarti)

මොහු ලොව වෙසෙන බළල් විශේෂයේ (Felis chause) ඵක් උප විශේෂයකි. හදුන් දිවියාට වඩා කුඩා ය. හදුන් දිවියාට වඩා කුඩා මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුතු දිවියෙකි. බරින් කිලෝ ග්‍රෑම් 3ත් 16ත් පමණ ද, දිගින් සෙ.මී 50ත් 94ත් අතර ද වේ. සෙ.මී. 20ත් 31ත් පමණ අතර වන වලිගයකින් යුක්ත ය. ගැහැනු සතුන් පිරිමි සතුනට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. ලොමින් ගහණ ශරීරයක් ඇති මොවුන් ගේ ශරීරය දුඹුරු පැහැ අළු ස්වභාවයක් ගනියි. ඉදිරි ගාත්රාවල කළු පැහැති ඉරි 2ත්a 3ත් අතර ප්‍රමාණයකින් ද, වයිරම් සහිත වලිගයකින් ද යුක්ත ය. කන් අග ඇති කළු පැහැ ලෝම සහිත කොටස මේ උප විශ්ෂයට ආවේණික ලක්ෂණයකි. ලෝක රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇත.

වල් බළලා තමාට වඩා බලයෙන් අඩු ඕනෑ ම සතකු ආහාරයට ගනී. එ නම් කුරුල්ලන්, මීයන්, හාවුන් හා කුඩා ක්ෂීරපායි සතුන් ය. සාමාන්‍යයෙන් ගෘහස්ථ බළලකුට හැඩයෙන් සමාන ය. ගෘහස්ථ බළලකුට වඩා කෙටි වලිගයක් හා දිගු ගාත්රා ඇත. පිරිමි සතුන් හා ගැහැනු සතුන් හැඩරුවෙන් වෙනස් ය. ගැහැනු සතුන් කුඩා ය. පිරිමි සතුන් සාමාන්‍යයෙන් රාත්තල් 15ක් පමණ බර ය. ලෝකයේ උතුරු ප්‍රදේශවල ජීවත් වන වල් බළලුන් අළු දුඹුරු පැහැති ය. දකුණු ප්‍රදේශවල ජීවත් වන බළලුන් වඩාත් කහ හා රතු පැහැති ය. මුහුණේ හා පාදවල ළා දුඹුරු පැහැති ඉරි තිබේ. කන උඩ තද දුඹුරු හා කළු පැහැති ලොම් ඇත. මොවුන් ගේ දඩයම් කරන චර්යා අනෙක් බළලුන්ට සමාන ය. කුරුමානම අල්ලා දඩයම මතට පනී. කුඩා මුව පැටවුන් වුව ද මරා දමයි. දහවල් කාලයේ දී ක්‍රියාශීලී ය. අන්තරායක දී සැගවීමට හා විවේක ගැනීමට ගුහාවට යයි. ප්‍රජනනය සිදු කරන කාලය ප්‍රදේශය අනුව වෙනස් වේ. ගර්භණී කාලය සති 8ක් පමණ වේ. එක වර පැටවුන් 3-4ක් පමණ බිහි කරයි.

මොහු ලංකාවේ පහතරට, වියළි හා ශුෂ්ක කලාපවල ව්‍යාප්ත වී සිටින්නෙකි. මේ කලාපවල ඇළ දොළ ආසන්නයේ, විවෘත බිම් හා වගාබිම් ආශ්රිත ව මොවුහු ගැවසෙති. රාත්‍රියේ කුඹුරු හා කෙසෙල් වතු ආශ්රිත ව ද දැකිය හැකි බව සදහන් වේ. මේ සත්ත්වයා ද වැඩිපුර ක්‍රියාකාරී වන්නේ රාත්‍රි කාලයේ දී ය. මොවුහු දිවා කාලයේ දී තුරු මුදුන් මත ලැග සිටිති. මධ්‍යම ආසියාවේ නයිලි නිම්න ආශ්රිත රටවල හා අග්නිදිග ආසියාතික රටවල දක්නට ලැබේ.

හදුන් දිවියා - (Fishing Cat - Prionailurus viverrinus)

ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ දෙවැනි විශාලතම සාමාජිකයා ය. අඩි දෙකක් / දෙක හමාරක් (සෙන්ටිමීටර 57 - 78 ක්) පමණ දිගකින් යුතු හදුන් දිවියාට සෙන්ටිමීටර 20 - 30 අතර දිගකින් යුතු කෙටි වයිරම් සහිත වලිගයක් තිබේ. හදුන් දිවියා කිලෝග්‍රෑම් 5 - 16 බරකින් යුක්ත වේ. විශාලත්වයෙන් අඩක් වර්ධනය වුණු කොටියකු ගේ පෙනුමක් ඇත. ලොම් ළා දුඹුරු පැහැ වන අතර එහි අපිළිවෙළට විහිදුණු තද දුඹුරු ලප ඇත. කුඩා කළු පැහැ කන් දෙකකින් හා කනේ පසුපස සිට ගෙල දක්වා දිවෙන කළු පැහැ ඉරි 6 සිට 8 දක්වා ප්‍රමාණයකින් යුක්ත වන මොවුන් ගේ ශරීරය කළු මිශ්‍ර අළු පැහැයක් ගනියි. කනෙහි පිටුපස්ස කළු ය. ඒ මධ්‍යයෙහි සුදු ලපයක් ඇත. උදර ප්‍රදේශය සුදු ය.

ලෝක රතු දත්ත වාර්තාවට අනුව අන්තරාදායක තත්ත්වයට පත් විශේෂයක් ලෙස නම් කර ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, වියට්නාමය, මලයාසියාව වැනි රටවල ව්‍යාප්ත ව සිටින අතර අග්නිදිග ජාවා දූපත්වලට සීමා වේ. පාකිස්ථානයෙන් ද මේ සත්ත්ව විශේෂය වාර්තා වන නමුදු මෑතකාලීන වාර්තා වීමක් පිළිබඳව සඳහන් නො වේ. වගුරු බිම්, කඩොලාන දිය පහරවල් හා සදාහරිත පහත් කදුකර වනාන්තරවල විසීමට රුචිකත්වයක් දක්වයි.

හදුන් දිවියා ඉතා දක්ෂ කිමිදුම්කරුවෙක් ද වේ. ප්‍රධාන වශයෙන් මිරිදිය මසුන් ආහාරයට ගන්නා අතර ඊට අමතර ව කුඩා ක්ෂීරපායීන්, සර්පයන්, කුරුල්ලන් හා ගොළුබෙල්ලන් ආහාරයට ගනු ලැබේ. මසුන් සහ ගෙම්බන් වැනි සතුන් ඇල්ලීමේ දී ඉදිරිපස ගාත්රාවලින් පහර දී කොටු කර අල්ලාගන්නා අතර ජලජ පක්ෂීන් දඩයමේ දී ජලය යටින් කිමිදී ගොස් ක්ෂණික පහරදීම් කරනු ලැබේ. නිශාචර දඩයම්කරුවකු ලෙස ප්‍රකට මොහු දිවා කාලය නිහඩ, නිශ්චල ස්ථානයක ගත කිරීමට ප්‍රිය කරයි. දිය මත පිහිනා යැමේ දී දිශාව තීරණය කරගැනීමට කෙටි වලිගය උපකාරී වේ. ඔවුන් ගේ පාද පිහිටා ඇති ආකාරය ද ඔවුනට පිහිනීමට උදව් වේ. පාදවල ඇගිලි පුරුක් අතර අර්ධ වශයෙන් සම්පූර්ණ වූ බැඳි පටල ඇති අතර වේගයෙන් පිහිනීමට එය උපකාරී වේ. හදුන් දිවියාට ලෝම ස්ථර දෙකක් ඇති අතර මේ නිසා ජලයේ දී සම තෙක් ම තෙත් වන්නේ නැත. මෙය තෙත් පරිසරයක ජීවත් වීමට හදුන් දිවියාට අවස්ථාව සලසා දෙයි. තම බල ප්‍රදේශය සලකුණු කිරීමට ගස් කඳන් මත නිය සලකුණු යෙදීම මොවුන් ගේ විශේෂත්වයකි.

මොවුන් ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ, ඉලුක් ගාල්, බෙන සහිත ගස් හා පර්වතවල පැලුණු තැන්වල ය. වරකට පැටවුන් 2ත් 3ත් අතර ප්‍රමාණයක් බිහි කරන මොවුන් දින 63 ත් 70ත් අතර ගර්භණී කාලයකින් යුක්ත ය. හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වසර දෙකකට වරක් පැටවුන් බිහි කිරීමේ හැකියාවකින් යුක්ත වේ. මාසයක පමණ කාලයක් මවු කිරි මත යෑපෙන අතර ඉන් පසු ඝන ආහාරවලට ක්‍රමයෙන් හුරු වේ. මාස 8කින් පූර්ණ වැඩුණු සතකු බවට පත් වන මොවුහු වසර එක හමාරකින් පසු ලිංගික ව පරිණතභාවයට පත් වෙති.

කොළ දිවියා - (Rusty sportted Cat - Prionailurus rubiginosus)

ප්‍රාදේශීය ව්‍යවහාරයේ දී කොළ දිවියා ලෙස හදුන්වන මේ සත්ත්වයා ලෝකයේ සිටින කුඩාතම වල් බළලා වේ. බළල් පවුලේ විශාල ම සාමාජිකයා වූ සිංහයා මෙන් 200 වාරයක් මේ කැළෑ බළලා කුඩා බව සදහන් වේ. ගෘහාශ්‍රිත බළලකු ගේ පෙනුමට සමාන කුලෑටි සතකු වූ කොළ දිවියා මිනිසුන් ගෙන් වසන් වී ජීවත් වෙයි.

ලෝක රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇති මොවුන් අතිශය දුර්ලභ සත්ත්ව විශේෂයකි. මේ සතකු බරින් කිලෝ ග්‍රෑම් 0.9 සිට 1.6 පමණ ද, දිගින් සෙ.මී. 35ත්a 47ක් පමණ ද, සෙ.මී 15ත් 30ත් පමණ වලිගයකින් ද යුක්ත ය. ශරීරය පුරා කළු පැහැති පුල්ලි ද, හිස දෙපස කළු පැහැති ඉරි 6 බැගින් ද ඇති මොවුන් ගේ වලිගය කළු පැහැති ය. උදරය යට සුදු පැහැති ය. මොවුන් ගේ හමේ මළකඩ රතු පැහැති පැල්ලම් ඇත. එම නිසා මොවුන්ට Rusty spotted යන නම ලැබී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. කුඩා පැටවුන් ළා පැහැති වන අතර මේ ලප කුඩා පැටවුන් ගේ නැත.

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර, සිංහරාජය වැනි වැසි වනාන්තර, හොර්ටන්තැන්න, නුවරඵළිය වැනි ප්‍රදේශවල පිහිටි කදුකර තෙත් වනාන්තරවල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශවල කටු පදුරු සහිත ලදු කැළෑ ආශ්රිත ව ද දැකිය හැකි ය. රට පුරා පැතිරී ඇත. කදුකර ප්‍රදේශවල සිට වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාපවලත් වනාන්තරවල දක්නට ඇත. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර හා තෘණ භූමි අශ්‍රිත ව ජීවත් වේ.

කොළ දිවියා ද රාත්‍රියේ දී ක්‍රියාශීලී වන සත්ත්වයෙකි. කෘමීන්, කුඩා කුරුල්ලන්, මීයන්, ගෙම්බන්, කුඩා උරගයන් ආහාරයට ගනී. මේ සත්ත්වයා ද මිනිස් ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වද වී යැමේ තර්ජනයට මුහුණ පා සිටී. එසේ ම සුරතලයට ඇති කිරීම නිසා ද, ගෙවල ඇති කරනු ලබන බළලුන් සමග අභිජනනය වීම නිසා ද මොවුහු තවදුරටත් වද වී යැමේ තර්ජනයට මුහුණපා සිටිති.

මෑතක දී BBC ආයතනය ශ්‍රී ලංකාවේ දී රූගත කළ වාර්තාමය වැඩසටහනක කොළ දිවියා ගේ ජීවන තොරතුරු ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර තිබිණි.

[YOUTUBE]W86cTIoMv2U[/YOUTUBE]

කැළෑ බළලුන් - විශේෂයෙන් ම හදුන් දිවියන් කෙරෙහි මිනිසුන් තුළ ඇත්තේ බියකි. එහෙත්, ඔවුනට පාඩුවේ ඉන්නට හැරිය හොත්, මේ කැළෑ බළලුන් ගෙන් මිනිසාට කිසිදු හානියක් නො වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තියුණු ඉවකින් යුතු හදුන් දිවියන්, මිනිසුන් ගෙන් වසන් වී සිටීමට ඉතා ම දක්ෂ බවත්, ඔවුන් මිනිසුන් ගෙන් වසන් වී ජීවත් වීමට හැකි සැම උත්සාහයක් ම දරන බවත් ඔවුහු පවසති.

[YOUTUBE]eHO5eOVg7W8[/YOUTUBE]

[YOUTUBE]K1oeXdC910g[/YOUTUBE]

-මාලක රොඩි්රගෝ

[QUOTE="Asiri Asanka Alagiyawanna, post: 24159869, member: 570098"] [b]_____ශ්‍රී_ලංකාවේ_කැළෑ_බළල්ලු_____[/b] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17827[/IMG][/CENTER] [SIZE=3]ලෝකයේ බිළාල කුලයේ සාමාජිකයන් 40 දෙනෙකි. මෙයින් 33 දෙනකු ම අයත් වන්නේ කුඩා බිළාලයන් (small wild cats) කොටසට වේ. විශාල ගණයේ බිළාල සාමාජිකයන් 7 දෙනා ගැන නම් ඔබ බොහෝ දේ දන්නවා නිසැක ය. ව්‍යාඝ්‍රයා, සිංහයා, ජගුවරයා මෙන්ම කොටියා ද මේ කොටසට අයත් ය. බළලුන් විද්‍යාත්මකව වර්ග කිරීමේ දී ක්ෂීරපායි වර්ගයේ, කානිවෝරා ගෝත්‍රයේ, ෆෙලීඩේ කුලය ලෙස වර්ග වන අතර, ශ්‍රී ලංකාවේ මේ කුලයේ සාමාජිකයන් 4 දෙනකු ස්වාභාවිකව වාර්තා වේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශ්‍රි ලංකාවේ මේ බිළාල පවුලේ සිටින විශාලතම සාමාජිකයා කොටියා ය (Leopard). මීට අමතර ව තවත් කැළෑ බළලුන් වර්ග 3ක් සිටියි. කොටියා ගැන විශාල අවධානයක් ඇතත්, අනෙකුත් කැළෑ බළලුන් පිළිබදව නම් අප දන්නා දේ බොහෝ සීමිත ය. හදුන් දිවියා, බළල් දිවියා (වල් බළලා) සහ කොළ දිවියා ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව දැකගත හැකි වල් බළලුන් වේ. හදුන් දිවියා යම්තාක් දුරකට හැඳිනුවත්, අනෙකුත් වල් බළලුන් දෙදෙනා පිළිබදව අවධානය ඉතා ම අඩු ය. [/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17828[/IMG] [/CENTER] [SIZE=3]ශ්‍රී ලංකාවේ වාසය කරන මේ වල් බළලුන් සියල්ල ම පාහේ පොදු ආහාර දාමයන්හි ඉහළ පුරුක් වන අතර ඔවුන් අතර සමාන හැසිරීම් රටා බොහොමයක් ඇත. සියලු ම වල් බළලුන් නිශාචර වන අතර, ඔවුහු තමන්ට අනන්‍ය ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වෙති. බොහෝ විට හුදකලා දිවියක් ගත කරන අතර රංචුවක් ලෙස දක්නට නො ලැබේ. [/SIZE] [SIZE=3] කොටියා පිළිබද විවිධ පර්යේෂණ බොහොමයක් සිදු වුවත්, මේ වල් බළලුන් පිළිබදව ශ්‍රී ලංකාවේ එතරම් විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට නොමැත. සංරක්ෂණය පිණිස මේ සතුන් පිළිබද ව විද්‍යාත්මක අධ්‍යයනයක් ඉතා ම අවශ්‍ය වන අතර මේ සදහා මෑතක දී යොමු වූ තරුණ පර්යේෂකයන් දෙපළක් වූ අන්යා රත්නායක සහ අශාන් තුඩුගල මේ සත්ත්වයන් - විශේෂයෙන් ම හදුන් දිවියන් පිළිබදව සිදු කරන පර්යේෂණ ඇගයීමට ලක් කළ යුතු වේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අන්යා රත්නායක ගේ පර්යේෂෂණය මූලික ව ම නගරාශ්‍රිත ව තවමත් වාර්තා වන හදුන් දිවියන් පිළිබදව ය. වසර 2014 දී ආරම්භ කළ නගාරාශ්රිත හදුන් දිවියන් අධ්‍යයන ව්‍යාපෘතිය "Urban Fishing Cat Project" ලෙස නම් කර ඇති අතර මේ ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ම කොළඹ අවට ගැවසෙන හදුන් දිවියන් පිළිබදව බොහෝ පර්යේෂණ සිදු කර තිබේ.[/SIZE] [CENTER][YOUTUBE]eg5ZCCT14bs[/YOUTUBE] [YOUTUBE]oRZsfvEYNb0[/YOUTUBE][/CENTER] [SIZE=3]වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව සිදු කෙරෙන මේ පර්යේෂණයේ දී සොයාගත් කරුණක් වූයේ, ඉතිරි ව ඇති තෙත් බිම් ආශ්රිත ව තවමත් හදුන් දිවියන් ජීවත් වන බව ය. මේ ප්‍රධාන තෙත්බිම්වලින් තරමක් ඈත ප්‍රදේශවලින් ද හදුන් දිවියන් වාර්තා වී තිබුණේ ඔවුන් ගේ පරිසරයට හැඩගැසීමේ හැකියාව මොනවට පැහැදිලි කරමිනි. දහවල සැගවී සිට රාත්‍රියේ දි ක්‍රියාත්මක වන හදුන් දිවියා ගේ ජීවන රටාව මෙසේ මිනිසුන් ගෙන් වසන් වී ඔවුන් අසල ම ජීවත් වීමට ඔවුනට උදව් වී තිබෙන බව අන්යා අප හා පැවසුවා ය. [/SIZE][SIZE=3]"වරක් ඉතා ම ජනාකීර්ණ කොළඹ 6 ප්‍රදේශයෙන් ද හදුන් දිවියකු වාර්තා වූවා" අන්යා අප සමග බෙදා ගත්තේ රසවත් කථාවකි. කොළඹ 6 ප්‍රදේශයේ ගෙවත්තක පොකුණක සුරතලයට ඇති කළ ඉතා වටිනාකමකින් යුතු කාෆ් වර්ගයේ මත්ස්‍යයන් එකා දෙන්නා අඩු වන බව දැනගත් ගෙහිමියා, ඒ අසල වූ CCTV කැමරාව පොකුණ දෙසට යොමු කළේ සොරා අල්ලාගැනීමට ය. එදින උදෑසන ද පොකුණේ විශාල මත්ස්‍යයන් කිහිප දෙනකු ම අඩු ව තිබූ නිසා, කෝපයට පත් ගෙහිමියා CCTV කැමරාවේ සටහන් වුණු දර්ශන නිරීක්ෂණය කළේ සොරා අල්ලාගැනීමට ය. එහෙත් කැමරාවේ සටහන් ව තිබූ දර්ශනය ඔහු මවිතයට පත් කළේ ය. CCTV කැමරාවේ සටහන් ව තිබුණේ සොරකු මෙන් කානුවක් අස්සෙන් ගෙවත්තට හෙමිහිට ගාටන හදුන් දිවියෙකි. පොකුණේ ගැට්ටේ සිට නිසොල්මන් ව පිහිනන මාළුන් නිරීෂණය කර කුරුමානම් අල්ලා මාළුවකු අල්ලාගන්නා ආකාරය CCTV කැමරාවේ මනා ව සටහන් ව තිබිණි.[/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17830[/IMG][/CENTER] [SIZE=3] මීට අමතර ව පසුගිය වසරේ දී ඉතා ම ජනාකීර්ණ බොරැල්ල (කොළඹ 8) ප්‍රදේශයෙන් ද කුඩා හදුන් දිවි පැටවකු හමු වී තිබිණි.[/SIZE] [SIZE=3]තවත් තරුණ පර්යේෂකයකු වූ පේරාදෙණිය සරසවියේ අශාන් තුඩුගල විසින් 2013 දී The Save fishing Cat Conservation Project (හදුන් දිවියන් සංරක්ෂණ ව්‍යාපෘතිය) ආරම්භ කරන ලද අතර, විශේෂයෙන් ම මහනුවර ඇතුළු කදුකරයේ ජීවත් වන වල් බළලුන් පිළිබද ව පර්යේෂණ එමඟින් මෙහෙයවනු ලබයි. [/SIZE][SIZE=3]මහා මාර්ග හරහා පැනීමේ දී බොහොමයක් හදුන් දිවියෝ අනතුරට පත් වෙති. තෙත් බිම් සහිත ප්‍රදේශවල දී මෙලෙස හදුන් දිවියන් අනතුරට පත් වන පෙදෙස් බහුල ය. මෙසේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක ම රියදුරන් දැනුවත් කිරීම සඳහා මාර්ග සංඥ පුවරු සවි කිරීම අශාන් තුඩුගල ඇතුළු පිරිස විසින් මීට කාලයකට පෙර සිදු කෙරිණි. හදුන් දිවියන් මාර්ගය පනින ස්ථාන මුලින් හදුනාගෙන ඉන්පසු මෙලෙස පුවරු සවි කිරීම ඔවුන් විසින් සිදු කෙරිණි.[/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17824[/IMG] [/CENTER] [SIZE=3]වල් ඌරන් වැනි වෙනත් සතුනට ඇටවූ මන්දවල පැටලී අනතුරට ලක් වූ හදුන් දිවියන් ගැන ද නිතර වාර්තා වේ. මෙවන් අවස්ථාවල දී සතුන් නිර්වින්දනය කර මන්දෙන් මුදාගෙන ප්‍රතිකාර කිරීමට බොහෝ විට සිදු වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මිනිස් වාසස්ථාන අසල ජීවත් වන හදුන් දිවියන්, අසල තිබෙන කුකුළු කොටුවලට රිංගා කුකුළන් දඩයම් කිරීමට ගොස් හසු වන අවස්ථා ද තිබේ. අනාරක්ෂිත ළිංවල වැටුණු හදුන් දිවියන් ද බොහෝ විට වාර්තා වේ. මෙවන් අවස්ථාවල දී ගම්වාසීන් ඔවුන් වනජීවී නිලධාරීන් හට භාර දීම නම් පැසසිය යුතු කරුණකි. එහෙත් සමහර අවස්ථාවල දී ගම්වාසීන් දැඩි ව ඉල්ලා සිටින්නේ මෙවැනි හදුන් දිවියන් අල්ලා වෙනත් ස්ථානයකට ගොස් අතහරින ලෙස ය. එනමුන් හදුන් දිවියා තම තමන් ගේ වසම් ආරක්ෂා කරගන්නා සත්ත්ව කොට්ඨාශයක් නිසා, වෙනත් ස්ථානයකට ගෙන ගොස් අතහැරීම සුදුසු දෙයක් නො වන බව පරීක්ෂකයන් ගේ මතයයි. [/SIZE] [CENTER][YOUTUBE]_0-VkRwT33w[/YOUTUBE][/CENTER] [SIZE=3]කොළඹ ආශ්රිත ව හමු වූ හදුන් දිවියන් කිහිප දෙනකුට ම රේඩියෝ කරපටි (Radio Collars) පළදා මුදා හැරීමට අන්යා ඇතුළු පර්යේෂකයන් කටයුතු කර තිබිණි. ඔවුන් ගැවසෙන ප්‍රදේශ හදුනාගැනීමටත්, ඔවුන් ගේ හැසිරීම අධ්‍යයනයටත් මේ පර්යේෂණය ඉවහල් වූ බව අන්යා පැවසුවා ය. වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස් දැමු හදුන් දිවියන් බොහෝ විට තෙත්බිම් තුළට නො ගොස්, එහි සීමාව අවට ගැවසෙනු මෙහි දී නිරීක්ෂණය විය. තෙත් බිම් තුළ දැනටත් තම වසම වෙන් කරගෙන සිටින හදුන් දිවියන් සිටින නිසා, ඔවුන් සමග ගැටුමක් ඇති වීම වළකාගැනීමට මේ පරිසරයට අලුතින් හදුන්වා දුන් සාමාජිකයා තැත් කිරීමක් ලෙස පර්යේෂකයෝ මෙය හදුන්වති. මෙසේ කළුතර ප්‍රදේශයෙන් අල්ලා මුදාහැරි හදුන් දිවියකු අවසානයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක ගැටී මිය යන තුරු ඉතා දුර ප්‍රදේශයක් ගෙවා දැමූ බව අන්යා අනාවරණය කළා ය. මෙය මේ සත්ත්වයා නැවත තම නිජ භුමිය සොයාගැනීමට කළ උත්සාහයක් ලෙස ද පර්යේෂකයෝ අනුමාන කරති. [/SIZE] [SIZE=3]මේ වල් බළලුන් නිරීක්ෂණය පිණිස බහුල ව භාවිත වන උපකරණයකි කැමරා උගුල් (Camera traps). වල් බළලුන් ගේ පා සටහන් තිබෙන, ඔවුන් නිතර ගැවසෙනවා යෑයි සිතෙන තැන් අවට මෙවැනි කැමරා අටවන අතර, ඒ ඉදිරියෙන් චලනය වන දෙයක් ගිය විට කැමරාව ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වේ. ඉන්පසු මේ ඡායාරූප එකින් එක විශ්ලේෂණය කරන පර්යේෂකයෝ, ඒ ඉදිරියෙන් ගිය සතුන්, ඡායාරූපය මගින් අධ්‍යයනය කරති[/SIZE]. [CENTER][B][SIZE=4]දිවියා සහ කොටියා ගේ පටලැවිල්ල[/SIZE][/B] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8d/Sri-lankan-leopard-yala-casey-klebba.jpg/640px-Sri-lankan-leopard-yala-casey-klebba.jpg[/IMG][/CENTER] [SIZE=3]ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ සමජිකයන් හදුනාගැනීමට නම් තිබුණත්, සිංහල ව්‍යවහාරයේ දී නම් නම් බොහෝ විට යෙදෙන්නේ පැටලිලිසහගත ව ය. නිවැරැදි යෙදීම වන්නේ Tiger - ව්‍යාඝ්‍රයා ලෙසත්, Leopard - කොටියා ලෙසත් හැදින්වීමයි. ලංකාවේ ජීවත් වන Leopard උප විශේෂය Panthera pardus kotiya ලෙස නම් කිරීමෙන් ම මේ බව පැහැදිලි වේ. එහෙත් බොහෝ තැන්වල Leopard තවමත් හදුන්වනු ලබන්නේ 'දිවියා' ලෙස ය. 'දිවියා' යන වචනය, ශ්‍රී ලංකාවේ කුඩා වල් බළලුන් හැදින්වීම පිණිස ම වෙන් කරගනිමු යෑයි පර්යේෂකයෝ යෝජනා කරති. කුඩා වල් බළලුන් සියලු දෙනාට ම - එනම් හදුන් දිවියා, බළල් දිවියා මෙන්ම කොළ දිවියාට ද 'දිවියා' යන වදන පොදු නිසා 'දිවියා' යන සිංහල හැදින්වීම කුඩා වල් බළලුන්ට යෙදීම වඩා ගැළපෙන බව පැහැදිලි ය. එනිසා විශේෂයෙන් ජනමාධ්‍ය හසුරුවන්නන් ගෙන්, ඉදිරියට මේ පැටලැවිල්ල ලිහෙන පරිදි සිංහල නම භාවිත කරන මෙන් ඉල්ලා සිටිමු.[/SIZE] [SIZE=3][B]හරහට හිටින්නට පුළුවන් වැඩි සත්ත්ව කරුණාව[/B][/SIZE] [SIZE=3]ලංකාවේ සිටින කැළෑ බළලුන් ගේ, හදුන් දිවියන් ගේ මෙන්ම කොටියා ගේත් කුඩා පැටවුන් ගෙදර ඇති කරන බළල් පැටවුන් මෙන්ම සුරතල් ය. කැළෑබද පෙදෙස්වල දී, මව පෙනෙන්නට නොමැති අවස්ථාවල දී, මව විසින් අතහැර දමන ලද හෝ, අනතුරකට ලක් වූ මවක ගේ පැටවුන් ලෙස සිතා හෝ යහපත් ෙච්තනාවෙන් මේ පැටවුන් බේරාගැනීමේ අදහසින් රැගෙන විත් වනජිවී නිලධාරීන්ට භාර දෙන ලද අවස්ථා කිහිපයක් ම වාර්තා විය. එහෙත්, කැළයේ තනි ව ම සිටි පලියට ම, අතරමං වූ පැටවුන් යෑයි රැගෙන ඒම නො කළ යුතු දෙයකි. කැළෑ බළල්ලු බොහෝ විට තම පැටවුන් සගවා තබා දඩයමේ යති. සමහර විටෙක ඔබ ගේ පැමිණීමෙන් කලබලයට පත් වී පැටවුන් සගවා, බැළලිය එම ප්‍රදේශය මගහැර ගියා වන්නට ද පුළුවන. ඒ නිසා මෙවන් අවස්ථාවක දී පැටවුන් රැගෙන යැමට පෙර හැකි නම් පැය කිහිපයක් සෝදිසියෙන් සිටින්න. පැය දෙකකටත් වැඩි කාලයක දී මව නො පැමිණිය හොත් පමණක්, මේ පැටවුන්ට උදව් කරන්න.[/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17829[/IMG][/CENTER] [SIZE=3]කෙසේ වෙතත් ලංකවේ වනජීවී නීතිය අනුව මේ සියලු වල් බළලුන් ආරක්ෂිත සතුන් නිසා, ඔබ අසල ම තිබෙන වනජීවී කාර්යාලය වෙත ද මේ බව දන්වන්න. මේ වල් බළලුන් කුඩා කාලයේ දී හුරතල් වුවත්, වැඩුණු පසු ඉක්මනින් තරහ යන කැළෑ ගති පෙන්වන නිසා, මොවුන් ඇති කිරීමෙන් වළකින්න.[/SIZE] [CENTER][B][SIZE=4]වල් බළලා - (Jungle Cat - Felis chaus kelarti)[/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17831[/IMG][/CENTER] [SIZE=3]මොහු ලොව වෙසෙන බළල් විශේෂයේ (Felis chause) ඵක් උප විශේෂයකි. හදුන් දිවියාට වඩා කුඩා ය. හදුන් දිවියාට වඩා කුඩා මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුතු දිවියෙකි. බරින් කිලෝ ග්‍රෑම් 3ත් 16ත් පමණ ද, දිගින් සෙ.මී 50ත් 94ත් අතර ද වේ. සෙ.මී. 20ත් 31ත් පමණ අතර වන වලිගයකින් යුක්ත ය. ගැහැනු සතුන් පිරිමි සතුනට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. ලොමින් ගහණ ශරීරයක් ඇති මොවුන් ගේ ශරීරය දුඹුරු පැහැ අළු ස්වභාවයක් ගනියි. ඉදිරි ගාත්රාවල කළු පැහැති ඉරි 2ත්a 3ත් අතර ප්‍රමාණයකින් ද, වයිරම් සහිත වලිගයකින් ද යුක්ත ය. කන් අග ඇති කළු පැහැ ලෝම සහිත කොටස මේ උප විශ්ෂයට ආවේණික ලක්ෂණයකි. [B]ලෝක රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇත.[/B][/SIZE] [SIZE=3] වල් බළලා තමාට වඩා බලයෙන් අඩු ඕනෑ ම සතකු ආහාරයට ගනී. එ නම් කුරුල්ලන්, මීයන්, හාවුන් හා කුඩා ක්ෂීරපායි සතුන් ය. සාමාන්‍යයෙන් ගෘහස්ථ බළලකුට හැඩයෙන් සමාන ය. ගෘහස්ථ බළලකුට වඩා කෙටි වලිගයක් හා දිගු ගාත්රා ඇත. පිරිමි සතුන් හා ගැහැනු සතුන් හැඩරුවෙන් වෙනස් ය. ගැහැනු සතුන් කුඩා ය. පිරිමි සතුන් සාමාන්‍යයෙන් රාත්තල් 15ක් පමණ බර ය. ලෝකයේ උතුරු ප්‍රදේශවල ජීවත් වන වල් බළලුන් අළු දුඹුරු පැහැති ය. දකුණු ප්‍රදේශවල ජීවත් වන බළලුන් වඩාත් කහ හා රතු පැහැති ය. මුහුණේ හා පාදවල ළා දුඹුරු පැහැති ඉරි තිබේ. කන උඩ තද දුඹුරු හා කළු පැහැති ලොම් ඇත. මොවුන් ගේ දඩයම් කරන චර්යා අනෙක් බළලුන්ට සමාන ය. කුරුමානම අල්ලා දඩයම මතට පනී. කුඩා මුව පැටවුන් වුව ද මරා දමයි. දහවල් කාලයේ දී ක්‍රියාශීලී ය. අන්තරායක දී සැගවීමට හා විවේක ගැනීමට ගුහාවට යයි. ප්‍රජනනය සිදු කරන කාලය ප්‍රදේශය අනුව වෙනස් වේ. ගර්භණී කාලය සති 8ක් පමණ වේ. එක වර පැටවුන් 3-4ක් පමණ බිහි කරයි.[/SIZE] [SIZE=3]මොහු ලංකාවේ පහතරට, වියළි හා ශුෂ්ක කලාපවල ව්‍යාප්ත වී සිටින්නෙකි. මේ කලාපවල ඇළ දොළ ආසන්නයේ, විවෘත බිම් හා වගාබිම් ආශ්රිත ව මොවුහු ගැවසෙති. රාත්‍රියේ කුඹුරු හා කෙසෙල් වතු ආශ්රිත ව ද දැකිය හැකි බව සදහන් වේ. මේ සත්ත්වයා ද වැඩිපුර ක්‍රියාකාරී වන්නේ රාත්‍රි කාලයේ දී ය. මොවුහු දිවා කාලයේ දී තුරු මුදුන් මත ලැග සිටිති. මධ්‍යම ආසියාවේ නයිලි නිම්න ආශ්රිත රටවල හා අග්නිදිග ආසියාතික රටවල දක්නට ලැබේ.[/SIZE] [CENTER][B][SIZE=4]හදුන් දිවියා - (Fishing Cat - Prionailurus viverrinus)[/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17833[/IMG] [/CENTER] [SIZE=3]ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ දෙවැනි විශාලතම සාමාජිකයා ය. අඩි දෙකක් / දෙක හමාරක් (සෙන්ටිමීටර 57 - 78 ක්) පමණ දිගකින් යුතු හදුන් දිවියාට සෙන්ටිමීටර 20 - 30 අතර දිගකින් යුතු කෙටි වයිරම් සහිත වලිගයක් තිබේ. හදුන් දිවියා කිලෝග්‍රෑම් 5 - 16 බරකින් යුක්ත වේ. විශාලත්වයෙන් අඩක් වර්ධනය වුණු කොටියකු ගේ පෙනුමක් ඇත. ලොම් ළා දුඹුරු පැහැ වන අතර එහි අපිළිවෙළට විහිදුණු තද දුඹුරු ලප ඇත. කුඩා කළු පැහැ කන් දෙකකින් හා කනේ පසුපස සිට ගෙල දක්වා දිවෙන කළු පැහැ ඉරි 6 සිට 8 දක්වා ප්‍රමාණයකින් යුක්ත වන මොවුන් ගේ ශරීරය කළු මිශ්‍ර අළු පැහැයක් ගනියි. කනෙහි පිටුපස්ස කළු ය. ඒ මධ්‍යයෙහි සුදු ලපයක් ඇත. උදර ප්‍රදේශය සුදු ය.[/SIZE] [SIZE=3][B] ලෝක රතු දත්ත වාර්තාවට අනුව අන්තරාදායක තත්ත්වයට පත් විශේෂයක් ලෙස නම් කර ඇත.[/B] [/SIZE][SIZE=3]ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, වියට්නාමය, මලයාසියාව වැනි රටවල ව්‍යාප්ත ව සිටින අතර අග්නිදිග ජාවා දූපත්වලට සීමා වේ. පාකිස්ථානයෙන් ද මේ සත්ත්ව විශේෂය වාර්තා වන නමුදු මෑතකාලීන වාර්තා වීමක් පිළිබඳව සඳහන් නො වේ. වගුරු බිම්, කඩොලාන දිය පහරවල් හා සදාහරිත පහත් කදුකර වනාන්තරවල විසීමට රුචිකත්වයක් දක්වයි.[/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17826[/IMG][/CENTER] [SIZE=3]හදුන් දිවියා ඉතා දක්ෂ කිමිදුම්කරුවෙක් ද වේ. ප්‍රධාන වශයෙන් මිරිදිය මසුන් ආහාරයට ගන්නා අතර ඊට අමතර ව කුඩා ක්ෂීරපායීන්, සර්පයන්, කුරුල්ලන් හා ගොළුබෙල්ලන් ආහාරයට ගනු ලැබේ. මසුන් සහ ගෙම්බන් වැනි සතුන් ඇල්ලීමේ දී ඉදිරිපස ගාත්රාවලින් පහර දී කොටු කර අල්ලාගන්නා අතර ජලජ පක්ෂීන් දඩයමේ දී ජලය යටින් කිමිදී ගොස් ක්ෂණික පහරදීම් කරනු ලැබේ. නිශාචර දඩයම්කරුවකු ලෙස ප්‍රකට මොහු දිවා කාලය නිහඩ, නිශ්චල ස්ථානයක ගත කිරීමට ප්‍රිය කරයි. දිය මත පිහිනා යැමේ දී දිශාව තීරණය කරගැනීමට කෙටි වලිගය උපකාරී වේ. ඔවුන් ගේ පාද පිහිටා ඇති ආකාරය ද ඔවුනට පිහිනීමට උදව් වේ. පාදවල ඇගිලි පුරුක් අතර අර්ධ වශයෙන් සම්පූර්ණ වූ බැඳි පටල ඇති අතර වේගයෙන් පිහිනීමට එය උපකාරී වේ. හදුන් දිවියාට ලෝම ස්ථර දෙකක් ඇති අතර මේ නිසා ජලයේ දී සම තෙක් ම තෙත් වන්නේ නැත. මෙය තෙත් පරිසරයක ජීවත් වීමට හදුන් දිවියාට අවස්ථාව සලසා දෙයි. තම බල ප්‍රදේශය සලකුණු කිරීමට ගස් කඳන් මත නිය සලකුණු යෙදීම මොවුන් ගේ විශේෂත්වයකි.[/SIZE] [SIZE=3]මොවුන් ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ, ඉලුක් ගාල්, බෙන සහිත ගස් හා පර්වතවල පැලුණු තැන්වල ය. වරකට පැටවුන් 2ත් 3ත් අතර ප්‍රමාණයක් බිහි කරන මොවුන් දින 63 ත් 70ත් අතර ගර්භණී කාලයකින් යුක්ත ය. හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වසර දෙකකට වරක් පැටවුන් බිහි කිරීමේ හැකියාවකින් යුක්ත වේ. මාසයක පමණ කාලයක් මවු කිරි මත යෑපෙන අතර ඉන් පසු ඝන ආහාරවලට ක්‍රමයෙන් හුරු වේ. මාස 8කින් පූර්ණ වැඩුණු සතකු බවට පත් වන මොවුහු වසර එක හමාරකින් පසු ලිංගික ව පරිණතභාවයට පත් වෙති.[/SIZE][SIZE=3] [/SIZE] [CENTER][SIZE=4][B]කොළ දිවියා - (Rusty sportted Cat - Prionailurus rubiginosus)[/B][/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17832[/IMG] [/CENTER] [SIZE=3]ප්‍රාදේශීය ව්‍යවහාරයේ දී කොළ දිවියා ලෙස හදුන්වන මේ සත්ත්වයා ලෝකයේ සිටින කුඩාතම වල් බළලා වේ. බළල් පවුලේ විශාල ම සාමාජිකයා වූ සිංහයා මෙන් 200 වාරයක් මේ කැළෑ බළලා කුඩා බව සදහන් වේ. ගෘහාශ්‍රිත බළලකු ගේ පෙනුමට සමාන කුලෑටි සතකු වූ කොළ දිවියා මිනිසුන් ගෙන් වසන් වී ජීවත් වෙයි.[/SIZE] [B][SIZE=3]ලෝක රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇති මොවුන් අතිශය දුර්ලභ සත්ත්ව විශේෂයකි. මේ සතකු බරින් කිලෝ ග්‍රෑම් 0.9 සිට 1.6 පමණ ද, දිගින් සෙ.මී. 35ත්a 47ක් පමණ ද, සෙ.මී 15ත් 30ත් පමණ වලිගයකින් ද යුක්ත ය. ශරීරය පුරා කළු පැහැති පුල්ලි ද, හිස දෙපස කළු පැහැති ඉරි 6 බැගින් ද ඇති මොවුන් ගේ වලිගය කළු පැහැති ය. උදරය යට සුදු පැහැති ය. මොවුන් ගේ හමේ මළකඩ රතු පැහැති පැල්ලම් ඇත. එම නිසා මොවුන්ට Rusty spotted යන නම ලැබී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. කුඩා පැටවුන් ළා පැහැති වන අතර මේ ලප කුඩා පැටවුන් ගේ නැත.[/SIZE][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3879&pictureid=17825[/IMG] [/CENTER] [SIZE=3]මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර, සිංහරාජය වැනි වැසි වනාන්තර, හොර්ටන්තැන්න, නුවරඵළිය වැනි ප්‍රදේශවල පිහිටි කදුකර තෙත් වනාන්තරවල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශවල කටු පදුරු සහිත ලදු කැළෑ ආශ්රිත ව ද දැකිය හැකි ය. රට පුරා පැතිරී ඇත. කදුකර ප්‍රදේශවල සිට වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාපවලත් වනාන්තරවල දක්නට ඇත. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර හා තෘණ භූමි අශ්‍රිත ව ජීවත් වේ.[/SIZE] [SIZE=3] කොළ දිවියා ද රාත්‍රියේ දී ක්‍රියාශීලී වන සත්ත්වයෙකි. කෘමීන්, කුඩා කුරුල්ලන්, මීයන්, ගෙම්බන්, කුඩා උරගයන් ආහාරයට ගනී. මේ සත්ත්වයා ද මිනිස් ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වද වී යැමේ තර්ජනයට මුහුණ පා සිටී. එසේ ම සුරතලයට ඇති කිරීම නිසා ද, ගෙවල ඇති කරනු ලබන බළලුන් සමග අභිජනනය වීම නිසා ද මොවුහු තවදුරටත් වද වී යැමේ තර්ජනයට මුහුණපා සිටිති. [/SIZE][SIZE=3]මෑතක දී BBC ආයතනය ශ්‍රී ලංකාවේ දී රූගත කළ වාර්තාමය වැඩසටහනක කොළ දිවියා ගේ ජීවන තොරතුරු ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර තිබිණි.[/SIZE] [CENTER][YOUTUBE]W86cTIoMv2U[/YOUTUBE] [/CENTER] [SIZE=3]කැළෑ බළලුන් - විශේෂයෙන් ම හදුන් දිවියන් කෙරෙහි මිනිසුන් තුළ ඇත්තේ බියකි. එහෙත්, ඔවුනට පාඩුවේ ඉන්නට හැරිය හොත්, මේ කැළෑ බළලුන් ගෙන් මිනිසාට කිසිදු හානියක් නො වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තියුණු ඉවකින් යුතු හදුන් දිවියන්, මිනිසුන් ගෙන් වසන් වී සිටීමට ඉතා ම දක්ෂ බවත්, ඔවුන් මිනිසුන් ගෙන් වසන් වී ජීවත් වීමට හැකි සැම උත්සාහයක් ම දරන බවත් ඔවුහු පවසති.[/SIZE] [CENTER][YOUTUBE]eHO5eOVg7W8[/YOUTUBE] [YOUTUBE]K1oeXdC910g[/YOUTUBE][/CENTER] [B]-මාලක රොඩි්රගෝ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom