ජපන් සුපිරි පරිගණකයක් යොදා කළ අධ්‍යනයකට අනුව වාතයේ ඇති ආර්ද්‍රතාවය මගින් වෛරස් අංශු විසුරුවා හැරීමට විශාල බලපෑමක් ඇති කළ හැකි බව සොයාගෙන ඇත. මෙම සොයාගැනීමට අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය පිලිබද යම් අදහස් ලබා ගත හැක.
කොරොනා ව්‍යාප්තිය ආරම්භ වූ බ්‍රන්ඩික්ස් කර්මාන්තශාලාව, අනෙකුත් ඇගලුම් කර්මාන්තශාලා, ආශ්‍රිතයින් 7ක් හමුවූ බ්‍රන්ඩික්ස් ප්‍රධාන කාර්යාලය, කොළඹ මහ රොහලේ හෙදිය ඇතුලු ආශ්‍රිතයින් ගමන් ගත් අධිවේගී මාර්ග බස් රථ ඇතුලු සියලු ස්ථාන වායු සමීකරණය කරන ලද ස්ථාන වේ. මෙම ස්ථාන වල ඇති අඩු උශ්නත්වය හා අඩු ආර්ද්‍රතාවය නිසා කොරෝනා වෛරසය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වූ බවට උපකල්පනය කල හැක.
මෙම අධ්‍යනයට අනුව ශීත සෘතුවේදී වියළි, ගෘහස්ථ තත්වයන් තුළ ඉහළ කොරෝනා වෛරසය බෝවීමේ අවදානමක් පෙන්වාදී තිබේ.
පර්යේෂන දැවැන්තයෙක් වන ජපානයේ "රිකන් සහ කෝබේ විශ්ව විද්‍යාලය" විසින් අඟහරුවාදා නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව, ජනෙල් මගින් වාතාශ්‍රය ලබා ගත නොහැකි අවස්ථාවන්හිදී ආර්ද්‍රතාකාරක(Humidifier) භාවිතය මගින් ආසාදන සීමා කිරීමට උපකාරී වන බව සොයාගෙන ඇත.
විවිධාකාර ගෘහස්ථ පරිසරයන් තුළ ආසාදිත පුද්ගලයින්ගෙන් වෛරස් වැනි අංශු විමෝචනය හා ගලායාම ආදර්ශනය කිරීම සඳහා පර්යේෂකයෝ "ෆුගාකු" සුපිරි පරිගණකය භාවිතා කළහ.
ආර්ද්‍රතාවය සියයට 30 ට වඩා අඩු පරිසරයක් තුල ඇති දූෂිත වායු අංශු ප්‍රමාණය, සියයට 60 ක් හෝ ඊට වඩා වැඩි ආර්ද්‍රතා මට්ටමක් ඇති පරිසරයක් තුල ඇති දූෂිත වායු අංශු ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි බව සොයාගෙන ඇත.
වායු බිදිති පැතිරීම වැළැක්වීම සදහා පැහැදිලි මුහුණු ආවරණ (Clear Face Shield) භාවිතා කිරීම සාමාන්‍ය මුහුණු ආවරණ (mask) තරම් ඵලදාය නොවන බව අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත. වෙනත් සොයාගැනීම්වලින් පෙනී ගියේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී මේසයෙන් විරුද්ධ පැත්තේ සිටින අයට වඩා දෙපසින සිටින අයට වැඩි අවදානමක් ඇති බවයි.
කොවිඩ් -19 වෛරසය වාතය හරහා පැතිර යා හැකි බවට වන මතය සෞඛ්‍ය විශේෂඥයින් අතර තහවුරු වී තිබේ. රෝග පාලනය හා වැළැක්වීමේ එක්සත් ජනපද මධ්‍යස්ථානය (සීඩීසී) මේ මාසයේ දී එහි මග පෙන්වීම සංශෝධනය කළේ රෝග කාරකයට පැය ගණනක් වාතයේ රැඳී සිටිය හැකි බව පවසමිනි.
මාකෝටෝ සුබෝකුරාගේ නායකත්වයෙන් යුත් රිකන් පර්යේෂණ කණ්ඩායම මීට පෙර ෆුගාකු සුපිරි පරිගණකය දුම්රිය, වැඩබිම් සහ පන්ති කාමරවල බෝවන තත්වයන් ආදර්ශනය කිරීමට භාවිතා කර ඇත.
මගී දුම්රියවල කවුළු විවෘත කිරීමෙන් වාතාශ්‍රය දෙගුණයක් හෝ තුන් ගුණයකින් වැඩි කළ හැකි අතර සංසරණ ක්ෂුද්‍ර ජීවීන්ගේ සාන්ද්‍රණය අඩු කරයි.
"කෝවිඩ් -19 ආසාදනයට එරෙහිව ජනතාවගේ අන්ධ භීතිය හෝ පදනම් විරහිත විශ්වාසය ඇති වන්නේ එය අදෘශ්‍යමාන නිසා" යැයි සුබෝකුරා මහතා පැවසීය.
Source : https://www.telegraph.co.uk/news/20...-humidity-affects-aerosol-spread-coronavirus/

