Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
______මාරයා යනු පුද්ගලයෙක්ද? සංකල්පයක්ද?______
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

______මාරයා යනු පුද්ගලයෙක්ද? සංකල්පයක්ද?______

මාර යන වචනයෙන් අපව අවසන් කරන හෙවත් අපගේ දිවි කෙළවර කරන යම් බලවේගයක් හෝ කෙනෙක් පිළිබඳ නිතැතින්ම අපේ සිහියට එයි. එය තරමක් බියමුසු ස්වභාවයකි. එය මරණය වශයෙන්ද අර්ථවත් කළ හැක. මෙලොව උපන් සියලු දෙනාට උරුම වූ ධර්මතාවය මරණය යන්න සනාතන වූවකි. එය සිදුකරන්නේ යම් ධර්මතාවයක් ද? යම් බලවේගයක් ද? නැතහොත් යම් පුද්ගලයෙක් ද යන්න බොහෝ දෙනාගේ සිත්තුළ පවතින කුතුහලයකි. කෙසේ වුවත් මරණයට හෙවත් මාරයාට පුහුදුන් සියලු දෙනා තුළම බියක් ඇති බව,

‘සබ්බේ භායන්ති මච්චුනො’

යන බුදුවදනින් අර්ථවත් වෙයි. එමෙන්ම මෙලොව උපන් කිසිවෙකුට මාරයාගෙන් හෙවත් මරණයෙන් මිදිය නොහැකි බව

‘න කෝචි මුඤ්චෙය්ය මච්චුනෝ’

යන්නෙන් පැහැදිලි වෙයි. එබැවින් මෙහි දී අප බලාපොරොත්තු වන්නේ මාර යන මේ ධර්මතාව, මේ බලවේගය හෝ මේ තැනැත්තා කවරෙක් ද? යන්න විස්තර කර ගැනීමටය. ත්‍රිපිටකයෙහි එන බොහෝ ඇතැම් සූත්‍ර වල මාරයන් පස් දෙනෙක් ගැන ද සමහර දේශනාවල මාරයන් සතර දෙනෙක් ගැන ද තවත් සමහර සූත්‍රවල මාරයන් තුන් දෙනෙක් ගැන ද විස්තර වෙයි. මාරයන්ගේ ස්වභාවයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ත්‍රිපිටකයේ හා අටුවාවල විවිධ අර්ථකථනයන් ඇත.

*පංච මාරයන්*

1. දේවපුත්තමාර :

මොහු සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්තී’ නම් දෙව් ලොව පෙදෙසක අධිපතිකම් කරන අයෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නන්ට හෙවත් මරණය ජය ගැනීම සඳහා වෙහෙස වන උතුමන්ට සතුරුකම් කරන්නෙකි. බුදුරජාණන් වහන්සේ මොහුගේ සතුරෙක් වූයේ උන්වහන්සේ ඔහුගේ විෂය වූ මරණය ඉක්මවීම සඳහා උත්සාහ ගත් උතුමෙකු නිසා ය. බුදුරජාණන් වහන්සේ

බුද්ධත්වය ලබන මොහොතෙහි මහත් මාර පිරිසක් සමඟ යුදයට පැමිණ ඇත්තේ ද මොහුය. බුදුරදුන් වසඟ කිරීම සඳහා පැමිණි

තණ්හා, රතී, රගා,

යන මාර දූතියන් මොහුගේ දියණියන්ය. බුදුරජාණන් වහන්සේ මැරීමට අවස්ථාවක් සොයමින් සත් වසක් උන්වහන්සේ ලුහුබැඳ ඇත්තේ ද මොහ ය.

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි මූලයේ වජ්රාසනාසීන ව වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මොහු උන්වහන්සේ වැඩ සිටි එම අසුන තමාගේ බව පවසමින් එයින් ඉවත්වන ලෙස බුදුරජාණන් වහන්සේට අණ කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා එන මට මේ වජ්රාසනය අයිතිය. එය ඔබට අයිති නැත යනුවෙන් පවසා ඒ බවට මේ මහා පෘථුවිය සාක්ෂි දරනු ඇතැයි තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය පෘථිවිය දෙසට දිගු කළේ ය. එයින් මහ පොළොව කම්පාවට පත් වූ අතර පරාජයට පත් වූ මාරයා දුර්මුඛව පළාගොස් ඇත.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයත් සමඟ මේ මාරයා පරාජය කොට ඇති බැවින් උන්වහන්සේ *මාරජි*, *මාරාභිභුයන* අන්වර්ථ නම්වලින්ද හඳුන්වයි.

2. ක්ලේෂමාර

ක්ලේෂමාර යන්නෙන් අර්ථවත් වන්නේ පුද්ගලයෙකු නොව සිතෙහි වන එක්දහස් පන්සියයක් පමණ වන පහත් ලාමක අකුශලයන් හෙවත් සිත කිළිටි කරන ධර්මයන් ය.

සත්වයන් මැරෙමින් ඉපිදෙමින් සංසාරයේ විවිධ දුක්ඛයන්ට භාජනය වෙමින් සැරිසරන්නේ සසරට ඇලුම් කරන මේ ක්ලේෂ ධර්මයන් නිසා ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයේ දී සර්ව ක්ලේෂයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේ ක්ලේෂ නමැති මාරයා පරාජයට පත් කොට ඇත.

3.අහිසංකාරමාර (අහිසංකාරමාර)

අහිසංකාර යනු වචනෙහි තේරුම රැස් කිරීම යන්නයි. එබැවින් සසර අප රැස් කරන කුශලාකුශල කර්මයන් අහිසංකාර යන වචනයෙන් අර්ථවත් කළ හැක.

ඉපදීම සඳහා සෘජුවම බලපාන්නේ අප රැස්කරන දේවල්ය. කර්මය වශයෙන් ද එය අර්ථවත් කළ හැක. කර්ම රැස් කරන තෙක් අප මේ මරණයට යන ධර්මතාවයට යටත් ය. එබැවින් අහිසංකාර මාර යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයෙක් නොව නැවත ඉපදීම සඳහා අප රැස් කරන කුශලාකුශල කර්මයන් බව පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේ යන මේ තුන් පිරිස නැවත ඉපදීමට හේතුවන සියලු අභිසංකාරයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේලාට නැවතී ඉපදීමක් නැත. ඒ බව බුදුවදනෙහි මෙසේ සඳහන් වෙයි.

‘පුඤ්ඤ පාප පහීණස්ස - නත්ථී ජාගරතෝ භයං”

(පින් පව් ප්‍රහීණ කළ උතුමන්ට කෙලෙස් නින්දෙන් කිසි කළෙකත් බියක් නැත.)

4. ඛන්ධමාර

ඛන්ධ යන්නෙන් අදහස් කරන්නේ පඤ්චස් ඛන්ධයයි. එයින් අපගේ ශරීරය අර්ථවත් වෙයි.

මරණය ඇති වන්නේ උප්පත්තියක් සිදුවුවහොත් පමණි. එබැවින් මේ පඤ්චස්කන්ධයන්ගේ නැවැත්ම සිදු කළ යුතු ය. පඤ්චස් ඛන්ධයන්ගේ නැවැත්ම යනු නැවත ඉපදීමක් නැතිවනු අයුරින් කටයුතු කිරීමයි. එය ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය.

“ඛීණාජාති වුසිනං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථක්ථායාති පජානාති”

(නැවත ඉපදීම නැති කළෙමි. බඹසර වැස නිම කළෙමි. කළයුතු සියල්ල කළෙමි. නැවත මෙහි පැමිණීමත් හෙවත් ඉපදීමක් නැත්තෙමි.)

බෝසත් කුමරුවන් උපන් අවස්ථාවේ ප්‍රකාශකළ උදන් වාක්‍යයේ සඳහන්

‘අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ” යන්නෙන් ද අර්ථවත් වන්නේ එයයි.

බුද්ධත්වයෙන් පසුව කළ පළමු උදන් වාක්‍යයෙන්ද අර්ථවත් වන්නේ එයයි.

“අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි - පුනාගෙහං නකාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකුඨං විසංඛීතං විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා”

(මේ ආත්මභාවය නමැති ගෙය සදන වඩුවා සොයමින් මම සංසාරේ නොයෙක් ජාතිවල දිව අවිද්දෙමි. ඒ නැවත නැවත ඉපදීම දුකක් වන හෙයිනි. තෘෂ්ණා නමැති වඩුවා ඔබව දැන් මා විසින් දක්නා ලද්දේ ය. මේ ආත්මභාව නමැති ගෙය ඔබ විසින් මා උදෙසා නැවත කළ නොහැක්කේ ය. මාගේ නැවත ඉපදීම සඳහා හේතුවන ඒ පරාල නමැති ආශාවන් බිඳින ලදී. කැණි මඩල පළන ලදී. මාගේ සිත නිවනට පැමිණියේ ය.)

5. මච්චුමාර

මච්චු යන දිවි කෙළවර සිදුවන මරණයයි. එය උපන් සියලු දෙනාට පොදු වූ ධර්මතාවකි. මෙම ස්වභාවයෙන් මිදීමට කිසිවෙකුටත් නොහැකිය.

එබැවින් බුදු, බුදු පසේ මහරහත් නික්ලේශී උතුමන් මෙන්ම පෘථග්ජන සියලු දෙනාත් මෙම ස්වභාවයට යටත් වෙති. මෙම ස්වභාවයෙන් මිදිය හැක්කේ නූපදින අයට පමණි. උපන් සියලු දෙනාම මෙම ධර්මතාවට යටත් වූවෝ වෙති.

උතුම් තෙරුවන් සරණයි !

ධර්ම දානය පිණිස බෙදා හරින්න...

[QUOTE="asliyanage, post: 29230152, member: 8764"] ______මාරයා යනු පුද්ගලයෙක්ද? සංකල්පයක්ද?______ මාර යන වචනයෙන් අපව අවසන් කරන හෙවත් අපගේ දිවි කෙළවර කරන යම් බලවේගයක් හෝ කෙනෙක් පිළිබඳ නිතැතින්ම අපේ සිහියට එයි. එය තරමක් බියමුසු ස්වභාවයකි. එය මරණය වශයෙන්ද අර්ථවත් කළ හැක. මෙලොව උපන් සියලු දෙනාට උරුම වූ ධර්මතාවය මරණය යන්න සනාතන වූවකි. එය සිදුකරන්නේ යම් ධර්මතාවයක් ද? යම් බලවේගයක් ද? නැතහොත් යම් පුද්ගලයෙක් ද යන්න බොහෝ දෙනාගේ සිත්තුළ පවතින කුතුහලයකි. කෙසේ වුවත් මරණයට හෙවත් මාරයාට පුහුදුන් සියලු දෙනා තුළම බියක් ඇති බව, ‘සබ්බේ භායන්ති මච්චුනො’ යන බුදුවදනින් අර්ථවත් වෙයි. එමෙන්ම මෙලොව උපන් කිසිවෙකුට මාරයාගෙන් හෙවත් මරණයෙන් මිදිය නොහැකි බව ‘න කෝචි මුඤ්චෙය්ය මච්චුනෝ’ යන්නෙන් පැහැදිලි වෙයි. එබැවින් මෙහි දී අප බලාපොරොත්තු වන්නේ මාර යන මේ ධර්මතාව, මේ බලවේගය හෝ මේ තැනැත්තා කවරෙක් ද? යන්න විස්තර කර ගැනීමටය. ත්‍රිපිටකයෙහි එන බොහෝ ඇතැම් සූත්‍ර වල මාරයන් පස් දෙනෙක් ගැන ද සමහර දේශනාවල මාරයන් සතර දෙනෙක් ගැන ද තවත් සමහර සූත්‍රවල මාරයන් තුන් දෙනෙක් ගැන ද විස්තර වෙයි. මාරයන්ගේ ස්වභාවයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ත්‍රිපිටකයේ හා අටුවාවල විවිධ අර්ථකථනයන් ඇත. *පංච මාරයන්* 1. දේවපුත්තමාර : මොහු සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්තී’ නම් දෙව් ලොව පෙදෙසක අධිපතිකම් කරන අයෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නන්ට හෙවත් මරණය ජය ගැනීම සඳහා වෙහෙස වන උතුමන්ට සතුරුකම් කරන්නෙකි. බුදුරජාණන් වහන්සේ මොහුගේ සතුරෙක් වූයේ උන්වහන්සේ ඔහුගේ විෂය වූ මරණය ඉක්මවීම සඳහා උත්සාහ ගත් උතුමෙකු නිසා ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතෙහි මහත් මාර පිරිසක් සමඟ යුදයට පැමිණ ඇත්තේ ද මොහුය. බුදුරදුන් වසඟ කිරීම සඳහා පැමිණි තණ්හා, රතී, රගා, යන මාර දූතියන් මොහුගේ දියණියන්ය. බුදුරජාණන් වහන්සේ මැරීමට අවස්ථාවක් සොයමින් සත් වසක් උන්වහන්සේ ලුහුබැඳ ඇත්තේ ද මොහ ය. විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි මූලයේ වජ්රාසනාසීන ව වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මොහු උන්වහන්සේ වැඩ සිටි එම අසුන තමාගේ බව පවසමින් එයින් ඉවත්වන ලෙස බුදුරජාණන් වහන්සේට අණ කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා එන මට මේ වජ්රාසනය අයිතිය. එය ඔබට අයිති නැත යනුවෙන් පවසා ඒ බවට මේ මහා පෘථුවිය සාක්ෂි දරනු ඇතැයි තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය පෘථිවිය දෙසට දිගු කළේ ය. එයින් මහ පොළොව කම්පාවට පත් වූ අතර පරාජයට පත් වූ මාරයා දුර්මුඛව පළාගොස් ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයත් සමඟ මේ මාරයා පරාජය කොට ඇති බැවින් උන්වහන්සේ *මාරජි*, *මාරාභිභුයන* අන්වර්ථ නම්වලින්ද හඳුන්වයි. 2. ක්ලේෂමාර ක්ලේෂමාර යන්නෙන් අර්ථවත් වන්නේ පුද්ගලයෙකු නොව සිතෙහි වන එක්දහස් පන්සියයක් පමණ වන පහත් ලාමක අකුශලයන් හෙවත් සිත කිළිටි කරන ධර්මයන් ය. සත්වයන් මැරෙමින් ඉපිදෙමින් සංසාරයේ විවිධ දුක්ඛයන්ට භාජනය වෙමින් සැරිසරන්නේ සසරට ඇලුම් කරන මේ ක්ලේෂ ධර්මයන් නිසා ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයේ දී සර්ව ක්ලේෂයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේ ක්ලේෂ නමැති මාරයා පරාජයට පත් කොට ඇත. 3.අහිසංකාරමාර (අහිසංකාරමාර) අහිසංකාර යනු වචනෙහි තේරුම රැස් කිරීම යන්නයි. එබැවින් සසර අප රැස් කරන කුශලාකුශල කර්මයන් අහිසංකාර යන වචනයෙන් අර්ථවත් කළ හැක. ඉපදීම සඳහා සෘජුවම බලපාන්නේ අප රැස්කරන දේවල්ය. කර්මය වශයෙන් ද එය අර්ථවත් කළ හැක. කර්ම රැස් කරන තෙක් අප මේ මරණයට යන ධර්මතාවයට යටත් ය. එබැවින් අහිසංකාර මාර යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයෙක් නොව නැවත ඉපදීම සඳහා අප රැස් කරන කුශලාකුශල කර්මයන් බව පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේ යන මේ තුන් පිරිස නැවත ඉපදීමට හේතුවන සියලු අභිසංකාරයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේලාට නැවතී ඉපදීමක් නැත. ඒ බව බුදුවදනෙහි මෙසේ සඳහන් වෙයි. ‘පුඤ්ඤ පාප පහීණස්ස - නත්ථී ජාගරතෝ භයං” (පින් පව් ප්‍රහීණ කළ උතුමන්ට කෙලෙස් නින්දෙන් කිසි කළෙකත් බියක් නැත.) 4. ඛන්ධමාර ඛන්ධ යන්නෙන් අදහස් කරන්නේ පඤ්චස් ඛන්ධයයි. එයින් අපගේ ශරීරය අර්ථවත් වෙයි. මරණය ඇති වන්නේ උප්පත්තියක් සිදුවුවහොත් පමණි. එබැවින් මේ පඤ්චස්කන්ධයන්ගේ නැවැත්ම සිදු කළ යුතු ය. පඤ්චස් ඛන්ධයන්ගේ නැවැත්ම යනු නැවත ඉපදීමක් නැතිවනු අයුරින් කටයුතු කිරීමයි. එය ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය. “ඛීණාජාති වුසිනං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථක්ථායාති පජානාති” (නැවත ඉපදීම නැති කළෙමි. බඹසර වැස නිම කළෙමි. කළයුතු සියල්ල කළෙමි. නැවත මෙහි පැමිණීමත් හෙවත් ඉපදීමක් නැත්තෙමි.) බෝසත් කුමරුවන් උපන් අවස්ථාවේ ප්‍රකාශකළ උදන් වාක්‍යයේ සඳහන් ‘අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ” යන්නෙන් ද අර්ථවත් වන්නේ එයයි. බුද්ධත්වයෙන් පසුව කළ පළමු උදන් වාක්‍යයෙන්ද අර්ථවත් වන්නේ එයයි. “අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි - පුනාගෙහං නකාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකුඨං විසංඛීතං විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා” (මේ ආත්මභාවය නමැති ගෙය සදන වඩුවා සොයමින් මම සංසාරේ නොයෙක් ජාතිවල දිව අවිද්දෙමි. ඒ නැවත නැවත ඉපදීම දුකක් වන හෙයිනි. තෘෂ්ණා නමැති වඩුවා ඔබව දැන් මා විසින් දක්නා ලද්දේ ය. මේ ආත්මභාව නමැති ගෙය ඔබ විසින් මා උදෙසා නැවත කළ නොහැක්කේ ය. මාගේ නැවත ඉපදීම සඳහා හේතුවන ඒ පරාල නමැති ආශාවන් බිඳින ලදී. කැණි මඩල පළන ලදී. මාගේ සිත නිවනට පැමිණියේ ය.) 5. මච්චුමාර මච්චු යන දිවි කෙළවර සිදුවන මරණයයි. එය උපන් සියලු දෙනාට පොදු වූ ධර්මතාවකි. මෙම ස්වභාවයෙන් මිදීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් බුදු, බුදු පසේ මහරහත් නික්ලේශී උතුමන් මෙන්ම පෘථග්ජන සියලු දෙනාත් මෙම ස්වභාවයට යටත් වෙති. මෙම ස්වභාවයෙන් මිදිය හැක්කේ නූපදින අයට පමණි. උපන් සියලු දෙනාම මෙම ධර්මතාවට යටත් වූවෝ වෙති. උතුම් තෙරුවන් සරණයි ! ධර්ම දානය පිණිස බෙදා හරින්න... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom